මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.5.10. සංගාරව සුත්තං

2.5.10. සංගාරව මාණවකයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං තේන ඛෝ පන සමයේන ධනඤ්ජානී නාම බ්‍රාහ්මණී මණ්ඩලකප්පේ පටිවසති අභිප්පසන්නා බුද්ධේ ච ධම්මේ ච සංඝේ ච අථ ඛෝ ධනඤ්ජානී බ්‍රාහ්මණී උපක්ඛලිත්වා තික්ඛත්තුං උදානං උදානේසි: ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්සා’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂුසංඝයා සමඟ කෝසල ජනපදයෙහි චාරිකාවෙහි වඩිමින් සිටියා. එසමයෙහි ධනඤ්ජානි නම් බැමිණිය මණ්ඩලකප්ප ගමෙහි වාසය කළා. ඇය බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ශ්‍රී සද්ධර්මය කෙරෙහිත්, ආර්ය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහිත් නො සෙල්වෙන පැහැදීමෙන් යුක්තයි. එදා ධනඤ්ජානි බැමිණිය පය පැකිලී වැටෙන්නට ගිය මොහොතේ තුන් වරක් උදානයක් ප්‍රකාශ කළා. “ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!” කියල.

තේන ඛෝ පන සමයේන සංගාරවෝ නාම මාණවෝ මණ්ඩලකප්පේ පටිවසති තිණ්ණං වේදානං පාරගූ සනිඝණ්ඩුකේටුභානං සාක්ඛරප්පභේදානං ඉතිහාසපඤ්චමානං පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායතමහාපුරිසලක්ඛණේසු අනවයෝ. අස්සෝසි ඛෝ සංගාරවෝ මාණවෝ ධනඤ්ජානියා බ්‍රාහ්මණියා ඒවං වාචං භාසමානාය, සුත්වා ධනඤ්ජානිං බ්‍රාහ්මණිං ඒතදවෝච: අවභූතාව අයං ධනඤ්ජානී බ්‍රාහ්මණී පරිභූතාව අයං ධනඤ්ජානී බ්‍රාහ්මණී විජ්ජමානානං බ්‍රාහ්මණානං. අථ ච පන තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසතීති.

එවේලෙහි සංගාරව නම් බ්‍රාහ්මණ මාණවකයා ද මණ්ඩලකප්ප ගමෙහි සිටියා. ඔහු ඍග්, යජූර්, ශ්‍යාම් යන ත්‍රිවේද පාරප්‍රාප්ත යි. නිඝණ්ඩු, ඛේඨූභ, අක්ෂර ප්‍රභේද හා ඉතිහාසය පස්වෙනි කොට ඇති පද ව්‍යාකරණ ආදියත්, ලෝකායත මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ත් පිළිබඳව හසළ නුවණ තියෙනවා. ඒ සංගාරව මාණවකයා ධනඤ්ජානි බැමිණිය ගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම ගැන අසා ධනඤ්ජානි බැමිණියට මෙය පැවසුවා. “මේ ධනඤ්ජානි බැමිණිය කිසි දියුණුවක් ලබල නැහැ. විනාශ වෙලා ගිහින්. මේ ධනඤ්ජානි බැමිණිය මෙච්චර අගේ ඇති බ්‍රාහ්මණයන් සිටිද්දී හිස මුඩු කළ ශ්‍රමණයෙකු ගේ ගුණ කියනවා නෙව.”

න හි පන ත්වං තාත භද්‍රමුඛ, තස්ස භගවතෝ සීලපඤ්ඤාණං ජානාසි. සචේ ත්වං තාත භද්‍රමුඛ, තස්ස භගවතෝ සීලපඤ්ඤාණං ජානෙය්‍යාසි, න ත්වං තාත භද්‍රමුඛ, තං භගවන්තං අක්කෝසිතබ්බං පරිභාසිතබ්බං මඤ්ඤෙය්‍යාසීති.

“පුත, සොඳුරු මුව ඇති තැනැත්ත, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ උත්තම සීලයත්, ප්‍රඥාවත් නුඹ දන්නේ නැහැ නෙව. ඉතින් පුත, සොඳුරු මුව ඇති තැනැත්ත, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ උත්තම සීලයත්, ප්‍රඥාවත් නුඹ දන්නවා නම්, පුත, සොඳුරු මුව ඇති තැනැත්ත, නුඹ ඒ භාග්‍යවතුන් වහන්සේ ආක්‍රෝශ කළ යුත්තෙකු වශයෙන්, පරිභව කළ යුත්තෙකු වශයෙන් සිතන්නෙ නැහැ.”

තේන හි භෝති, යදා සමණෝ ගෝතමෝ මණ්ඩලකප්පං අනුප්පත්තෝ හෝති. අථ මේ ආරෝචෙය්‍යාසීති. ඒවං භද්‍රමුඛාති ඛෝ ධනඤ්ජානී බ්‍රාහ්මණී සංගාරවස්ස මාණවස්ස පච්චස්සෝසි.

“එසේ වී නම් භවතී, යම් දවසක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මණ්ඩලකප්ප ග්‍රාමයට වැඩියොත් මටත් කියන්න.” “එසේය, සොඳුරු මුව ඇති තැනැත්ත” කියල ධනඤ්ජානි බැමිණිය සංගාරව මාණවකයාට පිළිතුරු දුන්නා.

