මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.3.6. භූමිජ සුත්තං

3.3.6. භූමිජ තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ, අථ ඛෝ ආයස්මා භූමිජෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන ජයසේනස්ස රාජකුමාරස්ස නිවේසනං, තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයේ. එදා ආයුෂ්මත් භූමිජයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන, පාත්‍රය ද ගෙන ජයසේන රාජකුමාරයාගේ නිවසට වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා.

අථ ඛෝ ජයසේනෝ රාජකුමාරෝ යේනායස්මා භූමිජෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතා භූමිජේන සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ජයසේනෝ රාජකුමාරෝ ආයස්මන්තං භූමිජං ඒතදවෝච: සන්ති භෝ භූමිජ, ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමායාති. ඉධ භෝතෝ භූමිජස්ස සත්ථා කිංවාදී කිමක්ඛායී’ති?

ඉතින් ජයසේන රාජකුමාරයා ආයුෂ්මත් භූමිජයන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් භූමිජයන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටුවිය යුතු පිළිසඳර කතාබහේ යෙදී එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ජයසේන රාජකුමාරයා ආයුෂ්මත් භූමිජයන් වහන්සේට මෙය පැවසුවා.

“භවත් භූමිජයන් වහන්ස, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුන් මෙවැනි වාදයන්ගෙන් යුක්තයි. මෙවැනි දෘෂ්ටීන්ගෙන් යුක්තයි. ඔවුන් කියනවා ‘ආශාවෙන් වුණත් බඹසර හැසිරුණාට ඵලයක් උපදවන්නට බැහැ’ කියලා. ඒ වගේම ‘ආශාවක් නැතුව බඹසර හැසිරුනත්, ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ’ කියල. ඒ වගේම ‘ආශා කළත්, ආශා කළේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ’ කියලා. ඒ වගේම ‘ආශා නොකළත්, ආශා නොකළේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ’ කියල. භවත් භූමිජයන් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ ඔය කාරණය පිළිබඳව මොන වගේ ප්‍රකාශයක්ද කරන්නේ? මොන වගේ අදහස්ද පවසන්නේ?”

න ඛෝ මේතං රාජකුමාර, භගවතෝ සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං. ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති යං භගවා ඒවං ව්‍යාකරෙය්‍ය: ආසඤ්චේපි කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය අනාසඤ්චේපි කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්චේපි කරිත්වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමායාති. න ඛෝ මේතං රාජකුමාර, භගවතෝ සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං, ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති, යං භගවා ඒවං ව්‍යාකරෙය්‍යාති.

“පින්වත් රාජකුමාරය, ඔය කාරණාව මං බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නම් අසලා නෑ. උන්වහන්සේ ඉදිරියෙහි පිළිඅරගෙනත් නෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය පිළිබඳව මෙවැනි දෙයක් වදාරණ සේක්ය කියන කරුණ නම් වෙන්නට පුළුවනි. ඒ කියන්නේ ‘ආශා කරලා වුනත් බඹසර හැසිරෙන්නේ නුවණින් තොරව නම්, ප්‍රතිඵලයක් උපද්දවන්නට බැහැ. ඒ වගේම ආශා නොකොට වුණත් බඹසර හැසිරෙන්නේ නුවණින් තොරව නම්, ප්‍රතිඵලයක් උපද්දවන්නට බැහැ. ඒ වගේම ආශා කළත්, නැතත් බඹසර හැසිරෙන්නේ නුවණින් තොරව නම්, ප්‍රතිඵලයක් උපද්දවන්නට බැහැ. ඒ වගේම ආශා නොකළත්, නොකළේ නැතත් බඹසර හැසිරෙන්නේ නුවණින් තොරව නම්, ප්‍රතිඵලයක් උපද්දවන්නට බැහැ’ කියලා.

‘ඒ වගේම ආශාවෙන් වුනත් බඹසර හැසිරෙන්නේ නුවණින් යුක්තව නම්, ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ආශාවක් නැති වුනත් බඹසර හැසිරෙන්නේ නුවණින් යුක්තව නම්, ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්. ආශාවක් තිබුනත්, නැතත් බඹසර හැසිරෙන්නේ නුවණින් යුක්තව නම්, ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ආශාවක් නොතිබුනත්, නොතිබුනේ නැතත් බඹසර හැසිරෙන්නේ නුවණින් යුක්තව නම්, ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්’ කියලා.

