සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.
“මේ ජේතවන අසපුවේ ඉසිවරයන් වහන්සේලා, පිරී ඉතිරී වැඩඉන්නවා දැක්කහම, ධර්මරාජයන් වහන්සේත් වැඩඉන්නවා දැක්කහම මා තුළ පුදුම ප්‍රීතියක් ඇතිවෙනවා.
ක්‍රියාකලාපයත්, අවබෝධඥානයත්, ධර්මයත්, උතුම් සිල්වත් ජීවිතයත් කියන මෙයින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. උපන් කුලයෙන්වත්, ධනයෙන්වත්, සත්වයන් පිරිසිදු වෙන්නේ නෑ.
ඒ නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත කැමති නම්, නුවණින් යුක්තව ශ්‍රී සද්ධර්මය විමසා බලන්න ඕන. එතකොට තමයි කෙනෙක් පිරිසිදු වෙන්නේ.
ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිඳීමෙනුත්, උතුම් වන්නේ මේ සැරියුත් තෙරුන් වහන්සේමයි. සසරෙන් එතෙරට වැඩි යම් භික්‍ෂුවක් වේ නම්, උන්වහන්සේලා අතුරින් සාරිපුත්තයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි.”
අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා මෙසේ පැවසුවා. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්‍ෂිණා කළා. එතනම නොපෙනී ගියා.
ඒ රාත්‍රිය ගෙවුනට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන් ඇමතුවා.
“පින්වත් මහණෙනි, මේ රාත්‍රියේ සුන්දර පෙනුම තියෙන එක්තරා දෙවියෙක් රැය පහන් වන වෙලාවේ මුළු ජේතවනයම බබුලුවාගෙන, මං ළඟට ආවා. ඇවිදින් මට වන්දනා කරලා, පැත්තකින් හිටගත්තා. පින්වත් මහණෙනි, පැත්තකින් හිටගත්තු ඒ දිව්‍යපුත්‍රයා මා අසලදී මේ ගාථාවන් පැවසුවා.
‘මේ ජේතවන ආරාමයේ ඉසිවරයන් වහන්සේලා, පිරීඉතිරී වැඩඉන්නවා දැක්කහම, ධර්මරාජයන් වහන්සේත් වැඩඉන්නවා දැක්කහම මා තුළ පුදුම ප්‍රීතියක් ඇතිවෙනවා.
ක්‍රියාකලාපයත්, අවබෝධඥානයත්, ධර්මයත්, උතුම් සිල්වත් ජීවිතයත් කියන මෙයින් තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. උපන් කුලයෙන්වත්, ධනයෙන්වත්, සත්වයන් පිරිසිදු වෙන්නේ නෑ.
ඒ නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත කැමති නම්, නුවණින් යුක්තව ශ්‍රී සද්ධර්මය විමසා බලන්න ඕන. එතකොට තමයි කෙනෙක් පිරිසිදු වෙන්නේ.
ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිඳීමෙනුත්, උතුම් වන්නේ මේ සැරියුත් තෙරුන් වහන්සේමයි. සසරෙන් එතෙරට වැඩි යම් භික්‍ෂුවක් වේ නම්, උන්වහන්සේලා අතුරින් සාරිපුත්තයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි’ කියලා.
ඒ දිව්‍යපුත්‍රයා ඔය කරුණු පැවසුවා. ඊට පස්සෙ මට වන්දනා කළා. ප්‍රදක්‍ෂිණා කළා. එතනම නොපෙනී ගියා.
එතකොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, ඔය දෙවියා නම් අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයාම වෙන්න ඕන. අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගැන ගොඩාක් පැහැදීමකින් තමයි හිටියේ.”
“සාදු! සාදු! පින්වත් ආනන්ද, යම්තාක් තර්කයෙන් දැනගත යුතු නම්, ඔබ ඒ තාක් දැනගත්තා නේද? පින්වත් ආනන්ද, ඔහු අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයාම තමයි.”
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි අනාථපිණ්ඩික වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M