සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.3.5. මාරධීතු සුත්තං

4.3.5. මාර දූවරුන්ට වදාළ දෙසුම

උරුවේලායං…

උරුවෙල් ජනපදයේදී …………..

අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ යේන මාරෝ පාපිමා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාය අජ්‌ඣභාසිංසු.

එදා තණ්හාත්, අරතීත්, රගාත් යන මාර දූවරු පවිටු මාරයා ළඟට ගියා. ගිහින් පවිටු මාරයාට ගාථාවකින් මෙහෙම කිව්වා.

කේනාසි දුම්‌මනෝ තාත පුරිසං කන්නු සෝචසි
මයං තං රාගපාසේන ආරඤ්‌ඤමිව කුඤ්‌ජරං
බන්‌ධිත්‌වා ආනයිස්‌සාම වසගෝ තේ භවිස්‌සතීති.

“තාත්තේ, මොකද ඔයා දුකින් ඉන්නෙ? පුරුෂයෙක් ශෝක කරන්නෙ ඇයි? වනාන්තරේ ඉන්න හස්ති රාජයෙක්ව අල්ලාගෙන එනවා වගේ අපි ඔහුව රාග තොණ්ඩුවෙන් බැඳලා අරගෙන එන්නම්. එතකොට ඔයාගේ වසඟයට ඔහුව ගන්න පුළුවනි.”

(මාරෝ);

(මාරයා) :

අරහං සුගතෝ ලෝකේ න රාගේන සුවානයෝ
මාරධෙය්‍යමතික්‌කන්‌තෝ තස්‌මා සෝචාමහං භුසන්‌ති.

“ලෝකයේ සුගතයන් වහන්සේ අරහත්. රාගයෙන් ඔහුව බඳින එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මාර විෂය ඉක්මවා ගිහින් ඉන්නෙ. අන්න ඒ නිසයි මං ගොඩාක් ශෝක වෙන්නෙ.”

අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං ඒතදවෝචුං. පාදේ තේ සමණ පරිචාරේමාති. අථ ඛෝ භගවා න මනසාකාසි යථා තං අනුත්‌තරේ උපධිසංඛයේ විමුත්‌තෝ.

එතකොට තණ්හා, අරති, රගා යන මාර දූවරු භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ශ්‍රමණයන් වහන්ස, අපි ඔබවහන්සේගේ පා කමල් අභියස බැල මෙහෙවර කරන්නම්”

එතකොට කෙලෙස් නැතිකරලා, අනුත්තර වූ විමුක්තියට පත්වෙච්ච කෙනෙක් සිටින්නේ යම් ආකාරයකින් ද, අන්න ඒ ආකාරයෙන්ම වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ මාර දූවරුන්ගේ අදහසට හිත යොමු කළේ නෑ.

අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ ඒකමන්තං අපක්‌කම්‌ම ඒවං සමචින්‌තේසුං. උච්‌චාවචා ඛෝ පුරිසානං අධිප්‌පායා. යන්නූන මයං ඒකසතං ඒකසතං කුමාරිවණ්‌ණසතං අභිනිම්‌මිනෙය්‍යාමාති. අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ ඒකසතං ඒකසතං කුමාරිවණ්‌ණසතං අභිනිම්‌මිනිත්‌වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං ඒතදවෝචුං. පාදේ තේ සමණ පරිචාරේමාති. තම්‌පි භගවා න මනසාකාසි යථා තං අනුත්‌තරේ උපධිසංඛයේ විමුත්‌තෝ.

ඊළඟට තණ්හාත්, අරතිත්, රගාත් යන මාර දූවරු පැත්තකට ගිහින් මෙහෙම සාකච්ඡා කළා. “පුරුෂයින්ගේ හැඟීම් විවිධාකාරයි. අපි එක් එක්කෙනා සියය බැගින් වන විදිහට කුමාරිකාවන්ගේ වෙස් මවාගන්න එක තමයි හොඳ” කියලා තණ්හාත්, අරතිත්, රගාත් මාර දූවරු එක්කෙනා සියය බැගින් වන විදිහට කුමාරිකාවන් සියය බැගින් වන විදිහට වෙස් අරගෙන, භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියනවා.

“ශ්‍රමණයන් වහන්ස, අපි ඔබේ පා කමල් අභියස මෙහෙකරුවො වෙන්නම්.”

එතකොට කෙලෙස් නැති කරපු අනුත්තර වූ විමුක්තියට පත්වෙච්ච කෙනෙක් ඉන්නෙ යම් ආකාරයකටද, අන්න ඒ ආකාරයෙන්ම වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ මාර දූවරුන්ගේ අදහසට හිත යොමු කළේ නෑ.

අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ ඒකමන්තං අපක්‌කම්‌ම ඒවං සමචින්‌තේසුං. උච්‌චාවචා ඛෝ පුරිසානං අධිප්‌පායා. යන්නූන මයං ඒකසතං ඒකසතං අවිජාතවණ්‌ණසතං අභිනිම්‌මිනෙය්‍යාමාති. අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ ඒකසතං ඒකසතං අවිජාතවණ්‌ණසතං අභිනිම්‌මිනිත්‌වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං ඒතදවෝචුං. පාදේ තේ සමණ පරිචාරේමාති. තම්‌පි භගවා න මනසාකාසි යථා තං අනුත්‌තරේ උපධිසංඛයේ විමුත්‌තෝ.

ඊළඟට තණ්හාත්, අරතිත්, රගාත් යන මාර දූවරු පැත්තකට වෙලා මේ විදිහට සාකච්ඡා කළා. පුරුෂයන්ගේ හැඟීම් විවිධයි. ඒ නිසා අපි මෙහෙම කරමු. එක එක්කෙනා සියය බැගින් වන විදිහට දරුවන් නොවැදූ ලළනාවන්ගේ වෙස් ගනිමු. ඉතින් තණ්හාත්, අරතිත්, රගාත් යන මාර දූවරු එක එක්කෙනා සියය බැගින් දරුවන් නොවැදූ ලළනාවන්ගේ වෙස් ගත්තා. වෙස් අරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේගේ පා කමල් අභියස අපි මෙහෙකරුවො වෙන්නම්.”

එතකොට කෙලෙස් නැති කරපු අනුත්තර වූ විමුක්තියට පත්වෙච්ච කෙනෙක් ඉන්නෙ යම් ආකාරයකටද, අන්න ඒ ආකාරයෙන්ම වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ මාර දූවරුන්ගේ අදහසට හිත යොමු කළේ නෑ.

අථ ඛෝ තණ්‌හා ච ….(පෙ)…. සමචින්තේසුං. යන්නූන මයං ඒකසතං ඒකසතං සකිං විජාතවණ්‌ණසතං අභිනිම්‌මිනෙය්‍යාමාති. අථ ඛෝ තණ්‌හා ච ….(පෙ)…. සකිං විජාතවණ්‌ණසතං අභිනිම්‌මිනිත්‌වා යේන භගවා ….(පෙ)…. අනුත්‌තරේ උපධිසංඛයේ විමුත්‌තෝ.

ඊට පස්සේ තණ්හාත් …. (පෙ) …. සාකච්ඡා කළා. එහෙම නම් අපි මේ විදිහට කරමු. එක එක්කෙනා සීය බැගින් එක් වරක් දරුවන් වැදූ කාන්තාවන්ගේ වෙස් ගනිමු. ඉතින් තණ්හාත් …. (පෙ) …. එක් වරක් දරුවන් වැදූ කාන්තාවන්ගේ වෙස් අරගෙන …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ හිත යොමු කළේ නෑ.

අථ ඛෝ තණ්‌හා ච ….(පෙ)…. යන්නූන මයං ….(පෙ)…. දුවිජාතවණ්‌ණසතං අභිනිම්‌මිනෙය්‍යාමාති. අථ ඛෝ තණ්‌හා ච ….(පෙ)…. දුවිජාතවණ්‌ණසතං අභිනිම්‌මිනිත්‌වා යේන භගවා ….(පෙ)…. අනුත්‌තරේ උපධිසංඛයේ විමුත්‌තෝ. අථ ඛෝ තණ්‌හා ච ….(පෙ)…. යන්නූන මයං ….(පෙ)…. මජ්ඣිමිත්ථිවණ්ණසතං අභිනිම්‌මිනෙය්‍යාමාති. අථ ඛෝ තණ්‌හා ච ….(පෙ)…. මජ්‌ක්‍ධිමිත්‌ථිවණ්‌ණසතං අභිනිම්‌මිනිත්‌වා යේන භගවා ….(පෙ)…. අනුත්‌තරේ උපධිසං‌ඛයේ විමුත්‌තෝ.

එතකොට තණ්හාත් …. (පෙ) …. සාකච්ඡා කළා. එහෙම නම් අපි මේ විදිහට කරමු. එක එක්කෙනා සීය බැගින් දෙවරක් වැදූ කාන්තාවන්ගේ වෙස් ගනිමු. ඉතින් තණ්හාත් …. (පෙ) …. දෙවරක් වැදූ කාන්තාවන්ගේ වෙස් අරගෙන …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ හිත යොමු කළේ නෑ.

