සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

11.1.4. වේපචිත්ති සුත්තං

11.1.4. වේපචිත්ති අසුරේන්ද්‍රයා ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. ….(පෙ)…. භගවා ඒතදවෝච. භූතපුබ්‌බං භික්ඛවේ දේවාසුරසංගාමෝ සමුපබ්බූළ්හෝ අහෝසි. අථ ඛෝ භික්ඛවේ වේපචිත්‌ති අසුරින්‌දෝ අසුරේ ආමන්තේසි. සචේ මාරිසා දේවාසුරසං‌ගාමේ සමුපබ්බූළ්හේ අසුරා ජිනෙය්‍යුං, දේවා පරාජෙය්‍යුං. යේන තං සක්‌කං දේවානමින්‌දං කණ්‌ඨපඤ්‌චමේහි බන්‌ධනේහි බන්‌ධිත්‌වා මම සන්තිකේ ආනෙය්‍යාථ අසුරපුරන්‌ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. දෙවියොත්, අසුරයොත් අතර යුද්ධයක් පටන් ගත්තා. එතකොට පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්ද්‍රයා අසුර පිරිස ඇමතුවා. ‘පින්වත්නි, ඔන්න දිව්‍ය අසුර යුද්ධයක් පටන් ගත්තා. අසුරයො දින්නොත්, දෙවියො පැරදුණොත්, එතකොට, ඔය ශක්‍ර දේවේන්‍ද්‍රයාව දෑත් දෙපා ඇතුළු, බෙල්ල පස්වෙනි කොට, බන්ධනයෙන් බැඳලා, අසුරපුරයේ මං ළඟට අරගෙන එන්න ඕන.’

සක්කෝපි ඛෝ භික්ඛවේ දේවානමින්‌දෝ දේවේ තාවතිංසේ ආමන්තේසි. සචේ මාරිසා දේවාසුරසංගාමේ සමුපබ්බූළ්‌හේ දේවා ජිනෙය්‍යුං අසුරා පරාජෙය්‍යුං. යේන තං වේපචිත්‌තිං අසුරින්‌දං කණ්‌ඨපඤ්‌චමේහි බන්‌ධනේහි බන්‌ධිත්‌වා මම සන්තිකේ ආනෙය්‍යාථ සුධම්‌මං සභන්‌ති. තස්‌මිං ඛෝ පන භික්ඛවේ සංගාමේ දේවා ජිනිංසු අසුරා පරාජිංසු. අථ ඛෝ භික්ඛවේ දේවා තාවතිංසා වේපචිත්‌තිං අසුරින්‌දං කණ්‌ඨපඤ්‌චමේහි බන්‌ධනේහි බන්‌ධිත්‌වා සක්‌කස්‌ස දේවානමින්දස්ස සන්තිකේ ආනේසුං සුධම්‌මංසභං. තත්‍ර සුදං භික්ඛවේ වේපචිත්‌ති අසුරින්‌දෝ කණ්‌ඨපඤ්‌චමේහි බන්‌ධනේහි බද්‌ධෝ සක්‌කං දේවානමින්‌දං සුධම්‌මං සභං පවිසන්‌තඤ්‌ච නික්‌ඛමන්‌තඤ්‌ච අසබ්‌භාහි ඵරුසාහි වාචාහි අක්කෝසති, පරිභාසති. අථ ඛෝ භික්ඛවේ මාතලී සංගාහකෝ සක්‌කං දේවානමින්‌දං ගාථාය අජ්‌ඣභාසි.

පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාත්, තව්තිසා දෙවියන් ඇමතුවා. ‘පින්වත්නි, ඔන්න දිව්‍ය අසුර යුද්ධයක් පටන් ගත්තා. දෙවියෝ දිනුවොත්, අසුරයන් පැරදුණොත්, එතකොට ඔය වේපචිත්ති අසුරේන්‍ද්‍රයාව දෙඅත් දෙපාත් එක්ක, බෙල්ල පස්වෙනි කොට, බන්ධනයෙන් බැඳලා, සුධර්මා දිව්‍ය සභාවෙ මං ළඟට අරගෙන එන්න ඕන.’

