සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

11.1.2. සුසීම සුත්තං

11.1.2. සුසීම දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්‌ඛූ භගවතෝ පච්‌චස්‌සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂූන් වහන්සේලා ඇමතුවා. ඒ භික්‍ෂූන් වහන්සේලාත් “පින්වතුන් වහන්ස” කියල භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

භූතපුබ්‌බං භික්ඛවේ අසුරා දේවේ අභියංසු. අථ ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ සුසීමං දේවපුත්තං ආමන්තේසි. ඒතේ තාත සුසීම, අසුරා දේවේ අභියන්‌ති. ගච්‌ඡ තාත සුසීම, අසුරේ පච්‌චුය්‍යාහීති. ඒවං භද්‌දන්‌තවාති ඛෝ භික්ඛවේ සුසීමෝ දේවපුත්තෝ සක්‌කස්‌ස දේවානමින්දස්ස පටිස්‌සුත්‌වා පමාදං ආපාදේසි. දුතියම්‌පි ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ සුසීමං දේවපුත්තං ආමන්තේසි ….(පෙ)…. දුතියම්‌පි පමාදං ආපාදේසි. තතියම්‌පි ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ සුසීමං දේවපුත්තං ආමන්තේසි ….(පෙ)…. තතියම්‌පි පමාදං ආපාදේසි. අථ ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ සුසීමං දේවපුත්තං ගාථාය අජ්‌ඣභාසි.

“පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. අසුරයෝ දෙවියන් ඉස්සරහට (සටනට) ආවා. එතකොට ශක්‍ර දේවේන්ද්‍රයා සුසීම දිව්‍ය පුත්‍රයා ඇමතුවා.

‘පුතේ සුසීම, ඔන්න! අසුරයෝ දෙවියන් ඉස්සරහට ඇවිල්ලා. යන්න සුසීම පුතේ, අසුරයන්ව යටකරගෙන ඉස්සරහට යන්න.’

පින්වත් මහණෙනි, එතකොට සුසීම දිව්‍යපුත්‍රයා ‘එහෙමයි, ඒක ඔබගේ යහපත වේවා!’ කියල ශක්‍ර දේවේන්ද්‍රයාට පිළිතුරු දීලා ඒ ගමන ප්‍රමාද කළා.

පින්වත් මහණෙනි, දෙවන වතාවටත් ශක්‍ර දේවේන්ද්‍රයා සුසීම දිව්‍ය පුත්‍රයා අමතා මෙහෙම කිව්වා …. (පෙ) …. දෙවන වතාවටත් ඒ ගමන ප්‍රමාද කළා.

පින්වත් මහණෙනි, තුන්වෙනි වතාවටත් ශක්‍ර දේවේන්ද්‍රයා සුසීම දිව්‍ය පුත්‍රයා අමතා මෙහෙම කිව්වා …. (පෙ) …. තුන්වන වතාවටත් ඒ ගමන ප්‍රමාද කළා.

පින්වත් මහණෙනි, එතකොට ශක්‍ර දේවේන්ද්‍රයා සුසීම දිව්‍යපුත්‍රයාට ගාථාවකින් මෙහෙම කිව්වා.

අනුට්‌ඨහං අවායමං සුඛං යත්‍රාධිගච්‌ඡති
සුසීම තත්‌ථ ගච්‌ඡාහි මඤ්‌ච තත්ථේව පාපයාති.

‘උත්සාහයකින් නැගීසිටීමක් නැතිව, වීරිය කිරීමක් නැතිව, යම්කිසි සැපයක් කරා යන්න පුළුවන්කමක් තියෙනවා නම්, සුසීම, ඔබ එහි යන්න. අනික මාවත් එතනටම කැඳවා ගෙන යන්න.’

(සුසීමෝ);

(සුසීම) :

අලසස්‌ස අනුට්‌ඨාතා න ච කිච්‌චානි කාරයේ
සබ්‌බකාමසමිද්‌ධස්‌ස තං මේ සක්‌ක වරං දිසාති.

‘උත්සාහයකින් නැගීසිටීමක් නැතිනම් කම්මැලි වෙලා යනවා. කිසි වැඩක් කරන්නෙ නෑ. ශක්‍ර දේවේන්ද්‍රය, එබඳු පුද්ගලයෙකුට සියලු කාම සම්පත් වලින් සමෘද්ධිමත් තැනකට යන්න පුළුවන් නම්, ඒ තැන තමයි මට ගොඩාක් උතුම්.’

