☰
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
එකත්පසක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“යම් යම් අරමුණකින් මනස වළක්වා ගත්තොත්, ඒ ඒ අරමුණෙන් ඇතිවෙන දුක් ඇතිවෙන්නේ නෑ. ඉතින් ඔහු සියලු අරමුණින්ම මනස වළක්වා ගත්තොත්, එතකොට ඔහු සියලු දුකින් නිදහස් වෙනවා.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“නෑ. හැම අරමුණින්ම මනස වළක්වන්න ඕන නෑ. කොටින්ම සංවර වෙච්ච මනසේ වළක්වන්න දෙයක් නෑ. යම් යම් අරමුණක් නිසා අකුසල් සිදුවෙනවා නම්, ඒ ඒ අරමුණිනුයි මනස වැළැක්විය යුත්තේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M