පින්වත් රාජකුමාරය, ඔය කාරණය ගැන භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි මං කිසිවක් අහලා නෑ. කිසිවක් පිළිඅරගෙනත් නෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහේ පිළිතුරක් දෙන්නට පුළුවන්ය කියන කාරණය නම් වෙන්නට පුළුවනි.”

සචේ ඛෝ භෝතෝ භූමිජස්ස සත්ථා ඒවංවාදී ඒවමක්ඛායී, අද්ධා භෝතෝ භූමිජස්ස සත්ථා සබ්බේසංයේව පුථුසමණබ්‍රාහ්මණානං මුද්ධානං මඤ්ඤේ ආහච්ච තිට්ඨතීති. අථ ඛෝ ජයසේනෝ රාජකුමාරෝ ආයස්මන්තං භූමිජං සකේනේව ථාලිපාකේන පරිවිසි.

“ඉදින් භවත් භූමිජයන් වහන්සේ ගේ ශාස්තෘන් වහන්සේ ඔය විදිහේ කරුණු පවසන සේක් නම්, ඔය විදිහේ දහමක් කියන සේක් නම්, ඒකාන්තයෙන්ම භවත් භූමිජයන්ගේ ශාස්තෘන් වහන්සේ සෑම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ගේම හිස් මුදුන මැඬගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නේ.”

ඉතින් ජයසේන රාජකුමාරයා ආයුෂ්මත් භූමිජයන් හට තමන්ගේ දාන මානවලින් උපස්ථාන කළා.

අථ ඛෝ ආයස්මා භූමිජෝ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා භූමිජෝ භගවන්තං ඒතදවෝච: ‘ඉධාහං භන්තේ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන ජයසේනස්ස රාජකුමාරස්ස නිවේසනං, තේනුපසංකමිං. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදිං. අථ ඛෝ භන්තේ ජයසේනෝ රාජකුමාරෝ යේනාහං, තේනුපසංකමි. උපසංකමිත්වා මම සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ භන්තේ, ජයසේනෝ රාජකුමාරෝ මං ඒතදවෝච: ‘සන්ති භෝ භූමිජ, ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමායාති. ඉධ භෝතෝ භූමිජස්ස සත්ථා කිංවාදී කිමක්ඛායී’ති?

එතකොට ආයුෂ්මත් භූමිජයන් වහන්සේ දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව හුන් ආයුෂ්මත් භූමිජයන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මං මෙහි පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන, පාත්‍රයද ගෙන ජයසේන රාජකුමාරයාගේ නිවසට වැඩම කළා. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩසිටියා.

එතකොට ස්වාමීනී, ජයසේන රාජකුමාරයා මා වෙත පැමිණුනා. පැමිණ මා සමඟ සතුටු වුණා. සතුටුවිය යුතු පිළිසඳර කතාබහේ යෙදී එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව හුන් ජයසේන රාජකුමාරයා මට මෙය පැවසුවා.

‘භවත් භූමිජයන් වහන්ස, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. මෙවැනි වාදයන්ගෙන් යුක්තයි. මෙවැනි දෘෂ්ටීන්ගෙන් යුක්තයි. ඔවුන් කියනවා ‘ආශාවෙන් වුනත් බඹසර හැසිරුනාට ඵලයක් උපදවන්නට බැහැ කියල. ඒ වගේම ආශාවක් නැතුව බඹසර හැසිරුනත්, ….(පෙ)…. භවත් භූමිජයන් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ ඔය කාරණය පිළිබඳව මොන වගේ ප්‍රකාශයක්ද කරන්නේ? මොන වගේ අදහස්ද පවසන්නේ?’ කියලා.