(සක්කෝ);

(ශක්‍රයා) :

යත්‌ථාලසෝ අනුට්‌ඨාතා අච්‌චන්‌තං සුඛමේධති
සුසීම තත්‌ථ ගච්‌ඡාහි මඤ්‌ච තත්ථේව පාපයාති.

‘සුසීම, උත්සාහ රහිත වූ කම්මැලි තැනැත්තා අතිශයින්ම සැපවත් බවට පත්වෙනවා නම්, එහි යන්න ඔබ. මාවත් එතැනට ගෙන යන්න.’

(සුසීමෝ);

(සුසීම) :

අකම්‌මුනා දේවසෙට්‌ඨ සක්‌ක වින්‌දේමු යං සුඛං
අසෝකං අනුපායාසං තං මේ සක්‌ක වරං දිසාති.

‘ශ්‍රේෂ්ඨ දෙවිඳුනි, කිසි වැඩකටයුත්තක් නොකිරීමෙන් යම්කිසි සැපයක් විඳගන්න පුළුවන් නම්, ශක්‍ර දේවේන්ද්‍රය, ශෝක නැති පීඩා නැති ඒ උතුම් තැන ගැන මට කියනු මැනව.’

(සක්කෝ);

(ශක්‍රයා) :

සචේ අත්‌ථි අකම්‌මේන කෝචි ක්‌වචි න ජීවති
නිබ්‌බානස්‌ස හි සෝ මග්‌ගෝ සුසීම තත්‌ථ ගච්‌ඡාහි
මඤ්‌ච තත්ථේව පාපයාති.

‘වැඩ කටයුත්තක් නොකරන තැනක් තියෙනවා නම්, එතන කවුරුවත් කිසිම විදිහකින් ජීවත් වෙන තැනක් නම් නොවේ. එහෙම නම් සුසීම, ඒ මාර්ගය තිබෙන්නෙ නිවනටමයි. සුසීම ඔබ ඒ නිවනට යන්න. මාවත් කැඳවා ගන්න.’

සෝ හි නාම භික්ඛවේ සක්කෝ දේවානමින්‌දෝ සකං පුඤ්‌ඤඵලං උපජීවමානෝ දේවානං තාවතිංසානං ඉස්‌සරියාධිපච්‌චං රජ්‌ජං කාරෙන්‌තෝ උට්‌ඨානවිරියස්‌ස වණ්‌ණවාදී භවිස්‌සති. ඉධ ඛෝ තං භික්ඛවේ සෝභේථ, යං තුම්‌හේ ඒවං ස්‌වාක්‌ඛාතේ ධම්මවිනයේ පබ්‌බජිතා සමානා උට්‌ඨහෙය්‍යාථ ඝටෙය්‍යාථ වායමෙය්‍යාථ අප්‌පත්‌තස්‌ස පත්‌තියා අනධිගතස්‌ස අධිගමාය අසච්‌ඡිකතස්‌ස සච්‌ඡිකිරියායාති.

පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකයෙන් ජීවත් වෙන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර ඉසුරුමත් බවින් හා අධිපති බවින් රජ කරන කෙනෙක්. ඔහු පවා උත්සාහයෙන් නැගීසිටීම ගැනයි ගුණ කියන්නේ.

පින්වත් මහණෙනි, ඒ උත්සාහයෙන් නැගීසිටීමේ වීරීයෙන්ම මේ ශාසනය තුළ ශෝභමාන වෙන්න. ඉතා යහපත් කොට දේශනා කර තිබෙන ධර්මවිනය තුළයි ඔබ පැවිදි වෙලා ඉන්නෙ. ඒ නිසා නොපැමිණි අරහත්වයට පැමිණෙන්න ඕන කියල, අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගන්න ඕන කියල, සාක්‍ෂාත් නොකළ ඒ අමා නිවන සාක්‍ෂාත් කරගන්න ඕන කියල, උත්සාහවත් වෙන්න. ගොඩාක් උත්සාහ කරන්න. ගොඩාක් වීරිය ගන්න.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M