මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසකෝ

3.1.1. දේවදහ සුත්‌තං

3.1.1. දේවදහ නගරයේ දී වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සක්කේසු විහරති දේවදහං නාම සක්‍යානං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝ’ති. භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දේවදහ නම් වූ ශාක්‍යවරුන් ගේ නියම් ගමෙහි වැඩසිටියා. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි”යි කියා භික්ෂූන් අමතා වදාළා. “පින්වතුන් වහන්සැ”යි කියා ඒ භික්ෂූන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

සන්ති භික්ඛවේ, ඒකේ සමණබ්‍රාහ්මණා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. ඒවංවාදිනෝ භික්ඛවේ නිගණ්ඨා.

“පින්වත් මහණෙනි, මෙවැනි මත දරන්නා වූ මෙවැනි දෘෂ්ටි තිබෙන්නා වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ලම පෙර කළ කර්මය නිසාමයි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන් තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ කියල. පින්වත් මහණෙනි, නිගණ්ඨයන් මෙවැනි මතවාදයක් තමයි පවසන්නේ.

ඒවං වාදාහං භික්ඛවේ, නිගණ්ඨේ උපසංකමිත්වා ඒවං වදාමි: සච්චං කිර තුම්හේ ආවුසෝ නිගණ්ඨා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.

පින්වත් මහණෙනි, මෙවැනි මතවාදයක් පවසන්නා වූ නිගණ්ඨයන් කරා ගිහින් මං මෙහෙම කියනවා. “ආයුෂ්මත් නිගණ්ඨයෙනි, ඔබ මෙවැනි මතවාදයක් ඇතුව, මෙවැනි දෘෂ්ටියක් ඇතිව ඉන්නවා කියන්නෙ හැබෑද? ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ල ම පෙර කළ කර්මය නිසාමයි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන්, තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ කියල.”

තේ ච මේ භික්ඛවේ, නිගණ්ඨා ඒවං පුට්ඨා ආමාති පටිජානන්ති: ත්‍යාහං ඒවං වදාමි: ‘කිං පන තුම්හේ ආවුසෝ නිගණ්ඨා, ජානාථ: අහුවම්හේව මයං පුබ්බේ, න නාහුවම්හා’ති.

පින්වත් මහණෙනි, මා විසින් මෙසේ ඇසූ විට ඒ නිගණ්ඨයන්, “ඒක එහෙම තමයි” කියා ප්‍රතිඥා දෙනවා. එතකොට මං ඔවුන්ට මෙහෙම කියනවා. “කිම? ආයුෂ්මත් නිගණ්ඨයෙනි, සැබැවින්ම ඔබ දන්නවාද, ‘මීට පෙර අපි හිටියාමයි, නොසිටියා නොවෙයි’ කියලා?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, අපි දන්නෙ නැහැ.”

කිං පන තුම්හේ ආවුසෝ නිගණ්ඨා, ජානාථ: අකරම්හේව මයං පුබ්බේ පාපං කම්මං න නාකරම්හා’ති.

“කිම? ආයුෂ්මත් නිගණ්ඨයෙනි, සැබැවින්ම ඔබ දන්නවාද, මීට පෙර අපි පාප කර්ම කළාමයි, නොකළා නොවෙයි’ කියලා?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, අපි දන්නෙ නැහැ.”

කිං පන තුම්හේ ආවුසෝ නිගණ්ඨා, ජානාථ: ඒවරූපං වා ඒවරූපං වා පාපං කම්මං අකරම්හා’ති.

“කිම? ආයුෂ්මත් නිගණ්ඨයෙනි, සැබැවින්ම ඔබ දන්නවාද, මෙබඳු මෙබඳු වූ පාප කර්ම කළාමයි කියලා?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, අපි මෙය දන්නෙත් නැහැ.”

කිං පන තුම්හේ ආවුසෝ නිගණ්ඨා, ජානාථ: එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරේතබ්බං එත්තකම්හි වා දුක්ඛේ නිජ්ජිණ්ණේ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.

“කිම? ආයුෂ්මත් නිගණ්ඨයෙනි, සැබැවින්ම ඔබ දන්නවාද, ඔබේ වැඩපිළිවෙල තුළින් මෙපමණ දුක් දිරවලා ගිහින් තියෙනවා, තව මෙපමණ දුකක් දිරවිය යුතුව තිබෙනවා, ඒ වගේම මෙපමණ දුකක් දිරවා දැමූ විට සියලුම දුක් දිරවලා යනවා කියලා?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, අපි මෙය දන්නෙත් නැහැ.”

කිං පන තුම්හේ ආවුසෝ නිගණ්ඨා, ජානාථ: දිට්ඨේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පද’න්ති.

“කිම? ආයුෂ්මත් නිගණ්ඨයෙනි, සැබැවින්ම ඔබ දන්නවාද, මේ ජීවිතයේදී ම අකුසල ධර්මයන් ප්‍රහාණය කොට, කුසල ධර්මයන් උපදවා ගෙන වාසය කිරීම ගැන?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, අපි මෙය දන්නෙත් නැහැ.”

ඉති කිර තුම්හේ ආවුසෝ නිගණ්ඨා, න ජානාථ: ‘අහුවම්හේව මයං පුබ්බේ න නාහුවම්හා’ති. න ජානාථ: ‘අකරම්හේව මයං පුබ්බේ පාපං කම්මං න නාකරම්හා’ති. න ජානාථ: ‘ඒවරූපං වා ඒවරූපං වා පාපං කම්මං අකරම්හා’ති. න ජානාථ: ‘එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරේතබ්බං, එත්තකම්හි වා දුක්ඛේ නිජ්ජිණ්ණේ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. න ජානාථ: ‘දිට්ඨේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදං. ඒවං සන්තේ ආයස්මන්තානං නිගණ්ඨානං න කල්ලමස්ස වෙය්‍යාකරණාය: “යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති, සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී”ති.

“ඉතින් ආයුෂ්මත් නිගණ්ඨයෙනි, මේ පිළිබඳව ඔබ කිසිවක් දන්නෙ නැහැ නෙව. ‘අපි පෙර සිටියාමයි, අපි පෙර නොසිටියා නොවෙයි’ යන කරුණ දන්නෙත් නැහැ. ‘අපි පෙර පාප කර්ම කරල තියෙනවාමයි, නොකළා නොවෙයි’ යන කරුණ දන්නෙත් නැහැ. ‘මෙබඳු මෙබඳු වූ පාප කර්මයි අප කරලා තියෙන්නේ’ යන කරුණ දන්නෙත් නෑ. ‘දැනට දුක් මෙතෙක් ප්‍රමාණයක් දිරවා ගිහින් තියෙනවා. තව මෙපමණ ප්‍රමාණයක් දිරවන්නට නියමිතයි. මෙතෙක් ප්‍රමාණයක් දිරවූ විට සියලු දුක් දිරවා යනවා’ යන කරුණ දන්නෙත් නෑ. ‘මේ ජීවිතයේදීම අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම ගැන දන්නෙත් නැහැ.’ මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයින් ගේ මේ කථාව ගැලපෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ලම පෙර කළ කර්මය නිසාමයි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන් තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ කියල කියන කීම.”

සචේ තුම්හේ ආවුසෝ නිගණ්ඨා, ජානෙය්‍යාථ අහුවම්හේව මයං පුබ්බේ න නාහුවම්හා’ති ජානෙය්‍යාථ අකරම්හේව මයං පුබ්බේ පාපං කම්මං න නාකරම්හා’ති. ජානෙය්‍යාථ: ‘ඒවරූපං වා ඒවරූපං වා පාපං කම්මං අකරම්හා’ති, ජානෙය්‍යාථ: ‘එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං එත්තකං වා දුක්ඛං නිජ්ජීරේතබ්බං, එත්තකම්හි වා දුක්ඛේ නිජ්ජිණ්ණේ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. ජානෙය්‍යාථ: ‘දිට්ඨේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදං, ඒවං සන්තේ ආයස්මන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වෙය්‍යාකරණාය: “යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී”ති.

“ඉතින් ආයුෂ්මත් නිගණ්ඨයෙනි, මේ පිළිබඳව ඔබ දන්නවා නම්, ‘අපි පෙර සිටියාමයි, අපි පෙර නොසිටියා නොවෙයි’ යන කරුණත් දන්නවා නම්, ‘අපි පෙර පාප කර්ම කරල තියෙනවාමයි, නොකළා නොවෙයි’ යන කරුණත් දන්නවා නම්, ‘මෙබඳු මෙබඳු වූ පාප කර්මයි අප කරලා තියෙන්නේ’ යන කරුණත් දන්නවා නම්, ‘දැනට දුක් මෙතෙක් ප්‍රමාණයක් දිරවා ගිහින් තියෙනවා. තව මෙපමණ ප්‍රමාණයක් දිරවන්නට නියමිතයි. මෙතෙක් ප්‍රමාණයක් දිරවූ විට සියලු දුක් දිරවා යනවා’ යන කරුණත් දන්නවා නම්, ‘මේ ජීවිතයේදීම අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම ගැනත් දන්නවා නම්,’ මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයින්ගේ මේ කථාව ගැලපෙනවා. ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ලම පෙර කළ කර්මය නිසාමයි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන් තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ කියල කියන කීම.

සෙය්‍යථාපි ආවුසෝ නිගණ්ඨා, පුරිසෝ සල්ලේන විද්ධෝ අස්ස සවිසේන ගාළ්හූපලේපනේන, සෝ සල්ලස්සපි වේදනාහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියෙය්‍ය. තස්ස මිත්තාමච්චා ඤාතිසාලෝහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්‍යුං. තස්ස සෝ භිසක්කෝ සල්ලකත්තෝ සත්ථේන වණමුඛං පරිකන්තෙය්‍ය. සෝ සත්ථේනපි වණමුඛස්ස පරිකන්තනහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියෙය්‍ය. තස්ස සෝ භිසක්කෝ සල්ලකත්තෝ ඒසනියා සල්ලං ඒසෙය්‍ය. සෝ ඒසනියාපි සල්ලස්ස ඒසනාහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියෙය්‍ය, තස්ස සෝ භිසක්කෝ සල්ලකත්තෝ සල්ලං අබ්බහෙය්‍ය. සෝ සල්ලස්සපි අබ්බහනහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියෙය්‍ය. තස්ස සෝ භිසක්කෝ සල්ලකත්තෝ අගදංගාරං වණමුඛේ ඕදහෙය්‍ය. සෝ අගදංගාරස්සපි වණමුඛේ ඕදහනහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියෙය්‍ය. සෝ අපරේන සමයේන රූළ්හේන වණේන සඤ්ඡවිනා අරෝගෝ අස්ස සුඛී සේරී සයංවසී යේන කාමංගමෝ. තස්ස ඒවමස්ස: ‘අහං ඛෝ පුබ්බේ සල්ලේන විද්ධෝ අහෝසිං සවිසේන ගාළ්හූපලේපනේන. සෝ’හං සල්ලස්සපි වේදනාහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියිං. තස්ස මේ මිත්තාමච්චා ඤාතිසාලෝහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපේසුං. තස්ස මේ සෝ භිසක්කෝ සල්ලකත්තෝ සත්ථේන වණමුඛං පරිකන්ති. සෝ’හං සත්ථේනපි වණමුඛස්ස පරිකන්තනහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියිං. තස්ස මේ සෝ භිසක්කෝ සල්ලකත්තෝ ඒසනියා සල්ලං ඒසි. සෝ’හං ඒසනියාපි සල්ලස්ස ඒසනාහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියිං. තස්ස මේ සෝ භිසක්කෝ සල්ලකත්තෝ සල්ලං අබ්බහි සෝ’හං සල්ලස්සපි අබ්බහනහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියිං. තස්ස මේ සෝ භිසක්කෝ සල්ලකත්තෝ අගදංගාරං වණමුඛේ ඕදහි. සෝ’හං අගදංගාරස්සපි වණමුඛේ ඕදහනහේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියිං. සො’ම්හි ඒතරහි රූළ්හේන වණේන සඤ්ඡවිනා අරෝගෝ සුඛී සේරී සයංවසී යේන කාමංගමෝ’ති.