ඒවං වුත්තේ අහං භන්තේ, ජයසේනං රාජකුමාරං ඒතදවෝචං: ‘න ඛෝ මේතං රාජකුමාර, භගවතෝ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං. ඨානං ච ඛෝ ඒතං විජ්ජති, යං භගවා ඒවං ව්‍යාකරෙය්‍ය: ‘ආසඤ්චේපි කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති. අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්චේපි කරිත්වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති. භබ්බා ඵලස්ස අධිගමාය, අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා යෝනිසෝ බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමායා’ති. න ඛෝ මේතං රාජකුමාර, භගවතෝ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං. ඨානඤ්ච ඛෝ ඒතං විජ්ජති: යං භගවා ඒවං බ්‍යාකරෙය්‍යාති. සචේ භෝතෝ භූමිජස්ස සත්ථා ඒවංවාදී ඒවංදිට්ඨි ඒවමක්ඛායී අද්ධා භෝතෝ භූමිජස්ස සත්ථා සබ්බේසං යේව පුථුසමණබ්‍රාහ්මණානං මුද්ධානං මඤ්ඤේ ආහච්ච තිට්ඨතීති.

එතකොට ස්වාමීනී, මං ජයසේන රාජකුමාරයාට මෙය කිව්වා. ‘පින්වත් රාජකුමාරය, ඔය කාරණාව මං බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නම් අසලා නෑ. උන්වහන්සේ ඉදිරියෙහි පිළිඅරගෙනත් නෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය පිළිබඳව මෙවැනි දෙයක් වදාරණ සේක්ය කියන කරුණ නම් වෙන්නට පුළුවනි. ඒ කියන්නේ ‘ආශා කරලා වුනත් බඹසර හැසිරෙන්නේ නුවණින් තොරව නම්, ප්‍රතිඵලයක් උපද්දවන්නට බැහැ. ඒ වගේම ආශා නොකොට වුනත් ….(පෙ)…. ආශා නොකළත්, නොකළේ නැතත් බඹසර හැසිරෙන්නේ නුවණින් තොරව නම්, ප්‍රතිඵලයක් උපද්දවන්නට බැහැ’ කියලා.

‘ඒ වගේම ආශාවෙන් වුනත් බඹසර හැසිරෙන්නේ නුවණින් යුක්තව නම්, ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්. ආශාවක් නැති වුනත් ….(පෙ)…. ආශාවක් නොතිබුනත්, නොතිබුනේ නැතත් බඹසර හැසිරෙන්නේ නුවණින් යුක්තව නම්, ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්’ කියලා.

පින්වත් රාජකුමාරය, ඔය කාරණය ගැන භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි මං කිසිවක් අහලා නෑ. කිසිවක් පිළිඅරගෙනත් නෑ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහේ පිළිතුරක් දෙන්නට පුළුවන්ය කියන කාරණය නම් වෙන්නට පුළුවනි’ කියල කිව්වා. එතකොට ස්වාමීනී, ජයසේන කුමාරයා මෙහෙම කිව්වා. ‘ඉදින් භවත් භූමිජයන් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ ඔය විදිහේ කරුණු පවසන සේක් නම්, ඔය විදිහේ දහමක් කියන සේක් නම්, ඒකාන්තයෙන්ම භවත් භූමිජයන්ගේ ශාස්තෘන් වහන්සේ සෑම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ගේම හිස් මුදුන මැඬගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නේ’ කියලා.

කච්චි භන්තේ, ඒවං පුට්ඨෝ ඒවං ව්‍යාකරමානෝ වුත්තවාදී චේව භගවතෝ හෝමි, න ච භගවන්තං අභූතේන අබ්භාචික්ඛාමි. ධම්මස්ස චානුධම්මං ව්‍යාකරෝමි. න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරය්හං ඨානං ආගච්ඡතීති.

ස්වාමීනී, ඔය විදිහට ඇසූ වේලේ ඔය විදිහට පිළිතුරු දුන්නාම, මා පැවසුවේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක්මද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනාවක් නොවෙන දෙයක්මද? ධර්මයට අනුකූල වූ දෙයක්ම කිව්වා වෙනවාද? කරුණු සහිතව දහම් කරුණු ඉදිරිපත් කොට ගැරහිය යුතු තැනට පත් නොවුනාද?”

තග්ඝ ත්වං භූමිජ, ඒවං පුට්ඨෝ ඒවං ව්‍යාකරමානෝ වුත්තවාදී චේව මේ හෝසි, න ච මං අභූතේන අබ්භාචික්ඛසි, ධම්මස්ස චානුධම්මං ව්‍යාකරෝසි. න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගාරය්හං ඨානං ආගච්ඡති.