ඊට පස්සේ තණ්හාත් …. (පෙ) …. සාකච්ඡා කළා. එහෙම නම් අපි මේ විදිහට කරමු. එක එක්කෙනා සීය බැගින් මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇති කාන්තාවන්ගේ වෙස් ගනිමු. ඉතින් තණ්හාත් …. (පෙ) …. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇති කාන්තාවන්ගේ වෙස් අරගෙන …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ හිත යොමු කළේ නෑ.

අථ ඛෝ තණ්‌හා ච ….(පෙ)…. යන්නූන මයං ….(පෙ)…. මහිත්‌ථිවණ්‌ණසතං අභිනිම්‌මිනෙය්‍යාමාති. අථ ඛෝ තණ්‌හා ච ….(පෙ)…. මහිත්‌ථිවණ්‌ණසතං අභිනිම්‌මිනිත්‌වා යේන භගවා ….(පෙ)…. අනුත්‌තරේ උපධිසංඛයේ විමුත්‌තෝ. අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ ඒකමන්තං අපක්‌කම්‌ම ඒතදවෝචුං. සච්‌චං කිර නෝ පිතා අවෝච.

ඊට පස්සේ තණ්හාත් …. (පෙ) …. සාකච්ඡා කළා. එහෙම නම් අපි මේ විදිහට කරමු. එක එක්කෙනා සීය බැගින් තරබාරු කාන්තාවන්ගේ වෙස් ගනිමු. ඉතින් තණ්හාත් …. (පෙ) …. තරබාරු කාන්තාවන්ගේ වෙස් අරගෙන …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ හිත යොමු කළේ නෑ.

එතකොට තණ්හාත්, අරතිත් රගාත් යන මාර දූවරු එතනින් ඉවතට ගිහින් මෙහෙම කතා කළා. “අපේ තාත්තා කිව්වෙ ඇත්තක්මයි.

අරහං සුගතෝ ලෝකේ න රාගේන සුවානයෝ
මාරධෙය්‍යං අතික්‌කන්‌තෝ තස්‌මා සෝචාමහං භුසන්‌ති.

‘ලෝකයේ සුගතයන් වහන්සේ අරහත්. රාගයෙන් ඔහුව බඳින එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මාර විෂය ඉක්මවා ගිහින් ඉන්නෙ. අන්න ඒ නිසයි මං ගොඩාක් ශෝක වෙන්නෙ’ කියලා.

යං හි මයං සමණං වා බ්‍රාහ්‌මණං වා අවීතරාගං ඉමිනා උපක්‌කමේන උපක්‌කමෙය්‍යාම හදයං වාස්‌ස ඵලෙය්‍ය. උණ්‌හං වා ලෝහිතං මුඛතෝ උග්‌ගච්‌ඡෙය්‍ය. උම්‌මාදං වා පාපුණෙය්‍ය චිත්‌තවික්‌ඛේපං වා. සෙය්‍යථා වා පන නළෝ හරිතෝ ලු‍තෝ උස්‌සුස්‌සති විසුස්‌සති මිලායති, ඒවමේව උස්‌සුස්‌සෙය්‍ය විසුස්‌සෙය්‍ය මිලායෙය්‍යාති.

නමුත් රාගය දුරුනොවුන, ශ්‍රමණයෙකුට හරි, බ්‍රාහ්මණයෙකුට හරි, අපි මේ කරපු උපක්‍රමයෙන් ඔවුන් ළඟට ගියොත්, ඔවුන්ගේ හදවත පැලේවි. කටින් උණු ලේ මතු වේවි. උම්මත්තක බවට පත්වේවි. සිහි විකල් වේවි. අමු උණබට ගහක් කපලා දැම්මාම වේලිලා යනවා වගේ වේලිලා යාවි. මැලවෙනවා වගේ මැලවෙලා යාවි.

අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා ඒකමන්තං අට්‌ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ තණ්‌හා මාරධීතා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

ඊට පස්සේ තණ්හාත්, අරතිත්, රගාත් යන මාර දූවරු භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් පැත්තකින් හිටගත්තා. පැත්තකින් සිටිය තණ්හා නම් මාර දියණිය භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කිව්වා.