ආයුෂ්මත් නිගණ්ඨයෙනි, ඒක මේ වගේ දෙයක්. හොඳට විෂ පොවාපු ඊතලයකින් විදුම් කාපු පුරුෂයෙක් ඉන්නවා. ඔහු ඒ ඊතලය වැදීමෙන් ඇති වන වේදනාව හේතුවෙන් බලවත් දුකකට පත්වෙනවා. තියුණු කටුක වේදනාවන් විඳිනවා. එතකොට ඔහුගේ යහළු මිත්‍රයන් සහලේ ඤාතීන් ඔහුව ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගෙනයනවා. ඒ ශල්‍ය වෛද්‍යවරයා සියුම් ආයුධයකින් ඊතලයෙන් පහර කෑ තුවාලය කපා පාදනවා. එතකොට ඔහු ඒ වණමුඛය ආයුධයකින් කපා පාදද්දී ඇතිවන වේදනාව හේතුවෙන් බලවත් දුකකට පත් වෙනවා. තියුණු කටුක වේදනාවන් විඳිනවා. ඉතින් ඒ ශල්‍ය වෛද්‍යවරයා අඬුවක් ගෙන ඒ පාදා ගත් වණමුඛයෙහි ඊ හිස සොයනවා. එතකොට ඔහු අඬුවක් ගෙන වණමුඛය ඇතුළට දමා ඊ හිස සොයද්දී ඇතිවන වේදනාව හේතුවෙන් බලවත් දුකකට පත් වෙනවා. තියුණු කටුක වේදනාවන් විඳිනවා. ඊට පසු ඒ ශල්‍ය වෛද්‍යවරයා ඔහුට වැදුණු ඊ හිස ගලවා ඉවත් කරනවා. එතකොට ඔහු ඒ ඊ හිස ඉවත්කරද්දී ඇතිවන වේදනාව හේතුවෙන් බලවත් දුකකට පත්වෙනවා. තියුණු කටුක වේදනාවන් විඳිනවා. ඊට පසු ඒ ශල්‍ය වෛද්‍යවරයා බෙහෙත් ඖෂධ ඒ තුවාලයෙහි දමනවා. එතකොට ඔහු බෙහෙත් ඖෂධ තුවාලයට දමද්දී ඇතිවන වේදනාව හේතුවෙන් බලවත් දුකකට පත් වෙනවා. තියුණු කටුක වේදනාවන් විඳිනවා.

ඉතින් පසු කලෙක ඒ තුවාලය සුවපත් වෙලා, මස් වැදිලා, සම හැදිලා, නීරෝග වෙලා සැප සේ ස්වාධීනව තමාව තමාම හසුරුවාගෙන ඔහුට කැමති කැමති තැනක යන්නට පුළුවනි. එතකොට ඔහුට මෙහෙම සිතෙනවා; “මං හොඳට විෂ පොවාපු ඊතලයකින් විදුම් කාලා හිටියා. එතකොට මං ඒ ඊතලය වැදීමෙන් ඇති වන වේදනාව හේතුවෙන් බලවත් දුක් වින්ඳා. තියුණු කටුක වේදනාවන් වින්ඳා. එතකොට මගේ යහළු මිත්‍රයන් සහලේ ඤාතීන් මාව ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගෙන ගියා. ඒ ශල්‍ය වෛද්‍යවරයා සියුම් ආයුධයකින් ඊතලයෙන් පහර කෑ තුවාලය කපා පෑදුවා. එතකොට මං ඒ වණමුඛය ආයුධයකින් කපා පාදද්දී ඇතිවන වේදනාව හේතුවෙන් බලවත් දුක් වින්ඳා. තියුණු කටුක වේදනාවන් වින්ඳා. ඉතින් ඒ ශල්‍ය වෛද්‍යවරයා අඬුවක් ගෙන ඒ පාදා ගත් වණමුඛයෙහි ඊ හිස සෙව්වා. එතකොට අඬුවක් ගෙන වණමුඛය ඇතුළට දමා ඊ හිස සොයද්දී ඇතිවන වේදනාව හේතුවෙන් මං බලවත් දුක් වින්ඳා. තියුණු කටුක වේදනාවන් වින්ඳා. ඊට පසු ඒ ශල්‍ය වෛද්‍යවරයා මට වැදුනු ඊ හිස ගලවා ඉවත් කළා. එතකොට මං ඒ ඊ හිස ඉවත්කරද්දීත් ඇති වන වේදනාව හේතුවෙන් බලවත් දුක් වින්ඳා. තියුණු කටුක වේදනාවන් වින්ඳා. ඊටපසු ඒ ශල්‍ය වෛද්‍යවරයා බෙහෙත් ඖෂධ ඒ තුවාලයෙහි දැම්මා. එතකොට මං බෙහෙත් ඖෂධ තුවාලයට දමද්දී ඇතිවන වේදනාව හේතුවෙන් බලවත් දුක් වින්ඳා. තියුණු කටුක වේදනාවන් වින්ඳා. ඉතින් දැන් මගේ ඒ තුවාලය සුවපත් වෙලා මස් වැදිලා සම හැදිලා තියෙන්නෙ. නීරෝගයි. සැපසේ ස්වාධීනව තමාව තමාම හසුරුවාගෙන මට කැමති කැමති තැනක යන්නට පුළුවනි” කියලා.

ඒවමේව ඛෝ ආවුසෝ නිගණ්ඨා, සචේ තුම්හේ ජානෙය්‍යාථ: අහුවම්හේව මයං පුබ්බේ, න නාහුවම්හා’ති. ජානෙය්‍යාථ: ‘අකරම්හේව මයං පුබ්බේ පාපං කම්මං, න නාකරම්හා’ති. ජානෙය්‍යාථ: ඒවරූපං වා ඒවරූපං වා පාපං කම්මං අකරම්හා’ති. ජානෙය්‍යාථ: එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරේතබ්බං. එත්තකම්හි වා දුක්ඛේ නිජ්ජිණ්ණේ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. ජානෙය්‍යාථ: ‘දිට්ඨේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පදං. ඒවං සන්තේ ආයස්මන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වෙය්‍යාකරණාය: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.

ආයුෂ්මත් නිගණ්ඨවරුනි, අන්න ඒ වගේ ඉදින් ඔබලාත් මේ පිළිබඳව දන්නවා නම්, ‘අපි පෙර සිටියාමයි, අපි පෙර නොසිටියා නොවෙයි’ යන කරුණත් දන්නවා නම්, ‘අපි පෙර පාප කර්ම කරල තියෙනවාමයි, නොකළා නොවෙයි’ යන කරුණත් දන්නවා නම්, ‘මෙබඳු මෙබඳු වූ පාප කර්මයි අප කරලා තියෙන්නේ’ යන කරුණත් දන්නවා නම්, ‘දැනට දුක් මෙතෙක් ප්‍රමාණයක් දිරවා ගිහින් තියෙනවා. තව මෙපමණ ප්‍රමාණයක් දිරවන්නට නියමිතයි. මෙතෙක් ප්‍රමාණයක් දිරවූ විට සියලු දුක් දිරවා යනවා’ යන කරුණත් දන්නවා නම්, ‘මේ ජීවිතයේදීම අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම ගැනත් දන්නවා නම්,’ මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයින්ගේ මේ කථාව ගැලපෙනවා. ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ලම පෙර කළ කර්මය නිසාම යි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන් තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ කියල කියන කීම.

යස්මා ච ඛෝ තුම්හේ ආවුසෝ නිගණ්ඨා, න ජානාථ ‘අහුවම්හේව මයං පුබ්බේ න නාහුවම්හා’ති. න ජානාථ ‘අකරම්හේව මයං පුබ්බේ පාපං කම්මං න නාකරම්හා’ති. න ජානාථ ‘ඒවරූපං වා ඒවරූපං වා පාපං කම්මං අකරම්හා’ති. න ජානාථ එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං එත්තකං වා දුක්ඛං නිජ්ජීරේතබ්බං, එත්තකම්හි වා දුක්ඛේ නිජ්ජිණ්ණේ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. න ජානාථ දිට්ඨේව ධම්මේ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදං. තස්මා ආයස්මන්තානං නිගණ්ඨානං න කල්ලමස්ස වෙය්‍යාකරණාය: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ. ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.

නමුත් ආයුෂ්මත් නිගණ්ඨයෙනි, යම් හෙයකින් ඔබලා මේ පිළිබඳව කිසිවක් දන්නෙ නැහැ නෙව. ‘අපි පෙර සිටියාමයි, අපි පෙර නොසිටියා නොවෙයි’ යන කරුණ දන්නෙත් නැහැ. ‘අපි පෙර පාප කර්ම කරල තියෙනවාමයි, නොකළා නොවෙයි’ යන කරුණ දන්නෙත් නැහැ. ‘මෙබඳු මෙබඳු වූ පාප කර්මයි අප කරලා තියෙන්නේ’ යන කරුණ දන්නෙත් නෑ. ‘දැනට දුක් මෙතෙක් ප්‍රමාණයක් දිරවා ගිහින් තියෙනවා. තව මෙපමණ ප්‍රමාණයක් දිරවන්නට නියමිතයි. මෙතෙක් ප්‍රමාණයක් දිරවූ විට සියලු දුක් දිරවා යනවා’ යන කරුණ දන්නෙත් නෑ. ‘මේ ජීවිතයේදීම අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම ගැන දන්නෙත් නැහැ.’ මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයින්ගේ මේ කථාව ගැලපෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ලම පෙර කළ කර්මය නිසාමයි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන් තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ කියල කියන කීම.”

ඒවං වුත්තේ භික්ඛවේ, තේ නිගණ්ඨා මං ඒතදවෝචුං: ‘නිගණ්ඨෝ ආවුසෝ, නාථපුත්තෝ සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසේසං ඤාණදස්සනං පටිජානාති: ‘චරතෝ ච මේ තිට්ඨතෝ ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. සෝ ඒවමාහ: ‘අත්ථි ඛෝ වෝ ආවුසෝ නිගණ්ඨා, පුබ්බේව පාපං කම්මං කතං, තං ඉමාය කටුකාය දුක්කරකාරිකාය නිජ්ජීරේථ. යම්පනෙත්ථ ඒතරහි කායේන සංවුතා වාචාය සංවුතා මනසා සංවුතා, තං ආයතිං පාපස්ස කම්මස්ස අකරණං, ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. තඤ්ච පනම්හාකං රුච්චති චේව ඛමති ච, තේන චම්හා අත්තමනා’ති.

මෙසේ වදාළ විට ඒ නිගණ්ඨයින් මට මෙහෙම කිව්වා. “ආයුෂ්මතුන් වහන්ස, නිගණ්ඨ නාතපුත්‍රයා සර්වඥයි. සියල්ල දන්නවා. ‘මා හට ඇවිදින විටත්, සිටින විටත්, නිදන විටත්, නිදිවරන විටත්, හැමවිටම, නිරතුරුවම පවතින, අවශේෂ රහිත ඤාණදර්ශනයක් තියෙනවා’ කියලා ප්‍රතිඥා දෙනවා. ඉතින් ඔහු මෙහෙමයි කිව්වේ. ‘එම්බා ආයුෂ්මත් නිගණ්ඨවරුනි, නුඹලා විසින් පූර්වයෙහි කරන ලද පාප කර්ම තියෙනවා. එය මේ කටුක වූ දුෂ්කර ක්‍රියාවෙන් දිරවා දමව්. තවද, දැන් මෙහිලා කයෙන් සංවර වෙලා, වචනයෙන් සංවර වෙලා, මනසින් සංවර වෙලා සිටින විට මත්තෙහි පාප කර්ම නොකෙරෙනවා. මේ විදිහට පුරාණ කර්මයන් තපස් කිරීමෙන් නැතිකර දමනවා. අලුත් කර්මයන් නොකර ඉන්නවා. එතකොට මත්තෙහි කර්ම රැස්වීමක් නැහැ. කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ කියල කිව්වා. ඉතින් ඒ මතය අපට රුචියි. අපි කැමතියි. එයින් අපි සතුටට පත්වෙලයි ඉන්නේ.