පින්වත් මහණෙනි, ඉතින් ඒ යුද්ධයේදී දෙවියෝ දිනුනා. අසුරයො පැරදුනා. එතකොට පින්වත් මහණෙනි, තව්තිසා දෙවියො දෙඅත්, දෙපාත් එක්ක බෙල්ල පස්වෙනි කොට, වේපචිත්ති අසුරේන්‍ද්‍රයාව බන්ධනයෙන් බැඳලා, සුධර්මා දිව්‍ය සභාවේ ශක්‍ර දේවේන්‍ද්‍රයා ළඟට අරගෙන ගියා.

එතකොට පින්වත් මහණෙනි, දෑත්, දෙපාත් එක්ක, බෙල්ල පස්වෙනි කොට, බන්ධනයෙන් බැඳලා ඉන්න වේපචිත්ති අසුරේන්‍ද්‍රයා සුධර්මා දිව්‍ය සභාවට ඇතුළු වෙන කොටත්, පිටවෙන කොටත්, ශක්‍ර දේවේන්‍ද්‍රයාට අසභ්‍ය වචනවලින්, පරුෂ වචනවලින්, ආක්‍රෝශ කරනවා. පරිභව කරනවා.

පින්වත් මහණෙනි, එතකොට මාතලී රථාචාර්යා ශක්‍ර දේවේන්‍ද්‍රයාට ගාථාවකින් පැවසුවා.

භයා නු මථවා සක්‌ක දුබ්‌බල්‍යා නෝ තිතික්‌ඛසි
සුණන්‌තෝ ඵරුසං වාචං සම්‌මුඛා වේපචිත්‌තිනෝති.

“පින්වත්, සක් දෙවිඳුනි, වේපචිත්තිගේ නපුරු වචන ඉදිරියේ, ඒවා අසමින් ඉවසගෙන ඉන්නෙ මොකද? භයටද? බැරිකමටද?”

(සක්කෝ);

(සක් දෙවිඳුන්) :

නාහං භයා න දුබ්‌බල්‍යා ඛමාමි වේපචිත්‌තිනෝ
කථඤ්‌හි මාදිසෝ විඤ්‌ඤූ බාලේන පටිසංයුජේති.

“මං වේපචිත්තිට භයෙන් ඉවසනවා නොවෙයි. බැරිකමකට ඉවසනවාත් නොවෙයි. බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙක්, මේ බාලයෙක් එක්ක හැප්පෙන්න යන්නෙ මොකටද?

භිය්‍යෝ බාලා පභිජ්‌ජෙය්‍යුං නෝ චස්‌ස පටිසේධකෝ
තස්‌මා භුසේන දණ්‌ඩේන ධීරෝ බාලං නිසේධයේති.

ඉතින් වළක්වන්න කෙනෙක් නැත්නම්, අඥාන උදවිය බොහෝ සෙයින් යුද්ධවලට පැටලෙනවා. ඒ නිසා තමයි නුවණැත්තා දැඩි දඬුවම් දීලා හරි, බාලයාව මේච්චල් කරන්නෙ.

ඒතදේව අහං මඤ්‌ඤේ බාලස්‌ස පටිසේධනං
පරං සංකුපිතං ඤත්‌වා යෝ සතෝ උපසම්‌මතීති.

අනුන්ට කේන්ති ගිය බව දැනගෙන, තමන් සිහි නුවණින් යුක්තව සංසිඳෙනවා නම්, මං හිතන්නෙ බාලයාව පාලනය කරන්න ඒක තමයි හොඳ කියලා.”

(මාතලී);

(මාතලී) :

ඒතදේව තිතික්‌ඛාය වජ්‌ජං පස්‌සාමි වාසව
යදා නං මඤ්‌ඤති බාලෝ භයා ම්‍යායං තිතික්‌ඛති
අජ්‌ඣාරූහති දුම්‌මේධෝ ගෝ’ව භිය්‍යෝ පලායිනන්‌ති.

“පින්වත් සක් දෙවිඳුනි, ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා. යම් විටක ඉවසන කොට, මෝඩයා හිතන්නෙ මෙයා මේ මට භයෙන් ඉවසනවා කියලා, පැනලා දුවනවා වගේ, අඥාන කෙනා, ඉවසන කෙනාවමයි යට කරගෙන යන්නෙ.”