අථ ඛෝ භගවා කෝසලේසු අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන මණ්ඩලකප්පං තදවසරි. තත්‍ර සුදං භගවා මණ්ඩලකප්පේ විහරති තෝදෙය්‍යානං බ්‍රාහ්මණානං අම්බවනේ. අස්සෝසි ඛෝ ධනඤ්ජානී බ්‍රාහ්මණී. ‘භගවා කිර මණ්ඩලකප්පං අනුප්පත්තෝ මණ්ඩලකප්පේ විහරති තෝදෙය්‍යානං බ්‍රාහ්මණානං අම්බවනේ’ති.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි අනුපිළිවෙලින් චාරිකාවෙහි සැරිසරා වඩිමින් මණ්ඩලකප්ප ග්‍රාමයට පැමිණුනා. එහිදී භාග්‍යවතුන් වහන්සේ මණ්ඩලකප්ප ග්‍රාමයෙහි තෝදෙය්ය බ්‍රාහ්මණයා ගේ අඹ වනයෙහි වැඩවාසය කළා. ධනඤ්ජානි බ්‍රාහ්මණියට ‘භාග්‍යවතුන් වහන්සේ මණ්ඩලකප්ප ගමට වැඩමකොට මණ්ඩලකප්පයෙහි තෝදෙය්ය බ්‍රාහ්මණයා ගේ අඹවනයෙහි වැඩඉන්නවා’ කියලා අසන්නට ලැබුනා.

අථ ඛෝ ධනඤ්ජානී බ්‍රාහ්මණී යේන සංගාරවෝ මාණවෝ, තේනුපසංකමි, උපසංකමිත්වා සංගාරවං මාණවං ඒතදවෝච: ‘අයං තාත භද්‍රමුඛ, සෝ භගවා මණ්ඩලකප්පං අනුප්පත්තෝ, මණ්ඩලකප්පේ විහරති තෝදෙය්‍යානං බ්‍රාහ්මණානං අම්බවනේ. යස්සදානි ත්වං තාත භද්‍රමුඛ, කාලං මඤ්ඤසීති.

එවිට ධනඤ්ජානි බැමිණිය සංගාරව මාණවකයා වෙත ගියා. ගිහින් සංගාරව මාණවකයාට මෙය පැවසුවා. “පුත, භද්‍රමුඛය, අන්න ඒ භාග්‍යවතුන් වහන්සේ මණ්ඩලකප්පයට වැඩියා නෙව. මණ්ඩලකප්පයෙහි තෝදෙය්ය බ්‍රාහ්මණයා ගේ අඹවනයෙහි වැඩසිටිනා සේක. පුත, භද්‍රමුඛය, දැන් යමකට කාලය නම් එය දත මැනැව.”

‘ඒවං භෝතී’ති ඛෝ සංගාරවෝ මාණවෝ ධනඤ්ජානියා බ්‍රාහ්මණියා පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සංගාරවෝ මාණවෝ භගවන්තං ඒතදවෝච:

“එසේය භවතී” කියා සංගාරව මාණවකයා ධනඤ්ජානි බැමිණියට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාව කොට නිමවා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩි වූ සංගාරව මාණවකයා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙය ඇසුවා.

‘සන්ති ඛෝ භෝ ගෝතම, ඒකේ සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මාභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා ආදිබ්‍රහ්මචරියං පටිජානන්ති. තත්‍ර භෝ ගෝතම, යේ තේ සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මාභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා ආදිබ්‍රහ්මචරියං පටිජානන්ති, තේසං භවං ගෝතමෝ කතමෝ’ති?

“භවත් ගෞතමයන් වහන්ස, මේ ජීවිතයේ දී ම විශේෂ නුවණක් උපදවාගෙන තම වැඩපිළිවෙලෙහි මුදුනට ම පැමිණිය හැකි, නිවනට මුල් වූ දෙයක් ගැන ප්‍රතිඥා දෙනවා නම්, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඉතින් භවත් ගෞතමයන් වහන්ස, එහිලා මේ ජීවිතයේ දී ම විශේෂ නුවණක් උපදවාගෙන තම වැඩපිළිවෙලෙහි මුදුනට ම පැමිණිය හැකි, නිවනට මුල් වූ දෙයක් ගැන ප්‍රතිඥා දෙනවා නම් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් භවත් ගෞතමයන් වහන්සේ කවරෙක් ද?”

දිට්ඨධම්මාභිඤ්ඤාවෝසානපාරමිප්පත්තානං ආදිබ්‍රහ්මචරියං පටිජානන්තානම්පි ඛෝ අහං භාරද්වාජ, වේමත්තතං වදාමි. සන්ති භාරද්වාජ, ඒකේ සමණබ්‍රාහ්මණා අනුස්සවිකා, තේ අනුස්සවේන දිට්ඨධම්මාභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා ආදිබ්‍රහ්මචරියං පටිජානන්ති සෙය්‍යථාපි බ්‍රාහ්මණා තේවිජ්ජා. සන්ති පන භාරද්වාජ, ඒකේ සමණබ්‍රාහ්මණා කේවලං සද්ධාමත්තකේන දිට්ඨධම්මාභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා ආදිබ්‍රහ්මචරියං පටිජානන්ති සෙය්‍යථාපි තක්කී වීමංසී. සන්ති භාරද්වාජ, ඒකේ සමණබ්‍රාහ්මණා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය දිට්ඨධම්මාභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා ආදිබ්‍රහ්මචරියං පටිජානන්ති.

“මේ ජීවිතයේ දී ම විශේෂ නුවණක් උපදවාගෙන තම වැඩපිළිවෙලෙහි මුදුනට ම පැමිණිය හැකි, නිවනට මුල් වූ දෙයක් ගැන ප්‍රතිඥා දෙනවා නම්, පින්වත් භාරද්වාජය, ඔවුන් අතරේ වෙනස්කම් තියෙනවා කියලයි මා කියන්නේ.