ඒවං වුත්තේ අහං භික්ඛවේ, තේ නිගණ්ඨේ ඒතදවෝචං: ‘පඤ්ච ඛෝ ඉමේ ආවුසෝ නිගණ්ඨා, ධම්මා දිට්ඨේව ධම්මේ ද්විධාවිපාකා. කතමේ පඤ්ච: සද්ධා රුචි අනුස්සවෝ ආකාරපරිවිතක්කෝ දිට්ඨිනිජ්ඣානක්ඛන්ති. ඉමේ ඛෝ ආවුසෝ නිගණ්ඨා, පඤ්ච ධම්මා දිට්ඨේව ධම්මේ ද්විධාවිපාකා. තත්‍රායස්මන්තානං නිගණ්ඨානං කා අතීතංසේ සත්ථරි සද්ධා, කා රුචි, කෝ අනුස්සවෝ, කෝ ආකාරපරිවිතක්කෝ, කා දිට්ඨිනිජ්ඣානක්ඛන්තී’ති. ඒවංවාදී ඛෝ අහං භික්ඛවේ, නිගණ්ඨේසු න කිඤ්චි සහධම්මිකං වාදපටිහාරං සමනුපස්සාමි.

මෙසේ පැවසූ විට පින්වත් මහණෙනි, මං ඒ නිගණ්ඨයන්ට මෙය කිව්වා. “ආයුෂ්මත් නිගණ්ඨයෙනි, මෙලොවදීම දෙයාකාරයකින් විපාක දෙන කරුණු පහක් තියෙනවා. කවර පසක්ද යත්; ශ්‍රද්ධා, රුචි, අනුශ්‍රව, ආකාරපරිවිතර්ක, දිට්ඨිනිජ්ඣානක්ඛන්ති. ආයුෂ්මත් නිගණ්ඨයෙනි, මෙන්න මේ කරුණු පහ මෙලොවදීම දෙඅයුරකින් විපාක දෙනවා. එහිලා ආයුෂ්මත් නිගණ්ඨයින් හට ඒ අතීතය අරභයා කරුණු කියන ශාස්තෘවරයා කෙරෙහි පවතින ශ්‍රද්ධාව කුමක්ද? රුචිය කුමක්ද? අනුශ්‍රවය කුමක්ද? ආකාර පරිවිතර්කය කුමක්ද? දිට්ඨි නිජ්ඣානක්ඛන්තිය කුමක්ද?”

පින්වත් මහණෙනි, මෙවැනි මතයක් ඉදිරිපත් කළ මං ඒ නිගණ්ඨයන් අතරෙහි කරුණු සහිත වූ ප්‍රතිඋත්තරයක් දැක්කෙ නැහැ.

පුනචපරාහං භික්ඛවේ, තේ නිගණ්ඨේ ඒවං වදාමි: ‘තං කිම්මඤ්ඤථාවුසෝ නිගණ්ඨා, යස්මිං හි වෝ සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියේථ. යස්මිං පන වෝ සමයේ න තිබ්බෝ උපක්කමෝ හෝති න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියේථා’ති.

පින්වත් මහණෙනි, එතකොට මම තවත් කරුණක් පිළිබඳව එම නිගණ්ඨයින්ගෙන් මෙසේ ඇසුවා. “ආයුෂ්මත් නිගණ්ඨවරුනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? යම් වෙලාවක ඔබගේ තියුණු වූ උපක්‍රමයක් වෙයිද, තියුණු වූ බලවත් පධන් වීරියක් වෙයිද, ඒ වෙලාවේදී ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා ඔබ විඳිනවා නේද? යම් වෙලාවක ඔබගේ තියුණු වූ උපක්‍රමයක් නොවෙයිද, තියුණු වූ බලවත් පධන් වීරියක් නොවෙයිද, ඒ වෙලාවේදී ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා ඔබ විඳින්නේ නෑ නේද?”

යස්මිං නෝ ආවුසෝ ගෝතම, සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියාම. යස්මිං පන නෝ සමයේ න තිබ්බෝ උපක්කමෝ හෝති, න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියාමා’ති.

“ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, යම් වෙලාවක අපගේ තියුණු වූ උපක්‍රමයක් වෙයිද, තියුණු වූ බලවත් පධන් වීරියක් වෙයිද, ඒ වෙලාවේදී ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා අප විඳිනවා තමයි. ඒ වගේම යම් වෙලාවක අපගේ තියුණු වූ උපක්‍රමයක් නොවෙයිද, තියුණු වූ බලවත් පධන් වීරියක් නොවෙයිද, ඒ වෙලාවේදී ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා අප විඳින්නේ නෑ.”

ඉති කිරාවුසෝ නිගණ්ඨා, යස්මිං වෝ සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියේථ. යස්මිං පන වෝ සමයේ න තිබ්බෝ උපක්කමෝ හෝති, න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියේථ. ඒවං සන්තේ ආයස්මන්තානං නිගණ්ඨානං න කල්ලමස්ස වෙය්‍යාකරණාය: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.

“ආයුෂ්මත් නිගණ්ඨවරුනි, මෙසේ ඇති කල්හි යම් වෙලාවක ඔබගේ තියුණු වූ උපක්‍රමයක් වෙනවා නම්, තියුණු වූ බලවත් පධන් වීරියක් වෙනවා නම්, ඒ වෙලාවට ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා ඔබ විඳිනවා නම්, යම් වෙලාවක ඔබගේ තියුණු වූ උපක්‍රමයක් නොවෙයි නම්, තියුණු වූ බලවත් පධන් වීරියක් නොවෙයි නම්, ඒ වෙලාවේදී ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා ඔබ විඳින්නේ නැත්නම්, එහෙම නම් ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ මේ ප්‍රකාශය එයට ගැලපෙන එකක් නම් නොවෙයි. ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ලම පෙර කළ කර්මය නිසාමයි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන් තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ යන කීමයි.

සචේ ආවුසෝ නිගණ්ඨා, යස්මිං වෝ සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියේථ. යස්මිං පන වෝ සමයේ න තිබ්බෝ උපක්කමෝ හෝති න තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියේථ. ඒවං සන්තේ ආයස්මන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වෙය්‍යාකරණාය: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං ….(පෙ)…. සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.

“ආයුෂ්මත් නිගණ්ඨවරුනි, ඉදින් යම් වෙලාවක ඔබගේ යම්කිසි තියුණු වූ උපක්‍රමයක් වෙනවා නම්, තියුණු වූ බලවත් පධන් වීරියක් වෙනවා නම්, ඒ වෙලාවට ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා ඔබ විඳින්නේ නැත්නම්, ඒ වගේම යම් වෙලාවක ඔබගේ තියුණු වූ උපක්‍රමයක් නොවෙයි නම්, තියුණු වූ බලවත් පධන් වීරියක් නොවෙයි නම්, ඒ වෙලාවේදී ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා ඔබ විඳිනවා නම්, එහෙම නම් ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ මේ ප්‍රකාශය එයට ගැලපෙන එකක්. ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ලම පෙර කළ කර්මය නිසාමයි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන් තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ යන කීමයි.

යස්මා ච ඛෝ ආවුසෝ නිගණ්ඨා, යස්මිං වෝ සමයේ තිබ්බෝ උපක්කමෝ හෝති තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියේථ. යස්මිං පන වෝ සමයේ න තිබ්බෝ උපක්කමෝ හෝති න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයේ ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියේථ. තේ තුම්හේ සාමඤ්ඤේව ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියමානා අවිජ්ජා අඤ්ඤාණා සම්මෝහා විපච්චේථ: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බේකතහේතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්‍යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවෝ. ආයතිං අනවස්සවා කම්මක්ඛයෝ කම්මක්ඛයා දුක්ඛක්ඛයෝ දුක්ඛක්ඛයා වේදනාක්ඛයෝ වේදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. ඒවං වාදීපි ඛෝ අහං භික්ඛවේ, නිගණ්ඨේසු න කඤ්චි සහධම්මිකං වාදපටිහාරං සමනුපස්සාමි.

“ආයුෂ්මත් නිගණ්ඨයෙනි, යම් හෙයකින් යම් වෙලාවක ඔබගේ උපක්‍රමය තියුණු වෙනවා නම්, බලවත් පධන් වීරිය තියුණු වෙනවා නම්, ඒ වෙලාවට ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනා ඔබ විඳිනවා නම්, ඒ වගේම යම් වෙලාවක ඔබගේ තියුණු වූ උපක්‍රමයක් නැත්නම්, තියුණු වූ බලවත් පධන් වීරියක් නැත්නම්, ඒ වෙලාවේදී ඒ තියුණු වූ උපක්‍රමයෙන් හටගත් තියුණු, කටුක, දුක් වේදනාත් ඔබ විඳින්නේ නැත්නම්, එහෙම නම් ඔබ හිතාමතා තමන් විසින්ම උපක්‍රම කරමින් උපදවාගත් දුක් වූ, තියුණු වූ, කටුක වූ වේදනා විඳ විඳ, අවිද්‍යාවත්, අඥානකමත්, මුළාවත් නිසා විපරීතව නේද මෙය පිළිඅරගෙන තියෙන්නේ? ඒ කියන්නේ; ‘මේ පුරුෂ පුද්ගලයා සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත හෝ වේවා යම්කිසි විඳීමක් විඳිනවා නම්, ඒ සියල්ලම පෙර කළ කර්මය නිසාමයි විඳින්නේ. මෙලෙසින් පැරණි කර්මයන් තපස් කිරීමෙන් නැති කොට දමා, අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස් නොවී යනවා. මත්තෙහි කර්ම රැස් නොවීමෙන් කර්මක්ෂය වෙනවා. කර්මක්ෂය වීමෙන් දුක ක්ෂය වෙලා යනවා. දුක ක්ෂය වීමෙන් විඳීම් ක්ෂය වෙලා යනවා. විඳීම් ක්ෂය වීමෙන් සෑම දුකක්ම දිරවලා යනවා’ යන කීම. පින්වත් මහණෙනි, මෙවැනි වාද ඇති, මෙවැනි දෘෂ්ටි ඇති, නිගණ්ඨයන් තුළින් මෙයට කරුණු සහිත වූ කිසිම ප්‍රත්‍යුත්තරයක් මට ලැබුනෙ නෑ.

පුනචපරාහං භික්ඛවේ, තේ නිගණ්ඨේ ඒවං වදාමි: ‘තං කිං මඤ්ඤථාවුසෝ නිගණ්ඨා, ‘යමිදං කම්මං දිට්ඨධම්මවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා සම්පරායවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

පින්වත් මහණෙනි, මම නිගණ්ඨයින්ට යළිත් මෙහෙම කියනවා.

“ආයුෂ්මත් නිගණ්ඨයෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? ‘මෙලොවදී වින්ඳ යුතු යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, පරලොව වින්ඳ යුතු දෙයක් බවට පත්වේවා!’ කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

යං පනිදං කම්මං සම්පරායවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘දිට්ඨධම්මවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“පරලොවදී වින්ඳ යුතු යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, මෙලොව වින්ඳ යුතු දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

තං කිං මඤ්ඤථාවුසෝ නිගණ්ඨා, යමිදං කම්මං සුඛවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘දුක්ඛවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“ආයුෂ්මත් නිගණ්ඨයෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? සැප විඳීමක් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, දුක් විඳීම ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

යං පනිදං කම්මං දුක්ඛවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘සුඛවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“දුක් විඳීමක් ඇතිකරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, සැප විඳීම ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

තං කිං මඤ්ඤථාවුසෝ නිගණ්ඨා, යමිදං කම්මං පරිපක්කවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘අපරිපක්කවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“ආයුෂ්මත් නිගණ්ඨයෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෝරා යෑමෙන් පසු විපාක විඳීමක් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, මුහුකුරා නොයා තිබියදී විපාක විඳීම ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

යං පනිදං කම්මං අපරිපක්කවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘පරිපක්කවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“මුහුකුරා නොයා තිබියදී විපාක විඳීමක් ඇතිකරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, මෝරා යෑමෙන් පසු විපාක විඳීම ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

තං කිං මඤ්ඤථාවුසෝ නිගණ්ඨා, ‘යමිදං කම්මං බහුවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘අප්පවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“ආයුෂ්මත් නිගණ්ඨයෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? බොහෝ විඳීම් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, අල්ප විඳීම් ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

යං පනිදං කම්මං අප්පවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘බහුවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“අල්ප විඳීම් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, බොහෝ විඳීම් ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

තං කිං මඤ්ඤථාවුසෝ නිගණ්ඨා, ‘යමිදං කම්මං වේදනීයං තං උපක්කමේන වා පධානේන වා ‘අවේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“ආයුෂ්මත් නිගණ්ඨයෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? විඳීම් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, විඳීම ලබා නොදෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

යං පනිදං කම්මං අවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘වේදනීයං හෝතූ’ති ලබ්භමේත’න්ති.