(සක්කෝ);

(සක් දෙවිඳුන්) :

කාමං මඤ්‌ඤතු වා මා වා භයා ම්‍යායං තිතික්‌ඛති
සදත්‌ථපරමා අත්‌ථා ඛන්‌ත්‍යා භිය්‍යෝ න විජ්‌ජති.

“මෙයා මේ ඉවසන්නෙ මට භයෙන්ය කියලා, කෙනෙක් හිතුවත් කමක් නෑ, නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.

යෝ හවේ බලවා සන්‌තෝ දුබ්‌බලස්‌ස තිතික්‌ඛති
තමාහු පරමං ඛන්‌තිං නිච්‌චං ඛමති දුබ්‌බලෝ.

යම් කෙනෙක් අතිශයින්ම බලවත්ව ඉඳගෙන, දුර්වල කෙනෙකුගේ නින්දා අපහාස ආදිය ඉවසනවා නම්, ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා හැම තිස්සෙම ඉවසනවා නෙව.

අබලං තං බලං ආහු යස්‌ස බාලබලං බලං
බලස්‌ස ධම්‌මගුත්‌තස්‌ස පටිවත්‌තා න විජ්‌ජති.

යම් අඥානයෙකුගේ බලයක් වේද, ඒකට බලය කියල කිව්වට, එතන බලයක් නෑ. ධර්මය තුළ සුරැකී ඉන්න කෙනාගේ ඉවසීම අභිභවා කියන්න දෙයක් නෑ.

තස්‌සේව තේන පාපියෝ යෝ කුද්‌ධං පටිකුජ්‌ඣති
කුද්‌ධං අප්‌පටිකුජ්‌ඣන්‌තෝ සංගාමං ජේති දුජ්‌ජයං.

යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරළා කිපුනොත්, ඒකෙන් පාඩු සිදුවෙන්නෙ තමාටමයි. කේන්ති ගිය කෙනාව හඳුනගෙන, පෙරළා කිපෙන්නෙ නැත්නම්, එයා තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය දිනාගන්නෙ.

උභින්‌නමත්‌ථං චරති අත්තනෝ ච පරස්‌ස ච
පරං සංකුපිතං ඤත්‌වා යෝ සතෝ උපසම්‌මති.

අනුත් කිපුන බව දැනගෙන, තමන් සිහි නුවණින් සංසිඳෙනවා නම්, තමාටත්, අනුන්ටත් දෙපැත්තට යහපත සළසගන්නවා.

උභින්‌නං තිකිච්‌ඡන්‌තානං අත්තනෝ ච පරස්‌ස ච
ජනා මඤ්‌ඤන්‌ති බාලෝති යේ ධම්‌මස්‌ස අකෝවිදාති.

තමාටත්, අනුන්ටත්, දෙපැත්තටම සෙත සළසන කෙනා ගැන ධර්මයේ අදක්‍ෂ ජනයා හිතන්නෙ ඔහු මෝඩයෙක්ය කියලා.”

සෝ හි නාම භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ සකං පුඤ්‌ඤඵලං උපජීවමානෝ දේවානං තාවතිංසානං ඉස්‌සරියාධිපච්‌චං රජ්‌ජං කාරෙන්‌තෝ ඛන්‌තිසෝරච්‌චස්‌ස වණ්‌ණවාදී භවිස්‌සති. ඉධ ඛෝ තං භික්ඛවේ සෝභේථ යං තුම්‌හේ ඒවං ස්‌වාක්‌ඛාතේ ධම්මවිනයේ පබ්‌බජිතා සමානා ඛමා ච භවෙය්‍යාථ සෝරතා චාති.

“පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දේවේන්‍ද්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකයෙන් ජීවත් වන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර සැපසම්පත් වලිනුත්, අධිපති බවෙනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳු කෙනෙක් පවා, ඉවසීමේ, කීකරු බවේ, ගුණ කියනවා නෙව. ඉතින් පින්වත් මහණෙනි, මෙබඳු ඉතා පිරිසිදුව දේශනා කරන ලද ධර්ම විනය ඇති ශාසනේ පැවිදි වෙලා ඉන්න ඔබ ඉවසන්න ඕන. කීකරු වෙන්න ඕන. මේ ශාසනය සෝභමාන කරන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M