පින්වත් භාරද්වාජ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා ඔවුන් ගන්නේ අනුන්ගෙන් අසා දැනගත් දෙයක්. ඉතින් ඔවුන් ඒ අනුන්ගෙන් අසා දැනගත් දේ තුළින් මේ ජීවිතයේ දී ම විශේෂ නුවණක් උපදවාගෙන තම වැඩපිලිවෙලෙහි මුදුනට ම පැමිණිය හැකි, නිවනට මුල් වූ දෙයක් ගැන ප්‍රතිඥා දෙනවා. එය ත්‍රිවේදප්‍රාප්ත බ්‍රාහ්මණයන් වගෙයි.

ඒ වගේ ම පින්වත් භාරද්වාජ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා ඔවුන් ගන්නේ හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයකින්. ඉතින් ඔවුන් ඒ තුළින් මේ ජීවිතයේ දී ම විශේෂ නුවණක් උපදවාගෙන තම වැඩපිළිවෙලෙහි මුදුනට ම පැමිණිය හැකි, නිවනට මුල් වූ දෙයක් ගැන ප්‍රතිඥා දෙනවා. තර්කග්‍රාහී වූ ත්, වීමංසක වූ ත් බ්‍රාහ්මණයන් වගෙයි.

ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා ඔවුන් ගන්නේ තමා තුළින් ම උපදවා ගත් පෙර නො ඇසූ විරූ ධර්මයන් පිළිබඳව විශිෂ්ට වූ ඤාණයක්. ඉතින් ඔවුන් ඒ තුළින් මේ ජීවිතයේ දී ම විශේෂ නුවණක් උපදවාගෙන තම වැඩපිළිවෙලෙහි මුදුනට ම පැමිණිය හැකි, නිවනට මුල් වූ දෙයක් ගැන ප්‍රතිඥා දෙනවා.

තත්‍ර භාරද්වාජ, යේ තේ සමණබ්‍රාහ්මණා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය දිට්ඨධම්මාභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා ආදිබ්‍රහ්මචරියං පටිජානන්ති. තේසාහමස්මි. තදමිනාපේතං භාරද්වාජ, පරියායේන වේදිතබ්බං: යථා යේ තේ සමණබ්‍රාහ්මණා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය දිට්ඨධම්මාභිඤ්ඤාවෝසානපාරමිප්පත්තා ආදිබ්‍රහ්මචරියං පටිජානන්ති, තේසාහමස්මීති.

එහිලා පින්වත් භාරද්වාජය, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා ඔවුන් ගන්නේ තමා තුළින් ම උපදවා ගත් පෙර නො ඇසූ විරූ ධර්මයන් පිළිබඳව විශිෂ්ට වූ ඤාණයක්. ඉතින් ඔවුන් ඒ තුළින් මේ ජීවිතයේ දී ම විශේෂ නුවණක් උපදවාගෙන තම වැඩපිලිවෙලෙහි මුදුනට ම පැමිණිය හැකි, නිවනට මුල් වූ දෙයක් ගැන ප්‍රතිඥා දෙනවා නම් මා ඔවුන් අතර කෙනෙක්.

පින්වත් භාරද්වාජ, එය මේ අයුරිනුත් තේරුම් ගන්නට පුළුවනි. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා ඔවුන් ගන්නේ තමා තුළින් ම උපදවා ගත් පෙර නො ඇසූ විරූ ධර්මයන් පිළිබඳව විශිෂ්ට වූ ඤාණයක්. ඉතින් ඔවුන් ඒ තුළින් මේ ජීවිතයේ දී ම විශේෂ නුවණක් උපදවාගෙන තම වැඩපිළිවෙලෙහි මුදුනට ම පැමිණිය හැකි, නිවනට මුල් වූ දෙයක් ගැන ප්‍රතිඥා දෙනවා නම් ඔවුන් අතර මා කෙනෙක් වන්නේ කොහොම ද කියලා.

ඉධ මේ භාරද්වාජ, පුබ්බේව සම්බෝධා අනභිසම්බුද්ධස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතදහෝසි: සම්බාධෝ ඝරාවාසෝ රජාපථෝ, අබ්භෝකාසෝ පබ්බජ්ජා, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා ඒකන්තපරිපුණ්ණං ඒකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං, යන්නූනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය’න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, අපරේන සමයේන දහරෝව සමානෝ සුසුකාළකේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ කිංකුසලගවේසී අනුත්තරං සන්තිවරපදං පරියේසමානෝ යේන ආළාරෝ කාලාමෝ තේනුපසංකමිං, උපසංකමිත්වා ආළාරං කාලාමං ඒතදවෝචං: “ඉච්ඡාමහං ආවුසෝ කාලාම, ඉමස්මිං ධම්මවිනයේ බ්‍රහ්මචරියං චරිතු”න්ති. ඒවං වුත්තේ භාරද්වාජ, ආළාරෝ කාලාමෝ මං ඒතදවෝච: “විහරතායස්මා තාදිසෝ අයං ධම්මෝ, යත්ථ විඤ්ඤූ පුරිසෝ න චිරස්සේව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා”ති. සෝ ඛෝ අහං භාරද්වාජ, න චිරස්සේව ඛිප්පමේව තං ධම්මං පරියාපුණිං. සෝ ඛෝ අහං භාරද්වාජ, තාවතකේනේව ඔට්ඨප්පහතමත්තේන ලපිතලාපනමත්තේන ඤාණවාදඤ්ච වදාමි ථේරවාදඤ්ච ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චේව අඤ්ඤේ ච. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “න ඛෝ ආළාරෝ කාලාමෝ ඉමං ධම්මං කේවලං සද්ධාමත්තකේන ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේති. අද්ධා ආළාරෝ කාලාමෝ ඉමං ධම්මං ජානං පස්සං විහරතී”ති.