“විඳීම් ලබා නොදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, විඳීම් ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට පුළුවන්ද?”

නෝ හිදං ආවුසෝ.

“ආයුෂ්මතුන් වහන්ස, එය නොහැකි දෙයක්මයි.”

ඉති කිරාවුසෝ නිගණ්ඨා, යමිදං කම්මං දිට්ඨධම්මවේදනීයං තං උපක්කමේන වා පධානේන වා ‘සම්පරායවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං සම්පරායවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘දිට්ඨධම්මවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං සුඛවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘දුක්ඛවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං දුක්ඛවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘සුඛවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං පරිපක්කවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘අපරිපක්කවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං අපරිපක්කවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘පරිපක්කවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං බහුවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘අප්පවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං අප්පවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘බහුවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං වේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘අවේදනීයං හෝතූ’ති අලබ්භමේතං. යමිදං කම්මං අවේදනීයං, තං උපක්කමේන වා පධානේන වා ‘වේදනීයං හෝතූ’ති අලබ්භමේතං. ඒවං සන්තේ ආයස්මන්තානං නිගණ්ඨානං අඵලෝ උපක්කමෝ හෝති අඵලං පධානං. ඒවංවාදී භික්ඛවේ, නිගණ්ඨා ඒවංවාදීනං භික්ඛවේ නිගණ්ඨානං දස සහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං ආගච්ඡන්ති.

“ආයුෂ්මත් නිගණ්ඨවරුනි, ඉතින් මෙහෙම නම්, ඒ කියන්නේ; මෙලොවදී වින්ඳ යුතු යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, පරලොව වින්ඳ යුතු දෙයක් බවට පත්වේවා! කියා ලබන්නට බැරි නම්, ඒ වගේම පරලොවදී වින්ඳ යුතු යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, මෙලොව වින්ඳ යුතු දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, ඒ වගේම සැප විඳීමක් ඇතිකරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, දුක් විඳීම ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, ඒ වගේම දුක් විඳීමක් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, සැප විඳීම ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, ඒ වගේම මෝරා යෑමෙන් පසු විපාක විඳීමක් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, මුහුකුරා නොයා තිබියදී විපාක විඳීම ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, ඒ වගේම මුහුකුරා නොයා තිබියදී විපාක විඳීමක් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, මෝරා යෑමෙන් පසු විපාක විඳීම ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, ඒ වගේම බොහෝ විඳීම් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, අල්ප විඳීම් ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, ඒ වගේම අල්ප විඳීම් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, බොහෝ විඳීම් ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, ඒ වගේම විඳීම් ඇති කරදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, විඳීම ලබා නොදෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, ඒ වගේම විඳීම් ලබා නොදෙන යම් මේ කර්මයක් ඇද්ද, එය උපක්‍රමයකින් හෝ වේවා, පධන් වීරියෙන් හෝ වේවා, විඳීම් ලබා දෙන දෙයක් බවට පත්වේවා! කියා ලබන්නටත් බැරි නම්, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයින්ගේ උපක්‍රමය ප්‍රතිඵල රහිතයි නෙව. පධන් වීර්යය ප්‍රතිඵල රහිතයි නෙව. පින්වත් මහණෙනි, නිගණ්ඨයන් මෙවැනි මත වාදයක් තමයි පවසන්නේ. පින්වත් මහණෙනි, මෙවැනි වාද ඇති, මෙවැනි දෘෂ්ටි ඇති, නිගණ්ඨයන් හට කරුණු සහිතව ඉදිරිපත් වන මෙම ප්‍රශ්නයන්ට පිළිතුරු දීගන්නට නොහැකිව ඔවුන්ගේ වාදය කරුණු සහිතව දස ආකාරයකින් ගැරහිය යුතු දෙයක් බවට පත්වෙනවා.

සචේ භික්ඛවේ සත්තා පුබ්බේකතහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ, නිගණ්ඨා පුබ්බේ දුක්කතකම්මකාරිනෝ, යං ඒතරහි ඒවරූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති. සචේ භික්ඛවේ, සත්තා ඉස්සරනිම්මානහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ, නිගණ්ඨා පාපකේන ඉස්සරේන නිම්මිතා, යං ඒතරහි ඒවරූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති. සචේ භික්ඛවේ සත්තා සංගතිභාවහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ නිගණ්ඨා පාපසංගතිකා, යං ඒතරහි ඒවරූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති. සචේ භික්ඛවේ, සත්තා අභිජාතිහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ, නිගණ්ඨා පාපාභිජාතිකා, යං ඒතරහි ඒවරූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති. සචේ භික්ඛවේ, සත්තා දිට්ඨධම්මූපක්කමහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ, නිගණ්ඨා පාපදිට්ඨධම්මූපක්කමා යං ඒතරහි ඒවරූපා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ පෙර කරන ලද කර්මයන් නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, නිගණ්ඨයන් ඒකාන්තයෙන්ම පෙර නොයෙක් පාපී අකුසල කර්මයන් කොට තිබෙනවා. ඔවුන් විසින් දැන් මෙබඳු වූ දුක් සහිත, තියුණු, කටුක වේදනා විඳින්නේ ඒ නිසයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ දේව මැවිල්ලක් නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, නිගණ්ඨයන් ඒකාන්තයෙන්ම ඉතා පවිටු වූ මැවුම්කාර දෙවියෙකු විසින් මවා තිබෙනවා. ඔවුන් විසින් දැන් මෙබඳු වූ දුක් සහිත, තියුණු, කටුක වේදනා විඳින්නේ ඒ නිසයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු දෛවයක් නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, නිගණ්ඨයන් ඒකාන්තයෙන්ම පවිටු දෛවයකින් යුක්තවයි ඉන්නේ. ඔවුන් විසින් දැන් මෙබඳු වූ දුක් සහිත, තියුණු, කටුක වේදනා විඳින්නේ ඒ නිසයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ උපත ලබන විශේෂ ක්‍රමයක් නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, නිගණ්ඨයන් ඒකාන්තයෙන්ම ලබා තිබෙන්නේ පවිටු වූ උපතක්මයි. ඔවුන් විසින් දැන් මෙබඳු වූ දුක් සහිත, තියුණු, කටුක වේදනා විඳින්නේ ඒ නිසයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ මෙහිදීම කරන ලද උපක්‍රම නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, නිගණ්ඨයන් ඒකාන්තයෙන්ම මෙහිදීම කරන ලද පවිටු උපක්‍රමයන්ගෙන් යුක්තයි. ඔවුන් විසින් දැන් මෙබඳු වූ දුක් සහිත, තියුණු, කටුක වේදනා විඳින්නේ ඒ නිසයි.

සචේ භික්ඛවේ, සත්තා පුබ්බේකතහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති ගාරය්හා නිගණ්ඨා. නෝ චේ සත්තා පුබ්බේකතහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. සචේ භික්ඛවේ, සත්තා ඉස්සරනිම්මානහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. නෝ චේ සත්තා ඉස්සරනිම්මානහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. සචේ භික්ඛවේ, සත්තා සංගතිභාවහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. නෝ චේ සත්තා සංගතිභාවහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. සචේ භික්ඛවේ සත්තා අභිජාතිහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. නෝ චේ සත්තා අභිජාතිහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. සචේ භික්ඛවේ සත්තා දිට්ඨධම්මූපක්කමහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. නෝ චේ සත්තා දිට්ඨධම්මූපක්කමහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. ඒවංවාදී භික්ඛවේ නිගණ්ඨා. ඒවංවාදීනං භික්ඛවේ, නිගණ්ඨානං ඉමේ දස සහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං ආගච්ඡන්ති. ඒවං ඛෝ භික්ඛවේ, අඵලෝ උපක්කමෝ හෝති අඵලං පධානං.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ පෙර කරන ලද කර්මයන් නිසාවෙන් නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ පෙර කරන ලද කර්මයන් නිසා නොවෙයි නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ දේව මැවිල්ලක් නිසාවෙන් නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ දේව මැවිල්ලක් නිසා නොවෙයි නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ අනිවාර්යයෙන් ම මුහුණ දිය යුතු දෛවයක් නිසාවෙන් නම්, එකරුණින්ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ අනිවාර්යයෙන් ම මුහුණ දිය යුතු දෛවයක් නිසා නොවෙයි නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ උපත ලබන විශේෂ ක්‍රමයක් නිසාවෙන් නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ උපත ලබන විශේෂ ක්‍රමයක් නිසා නොවෙයි නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ මෙහිදීම කරන ලද උපක්‍රම නිසාවෙන් නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ මෙහිදීම කරන ලද උපක්‍රම නිසා නොවෙයි නම්, එකරුණින් ද නිගණ්ඨයින් ගැරහුම් ලැබිය යුතුයි.

පින්වත් මහණෙනි, නිගණ්ඨයන් මෙවැනි මතවාදයක් තමයි පවසන්නේ. පින්වත් මහණෙනි, මෙවැනි වාද ඇති, මෙවැනි දෘෂ්ටි ඇති, නිගණ්ඨයන් හට කරුණු සහිතව ඉදිරිපත් වන මෙම ප්‍රශ්නයන්ට පිළිතුරු දීගන්නට නොහැකිව ඔවුන්ගේ වාදය කරුණු සහිතව මේ දස ආකාරයෙන් ගැරහිය යුතු දෙයක් බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, උපක්‍රමයක් ඵලරහිත වන්නේ ඔන්න ඔය විදිහටයි. පධන් වීර්යය ඵල රහිත වන්නේ ඔය විදිහටයි.

කථඤ්ච භික්ඛවේ සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං. ඉධ භික්ඛවේ, භික්ඛු න හේව අනද්ධභූතං අත්තානං දුක්ඛේන අද්ධභාවේති ධම්මිකඤ්ච සුඛං න පරිච්චජති. තස්මිඤ්ච සුඛේ අනධිමුච්ඡිතෝ හෝති. සෝ ඒවං පජානාති: ඉමස්ස ඛෝ මේ දුක්ඛනිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පධානා විරාගෝ හෝති. ඉමස්ස පන මේ දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතෝ උපෙක්ඛං භාවයතෝ විරාගෝ හෝතී’ති. සෝ යස්ස හි ඛ්වාස්ස දුක්ඛනිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පධානා විරාගෝ හෝති. සංඛාරං තත්ථ පදහති. යස්ස පනස්ස දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතෝ උපෙක්ඛං භාවයතෝ විරාගෝ හෝති. උපෙක්ඛං තත්ථ භාවේති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පධානා විරාගෝ හෝති. ඒවම්පිස්ස තං දුක්ඛං නිජ්ජිණ්ණං හෝති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතෝ උපෙක්ඛං භාවයතෝ විරාගෝ හෝති. ඒවම්පිස්ස තං දුක්ඛං නිජ්ජිණ්ණං හෝති.

පින්වත් මහණෙනි, උපක්‍රමයක් ඵල සහිත වන්නේ කොහොමද? පධන් වීර්යයක් ඵල සහිත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව හිතාමතා දුක් පීඩාවලින් නොපෙළන ලද ජීවිතය, දුක් පීඩාවලින් පෙළන්නෙ නෑ. ධාර්මිකව ලැබෙන සැපය අත්හරින්නෙත් නෑ. ඒ වගේම ඒ සැපය කෙරෙහි තෘෂ්ණාවෙන් ගිජු වෙන්නෙත් නෑ. ඔහු මේ විදිහටයි එය දැනගන්නේ; “මේ දුක් හටගන්නට හේතු වූ කරුණු නොවැඩෙන අයුරින් බලවත් ලෙස වීරිය කරද්දී ඒ බලවත් ලෙස වීරිය කිරීම නිසා විරාගය ඇතිවෙනවා. ඒ වගේම මේ දුක් හටගන්නට හේතු වූ කරුණු නොවැඩෙන අයුරින් වීරියෙන් යුක්තව උපේක්ෂාව වඩද්දී මා තුළ විරාගය ඇතිවෙනවා” කියලා.