සෝකාවතිණ්‌ණෝ නු වනම්‌හි ඣායසි විත්‌තං නු ජිතෝ උද පත්‌ථයානෝ
ආගුං නු ගාමස්‌මිමකාසි කිඤ්‌චි කස්‌මා ජනේන න කරෝසි සක්‌ඛිං
සක්‌ඛි න සම්‌පජ්‌ජති කේනචි තේති.

“මොකද ශෝකයේ ගිලිලද මේ වනයට වෙලා හිත හිත ඉන්නේ? ධන හානියක් වුනාවත්ද? වෙන පැතුමක්වත්ද? ගමේ ඉන්දෙද්දී මොකවත් වරදක් වත් කළාද? මොකද ජනයාත් එක්ක මිත්‍රකමක් නැත්තෙ? ඔබවහන්සේ කවුරුවත් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්නෙ නෑ නේද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

අත්‌ථස්‌ස පත්‌තිං හදයස්‌ස සන්‌තිං ඡෙත්‌වාන සේනං පියසාතරූපං
ඒකාහං ඣායං සුඛමන්වබෝධිං තස්‌මා ජනේන න කරෝමි සක්‌ඛිං
සක්‌ඛී න සම්‌පජ්‌ජති කේනචි මේති.

“ප්‍රිය වූ, මිහිරි ස්වරූප ඇති මාර සේනාව පරදවලා, මං හුදෙකලාවම ධ්‍යාන වඩනවා. හදවතේ ශාන්තිය වූ, ජීවිතයේ අර්ථයට පැමිණීම වූ ඒ අරහත් ඵල සුවය මං අවබෝධ කළා. ඒ නිසා මං ජනයාත් සමඟ මිත්‍රකමක් නෑ. ඒ නිසා මං කවුරු එක්කවත් මිත්‍රකමක් ඇති කරගන්නෙ නෑ.”

අථ ඛෝ අරති මාරධීතා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

එතකොට අරති මාර දූ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

කථං විහාරී බහුලෝධ භික්‌ඛු පඤ්‌චෝඝතිණ්‌ණෝ අතරී ධ ඡට්‌ඨං
කථං ඣායිං බහුලං කාමසඤ්‌ඤා පරිබාහිරා හොන්‌ති අලද්‌ධ යෝ තන්‌ති.

“මේ සසුනේ භික්ෂුව කෙබඳු ආකාර දහම් හැසිරීමක් බහුල වශයෙන් කිරීමෙන්ද පංචකාමය නැමැති සැඩ පහරත්, මනසේ ඇතිවෙන කෙලෙස් නැමැති සැඩ පහරත් තරණය කරන්නෙ? කෙබඳු ධ්‍යානයක් බහුල වශයෙන් කළොත්ද කාම සඤ්ඤාව ඔහුට බාහිර දෙයක් වෙන්නෙ? ඒ සඤ්ඤාව ඔහු නොලැබෙන්නේ?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

පස්‌සද්‌ධකායෝ සුවිමුත්‌තචිත්‌තෝ අසංඛරානෝ සතිමා අනෝකෝ
අඤ්‌ඤාය ධම්‌මං අවිතක්‌කඣායී න කුප්‌පති න සරති න ථීනෝ

“ඒ භික්ෂුවගේ කයත් සංසිඳිලා තියෙන්නේ. සිත ඉතා හොඳින් නිදහස් වෙලා තියෙන්නෙ. සංස්කාර රැස්වෙන්න නෑ. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටලා තියෙන්නෙ. තණ්හාව රහිතවයි ඉන්නෙ. ධර්මාවබෝධය තුළින් ධ්‍යාන වඩන ඔහු බාහිර අරමුණු විතර්ක කරන්නෙ නෑ. ඒ නිසා බාහිර අරමුණුවලට ඇවිස්සෙන්නෙ නෑ. සිහි කරන්නෙ නෑ. හැකිලෙන්නෙ නෑ.”

ඒවංවිහාරී බහුලෝධ භික්‌ඛු පඤ්‌චෝඝතිණ්‌ණෝ අතරීධ ඡට්‌ඨං
ඒවං ඣායිං බහුලං කාමසඤ්‌ඤා පරිබාහිරා හොන්‌ති අලද්‌ධ යෝ තන්‌ති.

ඔය ආකාරයට බහුල වශයෙන් ජීවිතේ ගෙවන භික්ෂුව පංචකාමය නැමැති සැඩ ගඟත් මනසේ ඇතිවන අරමුණුත් තරණය කරනවා. ඔය විදිහට භික්ෂුව බහුල වශයෙන් ධ්‍යාන වඩන කොට, කාම සඤ්ඤා බැහැර වෙනවා. ඒවා ලැබෙන්නෙ නෑ.

