මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.1.6. ආනෙඤ්‌ජසප්‌පාය සුත්‌තං

3.1.6. ධ්‍යාන සමාපත්ති ආදියට උපකාරී වෙන කරුණු ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුරූසු විහරති කම්මාසදම්මං නාම කුරූනං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති, භදන්තෙති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ කුරු ජනපදයෙහි කම්මාස්සදම්ම නම් වූ කුරු රට වැසියන්ගේ නියම් ගමේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි”යි කියා භික්ෂුසංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්සැ”යි කියා ඒ භික්ෂූන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙම ධර්ම දේශනය වදාළා.

අනිච්චා භික්ඛවේ, කාමා තුච්ඡා මුසා මෝසධම්මා. මායාකතමේතං භික්ඛවේ, බාලලාපනං. යේ ච දිට්ඨධම්මිකා කාමා, යේ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා, යා ච සම්පරායිකා කාමසඤ්ඤා, උභයමේතං මාරධෙය්‍යං, මාරස්සේසවිසයෝ, මාරස්සේසනිවාපෝ, මාරස්සේසගෝචරෝ. එත්ථේතේ පාපකා අකුසලා මානසා අභිජ්ඣාපි බ්‍යාපාදාපි සාරම්භාපි සංවත්තන්ති. තේව අරියසාවකස්ස ඉධමනුසික්ඛතෝ අන්තරායාය සම්භවන්ති.

“පින්වත් මහණෙනි, කාමයන් අනිත්‍යයි. තුච්ඡයි. නැසී වැනසී යන ස්වභාවයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, සිත රවටන දෙයිනුයි සකස් වෙලා තියෙන්නෙ. අඥාන පුද්ගලයන්ට අගේට ගැලපී යනවා. මේ ජීවිතයේදී අත්විඳින යම් පංච කාමයක් ඇද්ද, පරලොවදී අත්විඳින යම් පංච කාමයක් ඇද්ද, මේ ජීවිතයේදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, මේ දෙපැත්තම අයිති වන්නේ මාරයාගේ ලෝකයටයි; මාරයාගේ විෂයටයි; මාරයාගේ වාසස්ථානයටයි. මාරයාගේ ගොදුරටයි. ඔය කාමයන් මෙනෙහි කිරීම තුළ තමයි අනුන්ගේ දෙයට ආශා කිරීම නම් වූ අභිධ්‍යාවත්, ද්වේෂ කිරීම නම් වූ ව්‍යාපාදයත්, එකට එක කිරීම නම් වූ සාරම්භයත් පවතින්නේ. මේ සසුන තුළ ධර්ම මාර්ගයෙහි හික්මෙන ආර්ය ශ්‍රාවකයාට විපත්තිය පිණිස හටගන්නෙත් ඔය අකුසල්මයි.

තත්‍ර භික්ඛවේ අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේ ච දිට්ඨධම්මිකා කාමා යේ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, උභයමේතං මාරධෙය්‍යං. මාරස්සේසවිසයෝ, මාරස්සේසනිවාපෝ, මාරස්සේසගෝචරෝ. එත්ථේතේ පාපකා අකුසලා මානසා අභිජ්ඣාපි බ්‍යාපාදාපි සාරම්භාපි සංවත්තන්ති. තේව අරියසාවකස්ස ඉධමනුසික්ඛතෝ අන්තරායාය සම්භවන්ති. යන්නූනාහං විපුලේන මහග්ගතේන චේතසා විහරෙය්‍යං අභිභුය්‍ය ලෝකං අධිට්ඨාය මනසා. විපුලේන හි මේ මහග්ගතේන චේතසා විහරතෝ අභිභුය්‍ය ලෝකං අධිට්ඨාය මනසා. යේ පාපකා අකුසලා මානසා අභිජ්ඣාපි බ්‍යාපාදාපි සාරම්භාපි, තේ න භවිස්සන්ති. තේසං පහානා අපරිත්තඤ්ච මේ චිත්තං භවිස්සති, අප්පමාණං සුභාවිත’න්ති. තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනෝ ආයතනේ චිත්තං පසීදති. සම්පසාදේ සති ඒතරහි වා ආනෙඤ්ජං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භේදා පරම්මරණා ඨානමේතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආනෙඤ්ජූපගං. අයං භික්ඛවේ, පඨමා ආනෙඤ්ජසප්පායා පටිපදා අක්ඛායති.