පින්වත් භාරද්වාජය, සම්බුද්ධත්වයට පත්වන්නට කලින් සම්බුදු නො වී බෝධිසත්ව අවස්ථාවේ සිටිය දී ම මට මේ අදහස ඇතිවුනා. ‘ගෘහවාසය කරදර සහිතයි. ක්ලේශ මාර්ගයක්. නමුත් පැවිද්ද වනාහී අහස වගෙයි. එනිසා ඒකාන්ත පරිපූර්ණ වූ, ඒකාන්ත පාරිශුද්ධ වූ පිරිසිදු කරන ලද සංඛයක් වැනි වූ නිවන් මග හැසිරෙන්නට ගිහි ගෙදර ජීවත් වෙමින් නම් කිරීම ලෙහෙසි දෙයක් නො වෙයි. එනිසා මං කෙස් රැවුල් බහා කසාවත් පොරවා ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වෙනවා නම් තමයි හොඳ’ කියල.

ඉතින් පින්වත් භාරද්වාජ, ඒ මං පස්සෙ කාලෙක තරුණ වයසේ සිටිය දී කළු කෙස් ඇතිව සිටිය දී, භද්‍ර වූ යොවුන් වියෙහි ප්‍රථම වයසෙහි සිටිය දී මව් පියන් අකමැති වෙද්දී, කඳුළු වැගුරූ මුහුණින් යුතුව ඔවුන් හඬද්දී, ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දට පත්වුනා. මෙසේ මං පැවිදි ව ‘කිං කුසල ගවේසී’ ව කුසල් කුමක් ද යන්න සොයමින්, අනුත්තර වූ නිර්වාණ ශාන්තිය සොයමින් ආළාරකාලාමයන් වෙත පැමිණුනා. පැමිණ ආළාරකාලාමට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් කාලාම, මං කැමති යි මේ ධර්ම විනයෙ බඹසර හැසිරෙන්නට” කියල.

එතකොට පින්වත් භාරද්වාජ, ආළාර කාලාම මට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, එහෙම නම් මේ ධර්මයේ බඹසර හැසිරෙන්න. බුද්ධිමත් කෙනෙකුට සුළු කලක දී මේ ධර්මය තමා තුළින් ම තේරුම් අරගෙන සාක්ෂාත් කරල ඉන්නට පුළුවනි” කියල. පින්වත් භාරද්වාජ, මං ඉතා ම සුළු කලකින් වහා ම ඒ ධර්මය ඉගෙන ගත්තා. පින්වත් භාරද්වාජ, මං ඔවුන් තොල් සොලවා යමක් කියන පමණින් ම ඒක තේරුම් ගත්තා. ඔවුන් ගේ ධර්ම ක්‍රමය තේරුම් ගත්තා. ඒ දේ දන්න කෙනෙක්, දකින කෙනෙක් බවට පත් වුනා. අනිත් උදවියත් මං ගැන එහෙම කිව්වා.

එතකොට පින්වත් භාරද්වාජ, මට මෙහෙම හිතුනා. ‘ඔය ආළාර කාලාම මේ ධර්මය කියන්නෙ හුදෙක් ශ්‍රද්ධාවකින් පමණක් ම නො වෙයි. තමන් ම අවබෝධ කරල, සාක්ෂාත් කරල ඉඳගෙන යි ඔය කියන්නෙ. ඇත්තෙන් ම ඔය ආළාර කාලාම මේ ධර්මය දැනගෙන, දැකගෙන ඉන්න කෙනෙක්.’

අථ ඛ්වාහං භාරද්වාජ, යේන ආළාරෝ කාලාමෝ තේනුපසංකමිං. උපසංකමිත්වා ආළාරං කාලාමං ඒතදවෝචං: “කිත්තාවතා නෝ ආවුසෝ කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේමී”ති. ඒවං වුත්තේ භාරද්වාජ, ආළාරෝ කාලාමෝ ආකිඤ්චඤ්ඤායතනං පවේදේසි. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “න ඛෝ ආළාරස්සේව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛෝ ආළාරස්සේව කාලාමස්ස අත්ථි විරියං ….(පෙ)…. සති ….(පෙ)…. සමාධි ….(පෙ)…. පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං ආළාරෝ කාලාමෝ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේති, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, න චිරස්සේව ඛිප්පමේව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.

ඉතින් පින්වත් භාරද්වාජ, මං ආළාර කාලාම ළඟට ගියා. ගිහින් ආළාර කාලාම ගෙන් මෙහෙම ඇහුවා. “ආයුෂ්මත් කාලාම, ඔබේ අවබෝධය තුළින් ම සාක්ෂාත් කරගෙන තියෙන මේ ධර්මය කොච්චර දුරට කියන්න පුළුවන් ද?” කියල. පින්වත් භාරද්වාජ, ආළාර කාලාම මට ‘ආකිඤ්චඤ්ඤායතන සමාධිය’ ගැන කිව්වා.

එතකොට මට මෙහෙම හිතුනා. ‘ඉතින් ආළාර කාලාමට විතරක් නො වෙයි ශ්‍රද්ධාව තියෙන්නෙ. මටත් ශ්‍රද්ධාව තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නො වෙයි වීරිය තියෙන්නෙ. මටත් වීරිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නො වෙයි සිහිය තියෙන්නෙ. මටත් සිහිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නෙවෙයි සමාධිය තියෙන්නෙ. මටත් සමාධිය තියෙනවා නෙව. ආළාර කාලාමට විතරක් නො වෙයි ප්‍රඥාව තියෙන්නෙ. මටත් ප්‍රඥාව තියෙනවා නෙව. ඉතින් එහෙනම් මමත් ආළාර කාලාම තමන් ගෙ නුවණින් සාක්ෂාත් කරල ඉඳගෙන කියන දේ සාක්ෂාත් කරන්නට වීරිය ගන්නට ඕන’ කියල. පින්වත් භාරද්වාජ, ටික දවසකින් ම ඉතා ඉක්මනින් ම මමත් ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට පැමිණ වාසය කළා.