අථ ඛෝ රගා මාරධීතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.

එතකොට රගා මාර දූ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

අච්‌ඡෙච්ඡි තණ්‌හං ගණසංඝචාරී අද්‌ධා චරිස්‌සන්‌ති බහූ ච සත්තා
බහුං වතායං ජනතං අනෝකෝ අච්‌ඡෙජ්‌ජ නෙස්‌සති මච්‌චුරාජස්‌ස පාරන්‌ති.

“ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන, චාරිකාවේ වඩින මේ ශාස්තෘන් වහන්සේ තෘෂ්ණාව නැතිකරලයි ඉන්නෙ. බොහෝ සත්වයන්ද මේ නිසා තෘෂ්ණාව නැතිකරලා දානවා. මේ තණ්හා රහිත මුනිඳුන් මාරයාගේ ග්‍රහණයේ සිටින බොහෝ සත්වයන් පැහැරගෙන සසරින් එතෙරට රැගෙන යනවා.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

නයන්‌ති වේ මහාවීරා සද්‌ධම්‌මේන තථාගතා
ධම්‌මේන නයමානානං කා උසූයා විජානතන්‌ති.

“ඔව්. මහාවීර වූ තථාගතයන් වහන්සේලා මේ සත්වයන්ව සද්ධර්මය තුළින් එතෙර කරවනවා තමයි. ධර්මයෙන් සත්වයන්ව එතෙර කරවද්දී, ඒකට ඉරිසියා කරන්නෙ ඇයි?

අථ ඛෝ තණ්‌හා ච අරති රගා ච මාරධීතරෝ යේන මාරෝ පාපිමා තේනුපසංකමිංසු. අද්‌දසා ඛෝ මාරෝ පාපිමා තණ්‌හඤ්‌ච අරතිඤ්‌ච රගඤ්‌ච මාරධීතරෝ දූරතෝව ආගච්‌ඡන්‌තියෝ. දිස්‌වාන ගාථාහි අජ්‌ඣභාසි.

ඉතින් තණ්හාත්, අරතිත්, රගාත් යන මාර දූවරු පවිටු මාරයා ළඟට ගියා. පවිටු මාරයා තමන් ළඟට තණ්හාත්, අරතිත්, රගාත් යන මාර දූවරු පැමිණෙනවා දුර තියාම දැක්කා. දැකලා ගාථා වලින් කියනවා.

බාලා කුමුදනාළේහි පබ්‌බතං අභිමන්ථථ
ගිරිං නඛේන ඛණථ අයෝ දන්‌තේහි ඛාදථ.

“මෝඩියේ, මානෙල් දඬුවලින් පර්වතයක් ඇදගෙන එන්න හිතුවාද? නියපොතුවලින් ගල් කන්දක් හාරන්න හිතුවාද? දත්වලින් යකඩ කන්න හිතුවාද?

සේලංව සිරසූහච්‌ච පාතාලේ ගාධමේසථ
ඛාණුංව උරසාසජ්‌ජ නිබ්‌බිජ්‌ජාපේථ ගෝතමාති.

මහා ගල් පර්වතක් ඔළුව උඩ තියාගෙන ගැඹුරු ජලයේ පිහිටක් සොයනවාද? පපුවෙ උලක් ඇණුනා වගේ ගෞතමයන් කෙරෙහි කළකිරිලා ආවද?”

(ථේරා);

(ධර්ම සංගායනා කළ රහතන් වහන්සේලා) :

දද්‌දල්‌ලමානා ආගඤ්‌ඡුං තණ්‌හා ච අරතීරගා
තා තත්‌ථ පනුදී සත්‌ථා තූලං භට්‌ඨංව මාළු‍තෝති.

“තණ්හා, අරති, රගා යන මාර දූවරු දිලිසි දිලිසී එතනට ආවේ. එහිදී අපගේ ශාස්තෘන් වහන්සේ ඔවුන්ව පළවා හැරියා. ගිලිහී වැටෙන පුළුන් රොදක් සුළඟින් වීසිකරනවා වගේ.”

සාදු! සාදු!! සාදු!!!

මාර වග්ගෝ තතියෝ.

තුන්වෙනි මාර වර්ගය අවසන් විය.

තත්‍රැද්දානං –

සම්‌බහුලා සමිද්‌ධි ච ගෝධිකං සත්‌තවස්‌සානි ධීතරං
දේසිතං බුද්‌ධසෙට්‌ඨේන ඉමං මාරපඤ්‌චකන්‌ති.

මාරසංයුත්‌තං සමත්‌තං.

මාර සංයුත්තය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M