එනිසා පින්වත් මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා නුවණින් මෙනෙහි කරන්නේ මෙහෙමයි. ‘මේ ජීවිතයේදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, පරලොවදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, මේ ජීවිතයේදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, මේ දෙපැත්තම අයිති වන්නේ මාරයාගේ ලෝකයටයි; මාරයාගේ විෂයටයි; මාරයාගේ වාසස්ථානයටයි; මාරයාගේ ගොදුරටයි. ඔය කාමයන් මෙනෙහි කිරීම තුළ තමයි අනුන්ගේ දෙයට ආශා කිරීම නම් වූ අභිධ්‍යාවත්, ද්වේෂ කිරීම නම් වූ ව්‍යාපාදයත්, එකට එක කිරීම නම් වූ සාරම්භයත් පවතින්නේ. මේ සසුන තුළ ධර්ම මාර්ගයෙහි හික්මෙන ආර්ය ශ්‍රාවකයාට විපත්තිය පිණිස හටගන්නෙත් ඔය අකුසල්මයි. ඒ නිසා මං පංචකාම ලෝකය සිතෙන් මැඬලන්නට ඕන. සමාධිය තුළ අධිෂ්ඨානය බලවත් කරන්නට ඕන. මහත් වූ, උදාර බවට පත් වූ සිතක් ඇතිකරගන්නට ඕන. එතකොට මං පංච කාම ලෝකය සිතෙන් මැඬලා, සමාධිය තුළ අධිෂ්ඨානය බලවත් කරලා, මහත් වූ, උදාර වූ සිතක් ඇතිව ඉන්න කොට ලෝභයත්, ද්වේෂයත්, එකට එක කිරීමත් ආදී යම් පාපී අකුසල් ඇද්ද, ඒවා ඇතිවෙන්නේ නෑ. ඉතින් එතකොට ඒ අකුසල් නැතිවීම නිසා මගේ සිත පටු නොවන ස්වභාවයෙන් යුක්තව, අප්‍රමාණ වූ ගුණයෙන් මනාකොට වැඩී යාවි.’

ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව, එයම බහුල වශයෙන් කරමින් වාසය කරන කොට සිත පහදින්නේ සමාධි සමාපත්ති ආදී දේ කෙරෙහිමයි. ඒ චිත්තප්‍රසාදය තියෙන කොට මේ ජීවිතයේදීම ධ්‍යාන සමාපත්ති දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් අරහත්වයට හෝ පත්වෙනවා. කය බිඳී මරණින් මතු වුවත් මෙය සිදුවන්නට පුළුවනි. ඒ කියන්නේ ඒ භික්ෂුවගේ උපතක් පිණිස සකස් වන විඤ්ඤාණය ධ්‍යාන සමාපත්ති තුළ පිහිටනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ධ්‍යාන සමාපත්ති ආදියට හිතකර වූ පළමු වන ප්‍රතිපදාව කියලයි.

පුන ච පරං භික්ඛවේ, අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේ ච දිට්ඨධම්මිකා කාමා යේ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, යං කිඤ්චි රූපං චත්තාරි ච මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං රූප’න්ති. තස්ස ඒවංපටිපන්නස්ස තබ්බහුලවිහාරිනෝ ආයතනේ චිත්තං පසීදති. සම්පසාදේ සති ඒතරහි වා ආනෙඤ්ජං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භේදා පරම්මරණා ඨානමේතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආනෙඤ්ජූපගං. අයං භික්ඛවේ, දුතියා ආනෙඤ්ජසප්පායා පටිපදා අක්ඛායති.

පින්වත් මහණෙනි, ආයෙමත් වෙන දෙයක් කියන්නම්. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් මෙනෙහි කරනවා. ‘මේ ජීවිතයේදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, පරලොවදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, මේ ජීවිතයේ දී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, එහි තිබෙන යම්කිසි රූපයක් ඇද්ද, ඒ සෑම රූපයකම තියෙන්නේ සතර මහා ධාතුත්, සතර මහා ධාතූන් නිසා පවතින රූපත් විතරයි’ කියලා.

ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව, එයම බහුල වශයෙන් කරමින් වාසය කරන කොට සිත පහදින්නේ සමාධි සමාපත්ති ආදී දේ කෙරෙහිමයි. ඒ චිත්තප්‍රසාදය තියෙන කොට මේ ජීවිතයේදීම ධ්‍යාන සමාපත්ති දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් අරහත්වයට හෝ පත්වෙනවා. කය බිඳී මරණින් මතු වුවත් මෙය සිදුවන්නට පුළුවනි. ඒ කියන්නේ ඒ භික්ෂුවගේ උපතක් පිණිස සකස් වන විඤ්ඤාණය ධ්‍යාන සමාපත්ති තුළ පිහිටනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ධ්‍යාන සමාපත්ති ආදියට හිතකර වූ දෙවන ප්‍රතිපදාව කියලයි.

පුන ච පරං භික්ඛවේ, අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේ ච දිට්ඨධම්මිකා කාමා, යේ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, යේ ච දිට්ඨධම්මිකා රූපා, යේ ච සම්පරායිකා රූපා, යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා යා ච සම්පරායිකා රූපසඤ්ඤා උභයමේතං අනිච්චං යදනිච්චං තං නාලං අභිනන්දිතුං, නාලං අභිවදිතුං, නාලං අජ්ඣෝසිතු’න්ති. තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනෝ ආයතනේ චිත්තං පසීදති. සම්පසාදේ සති ඒතරහි වා ආනෙඤ්ජං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භේදා පරම්මරණා ඨානමේතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආනෙඤ්ජූපගං. අයං භික්ඛවේ, තතියා ආනෙඤ්ජසප්පායා පටිපදා අක්ඛායති.

පින්වත් මහණෙනි, ආයෙමත් වෙන දෙයක් කියන්නම්. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් මෙනෙහි කරනවා. ‘මේ ජීවිතයේදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, පරලොවදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, මේ ජීවිතයේදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, මෙලොව තිබෙන යම් රූප ඇද්ද, පරලොව තිබෙන යම් රූප ඇද්ද, මෙලොවදී හඳුනාගන්නා යම් රූප ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් රූප ඇද්ද, ඔය දෙලොවම ඇති රූප අනිත්‍යයි. යමක් අනිත්‍ය නම්, එය සතුටින් පිළිගන්න සුදුසු දෙයක් නොවෙයි. ඒ ගැන මහා ඉහළින් වර්ණනා කරන්නට දෙයක් නෑ. ඒ වගේම එය මමය, මාගේය කියා බැසගන්නට සුදුසු දෙයකුත් නොවෙයි’ කියලා.

ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව, එයම බහුල වශයෙන් කරමින් වාසය කරන කොට සිත පහදින්නේ සමාධි සමාපත්ති ආදී දේ කෙරෙහිමයි. ඒ චිත්තප්‍රසාදය තියෙන කොට මේ ජීවිතයේදීම ධ්‍යාන සමාපත්ති දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් අරහත්වයට හෝ පත්වෙනවා. කය බිඳී මරණින් මතු වුවත් මෙය සිදුවන්නට පුළුවනි. ඒ කියන්නේ ඒ භික්ෂුවගේ උපතක් පිණිස සකස් වන විඤ්ඤාණය ධ්‍යාන සමාපත්ති තුළ පිහිටනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ධ්‍යාන සමාපත්ති ආදියට හිතකර වූ තුන්වන ප්‍රතිපදාව කියලයි.

පුන ච පරං භික්ඛවේ, අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේ ච දිට්ඨධම්මිකා කාමා යේ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, යේ ච දිට්ඨධම්මිකා රූපා යේ ච සම්පරායිකා රූපා, යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා යා ච සම්පරායිකා රූපසඤ්ඤා, යා ච ආනෙඤ්ජසඤ්ඤා, සබ්බා සඤ්ඤා යත්ථේතා අපරිසේසා නිරුජ්ඣන්ති. ඒතං සන්තං ඒතං පණීතං යදිදං ආකිඤ්චඤ්ඤායතන’න්ති. තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනෝ ආයතනේ චිත්තං පසීදති. සම්පසාදේ සති ඒතරහි වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජති. පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භේදා පරම්මරණා ඨානමේතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආකිඤ්චඤ්ඤායතනූපගං. අයං භික්ඛවේ, පඨමා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායති.

