මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.1.10. චූළපුණ්‌ණම සුත්‌තං

3.1.10. පුන් පොහෝ දිනයේ වදාළ කුඩා දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමේ මිගාරමාතුපාසාදේ. තේන ඛෝ පන සමයේන භගවා තදහුපෝසථේ පණ්ණරසේ පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසංඝපරිවුතෝ අබ්භෝකාසේ නිසින්නෝ හෝති. අථ ඛෝ භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසංඝං අනුවිලෝකෙත්වා භික්ඛූ ආමන්තේසි:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පුන් පොහෝ දවසක, පුන් සඳ ඇති රාත්‍රියෙහි භික්ෂුසංඝයා පිරිවරාගෙන එළිමහනේ වැඩසිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඉතා නිශ්ශබ්දව වැඩහුන් භික්ෂුසංඝයා දෙස හාත්පස නෙත් විදහා බලා භික්ෂූන් අමතා වදාළා.

ජානෙය්‍ය නු ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසං, ‘අසප්පුරිසෝ අයං භව’න්ති.

“පින්වත් මහණෙනි, අසත්පුරුෂයාට ‘මේ භවතා අසත්පුරුෂයෙක්ය’ කියල අසත්පුරුෂයෙකුව හඳුනාගන්නට පුළුවන්ද?”

නෝ හේතං, භන්තේ.

“ස්වාමීනී, එය නොහැකි දෙයක්.”

සාධු භික්ඛවේ, අට්ඨානමේතං භික්ඛවේ, අනවකාසෝ යං අසප්පුරිසෝ අසප්පුරිසං ජානෙය්‍ය, ‘අසප්පුරිසෝ අයං භව’න්ති.

“ඉතා යහපති, පින්වත් මහණෙනි, අසත්පුරුෂයා ‘මේ භවතා අසත්පුරුෂයෙක්ය’ කියල අසත්පුරුෂයෙකුව හඳුනාගන්නවා යන යමක් ඇද්ද එය සිදු නොවිය හැකි දෙයක්. එහෙම වෙන්නට ඉඩක් නැහැ.”

ජානෙය්‍ය පන භික්ඛවේ, අසප්පුරිසෝ සප්පුරිසං, ‘සප්පුරිසෝ අයං භව’න්ති.

“පින්වත් මහණෙනි, අසත්පුරුෂයාට ‘මේ භවතා සත්පුරුෂයෙක්ය’ කියල සත්පුරුෂයෙකුව හඳුනාගන්නට පුළුවන්ද?”

නෝ හේතං, භන්තේ.

“ස්වාමීනී, එය නොහැකි දෙයක්.”

සාධු භික්ඛවේ, ඒතම්පි ඛෝ භික්ඛවේ, අට්ඨානං අනවකාසෝ, යං අසප්පුරිසෝ සප්පුරිසං ජානෙය්‍ය: ‘සප්පුරිසෝ අයං භව’න්ති.

“ඉතා යහපති, පින්වත් මහණෙනි, අසත්පුරුෂයා ‘මේ භවතා සත්පුරුෂයෙක් ය’ කියල සත්පුරුෂයෙකුව හඳුනාගන්නවා යන යමක් ඇද්ද එය සිදු නොවිය හැකි දෙයක්. එහෙම වෙන්නට ඉඩක් නැහැ.

අසප්පුරිසෝ භික්ඛවේ, අසද්ධම්මසමන්නාගතෝ හෝති, අසප්පුරිසභත්තී හෝති, අසප්පුරිසචින්තී හෝති, අසප්පුරිසමන්තී හෝති, අසප්පුරිසවාචෝ හෝති, අසප්පුරිසකම්මන්තෝ හෝති, අසප්පුරිසදිට්ඨී හෝති, අසප්පුරිසදානං දේති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ ගතිගුණවලින් යුක්තයි. අසත්පුරුෂ සේවනයෙන් යුක්තයි. ඒ වගේම අසත්පුරුෂ සිතුවිලියි සිතන්නේ. අසත්පුරුෂ සාකච්ඡාවන් තමයි කරන්නේ. අසත්පුරුෂ වචනයි කතා කරන්නේ. අසත්පුරුෂ කටයුතුයි කරන්නේ. ඒ වගේම අසත්පුරුෂ දැක්මෙන් යුක්තයි. අසත්පුරුෂ දන් දෙනවා.

කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසද්ධම්මසමන්නාගතෝ හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අස්සද්ධෝ හෝති, අහිරිකෝ හෝති, අනොත්තප්පී හෝති, අප්පස්සුතෝ හෝති, කුසීතෝ හෝති, මුට්ඨස්සති හෝති, දුප්පඤ්ඤෝ හෝති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා අසත්පුරුෂයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා නොගනියි. පව් කිරීමෙහි ලැජ්ජා රහිතයි. බිය රහිතයි. අල්ප දැනුමෙන් යුක්තයි. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීරිය නැති කුසීතයෙක්. සිහි මුලාවෙන් යුක්තයි. දුෂ්ප්‍රාඥයි.

‘ඒවං ඛෝ භික්ඛවේ අසප්පුරිසෝ අසද්ධම්මසමන්නාගතෝ හෝති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා ඔය ආකාරයෙනුයි අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්ත වන්නේ.

කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසභත්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසස්ස යේ තේ සමණබ්‍රාහ්මණා අස්සද්ධා අහිරිකා අනොත්තප්පිනෝ අප්පස්සුතා කුසීතා මුට්ඨස්සතිනෝ දුප්පඤ්ඤා, ත්‍යාස්ස මිත්තා හොන්ති තේ සහායා. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසභත්තී හෝති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ ආශ්‍රයෙන් යුතු වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ශ්‍රද්ධා රහිත නම්, පව් කිරීමෙහි ලැජ්ජා රහිත නම්, පව් කිරීමෙහි බිය රහිත නම්, අල්ප දැනුමෙන් යුක්ත නම්, කුසීත නම්, මුලා වූ සිහියෙන් යුක්ත නම්, දුෂ්ප්‍රාඥ නම් ඒ උදවිය තමයි අසත්පුරුෂයාගේ යහළුවන් වන්නේ. උදව්කාරයන් වන්නේ. පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ ආශ්‍රයෙන් යුක්ත වන්නේ ඔය විදිහටයි.

කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසචින්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අත්තව්‍යාබාධායපි චේතේති, පරව්‍යාබාධායපි චේතේති, උභයව්‍යාබාධායපි චේතේති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසචින්තී හෝති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ සිතුවිලි සිතන්නේ කොහොමද? පින්වත් මහණෙනි, අසත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේවලුත් හිතනවා. අනුන්ට විපත පිණිස පවතින දේවලුත් හිතනවා. දෙපක්ෂයට ම විපත පිණිස පවතින දේවලුත් හිතනවා. පින්වත් මහණෙනි, ඔය විදිහටයි අසත්පුරුෂයා අසත්පුරුෂ සිතුවිලි සිතන්නේ.

කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසමන්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අත්තව්‍යාබාධායපි මන්තේති, පරව්‍යාබාධායපි මන්තේති, උභයව්‍යාබාධායපි මන්තේති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසමන්තී හෝති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ සාකච්ඡා කරන්නේ කොහොමද? පින්වත් මහණෙනි, අසත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරනවා. අනුන්ට විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරනවා. දෙපක්ෂයට ම විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරනවා. පින්වත් මහණෙනි, ඔය විදිහටයි අසත්පුරුෂයා අසත්පුරුෂ සාකච්ඡා කරන්නේ.

කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසවාචෝ හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ මුසාවාදී හෝති. පිසුණාවාචෝ හෝති. ඵරුසවාචෝ හෝති. සම්ඵප්පලාපී හෝති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසවාචෝ හෝති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ වචනවලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා අසත්පුරුෂයා බොරු කියනවා. කේලාම් කියනවා. ඵරුෂ වචන කියනවා. හිස් වචන කියනවා. පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ බස් දොඩන්නේ ඔය ආකාරයටයි.

කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසකම්මන්තෝ හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ පාණාතිපාතී හෝති, අදින්නාදායී හෝති, කාමේසුමිච්ඡාචාරී හෝති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසකම්මන්තෝ හෝති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ කටයුතුවලින් යුතු වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා අසත්පුරුෂයා සතුන් මැරීමෙහි යුක්ත වේ. නුදුන් දේ ගැනීමෙහි යුක්ත වේ. කාම මිත්‍යාචාරයෙහි යෙදෙයි. පින්වත් මහණෙනි, ඔය විදිහටයි අසත්පුරුෂයා අසත්පුරුෂ කටයුතුවල යෙදෙන්නේ.

කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදිට්ඨී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ ඒවංදිට්ඨී හෝති: ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදිට්ඨී හෝති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයාගේ අසත්පුරුෂ දැක්ම පවතින්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා අසත්පුරුෂයා මෙබඳු ආකාරයේ දැක්මකින් යුතු වෙයි. ඒ කියන්නේ, ‘දුන් දෙයෙහි විපාක නැත. පුද පූජාවෙහි විපාක නැත. සේවයෙහි විපාක නැත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොව කියා දෙයක් නැත. පරලොව කියා දෙයක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයන් නැත. ලෝකයෙහි යහපත් මගෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මෙලොවත් පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට දේශනා කිරීමක් නැත’ කියලා. පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ දැක්මෙන් යුතු වන්නේ ඔය විදිහටයි.

කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදානං දේති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අසක්කච්චං දානං දේති, අසහත්ථා දානං දේති, අචිත්තීකත්වා දානං දේති, අපවිද්ධං දානං දේති, අනාගමනදිට්ඨිකෝ දානං දේති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදානං දේති.

පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ දන් දෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා අසත්පුරුෂයා දෙන්නන් වාලේ දන් දෙයි. සිය අතින් දන් නොදෙයි. ආදර ගෞරව රහිතව දන් දෙයි. අහක දමන අදහසින් දන් දෙයි. ‘තමා දෙන දානයෙහි විපාක නැවත තමාට ලැබේය’ යන අදහසින් තොරව දන් දෙයි. පින්වත් මහණෙනි, ඔය විදිහටයි අසත්පුරුෂයා අසත්පුරුෂ දන් දෙන්නේ.

ස ඛෝ සෝ භික්ඛවේ, අසප්පුරිසෝ ඒවං අසද්ධම්මසමන්නාගතෝ, ඒවං අසප්පුරිසභත්තී, ඒවං අසප්පුරිසචින්තී, ඒවං අසප්පුරිසමන්තී, ඒවං අසප්පුරිසවාචෝ, ඒවං අසප්පුරිසකම්මන්තෝ, ඒවං අසප්පුරිසදිට්ඨී, ඒවං අසප්පුරිසදානං දත්වා කායස්ස භේදා පරම්මරණා යා අසප්පුරිසානං ගති, තත්ථ උපපජ්ජති. කා ච භික්ඛවේ, අසප්පුරිසානං ගති, නිරයෝ වා තිරච්ඡානයෝනි වා.