“පින්වත් භූමිජ, ඒකාන්තයෙන්ම ඔබෙන් ඔය විදිහට ඇසූ වේලෙහි ඔබ පිළිතුරු දුන් විදිහත්, මා පවසන ආකාරයම යි. මට අභූතයෙන් චෝදනා වීමකුත් වෙලා නැහැ. ධර්මයට අනුකූල දෙයක්ම යි කියලා තියෙන්නේ. දහම් කරුණු ඉස්මතු කොට ගැරහිය යුතු තැනට පත්වෙලත් නෑ.

යේ හි කේචි භූමිජ, සමණා වා බ්‍රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනෝ මිච්ඡාසංකප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධිනෝ, තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම්, මිත්‍යා සංකල්පයෙන් යුක්ත නම්, මිත්‍යා වචනවලින් යුක්ත නම්, මිත්‍යා කර්මාන්තයෙන් යුක්ත නම්, මිත්‍යා ආජීවයෙන් යුක්ත නම්, මිත්‍යා උත්සාහයෙන් යුක්ත නම්, මිත්‍යා සිහියෙන් යුක්ත නම්, මිත්‍යා සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් නැතුව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් තිබුනත්, නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක නොවෙයි.

සෙය්‍යථාපි භූමිජ, පුරිසෝ තේලත්ථිකෝ තේලගවේසී තේලපරියේසනං චරමානෝ වාලිකං දෝණියා ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං පීළෙය්‍ය, ආසඤ්චේපි කරිත්වා වාලිකං දෝණියා ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං පීළෙය්‍ය, අභබ්බෝ තේලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා වාලිකං දෝණියා ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං පීළෙය්‍ය, අභබ්බෝ තේලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා වාලිකං දෝණියා ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං පීළෙය්‍ය, අභබ්බෝ තේලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා වාලිකං දෝණියා ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං පීළෙය්‍ය, අභබ්බෝ තේලස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, තේලස්ස අධිගමාය. ඒවමේව ඛෝ භූමිජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනෝ මිච්ඡාසංකප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධිනෝ, තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, ඕක මේ වගේ දෙයක්. තෙල්වලින් ප්‍රයෝජන ඇති, තෙල් සොයන, තෙල් සෙවීමෙහි හැසිරෙන පුද්ගලයෙක් ඉන්නවා. ඔහු භාජනයක වැලි දමා, දිය ඉස ඉස කොතරම් පොඩි කළත්, ආශාවෙන් යුක්තව පැසෙහි වැලි දමා, දිය ඉස ඉස මිරිකුවත් තෙල් ලබන්නට පුළුවන්කමක් නෑ. ආශාවක් නැතුව වුණත් පැසෙහි වැලි දමා, දිය ඉස ඉස මිරිකුවත් තෙල් ලබන්නට පුළුවන්කමක් නෑ. ආසාවක් ඇතත් නැතත් පැසෙහි වැලි දමා, දිය ඉස ඉස මිරිකුවත් තෙල් ලබන්නට පුළුවන්කමක් නෑ. ආශාවක් තිබුනේ නැතත්, නොතිබුනේ නැතත් පැසෙහි වැලි දමා, දිය ඉස ඉස මිරිකුවත් තෙල් ලබන්න පුළුවන්කමක් නෑ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, තෙල් උපදවාගැනීමට තියෙන ක්‍රමය ඕක නොවෙයි.

ඔය වගේ තමයි පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම්, මිත්‍යා සංකල්පයෙන් යුක්ත නම්, මිත්‍යා වචනවලින් යුක්ත නම්, මිත්‍යා කර්මාන්තයෙන් යුක්ත නම්, මිත්‍යා ආජීවයෙන් යුක්ත නම්, මිත්‍යා උත්සාහයෙන් යුක්ත නම්, මිත්‍යා සිහියෙන් යුක්ත නම්, මිත්‍යා සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් නැතුව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් තිබුනත්, නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක නොවෙයි.

