මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ උරුවෙල් ජනපදයේ, නේරංජරා ගඟ අයිනේ අජපල් නුගරුක් සෙවනේ.
ඒ දවස් වල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ මුල් කාලයයි. එදා භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවේ තනියම, භාවනාවෙන් ඉන්න කොට, සිතේ මේ කල්පනාව ඇතිවුනා. ‘ඇත්තෙන්ම මං ඒ දුෂ්කර ක්‍රියාවෙන් නිදහස් වුනා. ඇත්තෙන්ම අයහපත පිණිස හේතුවන ඒ දුෂ්කර ක්‍රියාවෙන් නිදහස් වෙච්ච එකමයි හොඳ. මං සතර සතිපට්ඨානයේ හිත පිහිටවාගත්තු නිසයි, මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ලැබුනේ. ඒක කොයිතරම් දෙයක්ද?’
ඒ වෙලාවෙ පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ආවා. ඇවිදින් ගාථාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“යම්කිසි තපසකින් සත්ත්වයින් පිරිසිදු වෙනවා නම්, ඒ තපස වන, දුෂ්කර ක්‍රියාව අත්හැරල දාලා, පිරිසිදු නැතුවම ඉඳගෙන, පිරිසිදු වුනා කියල හිතනවාද? ඔබ ඒ මාර්ගය වරද්දවගත්තා නේද?”
ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ මොහු තමයි පාපී මාරයා කියල දැනගෙන ගාථාවකින් මෙහෙම පිළිතුරු දුන්නා.
“ඔය අමර තපස්ය කියන දුෂ්කර ක්‍රියාවන්වලින් වැඩක් වෙන්නෙ නැති බව මට අවබෝධ වුනා. ඔය කිසිදේකින් වැඩක් වෙන්නෙ නෑ. මරු කතරක දඬු කෑලි අරගෙන නැවක් පදවන්නෙ කොහොමද?”
ආර්ය සත්‍ය අවබෝධය පිණිස වඩන්න තියෙන්නෙ, සීල, සමාධි, ප්‍රඥාවෙන් යුතු මාර්ගයයි. ඒ මාර්ගයේ ගමන් කරල මං පරම පිරිසිදු බවට පත් වුනා. ඒයි, පාපී මාරය, ඔය කාරණයේදී ඔබ පැරදුනා.”
එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්ත නෙව, සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. අසතුටු වුනා. නොසතුටු සිත් ඇත් වුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M