(දෙවියා) :
“දිරන්නෙ මොනවාද? දිරන්නෙ නැත්තෙ මොනවාද? වැරදි මාර්ගය කියන්නෙ මොකක්ද? ගුණදහමේ හැසිරෙන්න තියෙන බාධකය මොකක්ද? දිවාරාත්‍රී දෙකේ ගෙවිල යන්නෙ මොකක්ද? බ්‍රහ්මචාරී ජීවිතයට තියෙන කිලුට මොකක්ද? වතුර නැතුව නානවා කියල කියන්නෙ මොකක්ද?
සිත දියුණු කරගන්න අමාරු වෙන විදිහේ සිදුරු කීයක් ලෝකෙ තියෙනවාද? අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවෙ ඔය කාරණේ කොහොමද දැනගන්නෙ කියලයි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“සත්වයන්ගේ රූපයයි දිරල යන්නෙ. නමුත් ඔවුන්ගේ නම් ගොත් දිරල යන්නෙ නෑ. රාගයට තමයි වැරදි මාර්ගය කියල කියන්නෙ. ගුණධර්ම රකින්න තියෙන බාධාව ලෝභකමයි. දිවා-රාත්‍රී දෙකේම වයස තමයි ගෙවිල යන්නෙ. ස්ත්‍රිය තමයි බ්‍රහ්මචාරී ජීවිතයට බලපාන කිලුට කියල කියන්නෙ. මේ සත්ව ප්‍රජාවම ඇලෙන්නෙ ඔතන්ටමයි. කෙලෙස් තවන වැඩපිළිවෙලත්, බඹසර ජීවිතයත් තමයි ‘වතුර නැතිව නෑම’ කියල කියන්නෙ.
සිත දියුණු කරන්න අමාරු වෙන විදිහේ සිදුරු හයක් ලෝකය තුළ තියෙනවා. අලස බවද, ප්‍රමාදයද, වරදින් නැඟී නොසිටීමද, සංවර නොවීමද, නින්දද, බත් මතයද යන මේ සිදුරු හයයි. ඒ නිසා මේ සිදුරු හය සම්පූර්ණයෙන්ම දුරු කරන්න ඕන.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-8-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M