සෙය්‍යථාපි භූමිජ, පුරිසෝ ඛීරත්ථිකෝ ඛීරගවේසී ඛීරපරියේසනං චරමානෝ ගාවිං තරුණවච්ඡං විසාණතෝ ආවිඤ්ජෙය්‍ය. ආසඤ්චේපි කරිත්වා ගාවිං තරුණවච්ඡං විසාණතෝ ආවිඤ්ජෙය්‍ය, අභබ්බෝ ඛීරස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා ගාවිං තරුණවච්ඡං විසාණතෝ ආවිඤ්ජෙය්‍ය, අභබ්බෝ ඛීරස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, ඛීරස්ස අධිගමාය. ඒවමේව ඛෝ භූමිජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනෝ ….(පෙ)…. මිච්ඡාසමාධිනෝ තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති. අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, ඕක මේ වගේ දෙයක්. කිරිවලින් ප්‍රයෝජන ඇති, කිරි සොයන, කිරි සොයමින් යන පුරුෂයෙක් ඉන්නවා. ඔහු වසු පැටියෙකු ඉන්න ගවදෙනක් ළඟට යනවා. ගිහින් අඟින් අදිනවා. ඉතින් ඔහු වසු පැටවෙකු ඉන්න ගවදෙනක් ළඟට ගිහින් ආශාවෙන් යුක්තව අඟින් ඇද්දත්, කිරි ලබා ගන්නට පුළුවන් කමක් නෑ. ආශාවක් නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනත් නැතත් ….(පෙ)…. ආශාවක් නැතත්, නැත්තේ නැතත් වසු පැටවෙකු ඉන්න ගවදෙනක් ළඟට ගිහින් අඟින් ඇද්දත්, කිරි ලබාගන්නට පුළුවන් කමක් නෑ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, කිරි ලබාගන්න ක්‍රමය ඕක නොවෙයි.

ඔය වගේ තමයි පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම්, ….(පෙ)…. මිත්‍යා සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් නැතුව ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුණේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක නොවෙයි.

සෙය්‍යථාපි භූමිජ, පුරිසෝ නෝනීතත්ථිකෝ නෝනීතගවේසී නෝනීතපරියේසනං චරමානෝ උදකං කලසේ ආසිඤ්චිත්වා මන්ථේන ආවිඤ්ජෙය්‍ය, ආසඤ්චේපි කරිත්වා උදකං කලසේ ආසිඤ්චිත්වා මන්ථේන ආවිඤ්ජෙය්‍ය, අභබ්බෝ නෝනීතස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා උදකං කලසේ ආසිඤ්චිත්වා මන්ථේන ආවිඤ්ජෙය්‍ය, අභබ්බෝ නෝනීතස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, නෝනීතස්ස අධිගමාය. ඒවමේව ඛෝ භූමිජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනෝ ….(පෙ)…. මිච්ඡාසමාධිනෝ. තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, ඕක මේ වගේ දෙයක්. ගිතෙල්වලින් ප්‍රයෝජන ඇති, ගිතෙල් සොයන, ගිතෙල් සොයමින් සිටින පුද්ගලයෙක් ඉන්නවා. ඔහු භාජනයක වතුර දමා ගිතෙල් මඬින දණ්ඩෙන් කොතරම් කැලැත්තුවත්, ආශාවෙන් යුක්තව බඳුනෙහි වතුර දමා ගිතෙල් මඬින දණ්ඩෙන් කොතරම් කැලැත්තුවත් ගිතෙල් ලබන්නට පුළුවන්කමක් නැහැ. ආශාවක් නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඳුනෙහි වතුර දමා ගිතෙල් මඬින දණ්ඩෙන් කොතරම් කැලැත්තුවත් ගිතෙල් ලබන්නට පුළුවන්කමක් නැහැ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ගිතෙල් උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක නොවෙයි.

ඔය වගේ තමයි පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම්, ….(පෙ)…. මිත්‍යා සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් නැතුව ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක නොවෙයි.