ඉතින් ඔහු යම් දුක් හටගැනීමට හේතු වූ කරුණු දුරු වෙන අයුරින් බලවත් ලෙස වීරිය කරද්දී, ඒ හේතුවෙන් විරාගයට පත්වෙනවා නම්, ඒ වැඩපිළිවෙල තුළම වීරිය පවත්වනවා. ඉතින් ඔහු යම් දුක් හටගැනීමට හේතු වූ කරුණු දුරු වෙන අයුරින් බලවත් ලෙස වීරිය යොදා උපේක්ෂාව වඩද්දී ඒ හේතුවෙන් විරාගයට පත්වෙනවා නම්, ඒ වැඩපිළිවෙල තුළ ඔහු උපේක්ෂාව පවත්වනවා. ඒ ඒ දුක්වලට හේතුවන කරුණු ප්‍රහාණය වීම පිණිස බලවත් ලෙස වීරිය වඩද්දී, ඒ හේතුවෙන් ඔහු තුළ විරාගය ඇතිවෙනවා නම්, ඒ අයුරින් තමයි ඔහුගේ ඒ දුක දිරවා යන්නේ. ඒ ඒ දුක්වලට හේතුවන කරුණු ප්‍රහාණය වීම පිණිස බලවත් ලෙස වීරියෙන් යුතුව උපේක්ෂාව වඩද්දී ඒ හේතුවෙන් ඔහු තුළ විරාගය ඇතිවෙනවා නම්, ඒ අයුරිනුත් ඔහුගේ ඒ දුක දිරවා යනවා.

සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ ඉත්ථියා සාරත්තෝ පටිබද්ධචිත්තෝ තිබ්බච්ඡන්දෝ තිබ්බාපෙක්ඛෝ. සෝ තං ඉත්ථිං පස්සෙය්‍ය අඤ්ඤේන පුරිසේන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං. තං කිං මඤ්ඤථ භික්ඛවේ අපි නු තස්ස පුරිසස්ස අමුං ඉත්ථිං දිස්වා අඤ්ඤේන පුරිසේන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසාති.

පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. ස්ත්‍රියක් පිළිබඳව ඇලුනු සිතින් යුතු, ඇය ගැනම සිත සිතා සිටින, ඇය කෙරෙහි දැඩි ආශාවක් හා අපේක්ෂාවක් ඇති පුරුෂයෙක් ඉන්නවා. ඉතින් ඔහුට ඒ ස්ත්‍රිය වෙනත් පුරුෂයෙකු සමඟ එකට වාඩි වී සිටින අයුරු, පෙම්බස් දොඩන අයුරු, මඳ සිනහ නඟන අයුරු, හඬනගා සිනාසෙන අයුරු දකින්නට ලැබෙනවා. පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොට වෙනත් පුරුෂයෙකු සමඟ එකට වාඩි වී සිටින, පෙම්බස් දොඩන, මඳ සිනා නගන, හඬනඟා සිනාසෙන අර ස්ත්‍රිය දකින විට, ඒ පුරුෂයාට ශෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇතිවෙනවා නේද?”

ඒවං භන්තේ, තං කිස්ස හේතු: අසු හි භන්තේ, පුරිසෝ අමුස්සා ඉත්ථියා සාරත්තෝ පටිබද්ධචිත්තෝ තිබ්බච්ඡන්දෝ තිබ්බාපෙක්ඛෝ. තස්මා තං ඉත්ථිං දිස්වා අඤ්ඤේන පුරිසේන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසාති.

“එසේය, ස්වාමීනී. මක්නිසාද යත්; ස්වාමීනී, අර පුද්ගලයා ඒ ස්ත්‍රිය කෙරෙහි ඇලී සිටීමයි. පිළිබඳ සිත් ඇතිව සිටීමයි. බලවත් ආශාවකින් සිටීමයි. බලවත් අපේක්ෂාවකින් සිටීමයි. ඒ නිසයි වෙනත් පුරුෂයෙකු සමඟ ඒ ස්ත්‍රිය එකට වාඩි වී සිටින අයුරු, පෙම්බස් දොඩන අයුරු, මඳ සිනා නගන අයුරු, හඬනගා සිනාසෙන අයුරු දකින විට ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් හටගන්නේ.”

අථ ඛෝ භික්ඛවේ, තස්ස පුරිසස්ස ඒවමස්ස: අහං ඛෝ අමුස්සා ඉත්ථියා සාරත්තෝ පටිබද්ධචිත්තෝ තිබ්බච්ඡන්දෝ තිබ්බාපෙක්ඛෝ. තස්ස මේ අමුං ඉත්ථිං දිස්වා අඤ්ඤේන පුරිසේන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජන්ති සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා. යන්නූනාහං යෝ මේ අමුස්සා ඉත්ථියා ඡන්දරාගෝ තං පජහෙය්‍ය’න්ති. සෝ යෝ අමුස්සා ඉත්ථියා ඡන්දරාගෝ තං පජහෙය්‍ය, සෝ තං ඉත්ථිං පස්සෙය්‍ය අපරේන සමයේන අඤ්ඤේන පුරිසේන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං. තං කිං මඤ්ඤථ භික්ඛවේ අපි නු තස්ස පුරිසස්ස අමුං ඉත්ථිං දිස්වා අඤ්ඤේන පුරිසේන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසාති.

“එතකොට පින්වත් මහණෙනි, ඒ පුරුෂයාට මෙහෙම සිතුනොත්, ‘මං මේ කාන්තාවට ඇලී ඉන්නවා. පිළිබඳ සිත් ඇතිව ඉන්නවා. බලවත් ආශාවෙන් ඉන්නවා. බලවත් බලාපොරොත්තුවකින් ඉන්නවා. නමුත් මේ කාන්තාව වෙනත් පුරුෂයෙකු සමඟ එකට වාඩි වී ඉන්නවා නෙව. පෙම්බස් දොඩනවා නෙව. මද සිනා නගනවා නෙව. හඬ නගා සිනාසෙනවා නෙව. මෙය දකින විට මා තුළ ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් හටගන්නවා. එහෙම නම් මා කරන්නට තිබෙන්නේ මෙයයි. එනම්; මේ ස්ත්‍රිය කෙරෙහි මා තුළ යම් ඡන්දරාගයක් තිබෙනවාද, එය දුරුකරන එක තමයි හොඳ’ ඉතින් ඔහු අර ස්ත්‍රිය ගැන යම් ඡන්දරාගයක් තිබුනාද, ඒක දුරුකර දමනවා. පස්සෙ කාලෙකත් ඒ පුරුෂයාට වෙනත් පුරුෂයෙක් සමඟ එකතු වී සිටින, ආදරයෙන් දොඩමළු වී සිටින, මඳ සිනා නගමින් සිටින, හඬනඟා සිනාසෙන අර ස්ත්‍රිය දකින්නට ලැබෙනවා. පින්වත් මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොටත් අර පුරුෂයා තුළ වෙනත් පුරුෂයෙකු සමඟ එකතු වී සිටින, ආදරයෙන් දොඩමළු වී සිටින, මඳ සිනා නගමින් සිටින, හඬනඟා සිනාසෙන ඒ ස්ත්‍රිය දකින විට ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් හටගන්නවාද?”

නෝ හේතං භන්තේ, තං කිස්ස හේතු: අසු හි භන්තේ, පුරිසෝ අමුස්සා ඉත්ථියා වීතරාගෝ, තස්මා තං ඉත්ථිං දිස්වා අඤ්ඤේන පුරිසේන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං න උප්පජ්ජෙය්‍යුං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසාති.

“ස්වාමීනී, එය නොවේමයි.” “එයට හේතුව කුමක්ද?” “ස්වාමීනී, ඒ පුද්ගලයා අර ස්ත්‍රිය කෙරෙහි රාගය දුරුකරලයි ඉන්නෙ. ඒ නිසයි වෙනත් පුරුෂයෙක් සමඟ එකතු වී සිටින, ආදරයෙන් දොඩමළු වී සිටින, මඳ සිනා නගමින් සිටින, හඬනඟා සිනාසෙන ඒ ස්ත්‍රිය දකින විට ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් හට නොගන්නේ.”

ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු න හේව අනද්ධභූතං අත්තානං දුක්ඛේන අද්ධභාවේති, ධම්මිකඤ්ච සුඛං න පරිච්චජති, තස්මිඤ්ච සුඛේ අනධිමුච්ඡිතෝ හෝති. සෝ ඒවං පජානාති: ‘ඉමස්ස ඛෝ මේ දුක්ඛනිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පධානා විරාගෝ හෝති. ඉමස්ස පන මේ දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතෝ උපෙක්ඛං භාවයතෝ විරාගෝ හෝතී’ති. සෝ යස්ස ඛ්වාස්ස දුක්ඛනිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පධානා විරාගෝ හෝති. සංඛාරං තත්ථ පදහති. යස්ස පනස්ස දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතෝ උපෙක්ඛං භාවයතෝ විරාගෝ හෝති. උපෙක්ඛං තත්ථ භාවේති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස සංඛාරං පදහතෝ සංඛාරප්පධානා විරාගෝ හෝති. ඒවම්පිස්ස තං දුක්ඛං නිජ්ජිණ්ණං හෝති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතෝ උපෙක්ඛං භාවයතෝ විරාගෝ හෝති. ඒවම්පිස්ස තං දුක්ඛං නිජ්ජිණ්ණං හෝති. ඒවම්පි භික්ඛවේ සඵලෝ උපක්කමෝ හෝති, සඵලං පධානං.

“පින්වත් මහණෙනි, මෙයත් ඒ විදිහම තමයි. මෙහිලා භික්ෂුව හිතාමතා දුක් පීඩාවලින් නොපෙළන ලද ජීවිතය, දුක් පීඩාවලින් පෙළන්නෙ නෑ. ධාර්මිකව ලැබෙන සැපය අත්හරින්නෙත් නෑ. ඒ වගේම ඒ සැපය කෙරෙහි තෘෂ්ණාවෙන් ගිජු වෙන්නෙත් නෑ. ඔහු මේ විදිහටයි එය දැනගන්නේ; ‘මේ දුක් හටගන්නට හේතු වූ කරුණු නොවැඩෙන අයුරින් බලවත් ලෙස වීරිය කරද්දී, ඒ බලවත් ලෙස වීරිය කිරීම නිසා විරාගය ඇතිවෙනවා. ඒ වගේම මේ දුක් හටගන්නට හේතු වූ කරුණු නොවැඩෙන අයුරින් වීරියෙන් යුක්තව උපේක්ෂාව වඩද්දී මා තුළ විරාගය ඇතිවෙනවා’ කියල.

ඉතින් ඔහු යම් දුක් හටගැනීමට හේතු වූ කරුණු දුරු වෙන අයුරින් බලවත් ලෙස වීරිය කරද්දී, ඒ හේතුවෙන් විරාගයට පත්වෙනවා නම්, ඒ වැඩපිළිවෙල තුළම වීරිය පවත්වනවා. ඉතින් ඔහු යම් දුක් හටගැනීමට හේතු වූ කරුණු දුරු වෙන අයුරින් බලවත් ලෙස වීරිය යොදා උපේක්ෂාව වඩද්දී, ඒ හේතුවෙන් විරාගයට පත්වෙනවා නම්, ඒ වැඩපිළිවෙල තුළ ඔහු උපේක්ෂාව පවත්වනවා. ඒ ඒ දුක්වලට හේතුවන කරුණු ප්‍රහාණය වීම පිණිස බලවත් ලෙස වීරිය වඩද්දී, ඒ හේතුවෙන් ඔහු තුළ විරාගය ඇතිවෙනවා නම්, ඒ අයුරින් තමයි ඔහුගේ ඒ දුක දිරවා යන්නේ. ඒ ඒ දුක්වලට හේතුවන කරුණු ප්‍රහාණය වීම පිණිස බලවත් ලෙස වීරියෙන් යුතුව උපේක්ෂාව වඩද්දී, ඒ හේතුවෙන් ඔහු තුළ විරාගය ඇතිවෙනවා නම්, ඒ අයුරිනුත් ඔහුගේ ඒ දුක දිරවා යනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙනුත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

පුන ච පරං භික්ඛවේ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: ‘යථාසුඛං ඛෝ මේ විහරතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. දුක්ඛාය පන මේ අත්තානං පදහතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. යන්නූනාහං දුක්ඛාය අත්තානං පදහෙය්‍ය’න්ති. සෝ දුක්ඛාය අත්තානං පදහති. තස්ස දුක්ඛාය අත්තානං පදහතෝ අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. සෝ න අපරේන සමයේන දුක්ඛාය අත්තානං පදහති. තං කිස්ස හේතු: යස්ස හි සෝ භික්ඛවේ, භික්ඛු අත්ථාය දුක්ඛාය අත්තානං පදහෙය්‍ය, ස්වාස්ස අත්ථෝ අභිනිප්ඵන්නෝ හෝති. තස්මා න අපරේන සමයේන දුක්ඛාය අත්තානං පදහති.

