මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජුකුළු පර්වතයේ. දේවදත්ත බුදු සසුනෙන් වෙන්වෙලා ගිහින් ඒ වනවිට ටික දවසක් වුනා. එදා රැය පහන් වෙද්දි, සහම්පතී බ්‍රහ්මයා බබලන සිරුරකින් යුතුව, මුළු මහත් ගිජුකුළු පර්වතයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටිය සහම්පතී බ්‍රහ්මයා දේවදත්ත ගැන, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ ගාථාව කිව්වා.
“ඇත්තෙන්ම කෙහෙල් ගහක් පීදෙන්නෙ ඒ ගහ වනසන්නමයි. ඒ වගේම උණ ගහේ ඵල ගත්තත්, පොඩි උණ ගහේ ඵල ගත්තත්, ඒකෙන් තමයි ඒ ගස් විනාශ වෙන්නෙ. කොටළුවෙකුට දාව ගැබ් ගත් වෙළඹට ඒ නිසාම ජීවිතේ අවසන් වෙනවා. ඒ වගේමයි ලාභසත්කාර කියන්නෙ අසත්පුරුෂයා වැනසී යන දෙයක්.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M