අථ ඛ්වාහං භාරද්වාජ, යේන ආළාරෝ කාලාමෝ තේනුපසංකමිං, උපසංකමිත්වා ආළාරං කාලාමං ඒතදවෝචං: “එත්තාවතා නෝ ආවුසෝ කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේසී”ති. එත්තාවතා ඛෝ අහං ආවුසෝ, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේමී’ති. අහම්පි ඛෝ ආවුසෝ එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ලාභා නෝ ආවුසෝ, සුලද්ධං නෝ ආවුසෝ යේ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම ඉති, යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේමි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේමි. ඉති යාහං ධම්මං ජානාමි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තමහං ධම්මං ජානාමි. ඉති යාදිසෝ අහං, තාදිසෝ තුවං. යාදිසෝ තුවං, තාදිසෝ අහං. ඒහි දානි ආවුසෝ, උභෝ’ව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛෝ භාරද්වාජ, ආළාරෝ කාලාමෝ ආචරියෝ මේ සමානෝ අත්තනෝ අන්තේවාසිං මං සමානං අත්තනෝ සමසමං ඨපේසි, උළාරාය ච මං පූජාය පූජේසි. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “නායං ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති, යාවදේව ආකිඤ්චඤ්ඤායතනූපපත්තියා”ති. සෝ ඛෝ අහං භාරද්වාජ, තං ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.

එතකොට පින්වත් භාරද්වාජ, මං ආළාර කාලාම ළඟට ගියා. ගිහින් මං මෙහෙම කිව්වා. “ආයුෂ්මත් කාලාම, අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන ඔබ ඔය කියන ධර්මය ඔච්චර යි ද?”

“ප්‍රිය අයුෂ්මතුනි, මං අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන කියන ධර්මය ඔච්චර තමයි.”

ඉතින් ආයුෂ්මතුනි, දැන් ඔය ධර්මය මමත් අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන ඉන්නවා නෙව.”

“අනේ ඇත්තට ම ආයුෂ්මතුනි, ඕක ලාභයක්. ආයුෂ්මතුනි, ඕක අපිට හරි ලාභයක්. ආයුෂ්මතුන් වගේ සබ්‍රහ්මචාරීන් කෙනෙක් අපටත් දැකගන්නට ලැබුනා. යම් දෙයක් මං අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ඉන්නවා නම්, ඒ දේ ඔබත් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන යි ඉන්නෙ. යම් ධර්මයක් ඔබ අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඉන්නව නම්, ඒ ධර්මය මමත් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන යි ඉන්නෙ. එහෙම නම් ඉතින් යම් ධර්මයක් මම දන්නවා නම් ඒ ධර්මය ඔබත් දන්නවා. යම් ධර්මයක් ඔබ දන්නවා නම්, ඒ ධර්මය මමත් දන්නවා. මම යම් විදියක නම් ඔබත් ඒ විදිය යි. ඔබ යම් විදියක නම් මමත් ඒ විදිය යි. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, දැන් එන්න. අපි දෙන්න එකතු වෙලා මේ පිරිස බලා හදාගෙන ඉඳිමු.”

ඉතින් පින්වත් භාරද්වාජ, මගේ ගුරුවරයාව සිටි ආළාර කාලාම, ගෝලයා වෙලා මාව තමන් හා සමාන තැනක තිබ්බා. උතුම් පුද පූජාවල් කළා. ඒත් පින්වත් භාරද්වාජ, මං හිතන්න පටන් ගත්තා. ‘මේ ධර්මය නම් අවබෝධයෙන් ම කළකිරීමට හේතු වෙන්නෙ නෑ. නො ඇල්ම පිණිස හේතු වෙන්නෙ නෑ. දුක් නැති වෙන්ට හේතු වෙන්නෙ නෑ. කෙලෙස් සංසීඳීම පිණිස හේතු වෙන්නෙ නෑ. විශේෂ ඥානයට හේතු වෙන්නෙ නෑ. ආර්ය සත්‍යය අවබෝධයට හේතු වෙන්නෙ නෑ. නිවනට හේතු වෙන්නෙ නෑ. මේ ධර්මය හේතු වෙන්නෙ ආකිඤ්චඤ්ඤායතන ලෝකෙ උපදින්නට විතර යි’ කියල. පින්වත් භාරද්වාජ, ඉතින් මම ඒ ධර්මයේ ඇත්ත දැකල ඒ ධර්මය ගැන කලකිරුණා. එතන දාල ගියා.

සෝ ඛෝ අහං භාරද්වාජ, කිංකුසලගවේසී අනුත්තරං සන්තිවරපදං පරියේසමානෝ යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංකමිං. උපසංකමිත්වා උදකං රාමපුත්තං ඒතදවෝචං: “ඉච්ඡාමහං ආවුසෝ රාම ඉමස්මිං ධම්මවිනයේ බ්‍රහ්මචරියං චරිතු”න්ති. ඒවං වුත්තේ භාරද්වාජ, උද්දකෝ රාමපුත්තෝ මං ඒතදවෝච: ‘විහරතායස්මා, තාදිසෝ අයං ධම්මෝ, යත්ථ විඤ්ඤූ පුරිසෝ න චිරස්සේව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්‍යා”ති. සෝ ඛෝ අහං භාරද්වාජ, න චිරස්සේව ඛිප්පමේව තං ධම්මං පරියාපුණිං. සෝ ඛෝ අහං භාරද්වාජ, තාවතකේනේව ඔට්ඨප්පහතමත්තේන ලපිතලාපනමත්තේන ඤාණවාදඤ්ච වදාමි ථේරවාදඤ්ච ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චේව අඤ්ඤේ ච. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “න ඛෝ රාමෝ ඉමං ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී”ති පවේදේසි, අද්ධා රාමෝ ඉමං ධම්මං ජානං පස්සං විහාසී’ති.