පින්වත් මහණෙනි, ආයෙමත් වෙන දෙයක් කියන්නම්. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් මෙනෙහි කරනවා. ‘මේ ජීවිතයේදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, පරලොවදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, මේ ජීවිතයේ දී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, මෙලොව තිබෙන යම් රූප ඇද්ද, පරලොව තිබෙන යම් රූප ඇද්ද, මෙලොවදී හඳුනා ගන්නා යම් රූප ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් රූප ඇද්ද, ඒ වගේම යම් රූප ධ්‍යාන සඤ්ඤාවක් ඇද්ද, ඒ සෑම සඤ්ඤාවක්ම යම් සමාපත්තියකදී ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා නම්, එය තමයි ශාන්ත; එය තමයි ප්‍රණීත. ඒ කියන්නේ, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියයි.

ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව, එයම බහුල වශයෙන් කරමින් වාසය කරන කොට සිත පහදින්නේ අරූප සමාපත්ති ආදී දේ කෙරෙහිමයි. ඒ චිත්තප්‍රසාදය තියෙන කොට මේ ජීවිතයේදීම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් අරහත්වයට හෝ පත්වෙනවා. කය බිඳී මරණින් මතු වුවත් මෙය සිදුවන්නට පුළුවනි. ඒ කියන්නේ ඒ භික්ෂුවගේ උපතක් පිණිස සකස් වන විඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතනය තුළ පිහිටනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හිතකර වූ පළමු වෙනි ප්‍රතිපදාව කියලයි.

පුන ච පරං භික්ඛවේ, අරියසාවකෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසඤ්චික්ඛති: සුඤ්ඤමිදං අත්තේන වා අත්තනියේන වා’ති. තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනෝ ආයතනේ චිත්තං පසීදති. සම්පසාදේ සති ඒතරහි වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භේදා පරම්මරණා ඨානමේතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආකිඤ්චඤ්ඤායතනූපගං. අයං භික්ඛවේ, දුතියා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායති.

පින්වත් මහණෙනි, ආයෙමත් වෙන දෙයක් කියන්නම්. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා එක්කො අරණ්‍ය සේනාසනයකට යනවා. එහෙම නැත්නම් රුක් සෙවනකට හෝ පාළු ස්ථානයකට හෝ යනවා. ගිහින් නුවණින් මෙනෙහි කරන්නේ මෙහෙමයි. ‘මේ පංච උපාදානස්කන්ධය තමාගේ වසඟයේ පවත්වා ගත හැකි දෙයින් හිස්ව තියෙන්නේ. තමාගේ වසඟයේ පවත්වා ගත හැකි දෙයකට අයිති නෑ’ කියලා.

ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව, එයම බහුල වශයෙන් කරමින් වාසය කරන කොට සිත පහදින්නේ අරූප සමාපත්ති ආදී දේ කෙරෙහිමයි. ඒ චිත්තප්‍රසාදය තියෙන කොට මේ ජීවිතයේදීම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් අරහත්වයට හෝ පත්වෙනවා. කය බිඳී මරණින් මතු වුවත් මෙය සිදුවන්නට පුළුවනි. ඒ කියන්නේ ඒ භික්ෂුවගේ උපතක් පිණිස සකස් වන විඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතනය තුළ පිහිටනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හිතකර වූ දෙවෙනි ප්‍රතිපදාව කියලයි.

පුන ච පරං භික්ඛවේ, අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: නාහං ක්වචනි කස්සචි කිඤ්චනත්තස්මිං, න ච මම ක්වචනි කිස්මිචි කිඤ්චනතත්ථී’ති. තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනෝ ආයතනේ චිත්තං පසීදති. සම්පසාදේ සති ඒතරහි වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භේදා පරම්මරණා ඨානමේතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආකිඤ්චඤ්ඤායතනූපගං. අයං භික්ඛවේ, තතියා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායති.

පින්වත් මහණෙනි, ආයෙමත් වෙන දෙයක් කියන්නම්. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා නුවණින් මෙනෙහි කරන්නේ මෙහෙමයි. ‘මම මේ ජීවිතයේ කිසි දෙයකට බැඳෙන කෙනෙක් වෙන්නෙ නෑ. ඒ වගේම කිසි කෙනෙකුට කරදර කරන කෙනෙක් වෙන්නෙත් නෑ. කිසි තැනක මාගේ කෙලෙස් පවත්වන්නෙත් නෑ. ඒ වගේම කිසි තැනකට බැඳෙන්නෙත් නෑ’ කියලා.

ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව, එයම බහුල වශයෙන් කරමින් වාසය කරන කොට සිත පහදින්නේ අරූප සමාපත්ති ආදී දේ කෙරෙහිමයි. ඒ චිත්තප්‍රසාදය තියෙන කොට මේ ජීවිතයේදීම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් අරහත්වයට හෝ පත්වෙනවා. කය බිඳී මරණින් මතු වුවත් මෙය සිදුවන්නට පුළුවනි. ඒ කියන්නේ ඒ භික්ෂුවගේ උපතක් පිණිස සකස් වන විඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතනය තුළ පිහිටනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හිතකර වූ තුන්වෙනි ප්‍රතිපදාව කියලයි.

පුන ච පරං භික්ඛවේ, අරියසාවකෝ ඉති පටිසඤ්චික්ඛති: යේ ච දිට්ඨධම්මිකා කාමා යේ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, යේ ච දිට්ඨධම්මිකා රූපා යේ ච සම්පරායිකා රූපා, යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා යා ච සම්පරායිකා රූපසඤ්ඤා, යා ච ආනෙඤ්ජසඤ්ඤා, යා ච ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා, සබ්බා සඤ්ඤා යත්ථේතා අපරිසේසා නිරුජ්ඣන්ති. ඒතං සන්තං ඒතං පණීතං යදිදං නේවසඤ්ඤානාසඤ්ඤායතන’න්ති. තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනෝ ආයතනේ චිත්තං පසීදති. සම්පසාදේ සති ඒතරහි වා නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භේදා පරම්මරණා ඨානමේතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස නේවසඤ්ඤානාසඤ්ඤායතනූපගං. අයං භික්ඛවේ, නේවසඤ්ඤානාසඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායතී’ති.

පින්වත් මහණෙනි, ආයෙමත් වෙන දෙයක් කියන්නම්. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් මෙනෙහි කරනවා. ‘මේ ජීවිතයේදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, පරලොවදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, මේ ජීවිතයේදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, මෙලොව තිබෙන යම් රූප ඇද්ද, පරලොව තිබෙන යම් රූප ඇද්ද, මෙලොවදී හඳුනාගන්නා යම් රූප ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් රූප ඇද්ද, ඒ වගේම යම් රූප ධ්‍යාන සඤ්ඤාවක් ඇද්ද, ඒ වගේම යම් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවක් ඇද්ද, ඒ සෑම සඤ්ඤාවක්ම යම් සමාපත්තියකදී ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා නම්, එය තමයි ශාන්ත; එය තමයි ප්‍රණීත. ඒ කියන්නේ, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියයි.

ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව, එයම බහුල වශයෙන් කරමින් වාසය කරන කොට සිත පහදින්නේ අරූප සමාපත්ති ආදී දේ කෙරෙහිමයි. ඒ චිත්තප්‍රසාදය තියෙන කොට මේ ජීවිතයේදීම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය දියුණු කරගන්නවා. ප්‍රඥාවෙන් අරහත්වයට හෝ පත්වෙනවා. කය බිඳී මරණින් මතු වුවත් මෙය සිදුවන්නට පුළුවනි. ඒ කියන්නේ ඒ භික්ෂුවගේ උපතක් පිණිස සකස් වන විඤ්ඤාණය නේවසඤ්ඤානාසඤ්ඤායතනය තුළ පිහිටනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට හිතකර වූ ප්‍රතිපදාව කියලයි.”