ඒ වගේ ම පින්වත් මහණෙනි, භික්ෂුව මේ විදිහටත් නුවණින් මෙනෙහි කරනවා. ‘යම් අයුරු වූ සැපයකින් වාසය කරද්දී මා තුළ අකුසල ධර්මයන් වැඩෙනවා, කුසල ධර්මයන් පිරිහී යනවා, ඒ වගේම මාගේ ජීවිතය දුකට මෙහෙයවනවා නම් එතකොට සිදුවෙන්නේ අකුසල ධර්මයන් පිරිහී යන එක. කුසල ධර්මයන් වැඩී යන එක. එහෙම නම් මං කරන්නට තිබෙන්නේ මාගේ ජීවිතය කිසියම් දුක් සහිත වීරියකට යොදවන එකයි. ඉතින් ඔහු තම ජීවිතය දුක් සහිත වීරියක යොදවනවා. දුක් සහිත වීරියක යොදවන ඔහු තුළ අකුසල ධර්මයන් පිරිහී යනවා. කුසල ධර්මයන් වැඩී යනවා. පසු කලෙක ඔහු තම ජීවිතය දුක් සහිත වීරියක යොදවන්නේ නෑ. මක්නිසාද යත්; පින්වත් මහණෙනි, යම් අර්ථයක් උදෙසා ජීවිතය දුක් සහිත වීරියක යෙදෙව්වාද, ඔහුට එම අර්ථය සාක්ෂාත් කරගන්නට පුළුවන් වීමයි. ඒ නිසයි ඔහු පසු කාලෙක දුක් සහිත වීරිය පිණිස ජීවිතය නොයොදවන්නේ.

සෙය්‍යථාපි භික්ඛවේ, උසුකාරෝ තේජනං ද්වීසු අලාතේසු ආතාපේති පරිතාපේති උජුං කරෝති කම්මනියං. යතෝ ඛෝ භික්ඛවේ, උසුකාරස්ස තේජනං ද්වීසු අලාතේසු ආතාපිතං හෝති පරිතාපිතං හෝති උජුං කතං හෝති කම්මනියං. න සෝ තං අපරේන සමයේන උසුකාරෝ තේජනං ද්වීසු අලාතේසු ආතාපේති පරිතාපේති උජුං කරෝති කම්මනියං. තං කිස්ස හේතු: යස්ස හි සෝ භික්ඛවේ, අත්ථාය උසුකාරෝ තේජනං ද්වීසු අලාතේසු ආතාපෙය්‍ය පරිතාපෙය්‍ය උජුං කරෙය්‍ය කම්මනියං. ස්වාස්ස අත්ථෝ අභිනිප්ඵන්නෝ හෝති. තස්මා න අපරේන සමයේන උසුකාරෝ තේජනං ද්වීසු අලාතේසු ආතාපේති පරිතාපේති උජුං කරෝති කම්මනියං.

පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. හී වඩුවෙක් ඉන්නවා. ඔහු හී තලයක් ගෙන ගිනි පෙණෙලු දෙකකින් රත්කරනවා. වඩවඩාත් රත්කරනවා. එතකොට ඒ හී තලය ඍජු වෙනවා. කර්මණ්‍ය වෙනවා. පින්වත් මහණෙනි, හී වඩුවාගේ ඒ හී තලය දෙපෙණෙල්ලකින් රත්කළාද, වඩවඩාත් රත්කළාද, ඒ හේතුව නිසා ඒ හීය ඍජු වුනාද, කර්මණ්‍ය වුනාද, පසු කලෙක ඒ හී වඩුවා ඒ හී තලය ගිනි පෙණලු දෙකකින් රත්කරන්නෙ නෑ. වඩවඩාත් රත්කරන්නෙ නෑ. ඍජු කොට කර්මණ්‍ය කරන්නෙත් නෑ. මක්නිසාද යත්; පින්වත් මහණෙනි, හී වඩුවා යම්කිසි අර්ථයක් පිණිස ඒ හී තලය ගිනි පෙණෙලු දෙකකින් රත්කළාද, වඩවඩාත් රත්කළාද, ඍජු කළාද, කර්මණ්‍ය කළාද, ඔහු ඒ අර්ථය උපදවා ගත්තා. ඒ නිසයි පසුකාලෙකදී ඒ හී වඩුවා එම හී තලය ගිනි පෙණෙලු දෙකකින් රත් නොකරන්නේ. වඩවඩාත් රත් නොකරන්නේ. ඍජු නොකරන්නේ. කර්මණ්‍ය නොකරන්නේ.

ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: ‘යථාසුඛං ඛෝ මේ විහරතෝ අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති. දුක්ඛාය පන මේ අත්තානං පදහතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. යන්නූනාහං දුක්ඛාය අත්තානං පදහෙය්‍යන්ති. සෝ දුක්ඛාය අත්තානං පදහති. තස්ස දුක්ඛාය අත්තානං පදහතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. සෝ න අපරේන සමයේන දුක්ඛාය අත්තානං පදහති. තං කිස්ස හේතු: යස්ස හි සෝ භික්ඛවේ, භික්ඛු අත්ථාය දුක්ඛාය අත්තානං පදහෙය්‍ය. ස්වාස්ස අත්ථෝ අභිනිප්ඵන්නෝ හෝති. තස්මා න අපරේන සමයේන දුක්ඛාය අත්තානං පදහති. ඒවම්පි භික්ඛවේ, සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං.

පින්වත් මහණෙනි, මෙයත් ඒ වගේ තමයි. භික්ෂුව මේ විදිහටත් නුවණින් මෙනෙහි කරනවා. ‘යම් අයුරු වූ සැපයකින් වාසය කරද්දී මා තුළ අකුසල ධර්මයන් වැඩෙනවා, කුසල ධර්මයන් පිරිහී යනවා, ඒ වගේම මාගේ ජීවිතය දුකට මෙහෙයවනවා නම්, එතකොට සිදුවෙන්නේ අකුසල ධර්මයන් පිරිහී යන එක. කුසල ධර්මයන් වැඩී යන එක. එහෙම නම් මං කරන්නට තිබෙන්නේ මාගේ ජීවිතය කිසියම් දුක් සහිත වීරියකට යොදවන එකයි. ඉතින් ඔහු තම ජීවිතය දුක් සහිත වීරියක යොදවනවා. දුක් සහිත වීරියක යොදවන ඔහු තුළ අකුසල ධර්මයන් පිරිහී යනවා. කුසල ධර්මයන් වැඩී යනවා. පසු කලෙක ඔහු තම ජීවිතය දුක් සහිත වීරියක යොදවන්නේ නෑ. මක්නිසාද යත්; පින්වත් මහණෙනි, යම් අර්ථයක් උදෙසා ජීවිතය දුක් සහිත වීරියක යෙදෙව්වාද, ඔහුට එම අර්ථය සාක්ෂාත් කරගන්නට පුළුවන් වීමයි. ඒ නිසයි ඔහු පසු කාලෙක දුක් සහිත වීරිය පිණිස ජීවිතය නොයොදවන්නේ. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙනුත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

පුන ච පරං භික්ඛවේ, ඉධ තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තෝ වා අඤ්ඤතරස්මිං වා කුලේ පච්චාජාතෝ, සෝ තං ධම්මං සුත්වා තථාගතේ සද්ධං පටිලභති. සෝ තේන සද්ධාපටිලාභේන සමන්නාගතෝ ඉති පටිසඤ්චික්ඛති: ‘සම්බාධෝ ඝරාවාසෝ රජාපථෝ අබ්භෝකාසෝ පබ්බජ්ජා, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං. යන්නූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති. සෝ අපරේන සමයේන අප්පං වා භෝගක්ඛන්ධං පහාය මහන්තං වා භෝගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය විශිෂ්ට වූ ඤාණයෙන් සාක්ෂාත් කරන ලද ධර්මය දේශනා කරනවා. ඒ තථාගතයන් වහන්සේ මුල කල්‍යාණ වූ, මධ්‍යයෙහි කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන් හෙබි ධර්මය දේශනා කරනවා. මුළුමනින්ම පිරිපුන්, පිරිසිදු වූ නිවන් මඟ බඹසර ප්‍රකාශ කරනවා.

එතකොට ගෘහපතියෙක් හෝ වේවා, ගෘහපති පුත්‍රයෙක් හෝ වේවා, යම් කිසි කුලයක උපන් කෙනෙක් ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය ඇසීමෙන් පසු තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඔහු ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්තව මේ අයුරින් නුවණින් සලකා බලනවා. ‘ගෘහ වාසය කරදර සහිතයි. කෙලෙස් උපදවන මගකුයි තියෙන්නෙ. නමුත් පැවිදි බව අභ්‍යවකාශය වගෙයි. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට ඒකාන්ත පරිපූර්ණ වූ, ඒකාන්ත පාරිශුද්ධ වූ, පිරිසිදු කළ සංඛයක් බඳු වූ මේ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන එක ලෙහෙසි දෙයක් නොවෙයි. මා ගිහිගෙයින් නික්ම කෙස්, රැවුල් බහා කසාවත් දරා බුදුසසුනෙහි පැවිදි වෙන එක තමයි හොඳ’ කියා නුවණින් සලකනවා. ඉතින් ඔහු පසු කලෙක ස්වල්ප වූ දේපල වස්තුව වේවා අත්හරිනවා. මහත් වූ දේපල වස්තුව වේවා අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑ පිරිස් වේවා අත්හරිනවා. මහත් වූ නෑදෑ පිරිස් වේවා අත්හරිනවා. ගිහි ගෙයින් නික්මෙනවා. කෙස්, රැවුල් බහා කසාවත් දරා සසුනෙහි පැවිදි වෙනවා.

සෝ ඒවං පබ්බජිතෝ සමානෝ භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති, නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති, දින්නාදායී දින්නපාටිකංඛී අථේනේන සුචිභූතේන අත්තනා විහරති. අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හෝති, ආරාචාරී විරතෝ මේථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති, සච්චවාදී සච්චසන්ධෝ ථේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතෝ හෝති, ඉතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය, අමුත්‍ර වා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසං භේදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හෝති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති, යා සා වාචා නේලා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හෝති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලේන සාපදේසං පරියන්තවතිං අත්ථසංහිතං.

