☰
(දෙවියා) :
“මේ ලෝකයේ නොයෙක් ජනතාව බිය වුනේ මොකකටද? ඒ නිසා ඒ උදවිය නොයෙක් ආකාර දේවලුත්, මාර්ගත් කියනවා. මහාප්‍රාඥ වූ පින්වත් ගෞතමයන් වහන්ස, මොන විදිහේ ධර්මයක පිහිටියොත්ද පරලොවට තියෙන භය නැතුව යන්නේ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“සිතත්, වචනයත්, ඉතා යහපත් ලෙස ගුණධර්ම මත පිහිටුවාගෙන, කයිනුත් පව් කරන්නෙ නැත්නම්, ගිහිගෙයි ජීවත් වෙන, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඉන්න, මෘදු ගතිගුණ තියෙන, බොහෝ ආහාරපාන ආදිය අනුන්ටත් බෙදා අනුභව කරන, අනුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන කෙනා, ඔය ගුණධර්ම හතරේ පිහිටියාම පරලොවට භයක් වෙන්න දෙයක් නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-8-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M