සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
එකත්පසක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“යම් භික්‍ෂුවක් අරහත් කෙනෙක් වුනත්, නිවන් මග සම්පූර්ණ කළ කෙනෙක් වුනත්, ආශ්‍රවයන් ක්‍ෂය කරපු කෙනෙක් වුනත්, අන්තිම සිරුරු දරන කෙනෙක් වුනත්, ඒ වුනාට ඒ භික්‍ෂුව ‘මම පවසමි’ කියල කියනවානෙ. ‘මට කියනවා’ කියලත් කියනවනෙ? (ඒ මොකද?)”
(භාග්‍යවතුන් වහන්සේ):
“යම් භික්‍ෂුවක් අරහත් කෙනෙක් වෙලත්, නිවන් මග සම්පූර්ණ කරලත්, ආශ්‍රවයන් ක්‍ෂය කරලත්, අවසන් සිරුරු දරාගෙන ඉඳලත්, ‘මම කියමි’ කියල කියනවා තමයි. ‘මට කියනවා’ කියලත් කියනවා තමයි. ඔහු දක්‍ෂයි. ලෝක ව්‍යවහාරය හොඳට දන්නවා. ඒක ඔහුගේ ව්‍යවහාර මාත්‍රයක් විතරයි.
(දෙවියා) :
“යම් භික්‍ෂුවක් අරහත් කෙනෙක් වෙලත්, නිවන් මග සම්පූර්ණ කරලත්, ආශ්‍රවයන් ක්‍ෂය කරලත්, අන්තිම සිරුරු දරාගෙන ඉඳලත්, ඉතින් ඔහු ‘මම කියමි’ කියලත් කියනවා නම්, ‘මට කියනවා’ කියලත් කියනවා නම්, එතකොට ඒ භික්‍ෂුව යම්කිසි මාන්නයකට ඇවිල්ලා නේද ඉන්නෙ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“නෑ. මාන්නය ප්‍රහාණය කළ කෙනෙකුට කෙලෙස් ගැට නෑ. ඒ මාන ගැට ඔක්කොම ඔහු නැතිකරලයි තියෙන්නෙ. ඔහු ප්‍රඥාවන්තයෙක්. මාන්නය ඇතිකරන හැඟීම් ඉක්මවා ගිහිල්ලයි ඉන්නේ. ‘මම කියමි’ කියල ඔහු කිව්වත්, ‘මට කියනවා’ කියල ඔහු කිව්වත්, ඇත්තෙන්ම ඔහු දක්‍ෂයි. ලෝක ව්‍යවහාරය හොඳට දන්නවා. ඒක ඔහුගේ ව්‍යවහාර මාත්‍රයක් විතරයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M