පින්වත් භාරද්වාජ, මං ආයෙමත් ‘කුසල් කියන්නෙ මොකක් ද?’ කියල හොයන්නට පටන් ගත්ත. අනුත්තර වූ අමා නිවන හොයන්නට පටන් ගත්තා. රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් රාමපුත්‍ර උද්දකට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, මං කැමති යි මේ ධර්ම-විනයෙ බඹසර හැසිරෙන්නට” කියල. එතකොට පින්වත් භාරද්වාජ, රාමපුත්‍ර උද්දක මට මෙහෙම කිව්වා. “හොඳයි අයුෂ්මතුනි, බඹසර හැසිරෙන බුද්ධිමත් කෙනෙකුට ඉතා කෙටි කලකින් මේ ධර්මය ඉගෙන ගෙන, සාක්ෂාත් කරල වාසය කරන්නට පුළුවන්” කියල. පින්වත් භාරද්වාජ, ඒ ධර්මය තොල් සොලවා කියූ පමණින් ම මං අවබෝධ කරගත්තා. එහි වැඩිහිටියෙක් බවට පත්වුනා. ඒ ධර්මය දන්න කෙනෙක් දකින කෙනෙක් බවට පත්වුනා. අනිත් උදවිය ත් මං ගැන එහෙම කිව්වා.

එතකොට පින්වත් භාරද්වාජ, මට මෙහෙම හිතුනා. ‘පින්වත් භාරද්වාජ, මේ ධර්මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් කියනව නො වෙයි. තමන් ගේ ම ඤාණයෙන් සාක්ෂාත් කරල ඉඳගෙන යි කියන්නෙ. ඇත්තෙන් ම පින්වත් රාමයන් මේ ධර්මය දැනගෙන, දැකගෙන හිටපු කෙනෙක්.’

අථ ඛ්වාහං භාරද්වාජ, යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංකමිං. උපසංකමිත්වා උද්දකං රාමපුත්තං ඒතදවෝචං: “කිත්තාවතා නෝ ආවුසෝ, රාමෝ ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේසී”ති. ඒවං වුත්තේ භාරද්වාජ, උද්දකෝ රාමපුත්තෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං පවේදේසි. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “න ඛෝ රාමස්සේව අහෝසි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛෝ රාමස්සේව අහෝසි විරියං. ….(පෙ)…. සති ….(පෙ)…. සමාධි ….(පෙ)…. පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවේදේසි. තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, න චිරස්සේව ඛිප්පමේව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.

ඉතින් පින්වත් භාරද්වාජ, මං රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් මෙහෙම ඇහුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, පින්වත් රාමයන් මේ ධර්මය තමන් ගේ නුවණින් සාක්ෂාත් කරල කියල දෙන්නෙ කොච්චර දුරකට ද?” එතකොට පින්වත් භාරද්වාජ, රාමපුත්‍ර උද්දක මට ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන’ සමාධිය ගැන පැවසුවා.

එතකොට මට මෙහෙම හිතුණා. ‘ශ්‍රද්ධාව තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් වීරිය තියෙනවා. සිහිය තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් සිහිය තියෙනවා. සමාධිය තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් සමාධිය තියෙනවා. ප්‍රඥාව තිබුනෙ රාමට විතරක් නො වෙයි. මට ත් ප්‍රඥාව තියෙනවා. එහෙනම් මම ත් පින්වත් රාමයන් යම් දෙයක් අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන වාසය කළා නම්, ඒ දේ අවබෝධ කරගන්නට වීරිය කරනවා. ඒ දේ සාක්ෂාත් කරගන්නට වීරිය ගන්නවා’ කියල. ඉතින් පින්වත් භාරද්වාජ, ඉතා සුළු කලකින්, ඉතා ඉක්මනින් ම මම ත් ඒ ධර්මය අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඒ ධර්මය ට පැමිණ වාසය කළා.

අථ ඛ්වාහං භාරද්වාජ, යේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංකමිං. උපසංකමිත්වා උද්දකං රාමපුත්තං ඒතදවෝචං: “එත්තාවතා නෝ ආවුසෝ රාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේසී”ති. එත්තාවතා ඛෝ ආවුසෝ රාමෝ ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේසී’ති. ‘අහම්පි ඛෝ ආවුසෝ, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ලාභා නෝ ආවුසෝ, සුලද්ධං නෝ ආවුසෝ, යේ මයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරිං පස්සාම ඉති යං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවේදේසි. ඉති යං ධම්මං රාමෝ අභිඤ්ඤාසි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තං ධම්මං රාමෝ අභිඤ්ඤාසි. ඉති යාදිසෝ රාමෝ අහෝසි, තාදිසෝ තුවං. යාදිසෝ තුවං, තාදිසෝ රාමෝ අහෝසි. ඒහි දානි ආවුසෝ, තුවං ඉමං ගණං පරිහරා’ති. ඉති ඛෝ භාරද්වාජ, උද්දකෝ රාමපුත්තෝ සබ්‍රහ්මචාරී මේ සමානෝ ආචරියට්ඨානේ මං ඨපේසි, උළාරාය ච මං පූජාය පූජේසි. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “නායං ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති, යාවදේව නේවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියා”ති. සෝ ඛෝ අහං භාරද්වාජ, තං ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.

පින්වත් භාරද්වාජ, මං දවසක් රාමපුත්‍ර උද්දක ළඟට ගියා. ගිහින් රාමපුත්‍ර උද්දකට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, ඔබේ පියා වන පින්වත් රාමයන් තමන් ගේ ම නුවණින් මේ ධර්මය සාක්ෂාත් කරගෙන වාසය කළේ ඔච්චරකින්ද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඔව්! අපේ පියාණන් වන පින්වත් රාමයන් තමන් ගේ නුවණින් සාක්ෂාත් කරගෙන වාසය කරපු ධර්මය ඔච්චර තමයි.”