ඔහු ඔය අයුරින් උතුම් පැවිදි ජීවිතේ ලැබුවට පස්සේ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන ශික්ෂා පද තමනුත් රකිනවා. ප්‍රාණඝාතය දුරුකරනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු මුගුරු අත්හරිනවා. අවි ආයුධ අත්හරිනවා. ප්‍රාණඝාතය ගැන ලැජ්ජා වෙනවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. හොරකම අත්හරිනවා. හොරකමින් වළකිනවා. දුන් දේ විතරක් ගන්නවා. දුන් දේ ගැනීම විතරක් කැමති වෙනවා. සොරකමින් තොර වෙලා පිරිසිදු සිතින් වාසය කරනවා. අබ්‍රහ්මචාරී බව අත්හරිනවා. බ්‍රහ්මචාරී වෙනවා. අයහපත් හැසිරීමෙන් දුරුවෙනවා. ළාමක දෙයක් වන මෛථූනයෙන් වළකිනවා. බොරුව අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සත්‍යවාදී වෙනවා. ඇත්තෙන් ඇත්ත ගළපලා කතා කරනවා. ස්ථිර වචන කියනවා. ඇදහිය යුතු දේ කියනවා. ලෝකයා අවුල් වෙන දේ කියන්නෙ නෑ. කේළම අත්හරිනවා. කේළමින් වළකිනවා. මෙතනින් අහල මේ අය බිඳවන්න එතන එකක් කියන්නෙ නෑ. එතනින් අහල ඒ අය බිඳවන්න මෙතන කියන්නෙ නෑ. බිඳිච්ච අය සමඟි කරනවා. සමඟි වූ අය සතුටු කරවනවා. සමඟි බව ඇති කරනවා. සමඟියට කැමති වෙනවා. සමඟියේ ඇලෙනවා. සමඟි බවේ සතුටු වෙනවා. සමඟිය ඇතිවෙන දේ ම කියනවා. පරුෂ වචනය අත්හරිනවා. පරුෂ වචනයෙන් වළකිනවා. දොස් රහිත දේ කියනවා. කනට මිහිරි දේ කියනවා. සෙනෙහෙබර වචන කියනවා. හෘදයාංගම වචන කියනවා. දැන උගත් වචන කියනවා. බොහෝ ජනයා කැමති ප්‍රියමනාප වචන කියනවා. හිස් දෙඩවිලි අත්හරිනවා. හිස් දෙඩවිල්ලෙන් වළකිනවා. සුදුසු කාලයට කතා කරනවා. ඇත්ත දෙය කතා කරනවා. අර්ථවත් දේ කතා කරනවා. ධර්මය කතා කරනවා. විනය කතා කරනවා. මතක තබාගන්නට වටින දේ කතා කරනවා. නැවත නැවත සිහි කිරීමෙන් ප්‍රයෝජන ලැබෙන වචන කතා කරනවා. ඒ වගේම කරුණු සහිතව, සුදුසු කාලයට, අර්ථ සහිතව, සීමාවක් ඇතුව කතා කරනවා.

සෝ බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතෝ හෝති. ඒකභත්තිකෝ හෝති රත්තූපරතෝ විරතෝ විකාලභෝජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතෝ හෝති. මාලාගන්ධවිලේපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතෝ හෝති. උච්චාසයනමහාසයනා පටිවිරතෝ හෝති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතෝ හෝති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතෝ හෝති. ආමකමංසපටිග්ගහණා පටිවිරතෝ හෝති. ඉත්ථිකුමාරිකා පටිග්ගහණා පටිවිරතෝ හෝති. දාසිදාසපටිග්ගහණා පටිවිරතෝ හෝති. අජේළකපටිග්ගහණා පටිවිරතෝ හෝති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතෝ හෝති. හත්ථිගවාස්සවළවපටිග්ගහණා පටිවිරතෝ හෝති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතෝ හෝති. දූතෙය්‍යපහිණගමනානුයෝගා පටිවිරතෝ හෝති. කයවික්කයා පටිවිරතෝ හෝති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතෝ හෝති. උක්කෝටනවඤ්චනනිකතිසාචියෝගා පටිවිරතෝ හෝති. ඡේදනවධබන්ධනවිපරාමෝසආලෝපසහසාකාරා පටිවිරතෝ හෝති.

ඒ භික්ෂුව ගස් කොළන් වැනසීමෙන් වළකිනවා. උදේ වරුවෙහි කැප සරුප් දේ විතරක් වළඳනවා. රාත්‍රී ආහාරය වූ විකාල භෝජනයෙන් වළකිනවා. නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දර්ශනවලින් වළකිනවා. මල්, සුවඳ විලවුන්වලින් සැරසීමෙන්, හැඩ වැඩ වීමෙන් වළකිනවා. උස් අසුන් හා මහා අසුන් පරිහරණයෙන් වළකිනවා. රන්, රිදී, කහවනු ආදිය පිළිගැනීමෙන් වළකිනවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වළකිනවා. එළුවන්, බැටළුවන් පිළිගැනීමෙන් වළකිනවා. කුකුළන්, ඌරන් පිළිගැනීමෙන් වළකිනවා. ඇතුන්, ගවයන්, අශ්වයන්, වෙළඹුන් පිළිගැනීමෙන් වළකිනවා. කුඹුරු, වතුපිටි පිළිගැනීමෙන් වළකිනවා. දූතගමන් සහ ගිහියන්ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා. වෙළඳ ගණුදෙනුවලින් වළකිනවා. හොරට තරාදියෙන් කිරන එක, හොරට මනින එක ආදියෙන් වළකිනවා. අල්ලස් ගැනීම, වංචා කිරීම, එක වගේ දේ පෙන්නල රැවටීම ආදී කට්ටකම්වලින් වලකිනවා. අත් පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, මං පැහැරීම්, ගම් පැහැරීම්, සාහසිකකම් යන මේවායින් වළකිනවා.

සෝ සන්තුට්ඨෝ හෝති කායපරිහාරිකේන චීවරේන කුච්ඡිපරිහාරිකේන පිණ්ඩපාතේන. සෝ යේන යේනේව පක්කමති සමාදායේව පක්කමති. සෙය්‍යථාපි නාම පක්ඛී සකුණෝ යේන යේනේව ඩේති සපත්තභාරෝව ඩේති. ඒවමේව භික්ඛු සන්තුට්ඨෝ හෝති කායපරිහාරිකේන චීවරේන කුච්ඡිපරිහාරිකේන පිණ්ඩපාතේන. සෝ යේන යේනේව පක්කමති සමාදායේව පක්කමති. සෝ ඉමිනා අරියේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවේදේති.

ඒ භික්ෂුව ලද දෙයින් සතුටු වෙනවා. කය පොරවන සිවුරෙනුත්, කුස පිරෙන ප්‍රමාණයේ පිණ්ඩපාතයෙනුත් සතුටු වෙනවා. ඔහු යන යන තැන පාත්තරෙයි, සිවුරුයි විතරක් ගෙනියනවා. ළිහිණි කුරුල්ලෙක් යන යන තැන පියාපත් බර විතරක් අරගෙන යනවා වගෙයි. ඔන්න ඔය විදිහටයි භික්ෂුව ලද දෙයින් සතුටු වෙන්නෙ. කය පොරවන සිවුරෙනුත් කුස පිරෙන පිණ්ඩපාතෙනුත් සතුටු වෙනවා. ඔහු යම් තැනක යනවා නම්, පාත්‍ර සිවුරු විතරක් අරගෙන යනවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් සමන්විත වෙලා, නිවැරදි ජීවිතය ගැන තමන් තුළ මහත් සතුටක් ලබනවා.

සෝ චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමේනං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්‍රියං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝතේන සද්දං සුත්වා ….(පෙ)…. ඝානේන ගන්ධං ඝායිත්වා ….(පෙ)…. ජිව්හාය රසං සායිත්වා ….(පෙ)…. කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ….(පෙ)…. මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හෝති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමේනං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්ද්‍රියං මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රියසංවරේන සමන්නාගතෝ අජ්ඣත්තං අබ්‍යාසේකසුඛං පටිසංවේදේති.

ඒ භික්ෂුව ඇසින් රූප දැකල එහි සටහන් ගන්නෙ නෑ. කුඩා සටහනක්වත් ගන්නෙ නෑ. ඇස අසංවරව ඉන්න කොට, ආශාව, තරහ වගේ පාපී අකුසල් දේවල් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න දේකට පත්වෙන්නෙ නෑ. තමන්ගේ ඇස සංවර කරගන්නවා. ඇස රකිනවා. ඇසේ සංවරකමට පැමිණෙනවා. කනින් ශබ්ද අහලා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ….(පෙ)…. දිවෙන් රස දැනගෙන ….(පෙ)…. කයෙන් පහස දැනගෙන ….(පෙ)…. මනසින් අරමුණු දැනගෙන, ඒ මනස අසංවරව හිටියොත්, ආශාව, තරහ වගේ පාපී අකුසල් හට අරගෙන ප්‍රශ්න ඇතිවෙනවා නම් එබඳු නිමිති ගන්නෙ නෑ. එබඳු නිමිතිවල කුඩා සටහනක්වත් ගන්නෙ නෑ. මනසේ සංවරයට පැමිණෙනවා. මනස රකිනවා. මනස සංවර කරගන්නවා. ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින් යුතුව තමන් තුළ පීඩා රහිත වූ මහත් සැපයක් විඳිනවා.

සෝ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හෝති. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී හෝති. සෝ ඉමිනා ච අරියේන සීලක්ඛන්ධේන සමන්නාගතෝ ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතෝ ඉමිනා ච අරියේන ඉන්ද්‍රියසංවරේන සමන්නාගතෝ ඉමිනා ච අරියේන සතිසම්පජඤ්ඤේන සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භෝකාසං පලාලපුඤ්ජං.

ඉතින් ඒ භික්ෂුව ඉදිරියට යන කොට, ආපසු එන කොට මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. ඉදිරිය බලන කොට, වටපිට බලන කොට මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. අත පය හකුළන කොට, දිගහරින කොට මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. දෙපොට සිවුර, තනිපොට සිවුර, පාත්තරය පරිහරණය කරන කොට මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. යමක් වළඳන කොට, පානය කරන කොට, සපා කන කොට, රස විඳින කොට, මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. වැසිකිළි කැසිකිළි යන කොටත් මනා සිහි නුවණින් යුක්තව එය කරනවා. ඇවිදින කොට, නැවතී ඉන්න කොට, වාඩි වෙන කොට, නිදන කොට, නිදිවරන කොට, කතා කරන කොට, නිශ්ශබ්දව ඉන්න කොට, මනා සිහි නුවණින් යුක්තව එය කරනවා.

ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ වූ ලද දෙයින් සතුටු වීමකිනුත් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකිනුත් යුක්ත වෙලා, ශ්‍රේෂ්ඨ වූ සිහි කල්පනාවකිනුත් යුක්ත වෙලා දුර ඈත වන සෙනසුන්වල ඉන්නවා. අරණ්‍යවල ඉන්නවා. රුක් සෙවනෙ, පර්වතයෙ, දිය ඇලි අසල, ගිරි ගුහා, සොහොන්, වනගොමු, නිදහස් තැන්, පිදුරු ගෙවල් ආදියෙහි වාසය කරනවා.

සෝ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ අභිජ්ඣං ලෝකේ පහාය විගතාභිජ්ඣේන චේතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසෝධේති. බ්‍යාපාදපදෝසං පහාය අබ්‍යාපන්නචිත්තෝ විහරති සබ්බපාණභූතහිතානුකම්පී බ්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධේති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධෝ විහරති ආලෝකසඤ්ඤී සතෝ සම්පජානෝ ථීනමිද්ධා චිත්තං පරිසෝධේති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතෝ විහරති. අජ්ඣත්තං වූපසන්තචිත්තෝ උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධේති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡෝ විහරති අකථංකථී කුසලේසු ධම්මේසු විචිකිච්ඡාය චිත්තං පරිසෝධේති.

ඉතින් ඒ භික්ෂුව පිණ්ඩපාතය වැළඳුවට පස්සේ පළඟක් බැඳගෙන වාඩිවෙනවා. කය ඍජු කරගන්නවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා. ඔහු ජීවිතේ නම් වූ ලෝකය ගැන තියෙන ඇල්ම දුරුකරනවා. ආශාවෙන් තොර වූ සිතින් වාසය කරනවා. ආශාව බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. තරහ අත්හරිනවා. තරහ රහිත සිතින් වාසය කරනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. තරහ බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. ථීනමිද්ධය අත්හරිනවා. ථීනමිද්ධයෙන් තොරව ඉන්නවා. හොඳ සිහි කල්පනාවෙන් යුතුව ආලෝක සඤ්ඤාව ඇති කරගන්නවා. ථීනමිද්ධය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. උද්ධච්ච කුක්කුච්ච අත්හරිනවා. හිතේ ඇවිස්සීමකින් තොරව වාසය කරනවා. තමා තුළ ශාන්ත සිතක් ඇති කරගන්නවා. උද්ධච්ච කුක්කුච්ච බැහැර කරමින් සිත පිරිසිදු කරනවා. විචිකිච්ඡාව අත්හරිනවා. විචිකිච්ඡාවෙන් තොරව ඉන්නවා. කුසල් දහම් ගැන ‘කෙසේද, කෙසේද’ කියන සැකය අත්හරිනවා. සැකය බැහැර කරමින් සිත පිරිසිදු කරනවා.

සෝ ඉමේ පඤ්ච නීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඒවම්පි භික්ඛවේ, සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං.

