මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භික්‍ෂූන් වහන්සේලා දෙනමක් රණ්ඩු දබර කරගත්තා …. (පෙ) ….
“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. ශක්‍ර දේවේන්ද්‍රයා සුධර්මා නම් වූ දිව්‍ය සභාවේ ඉඳගෙන තව්තිසාවැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවේ මේ ගාථාව පැවසුවා.”
“ක්‍රෝධය විසින් ඔබව යටකර දමන්න නම් එපා! කේන්ති ගිය කෙනෙක් එක්ක කේන්ති ගන්න එපා! ආර්යයන් වහන්සේලා තුළ හැම තිස්සෙම ක්‍රෝධ නොකිරීමත් අහිංසාවත් තියෙනවා. ඒ වුනාට පාපී මිනිසුන්ව ක්‍රෝධය විසින් යටපත් කරන්නෙ පර්වතයකින් යට කරනවා වගේ.”
සාදු! සාදු!! සාදු!!!
සක්ක පඤ්චකය අවසන් විය.
සක්ක සංයුත්තය අවසන් විය.
සංයුත්ත නිකායේ මුල් කොටස වූ සගාථ වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M