මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එහිදී …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මිනිස් ජීවිතේ ගෙවන කාලෙ උතුම් ව්‍රත හතක් සමාදන් වෙලා හිටියා. ඒ ව්‍රත සමාදන් වීම නිසයි, ශක්‍රයාට ඔය ශක්‍ර පදවිය ලැබුනෙ.
ඒ උතුම් ව්‍රත හත මොනවාද? මං දිවි තිබෙන තුරා මව්පියන්ට සළකන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා කුලදෙටුවන් පුදන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා මධුර වූ වචන කියන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා කේළාම් නොකියන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා ගිහි ගෙදර වාසය කරන්නෙ මසුරුමල දුරුකරපු සිතින්. දන් දෙන්න හිතාගෙනම අත්හරින කෙනෙක් වෙනවා. දන් දෙන්න හිතාගෙනම දෑත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දන් දීමටම කැමති වුන කෙනෙක් වෙනවා. අනුන් විසින් යමක් ඉල්ලාගෙන තමන් ලඟට එනවාට කැමති කෙනෙක් වෙනවා. දන් බෙදන්න කැමති කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා සත්‍ය වචන කියන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරාවට ක්‍රෝධ නැතුව ඉන්නවා. යම් හෙයකින් මං තුළ ක්‍රෝධයක් ඇතිවුනොත්, ඒක ඉක්මනින්ම දුරුකරලා දානවා.
පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගතකරද්දි සමාදන් වෙලා හිටියේ ඔන්න ඔය ව්‍රත හතයි. ඔය ව්‍රත හත සමාදන් වෙච්ච නිසා තමයි ශක්‍ර දෙවියන්ට ශක්‍ර පදවිය ලැබුනේ.
(ගාථාවකි)
“මව්පියන්ට සළකනවා නම්, කුල දෙටුවන් පුදනවා නම්, මිහිරි වූ වචන, ප්‍රිය වූ වචන කියනවා නම්, කේළාම් කියන්නෙ නැත්නම්, මසුරු මල දුරු කරනවා නම්, සත්‍ය වචන කියනවා නම්, ක්‍රෝධය පාලනය කරනවා නම්, අන්න ඒ මනුෂ්‍යයාට හැබෑම සත්පුරුෂයා කියලයි තව්තිසාවේ දෙවියො කියන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M