සෙය්‍යථාපි භූමිජ, පුරිසෝ අග්ගත්ථිකෝ අග්ගිගවේසී අග්ගිපරියේසනං චරමානෝ අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්‍ය, ආසඤ්චේපි කරිත්වා අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්‍ය, අභබ්බෝ අග්ගිස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා අල්ලං කට්ඨං සස්නේහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්‍ය, අභබ්බෝ අග්ගිස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, අග්ගිස්ස අධිගමාය. ඒවමේව ඛෝ භූමිජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනෝ ….(පෙ)…. මිච්ඡාසමාධිනෝ, තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)….ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: අයෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, ඕක මේ වගේ දෙයක්. ගින්දරෙන් ප්‍රයෝජන ඇති, ගින්දර සොයන, ගින්දර සොයමින් සිටින පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තෙත දර කැබැල්ලක් ගෙන ගිනි ගානා දණ්ඬේ කොතරම් ඇතිල්ලුවත්, ආශාවෙන් යුක්තව තෙත දර කඩ ගිනි ගානා දණ්ඬේ ඇතිල්ලුවත් ගිනි උපදවන්නට පුළුවන්කමක් නෑ. ආශාවක් නැතුව ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් තෙත දර කඩ ගිනි ගානා දණ්ඬේ ඇතිල්ලුවාට ගිනි උපදවන්නට පුළුවන්කමක් නෑ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ගිනි උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක නොවෙයි.

ඔය වගේ තමයි පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම්, ….(පෙ)…. මිත්‍යා සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. ආශාවක් නැතුව ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුණේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට බැහැ. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක නොවෙයි.

යේ ච ඛෝ කේචි භූමිජ, සමණා වා බ්‍රාහ්මණා වා සම්මාදිට්ඨිකා සම්මාසංකප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතී සම්මාසමාධිනෝ, තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, යහපත් දෘෂ්ටියෙන් යුක්ත නම්, යහපත් සංකල්පයෙන් යුක්ත නම්, යහපත් වචනවලින් යුක්ත නම්, යහපත් කර්මාන්තයෙන් යුක්ත නම්, යහපත් ආජීවයෙන් යුක්ත නම්, යහපත් උත්සාහයෙන් යුක්ත නම්, යහපත් සිහියෙන් යුක්ත නම්, යහපත් සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. අශාවක් නැතුව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. ආශාවක් තිබුනත්, නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක තමයි.

සෙය්‍යථාපි භූමිජ, පුරිසෝ තේලත්ථිකෝ තේලගවේසී තේලපරියේසනං චරමානෝ තිලපිට්ඨිං දෝණියා ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං පීළෙය්‍ය, ආසඤ්චේපි කරිත්වා තිලපිට්ඨිං දෝණියා ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං පීළෙය්‍ය, භබ්බෝ තේලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා තිලපිට්ඨිං දෝණියා ආකිරිත්වා උදකේන පරිප්ඵෝසකං පරිප්ඵෝසකං පීළෙය්‍ය, භබ්බෝ තේලස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, තේලස්ස අධිගමාය. ඒවමේව ඛෝ භූමිජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා සම්මාදිට්ඨිනෝ ….(පෙ)…. සම්මාසමාධිනෝ, තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති. භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, ඕක මේ වගේ දෙයක්. තෙල්වලින් ප්‍රයෝජන ඇති, තෙල් සොයන, තෙල් සෙවීමෙහි හැසිරෙන පුද්ගලයෙක් ඉන්නවා. ඔහු සෙක්කුවේ තල පිටි දමා, දිය ඉස ඉස මිරිකන විට, ආශාවෙන් යුක්තව සෙක්කුවේ තල පිටි දමා, දිය ඉස ඉස මිරිකුවත් තෙල් ලබන්නට පුළුවන්ම යි. ආශාවක් නැතුව වුනත් ….(පෙ)…. ආශාවක් ඇතත් නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නොතිබුනේ නැතත් සෙක්කුවේ තල පිටි දමා, දිය ඉස ඉස මිරිකන කොට තෙල් ලබන්නට පුළුවන්ම යි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, තෙල් උපදවාගැනීමට තියෙන ක්‍රමය ඕක තමයි.

ඔය වගේ තමයි පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, යහපත් දෘෂ්ටියෙන් යුක්ත නම්, ….(පෙ)…. යහපත් සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. ආශාවක් නැතුව ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක තමයි.