“ප්‍රිය ආයුෂ්මතුනි, ඒ (ඔබේ පියා වන පින්වත් රාමයන් සාක්ෂාත් කළ) ඔය ධර්මය මම ත් ඔච්චරකින් අවබෝධයෙන් ම සාක්ෂාත් කරගෙන යි ඉන්නෙ.”

“ප්‍රිය ආයුෂ්මතුනි, අපිට මහ ලාභයක් නෙව. අපට උතුම් ලාභයක් නෙව. අපිට ත් ආයුෂ්මතුන් වගේ සබ්‍රහ්මචාරීන් කෙනෙක් දැක ගන්නට ලැබුනා නෙව. ඉතින් යම් ධර්මයක් අපේ පියාණන් වන පින්වත් රාමයන් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කළා නම් ඒ ධර්මය ඔබ ත් අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නෙව. ඔබ යම් ධර්මයක් සාක්ෂාත් කරගෙන වාසය කරනවා නම් ඒ ධර්මය පින්වත් රාමයන් සාක්ෂාත් කරගෙන වාසය කළා. යම් ධර්මයක් රාම දැනගෙන හිටිය නම්, ඒ ධර්මය ත් ඔබ දන්නවා. යම් ධර්මයක් ඔබ දැනගෙන ඉන්නවා නම්, ඒ ධර්මය රාමයන් දැනගත්තා. ඒ නිසා රාම යම් බඳු නම් ඔබ ත් එබඳු ම යි. ඔබ යම් බඳු නම් රාම ත් එබඳු ම යි. ඒ නිසා පින්වත් ආයුෂ්මතුනි, දැන් එන්න. ඔබ මේ පිරිස බලා හදාගන්න.”

මේ විදියට පින්වත් භාරද්වාජ, රාමපුත්‍ර උද්දක මා හා සමානව සබ්‍රහ්මචාරීව සිටිය දී මාව ආචාර්ය තනතුරේ තැබුවා. මට උතුම් පුද පූජාවල් කළා. නමුත් පින්වත් භාරද්වාජ, මං හිතන්න පටන් ගත්තා. ‘මේ ධර්මය නම් අවබෝධයෙන් ම කළකිරීමට හේතු වෙන්නෙ නෑ. නො ඇල්ම පිණිස හේතු වෙන්නෙ නෑ. ඇල්ම නිරුද්ධ වීම පිණිස හේතු වෙන්නෙ නෑ. සංසිඳීම පිණිස හේතු වෙන්නෙ නෑ. විශිෂ්ට ඤාණය පිණිස හේතු වෙන්නෙ නෑ. අවබෝධය පිණිස හේතු වෙන්නෙ නෑ. නිවන පිණිස හේතු වෙන්නෙ නෑ. මේ ධර්මය හේතු වෙන්නෙ නේවසඤ්ඤානාසඤ්ඤායතන ලෝකයේ උපදින්නට විතර යි’ කියල.

පින්වත් භාරද්වාජ, ඔය විදියට මං ඒ ධර්මයේ ඇත්ත තත්වය තේරුම් අරගෙන, ඒ ධර්මය ගැන කලකිරිල එතනින් නික්මිල ගියා.

සෝ ඛෝ අහං භාරද්වාජ, කිංකුසලගවේසී අනුත්තරං සන්තිවරපදං පරියේසමානෝ මගධේසු අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන උරුවේලා සේනානිගමෝ තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං පාසාදිකඤ්ච වනසණ්ඩං නදිඤ්ච සන්දන්තිං සේතකං සුපතිත්ථං රමණීයං සමන්තා ච ගෝචරගාමං. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “රමණීයෝ වත භෝ භූමිභාගෝ, පාසාදිකෝ ච වනසණ්ඩෝ, නදී ච සන්දති සේතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගෝචරගාමෝ, අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා”ති. සෝ ඛෝ අහං භාරද්වාජ, තත්ථේව නිසීදිං ‘අලමිමං පධානායා’ති.

ඉතින් පින්වත් භාරද්වාජ, මං ආයෙමත් ‘කුසල් කියන්නෙ මොනව ද?’ කියල හොයන කෙනෙක් වුනා. ඒ අමා නිවන සොයා ගෙන යන කෙනෙක් වුනා. මං මගධ ජනපදයෙ ඇවිදගෙන ඇවිදගෙන ගියා. එහෙම යද්දි තමයි උරුවේලාවේ සේනානිගම නම් නියම්ගම හම්බ වුනේ. මං එහෙදි නැවතුනා. ඒ භූමිය මං දැකපු රමණීය තැනක්. ඒ වන ගැබ ඇත්තෙන් ම ලස්සන යි. සුදු වැලි තලාව තියෙන රමණීය ගං ඉවුරු මැදින් නදිය ගලා බසිනවා. පිණ්ඩපාතෙ කරගන්න ගම ත් ලඟින් ම තිබුනා.

පින්වත් භාරද්වාජ, මට එතකොට මේ විදිහට යි හිතුනෙ. ‘ඇත්තෙන් ම මේ පළාත රමණීය යි. මේ වන ගැබත් ලස්සන යි. සුදු වැලිතලා තියනෙ ගං ඉවුරෙන් යුතු නදිය ත් ලස්සනට ගලනවා. පිණ්ඩපාතෙ කරගන්න ගම ත් මේ ළඟ ම යි. ඇත්තෙන් ම වීරියෙන් භාවනා කරන පින්වතෙකුට මෙතන සුදුසු ම තැනක්’ කියල. ඉතින් පින්වත් භාරද්වාජ, මං එහෙ නැවතුනා. භාවනා කරන්නට මෙතන තමයි සුදුසු කියල හිතුනා.