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භවන්තං ඒතදවෝච: ‘ඉධ භන්තේ භික්ඛු ඒවං පටිපන්නෝ හෝති, නෝ චස්ස, නෝ ච මේ සියා න භවිස්සති, න මේ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමී’ති ඒවං උපෙක්ඛං පටිලභති. පරිනිබ්බායෙය්‍ය නු ඛෝ සෝ භන්තේ, භික්ඛු න වා පරිනිබ්බායෙය්‍යා’ති.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ඉතින් මේ ශාසනයේදී භික්ෂුව මේ විදිහටත් පිළිපදිනවා නම්, ඒ කියන්නේ ‘කලින් පවසන ලද ආකාරයෙන් මා විසින් කර්මයක් රැස්කොට නොතිබුනා නම්, මට එයට අනුව උපතක් සකස් වෙන්නෙත් නෑ. අනාගතයට කර්ම සකස් වීමක් නොවන්නේ නම්, අනාගතයේදී මට පංච උපාදානස්කන්ධයක් ඇතිවන්නේ නෑ. එනිසා සකස් වී තිබෙන යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද, මං ඒක දුරුකරනවා’ කියලා. ඔය විදිහට උපේක්ෂාව ලබනවා නම්, ස්වාමීනී, ඒ භික්ෂුව පිරිනිවන් පායිද? එහෙම නැත්නම් පිරිනිවන් පාන එකක් නැද්ද?”

අපෙත්ථේකච්චෝ ආනන්ද, භික්ඛු පරිනිබ්බායෙය්‍ය, අපෙත්ථේකච්චෝ භික්ඛු න පරිනිබ්බායෙය්‍යා’ති.

“පින්වත් ආනන්ද, ඔය කාරණයෙහිදී ඇතැම් භික්ෂුවක් පිරිනිවන් පාන්නට පුළුවනි. ඒ වගේම එහිලා ඇතැම් භික්ෂුවක් පිරිනිවන් නොපාන්නටත් පුළුවනි.”

කෝ නු ඛෝ භන්තේ හේතු, කෝ පච්චයෝ, යේනපෙත්ථේකච්චෝ භික්ඛු පරිනිබ්බායෙය්‍ය, අපෙත්ථේකච්චෝ භික්ඛු න පරිනිබ්බායෙය්‍යාති.

“ස්වාමීනී, යම් හෙයකින් මෙහිලා ඇතැම් භික්ෂුවක් පිරිනිවන් පානවා නම්, තවත් භික්ෂුවක් පිරිනිවන් පාන්නේ නැත්නම්, එයට හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”

ඉධානන්ද භික්ඛු ඒවං පටිපන්නෝ හෝති: ‘නෝ චස්ස, නෝ ච මේ සියා. න භවිස්සති. න මේ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමී’ති ඒවං උපෙක්ඛං පටිලභති. සෝ තං උපෙක්ඛං අභිනන්දති, අභිවදති, අජ්ඣෝසාය තිට්ඨති. තස්ස තං උපෙක්ඛං අභිනන්දතෝ අභිවදතෝ අජ්ඣෝසාය තිට්ඨතෝ තං නිස්සිතං හෝති විඤ්ඤාණං, තදුපාදානං. සඋපාදානෝ ආනන්ද, භික්ඛු න පරිනිබ්බායතී’ති.

“පින්වත් ආනන්ද, භික්ෂුවක් මේ විදිහට පිළිපදිනවා. ඒ කියන්නේ ‘කලින් පවසන ලද ආකාරයෙන් මා විසින් කර්මයක් රැස්කොට නොතිබුනා නම්, මට එයට අනුව උපතක් සකස් වෙන්නෙත් නෑ. අනාගතයට කර්ම සකස් වීමක් නොවන්නේ නම්, අනාගතයේදී මට පංච උපාදානස්කන්ධයක් ඇතිවන්නේ නෑ. එනිසා සකස් වී තිබෙන යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද, මං ඒක දුරුකරනවා’ කියලා. එතකොට ඔය අයුරින් උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඉතින් ඔහු ඒ උපේක්ෂාව සතුටින් පිළිගන්නවා. ඒ උපේක්ෂාව ගැන වර්ණනා කරනවා. ඒ උපේක්ෂාවෙහි සිත බැසගන්නවා. ඉතින් ඒ උපේක්ෂාව සතුටින් පිළිගන්නා වූ, වර්ණනා කරන්නා වූ, එහි බැසගන්නා වූ භික්ෂුවගේ විඤ්ඤාණය ඒ උපේක්ෂාව ඇසුරේ පවතිනවා. ඒ උපේක්ෂාව තමයි එතකොට උපාදානයක් වන්නේ. පින්වත් ආනන්ද, උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් පාන්නේ නෑ.”

‘කහම්පන සෝ භන්තේ, භික්ඛු උපාදියමානෝ උපාදියතී’ති.