පින්වත් මහණෙනි, ඔය අසත්පුරුෂයා මේ විදිහට අසත්පුරුෂ ගතිගුණවලින් යුක්තවෙලා, මේ විදිහට අසත්පුරුෂයන් ඇසුරු කරලා, මේ විදිහට අසත්පුරුෂ සිතුවිලි සිතලා, මේ විදිහට අසත්පුරුෂ සාකච්ඡාවන් කරලා, මේ විදිහට අසත්පුරුෂ වචන කියලා, මේ විදිහට අසත්පුරුෂ වැඩ කරලා, මේ විදිහට අසත්පුරුෂ දැක්මෙන් යුක්ත වෙලා, මේ විදිහට අසත්පුරුෂ දන් දීලා කය බිඳී මරණින් මතු යම් තැනක අසත්පුරුෂයන්ගේ උපතක් ඇද්ද, අන්න එතනයි උපදින්නේ. පින්වත් මහණෙනි, අසත්පුරුෂයන් උපදින්නේ කොහේද? එක්කෝ නිරයේ. එහෙම නැත්නම් තිරිසන් අපායේ.

ජානෙය්‍ය නු ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසං ‘සප්පුරිසෝ අයං භව’න්ති.

“පින්වත් මහණෙනි, සත්පුරුෂයාට ‘මේ භවතා සත්පුරුෂයෙක් ය’ කියල සත්පුරුෂයෙකුව හඳුනාගන්නට පුළුවන්ද?”

ඒවං භන්තේ.

“එසේය, ස්වාමීනී.”

සාධු භික්ඛවේ, ඨානමේතං භික්ඛවේ, විජ්ජති යං සප්පුරිසෝ සප්පුරිසං ජානෙය්‍ය ‘සප්පුරිසෝ අයං භව’න්ති.

“ඉතා යහපති, පින්වත් මහණෙනි, සත්පුරුෂයා ‘මේ භවතා සත්පුරුෂයෙක් ය’ කියල සත්පුරුෂයෙකුව හඳුනාගන්නවා යන යමක් ඇද්ද එය සිදුවිය හැකි දෙයක්.”

ජානෙය්‍ය පන භික්ඛවේ, සප්පුරිසෝ අසප්පුරිසං ‘අසප්පුරිසෝ අයං භව’න්ති.

“පින්වත් මහණෙනි, සත්පුරුෂයාට ‘මේ භවතා අසත්පුරුෂයෙක් ය’ කියල අසත්පුරුෂයෙකුව හඳුනාගන්නට පුළුවන්ද?”

ඒවං භන්තේ.

“එසේය, ස්වාමීනී.”

සාධු භික්ඛවේ, ඒතම්පි ඛෝ භික්ඛවේ, ඨානං විජ්ජති යං සප්පුරිසෝ අසප්පුරිසං ජානෙය්‍ය ‘අසප්පුරිසෝ අයං භව’න්ති.

“ඉතා යහපති, පින්වත් මහණෙනි, සත්පුරුෂයා ‘මේ භවතා අසත්පුරුෂයෙක් ය’ කියල අසත්පුරුෂයෙකුව හඳුනාගන්නවා යන යමක් ඇද්ද එය සිදුවිය හැකි දෙයක්.

සප්පුරිසෝ භික්ඛවේ, සද්ධම්මසමන්නාගතෝ හෝති, සප්පුරිසභත්තී හෝති, සප්පුරිසචින්තී හෝති, සප්පුරිසමන්තී හෝති, සප්පුරිසවාචෝ හෝති, සප්පුරිසකම්මන්තෝ හෝති, සප්පුරිසදිට්ඨී හෝති, සප්පුරිසදානං දේති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ගතිගුණවලින් යුක්තයි. සත්පුරුෂ සේවනයෙන් යුක්තයි. ඒ වගේම සත්පුරුෂ සිතුවිලියි සිතන්නේ. සත්පුරුෂ සාකච්ඡාවන් තමයි කරන්නේ. සත්පුරුෂ වචනයි කතා කරන්නේ. සත්පුරුෂ කටයුතුයි කරන්නේ. ඒ වගේම සත්පුරුෂ දැක්මෙන් යුක්තයි. සත්පුරුෂ දන් දෙනවා.

කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සද්ධම්මසමන්නාගතෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ සද්ධෝ හෝති, හිරිමා හෝති, ඔත්තප්පී හෝති, බහුස්සුතෝ හෝති, ආරද්ධවිරියෝ හෝති, උපට්ඨිතසතී හෝති, පඤ්ඤවා හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සද්ධම්මසමන්නාගතෝ හෝති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ගතිගුණ වලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගනියි. පව් කිරීමෙහි ලැජ්ජා වෙයි. පව් කිරීමෙහි බිය සහිතයි. බොහෝ දැනුමෙන් යුක්තයි. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට පටන් ගත් වීරියෙන් යුක්තයි. සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප්‍රඥාවන්තයි. පින්වත් මහණෙනි, සත්පුරුෂයා ඔය ආකාරයෙනුයි සත්පුරුෂ ගතිගුණවලින් යුක්ත වන්නේ.

කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසභත්තී හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසස්ස යේ තේ සමණබ්‍රාහ්මණා සද්ධා හිරිමන්තෝ ඔත්තප්පිනෝ බහුස්සුතා ආරද්ධවිරියා උපට්ඨිතසතිනෝ පඤ්ඤවන්තෝ, ත්‍යාස්ස මිත්තා හොන්ති තේ සහායා. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසභත්තී හෝති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ආශ්‍රයෙන් යුතු වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ශ්‍රද්ධාවෙන් යුක්ත නම්, පවට ලැජ්ජා ඇත්නම්, පවට බිය ඇත්නම්, බොහෝ දැනුමෙන් යුක්ත නම්, පටන් ගත් වීරියෙන් යුක්ත නම්, මනාව පිහිටුවා ගත් සිහියෙන් යුක්ත නම්, ප්‍රඥාවන්ත නම් ඒ උදවිය තමයි සත්පුරුෂයාගේ යහළුවන් වන්නේ. උදව්කාරයන් වන්නේ. පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ආශ්‍රයෙන් යුක්ත වන්නේ ඔය විදිහටයි.

කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසචින්තී හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ නේවත්තව්‍යාබාධාය චේතේති, න පරව්‍යාබාධාය චේතේති, න උභයව්‍යාබාධාය චේතේති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසචින්තී හෝති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ සිතුවිලි සිතන්නේ කොහොමද? පින්වත් මහණෙනි, සත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේවල් සිතන්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින දේවල් සිතන්නෙත් නෑ. දෙපක්ෂයට ම විපත පිණිස පවතින දේවල් සිතන්නෙත් නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ සිතුවිලි සිතන්නේ.

කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසමන්තී හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ නේවත්තව්‍යාබාධාය මන්තේති, න පරව්‍යාබාධාය මන්තේති, න උභයව්‍යාබාධාය මන්තේති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසමන්තී හෝති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡා කරන්නේ කොහොමද? පින්වත් මහණෙනි, සත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේවල් සාකච්ඡා කරන්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරන්නේ නෑ. දෙපක්ෂයට ම විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡා කරන්නේ.

කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසවාචෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුණාය වාචාය පටිවිරතෝ හෝති, ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති, සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසවාචෝ හෝති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ වචනවලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා බොරු කීමෙන් වැළකී සිටිනවා. කේලාම් කීමෙන් වැළකී සිටිනවා. ඵරුෂ වචන කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ බස් පවසන්නේ ඔය ආකාරයටයි.

කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසකම්මන්තෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසකම්මන්තෝ හෝති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුවලින් යුතු වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටිනවා. කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුවල යෙදෙන්නේ.

කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදිට්ඨී හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ ඒවංදිට්ඨී හෝති: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි අයං ලෝකෝ, අත්ථි පරෝ ලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදිට්ඨී හෝති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයාගේ සත්පුරුෂ දැක්ම පවතින්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා මෙබඳු ආකාරයේ දැක්මකින් යුතු වෙයි. ඒ කියන්නේ, ‘දුන් දෙයෙහි විපාක තියෙනවා. පුද පූජාවෙහි විපාක තියෙනවා. සේවයෙහි විපාක තියෙනවා. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක තියෙනවා. මෙලොව කියා දෙයක් තියෙනවා. පරලොව කියා දෙයක් තියෙනවා. මවක් ඉන්නවා. පියෙක් ඉන්නවා. ඕපපාතික සත්වයන් ඉන්නවා. ලෝකයෙහි යහපත් මගෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයින් මෙලොවත් පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට දේශනා කිරීමක් තියෙනවා’ කියලා. පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ දැක්මෙන් යුතු වන්නේ ඔය විදිහටයි.

කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදානං දේති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ සක්කච්චං දානං දේති, සහත්ථා දානං දේති, චිත්තීකත්වා දානං දේති, පරිසුද්ධං දානං දේති, ආගමනදිට්ඨිකෝ දානං දේති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදානං දේති.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා ඉතා හොඳින් සකස් කොට දන් දෙයි. සිය අතින් දන් දෙයි. ආදර ගෞරව සහිතව දන් දෙයි. පිරිසිදු දෙයින් දන් දෙයි. ‘තමා දෙන දානයෙහි විපාක නැවත තමාට ලැබේ ය’ යන අදහසින් දන් දෙයි. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්නේ.

ස ඛෝ සෝ භික්ඛවේ, සප්පුරිසෝ ඒවං සද්ධම්මසමන්නාගතෝ, ඒවං සප්පුරිසභත්තී, ඒවං සප්පුරිසචින්තී, ඒවං සප්පුරිසමන්තී, ඒවං සප්පුරිසවාචෝ, ඒවං සප්පුරිසකම්මන්තෝ, ඒවං සප්පුරිසදිට්ඨී, ඒවං සප්පුරිසදානං දත්වා කායස්ස භේදා පරම්මරණා යා සප්පුරිසානං ගති, තත්ථ උපපජ්ජති. කා ච භික්ඛවේ, සප්පුරිසානං ගති, දේවමහත්තතා වා මනුස්සමහත්තතා වාති.

පින්වත් මහණෙනි, ඔය සත්පුරුෂයා මේ විදිහට සත්පුරුෂ ගතිගුණවලින් යුක්තවෙලා, මේ විදිහට සත්පුරුෂයන් ඇසුරු කරලා, මේ විදිහට සත්පුරුෂ සිතුවිලි සිතලා, මේ විදිහට සත්පුරුෂ සාකච්ඡාවන් කරලා, මේ විදිහට සත්පුරුෂ වචන කියලා, මේ විදිහට සත්පුරුෂ වැඩ කරලා, මේ විදිහට සත්පුරුෂ දැක්මෙන් යුක්ත වෙලා, මේ විදිහට සත්පුරුෂ දන් දීලා කය බිඳී මරණින් මතු යම් තැනක සත්පුරුෂයන්ගේ උපතක් ඇද්ද, අන්න එතනයි උපදින්නේ. පින්වත් මහණෙනි, සත්පුරුෂයන් උපදින්නේ කොහේද? ආනුභාව සම්පන්න දිව්‍යත්වයක් හෝ ලැබෙනවා. ආනුභාව සම්පන්න මනුෂ්‍ය ආත්මභාවයක් හෝ ලැබෙනවා.

ඉදමවෝච භගවා, අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

චූළපුණ්ණම සුත්තං දසමං.

පුන් පොහෝ දීනයේ දී වදාළ කුඩා දෙසුම නිමා විය.

දේවදහවග්ගෝ පඨමෝ.

තස්ස වග්ගස්ස උද්දානං –

දේවදහං පඤ්චත්තය කින්ති සාම සුනක්ඛත්තක සප්පායා.
ගණකෝ ගෝපක පුණ්ණකා දේව ඉති පඨමෝ අසමෝ වරවග්ගෝ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M