සෙය්‍යථාපි භූමිජ, පුරිසෝ ඛීරත්ථිකෝ ඛීරගවේසී ඛීරපරියේසනං චරමානෝ ගාවිං තරුණවච්ඡං ථනතෝ ආවිඤ්ජෙය්‍ය, ආසඤ්චේපි කරිත්වා ගාවිං තරුණවච්ඡං ථනතෝ ආවිඤ්ජෙය්‍ය, භබ්බෝ ඛීරස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා ගාවිං තරුණවච්ඡං ථනතෝ ආවිඤ්ජෙය්‍ය, භබ්බෝ ඛීරස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, ඛීරස්ස අධිගමාය. ඒවමේව ඛෝ භූමිජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා සම්මාදිට්ඨිනෝ ….(පෙ)…. සම්මාසමාධිනෝ, තේ ආසඤ්චේපි කරිත්වා ….(පෙ)…. බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, ඕක මේ වගේ දෙයක්. කිරිවලින් ප්‍රයෝජන ඇති, කිරි සොයන, කිරි සොයමින් යන පුරුෂයෙක් ඉන්නවා. ඔහු වසු පැටියෙකු ඉන්න ගවදෙනක් ළඟට යනවා. ගිහින් තන බුරුල්ලෙන් අදිනවා. ඉතින් ඔහු වසු පැටවෙකු ඉන්න ගවදෙනක් ළඟට ගිහින් ආශාවෙන් යුක්තව තන බුරුල්ලෙන් ඇද්දත්, කිරි ලබා ගන්නට පුළුවනි. ආශාවක් නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනත් නැතත් ….(පෙ)…. ආශාවක් නැතත්, නැත්තේ නැතත් වසු පැටවෙකු ඉන්න ගවදෙනක් ළඟට ගිහින් තන බුරුල්ලෙන් ඇද්දත්, කිරි ලබාගන්නට පුළුවනි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, කිරි ලබාගන්න ක්‍රමය ඕක තමයි.

ඔය වගේ තමයි පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, යහපත් දෘෂ්ටියෙන් යුක්ත නම්, ….(පෙ)…. යහපත් සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. ආශාවක් නැතුව ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක තමයි.

සෙය්‍යථාපි භූමිජ, පුරිසෝ නෝනීතත්ථිකෝ නෝනීතගවේසී නෝනීතපරියේසනං චරමානෝ දධිං කලසේ ආසිඤ්චිත්වා මන්ථේන ආවිඤ්ජෙය්‍ය, ආසඤ්චේපි කරිත්වා දධිං කලසේ ආසිඤ්චිත්වා මන්ථේන ආවිඤ්ජෙය්‍ය, භබ්බෝ නෝනීතස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා දධිං කලසේ ආසිඤ්චිත්වා මන්ථේන ආවිඤ්ජෙය්‍ය, භබ්බෝ නෝනීතස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, නෝනීතස්ස අධිගමාය. ඒවමේව ඛෝ භූමිජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා සම්මාදිට්ඨිනෝ ….(පෙ)…. සම්මාසමාධිනෝ, තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා ….(පෙ)…. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, ඕක මේ වගේ දෙයක්. ගිතෙල්වලින් ප්‍රයෝජන ඇති, ගිතෙල් සොයන, ගිතෙල් සොයමින් සිටින පුද්ගලයෙක් ඉන්නවා. ඔහු භාජනයක දීකිරි දමා ගිතෙල් මඬින දණ්ඩෙන් කලත්තන විට ආශාවෙන් යුක්තව වුනත් බඳුනෙහි දීකිරි දමා ගිතෙල් මඬින දණ්ඩෙන් කලත්තන විට ගිතෙල් ලබන්නට පුළුවනි. ආශාවක් නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඳුනෙහි දීකිරි දමා ගිතෙල් මඬින දණ්ඩෙන් කලත්තන විට ගිතෙල් ලබන්නට පුළුවනි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ගිතෙල් උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක තමයි.

ඔය වගේ තමයි පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, යහපත් දෘෂ්ටියෙන් යුක්ත නම්, ….(පෙ)…. යහපත් සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. ආශාවක් නැතුව ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක තමයි.