“ස්වාමීනී, ඒ උපේක්ෂාව උපාදානය කරමින් සිටින භික්ෂුව උපත ලබන්නේ කොතැනද?”

නේවසඤ්ඤානාසඤ්ඤායතනං ආනන්දාති.

“පින්වත් ආනන්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයේයි.”

උපාදානසෙට්ඨං කිර සෝ භන්තේ, භික්ඛු උපාදියමානෝ උපාදියතී’ති.

“එහෙම නම් ස්වාමීනී, ඒ උපාදානය කරන භික්ෂුව උපාදාන කොට තිබෙන්නේ ශ්‍රේෂ්ඨ වූ උපාදානයක් නෙව.”

උපාදානසෙට්ඨං හි සෝ ආනන්ද, භික්ඛු උපාදියමානෝ උපාදියති. උපාදානසෙට්ඨං හේතං ආනන්ද, යදිදං නේවසඤ්ඤානාසඤ්ඤායතනං.

“පින්වත් ආනන්ද, ඒ උපාදානය කරන භික්ෂුව උපාදාන කොට තියෙන්නේ ශ්‍රේෂ්ඨ වූ උපාදානයක් තමයි. පින්වත් ආනන්ද, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයක් ඇද්ද, එය ශ්‍රේෂ්ඨ වූ උපාදානයක් තමයි.

ඉධානන්ද, භික්ඛු ඒවං පටිපන්නෝ හෝති: නෝ චස්ස, නෝ ච මේ සියා. න භවිස්සති. න මේ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමී’ති. ඒවං උපෙක්ඛං පටිලභති. සෝ තං උපෙක්ඛං නාභිනන්දති, නාභිවදති, නාජ්ඣෝසාය තිට්ඨති. තස්ස තං උපෙක්ඛං අනභිනන්දතෝ අනභිවදතෝ අනජ්ඣෝසාය තිට්ඨතෝ න තං නිස්සිතං හෝති විඤ්ඤාණං, න තදුපාදානං අනුපාදානෝ ආනන්ද, භික්ඛු පරිනිබ්බායතී’ති.

පින්වත් ආනන්ද, භික්ෂුව මේ විදිහටත් පිළිපදිනවා. ඒ කියන්නේ ‘කලින් පවසන ලද ආකාරයෙන් මා විසින් කර්මයක් රැස්කොට නොතිබුනා නම්, මට එයට අනුව උපතක් සකස් වෙන්නෙත් නෑ. අනාගතයට කර්ම සකස් වීමක් නොවන්නේ නම්, අනාගතයේදී මට පංච උපාදානස්කන්ධයක් ඇතිවන්නේ නෑ. එනිසා සකස් වී තිබෙන යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද, මං ඒක දුරුකරනවා’ කියලා. එතකොට ඔය අයුරින් උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඉතින් ඔහු ඒ උපේක්ෂාව සතුටින් පිළිගන්නෙ නෑ. ඒ උපේක්ෂාව ගැන වර්ණනා කරන්නෙ නෑ. ඒ උපේක්ෂාවෙහි සිත බැසගන්නෙ නෑ. ඉතින් ඒ උපේක්ෂාව සතුටින් නොපිළිගන්නා, වර්ණනා නොකරන, එහි නොබැසගන්නා භික්ෂුවගේ විඤ්ඤාණය ඒ උපේක්ෂාව ඇසුරේ පවතින්නේ නෑ. ඒ උපේක්ෂාව එතකොට උපාදානයක් වෙන්නේ නෑ. පින්වත් ආනන්ද, උපාදාන රහිත භික්ෂුව පිරිනිවන් පානවා.”

අච්ඡරියං භන්තේ! අබ්භුතං භන්තේ! නිස්සාය නිස්සාය කිර නෝ භන්තේ, භගවතා ඕඝස්ස නිත්ථරණා අක්ඛාතා. කතමෝ පන භන්තේ, අරියෝ විමොක්ඛෝති.

“ස්වාමීනී, ආශ්චර්යයයි! ස්වාමීනී, අද්භූතයි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ ධ්‍යාන සමාපත්ති ආදිය ඇසුරු කරමින් සසර සැඩ පහරෙන් එතෙර වන අයුරු හරි අගේට වදාළා. ස්වාමීනී, එතකොට ආර්ය විමෝක්ෂය කියන්නේ මොකක්ද?”