ඒ භික්ෂුව ප්‍රඥාව දුර්වල කරන, සිතට උපක්ලේශ වූ මේ නීවරණ පහ අත්හරිනවා. ඊට පස්සෙ කාමයෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙනුත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා, අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඒවම්පි භික්ඛවේ, සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං.

විතර්ක විචාර සංසිඳුවාගෙන, තමා තුළ ප්‍රසන්න බව ඇති කරගෙන, සිතේ එකඟ බවින් යුතුව, විතර්ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය තියෙන දෙවෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙනුත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ ච සම්පජානෝ, සුඛඤ්ච කායේන පටිසංවේදේති. යං තං අරියා ආචික්ඛන්ති: ‘උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඒවම්පි භික්ඛවේ, සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං.

ඊළඟට ප්‍රීතියට ඇලෙන්නෙත් නැතුව උපේක්ෂාවෙන් යුතුව ඉන්නවා. සිහි නුවණින් යුතුව කයෙන් සැපයකුත් විඳිනවා. ආර්යන් වහන්සේලා ඒ සමාධියට මෙහෙම කියනවා. ‘උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැප සේ වාසය කරනවා’ කියලා. අන්න ඒ තුන්වෙනි ධ්‍යානයත් ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙනුත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

පුන ච පරං භික්ඛවේ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඒවම්පි භික්ඛවේ, සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං.

සැපද, දුකද නැති කිරීමෙන්, කලින්ම මානසික සැප දුක් දෙකින්ම වෙන් වෙලා, දුක් සැප රහිත පිරිසිදු උපේක්ෂාවත්, සිහියත් තියෙන හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙනුත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථීදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පඤ්චපි ජාතියෝ, දසපි ජාතියෝ වීසම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාළීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනේකේපි සංවට්ටකප්පේ අනේකේපි විවට්ටකප්පේ අනේකේපි සංවට්ටවිවට්ටකප්පේ, අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. ඒවම්පි භික්ඛවේ, සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං.

ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනාම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, ළාමක ආශා දුරුවුනාම, උපක්ලේශ නැතිවුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල්වී තිබුනාම, අකම්පිත වුනාම, තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබාගන්නට සිත මෙහෙයවනවා. එතකොට ඔහු නොයෙක් ආකාරයෙන් අතීත ජීවිත ගත කළ හැටි සිහිකරනවා. ඒ කියන්නෙ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සීයක්, ජීවිත දාහක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප ගණන් සිහිකරනවා. ‘ඒ කාලෙ මගේ නම මේකයි, ගෝත්‍රය මේකයි, හැඩ රුව මෙහෙමයි, මේවා තමයි කෑවෙ බිව්වෙ, සැප දුක් වින්ඳෙ මෙහෙමයි. මැරිලා ගියේ මෙහෙමයි. ඒ මං එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා. එතනදි මගේ නම මේකයි. ගෝත්‍රය මේකයි. හැඩරුව මෙහෙමයි. මේවා තමයි කෑවෙ බිව්වෙ. සැප දුක් වින්ඳෙ මෙහෙමයි. මැරිල ගියේ මෙහෙමයි. ඒ මං එතනින් චුත වෙලා මෙතන උපන්නා.’ ඔය විදිහට කරුණු සහිතව, පැහැදිලි විස්තර ඇතිව, නොයෙක් ආකාරයෙන් තමන් ගත කළ අතීත ජීවිත ගැන සිහිකරනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙනුත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති: ‘ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා’ති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති. ඒවම්පි භික්ඛවේ, සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං.

ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනාම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, ළාමක ආශා දුරුවුනාම, උපක්ලේශ නැතිවුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල්වී තිබුනාම, අකම්පිත වුනාම, සත්වයන් චුත වෙන, උපදින හැටි දැකීමේ නුවණ ලබාගන්නට සිත මෙහෙයවනවා. එතකොට ඔහු සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන් දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. ‘අනේ, මේ භවත් සත්වයින් කයින් දුසිරිත් කරලා, වචනින් දුසිරිත් කරලා, මනසින් දුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරමින් ඉඳලා, කය බිඳී මැරුණට පස්සේ අපායෙ ඉපදිලා ඉන්නවා. දුගතියෙ ඉපදිලා ඉන්නවා. විනිපාත කියන නිරයෙ ඉපදිලා ඉන්නවා’ කියල. ඒ වගේම ‘මේ භවත් සත්වයන් කයින් සුචරිතයේ යෙදිලා, වචනයෙන් සුචරිතයේ යෙදිලා, මනසින් සුචරිතයේ යෙදිලා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්මා දිට්ඨිය ඇතුව ඉඳලා, සම්මා දිට්ඨියෙන් යුක්ත ක්‍රියාවල යෙදිලා, කය බිඳී මැරුණට පස්සේ සුගතිය කියන යහපත් ලෝකෙ ඉපදිලා ඉන්නවා’ කියලා. මේ විදිහට සාමාන්‍ය මිනිසුන්ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගතිවල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙනුත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයෝති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරෝධෝති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමේ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයෝති යථාභූතං පජානාති. අයං ආසවනිරෝධෝති යථාභූතං පජානාති. අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චති භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. “ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති පජානාති. ඒවම්පි ඛෝ භික්ඛවේ, සඵලෝ උපක්කමෝ හෝති සඵලං පධානං.

ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනාම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, ළාමක අකුසල් දුරුවුනාම, උපක්ලේශ නැති වුනාම, හිත මෘදු වුනාම, අවබෝධයට සුදුසු වුනාම, නොසෙල්වී තිබුනාම, අකම්පිත වුනාම, ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබා ගන්න සිත මෙහෙයවනවා. ඉතින් ඒ භික්ෂුව ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි දුක් නැති වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රවයන්ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා.

ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැනගන්න කොට, යථාර්ථය දැකගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුණාම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම නැතිවුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා. පින්වත් මහණෙනි, ඔය විදිහටත් උපක්‍රමය සාර්ථක වෙනවා. පධන් වීර්යය සාර්ථක වෙනවා.

ඒවංවාදී භික්ඛවේ, තථාගතෝ. ඒවංවාදිං භික්ඛවේ තථාගතං දස සහධම්මිකා පාසංසට්ඨානා ආගච්ඡන්ති: සචේ භික්ඛවේ සත්තා පුබ්බේකතහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ තථාගතෝ පුබ්බේ සුකතකම්මකාරී, යං ඒතරහි ඒවරූපා අනාසවා සුඛා වේදනා වේදේති. සචේ භික්ඛවේ, සත්තා ඉස්සරනිම්මානහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති අද්ධා භික්ඛවේ, තථාගතෝ භද්දකේන ඉස්සරේන නිම්මිතෝ, යං ඒතරහි ඒවරූපා අනාසවා සුඛා වේදනා වේදේති. සචේ භික්ඛවේ, සත්තා සංගතිභාවහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ, තථාගතෝ කල්‍යාණසංගතිකෝ, යං ඒතරහි ඒවරූපා අනාසවා සුඛා වේදනා වේදේති. සචේ භික්ඛවේ, සත්තා අභිජාතිහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ තථාගතෝ කල්‍යාණාභිජාතිකෝ, යං ඒතරහි ඒවරූපා අනාසවා සුඛා වේදනා වේදේති. සචේ භික්ඛවේ, සත්තා දිට්ඨධම්මූපක්කමහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, අද්ධා භික්ඛවේ, තථාගතෝ කල්‍යාණදිට්ඨධම්මූපක්කමෝ, යං ඒතරහි ඒවරූපා අනාසවා සුඛා වේදනා වේදේති.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ගේ මත ප්‍රකාශය ඔය විදිහයි. ඉතින් පින්වත් මහණෙනි, මෙබඳු මත ප්‍රකාශයකින් යුතු තථාගතයන් වහන්සේ කරුණු සහිතව දස වැදෑරුම් තැනකදී ප්‍රශංසාවට පාත්‍ර වෙනවා. එනම්,

පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ පෙර කරන ලද කර්මයන් නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේ පෙර නොයෙක් පුණ්‍ය කර්මයන් කොට තිබෙනවා. තථාගතයන් වහන්සේ විසින් දැන් මෙබඳු වූ ආශ්‍රව රහිත, සැප විඳීම් විඳින්නේ ඒ නිසයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ දේව මැවිල්ලක් නිසාවෙන් නම් පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේ මවා තිබෙන්නේ ඉතා යහපත් වූ දෙවි කෙනෙකු විසිනුයි. තථාගතයන් වහන්සේ විසින් දැන් මෙබඳු වූ ආශ්‍රව රහිත, සැප විඳීම් විඳින්නේ ඒ නිසයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු දෛවයක් නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේට කල්‍යාණ වූ දෛවයක් තිබෙනවා. තථාගතයන් වහන්සේ විසින් දැන් මෙබඳු වූ ආශ්‍රව රහිත, සැප විඳීම් විඳින්නේ ඒ නිසයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ උපත ලබන විශේෂ ක්‍රමයක් නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේ කල්‍යාණ වූ විශේෂ ක්‍රමයකින් උපත ලබා තිබෙනවා. තථාගතයන් වහන්සේ විසින් දැන් මෙබඳු වූ ආශ්‍රව රහිත, සැප විඳීම් විඳින්නේ ඒ නිසයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ මෙහිදීම කරන ලද උපක්‍රම නිසාවෙන් නම්, පින්වත් මහණෙනි, ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේ මෙහිදීම කරන ලද කල්‍යාණ වූ උපක්‍රමයන්ගෙන් යුක්තයි. තථාගතයන් වහන්සේ විසින් දැන් මෙබඳු වූ ආශ්‍රව රහිත, සැප විඳීම් විඳින්නේ ඒ නිසයි.

සචේ භික්ඛවේ, සත්තා පුබ්බේකතහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. නෝ චේ සත්තා පුබ්බේකතහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. සචේ භික්ඛවේ, සත්තා ඉස්සරනිම්මානහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. නෝ චේ සත්තා ඉස්සරනිම්මානහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. සචේ භික්ඛවේ, සත්තා සංගතිභාවහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. නෝ චේ සත්තා සංගතිභාවහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. සචේ භික්ඛවේ, සත්තා අභිජාතිහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. නෝ චේ සත්තා අභිජාතිහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. සචේ භික්ඛවේ, සත්තා දිට්ඨධම්මූපක්කමහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. නෝ චේ සත්තා දිට්ඨධම්මූපක්කමහේතු සුඛදුක්ඛං පටිසංවේදෙන්ති, පාසංසෝ තථාගතෝ. ඒවංවාදී භික්ඛවේ තථාගතා. ඒවංවාදිං භික්ඛවේ, තථාගතං ඉමේ දස සහධම්මිකා පාසංසට්ඨානා ආගච්ඡන්තී’ති.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ පෙර කරන ලද කර්මයන් නිසාවෙන් නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ පෙර කරන ලද කර්මයන් නිසා නොවෙයි නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ දේව මැවිල්ලක් නිසාවෙන් නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ දේව මැවිල්ලක් නිසා නොවෙයි නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ අනිවාර්යයෙන් ම මුහුණ දිය යුතු දෛවයක් නිසාවෙන් නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ අනිවාර්යයෙන් ම මුහුණ දිය යුතු දෛවයක් නිසා නොවෙයි නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ උපත ලබන විශේෂ ක්‍රමයක් නිසාවෙන් නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ උපත ලබන විශේෂ ක්‍රමයක් නිසා නොවෙයි නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ මෙහිදීම කරන ලද උපක්‍රම නිසාවෙන් නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

ඉදින් පින්වත් මහණෙනි, සත්වයන් සැප, දුක් විඳින්නේ මෙහිදීම කරන ලද උපක්‍රම නිසා නොවෙයි නම්, එකරුණින් ද තථාගතයන් වහන්සේ ප්‍රශංසා ලැබිය යුතුයි.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ මත ප්‍රකාශය ඔය විදිහයි. ඉතින් පින්වත් මහණෙනි, මෙබඳු මත ප්‍රකාශයකින් යුතු තථාගතයන් වහන්සේ කරුණු සහිතව මේ දස වැදෑරුම් තැනකදී ප්‍රශංසාවට පාත්‍ර වෙනවා.

ඉදමවෝච භගවා, අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

දේවදහසුත්තං පඨමං.

දේවදහ නගරයේදී වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn3_3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M