සෙය්‍යථාපි භූමිජ, පුරිසෝ අග්ගත්ථිකෝ අග්ගිගවේසී අග්ගිපරියේසනං චරමානෝ සුක්ඛං කට්ඨං කෝළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්‍ය, භබ්බෝ අග්ගිස්ස අධිගමාය. ආසඤ්චේපි කරිත්වා ….(පෙ)…. අනාසඤ්චේපි කරිත්වා සුක්ඛං කට්ඨං කෝළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්‍ය, භබ්බෝ අග්ගිස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා සුක්ඛං කට්ඨං කෝළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්‍ය, භබ්බෝ අග්ගිස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා සුක්ඛ කට්ඨං කෝළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්‍ය, භබ්බෝ අග්ගිස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, අග්ගිස්ස අධිගමාය. ඒවමේව ඛෝ භූමිජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා සම්මාදිට්ඨිනෝ ….(පෙ)…. සම්මාසමාධිනෝ, තේ ආසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. නේවාසං නානාසඤ්චේපි කරිත්වා බ්‍රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හේතු: යෝනි හේසා භූමිජ, ඵලස්ස අධිගමාය.

පින්වත් භූමිජ, ඕක මේ වගේ දෙයක්. ගින්දරෙන් ප්‍රයෝජන ඇති, ගින්දර සොයන, ගින්දර සොයමින් සිටින පුද්ගලයෙක් ඉන්නවා. ඔහු හොඳට වියළුණු, කොළපු දර කැබැල්ලක් ගෙන ගිනි ගානා දණ්ඬේ ඇතිල්ලුවොත්, ආශාවෙන් යුක්තව හොඳට වියළුණු, කොළපු දර කඩ ගිනි ගානා දණ්ඬේ ඇතිල්ලුවොත් ගිනි උපදවන්නට පුළුවනි. ආශාවක් නැතුව ….(පෙ)…. ආසාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුනේ නැතත්, නැත්තේ නැතත් වියලුණු, කොළපු දර කඩ ගිනි ගානා දණ්ඬේ ඇතිල්ලුවාම ගිනි උපදවන්නට පුළුවනි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ගිනි උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක තමයි.

ඔය වගේ තමයි පින්වත් භූමිජ, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, යහපත් දෘෂ්ටියෙන් යුක්ත නම්, ….(පෙ)…. යහපත් සමාධියෙන් යුක්ත නම්, ඔවුන් ආශාවෙන් යුක්තව බඹසර හැසිරුනත් ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. ආශාවක් නැතුව ….(පෙ)…. ආශාවක් තිබුනත්, නැතත් ….(පෙ)…. ආශාවක් තිබුණේ නැතත්, නැත්තේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදවන්නට පුළුවනි. එයට හේතුව කුමක්ද? පින්වත් භූමිජ, ප්‍රතිඵල උපදවා ගන්නට තියෙන ක්‍රමය ඕක තමයි.

සචේ ඛෝ තං භූමිජ, ජයසේනස්ස රාජකුමාරස්ස ඉමා චතස්සෝ උපමා පටිභායෙය්‍යුං, අනච්ඡරියං තේ ජයසේනෝ රාජකුමාරෝ පසීදෙය්‍ය. පසන්නෝ ච තේ පසන්නාකාරං කරෙය්‍යාති.

පින්වත් භූමිජ, ඉතින් ඔබ ජයසේන රාජකුමාරයාට ඔය උපමා සතර කිව්වා නම්, ජයසේන රාජකුමාරයා ඔබේ බණට පහදිනවාය කියන කරුණ, පැහැදිලා ප්‍රසන්න වූ ආකාරය පවත්වනවාය කියන කරුණ පුදුම දෙයක් නොවෙයි.”

කුතෝ පන මං භන්තේ, ජයසේනස්ස රාජකුමාරස්ස ඉමා චතස්සෝ උපමා පටිභාසිස්සන්ති. අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා, සෙය්‍යථාපි භගවන්තන්ති.

“අනේ ස්වාමීනී, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැටහෙන පරිද්දෙන් පෙර නොඇසූ විරූ ආශ්චර්යවත් වූ මේ උපමා සතර ජයසේන රාජකුමාරයාට කියන්නට මට කොහොම නම් පහළ වෙයිද?”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා භූමිජෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ ආයුෂ්මත් භූමිජයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

භූමිජසුත්තං ඡට්ඨං.

භූමිජ තෙරුන්ට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M