ඉධානන්ද, අරියසාවකෝ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: යේ ච දිට්ඨධම්මිකා කාමා, යේ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා, යා ච සම්පරායිකා කාමසඤ්ඤා යේ ච දිට්ඨධම්මිකා රූපා, යේ ච සම්පරායිකා රූපා, යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා, යා ච සම්පරායිකා රූපසඤ්ඤා, යා ච ආනෙඤ්ජසඤ්ඤා, යා ච ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා, යා ච නේවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා, ඒස සක්කායෝ, යාවතා සක්කායෝ, ඒතං අමතං යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛෝ.

“පින්වත් ආනන්ද, මෙහිලා ආර්ය ශ්‍රාවකයා මේ විදිහටත් නුවණින් මෙනෙහි කරනවා. ‘මේ ජීවිතයේදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, පරලොවදී අත්විඳින යම් පංචකාමයක් ඇද්ද, මේ ජීවිතයේදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් කාමයන් ඇද්ද, මෙලොව තිබෙන යම් රූප ඇද්ද, පරලොව තිබෙන යම් රූප ඇද්ද, මෙලොවදී හඳුනාගන්නා යම් රූප ඇද්ද, පරලොවදී හඳුනාගන්නා යම් රූප ඇද්ද, ඒ වගේම යම් රූප ධ්‍යාන සඤ්ඤාවක් ඇද්ද, ඒ වගේම යම් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවක් ඇද්ද, යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාවක් ඇද්ද, මෙහිලා යම්තාක් පංච උපාදානස්කන්ධයක් ඇද්ද, ඒ සෑම දෙයක්ම සක්කාය නම් වූ පංච උපාදානස්කන්ධයමයි. ඒ වගේම සිතේ උපාදාන රහිත වූ යම් විමෝක්ෂයක් ඇද්ද, ඒ තමයි අමෘතය’ කියලා.

ඉති ඛෝ ආනන්ද, දේසිතා මයා ආනෙඤ්ජසප්පායා පටිපදා, දේසිතා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා, දේසිතා නේවසඤ්ඤානාසඤ්ඤායතනසප්පායා පටිපදා, දේසිතා නිස්සාය නිස්සාය ඕඝස්ස නිත්ථරණා, දේසිතෝ අරියෝ විමොක්ඛෝ. යං ඛෝ ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. කතං වෝ තං මයා. ඒතානි ආනන්ද, රුක්ඛමූලානි, ඒතානි සුඤ්ඤාගාරානි, ඣායථ ආනන්ද, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ. අයං වෝ අම්හාකං අනුසාසනීති.

පින්වත් ආනන්ද, ඉතින් ඔය විදිහට දැන් මා විසින් ආනෙඤ්ජ නම් වූ රූප ධ්‍යාන ලබන්නට හිතකර වූ ප්‍රතිපදාවත් කියා දුන්නා. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලබන්නට හිතකර වූ ප්‍රතිපදාවත් කියා දුන්නා. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලබන්නට හිතකර වූ ප්‍රතිපදාවත් කියා දුන්නා. ඒ ඒ ධ්‍යාන සමාපත්ති ඇසුරෙන් සසර සැඩ පහරෙන් එතෙර වෙන හැටිත් කියා දුන්නා. ආර්ය විමෝක්ෂයත් කියා දුන්නා.

පින්වත් ආනන්ද, ශ්‍රාවකයින්ට හිතෛෂී වූ, අනුකම්පා සහගත වූ, ශාස්තෘන් වහන්සේ නමක් විසින් අනුකම්පාවෙන්ම යමක් කළ යුතු නම්, මා එය ඔබට කරලයි තියෙන්නේ. පින්වත් ආනන්ද, ඔය තියෙන්නේ රුක් සෙවන. ඔය තියෙන්නේ පාළු තැන්. පින්වත් ආනන්ද, භාවනා කරන්න. ප්‍රමාද වෙන්න එපා! ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන්න එපා! මෙය තමයි ඔබට අප විසින් කරනු ලබන අනුශාසනාව.”

ඉදමවෝච භගවා, අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ආනෙඤ්ජසප්පාය සුත්තං ඡට්ඨං.

ධ්‍යාන සමාපත්ති ආදියට උපකාරී වෙන කරුණු ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M