අපිස්සු මං භාරද්වාජ, තිස්සෝ උපමායෝ පටිභංසු අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා:

පින්වත් භාරද්වාජ, එතකොට මට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත් උපමා තුනක් වැටහුනා.

සෙය්‍යථා’පි භාරද්වාජ, අල්ලං කට්ඨං සස්නේහං උදකේ නික්ඛිත්තං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තේජෝ පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි භාරද්වාජ, අපි නු සෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං උදකේ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය තේජෝ පාතුකරෙය්‍යා’ති?

පින්වත් භාරද්වාජ, ජලයේ බැස්ස වූ වැගිරෙන දියෙන් යුතු තෙත දර කැබැල්ලක් තියෙනවා. එතකොට පුරුෂයෙක් උත්තරාරණිය අරගෙන එනවා, ‘මං ගිනි උපද්දවන්නම්, තේජස පහළ කරන්නම්’ කියල. පින්වත් භාරද්වාජ, කුමක්ද ඒ ගැන සිතන්නෙ? ඒ පුරුෂයාට අර ජලයේ බැස්ස වූ, වැගිරෙන දියෙන් යුතු තෙත දර කැබැල්ල උත්තරාරණියෙහි කොතරම් ඇතිල්ලුවත් ගිනි උපද්දවන්නට පුළුවන් වේවි ද? තේජස පහළකරන්නට පුළුවන් වේවි ද?”

නෝ හිදං භෝ ගෝතම. තං කිස්ස හේතු: අදුං හි භෝ ගෝතම, අල්ලං කට්ඨං සස්නේහං. තඤ්ච පන උදකේ නික්ඛිත්තං. යාවදේව ච පන සෝ පුරිසෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති.

“ස්වාමීනී, එය නො වේ ම යි. මක් නිසාද යත්, ස්වාමීනී, ඒ දර කැබැල්ල වතුරේ බැස්ස වූ එකක් නෙව. දිය වැගිරෙන තෙත එකක් නෙව. ඉතින් අර පුද්ගලයාට ක්ලාන්තයක් වෙහෙසක් විතරයි නෙව සිද්ධ වෙන්නෙ.”

ඒවමේව ඛෝ භාරද්වාජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා කායේන චේව කාමේහි අවුපකට්ඨා විහරන්ති, යෝ ච නේසං කාමේසු කාමච්ඡන්දෝ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහෝ, සෝ ච අජ්ඣත්තං න සුප්පහීනෝ හෝති, න සුප්පටිප්පස්සද්ධෝ. ඕපක්කමිකා චේ’පි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති, අභබ්බාව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. නෝ චෙ’පි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා, ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති, අභබ්බාව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. අයං ඛෝ මං භාරද්වාජ, පඨමා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා.

පින්වත් භාරද්වාජ, ඔය විදිහ ම යි, යම් කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ කයෙනුත්, සිතෙනුත්, කාමයන් ගෙන් වෙන් නො වී ඉන්නවා. කාමයන් කෙරෙහි ඔවුන් තුළ යම් කාමාශාවක්, කාමස්නේහයක්, කාම මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් ඇද්ද, එය තමා තුළ මැනැවින් ප්‍රහීණ වෙල ත් නෑ. මැනැවින් සංසිඳිල ත් නෑ. ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවනවා. නමුත් අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණදර්ශනය ලබාගන්නට අභව්‍ය ම යි. ඒ වගේ ම ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවන්නේ නැත ත්, අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණ දර්ශනය ලබාගන්නට අභව්‍ය ම යි. පින්වත් භාරද්වාජ, මට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත්ව වැටහුණු ප්‍රථම උපමාව නම් එය යි.

අපරා’පි මං භාරද්වාජ දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා: සෙය්‍යථා’පි භාරද්වාජ, අල්ලං කට්ඨං සස්නේහං ආරකා උදකා ථලේ නික්ඛිත්තං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තේජෝ පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි භාරද්වාජ, අපි නු සෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං ආරකා උදකා ථලේ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය තේජෝ පාතුකරෙය්‍යා’ති?

ඒ වාගේ ම පින්වත් භාරද්වාජ, පෙර නො ඇසූ විරූ ආශ්චර්ය උපදවන දෙවෙනි උපමාව ත් වැටහුනා. ඒ කියෙන්නේ වැගිරෙන දියෙන් යුතු තෙත දර කැබැල්ලක් තියෙනවා. එය දියෙන් ගොඩ අරගෙන යි තියෙන්නෙ. එතකොට පුරුෂයෙක් උත්තරාරණිය අරගෙන එනවා, ‘මං ගිනි උපද්දවන්නම්, තේජස පහළ කරන්නම්’ කියල. පින්වත් භාරද්වාජ, කුමක්ද ඒ ගැන සිතන්නෙ? ඒ පුරුෂයාට අර දියෙන් ගොඩට ගෙන තියෙන, වැගිරෙන දියෙන් යුතු තෙත දර කැබැල්ල උත්තරාරණියෙහි කොතරම් ඇතිල්ලුවත් ගිනි උපද්දවන්නට පුළුවන් වේවි ද? තේජස පහළකරන්නට පුළුවන් වේවි ද?”

නෝ හිදං භෝ ගෝතම, තං කිස්ස හේතු: අදුං හි භෝ ගෝතම, අල්ලං කට්ඨං සස්නේහං. කිඤ්චාපි ආරකා උදකා ථලේ නික්ඛිත්තං යාවදේව ච පන සෝ පුරිසෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති.

“ස්වාමීනී, එය නො වේ ම යි. මක් නිසාද යත්, ස්වාමීනී, ඒ දර කැබැල්ල දියෙන් ගොඩට ගෙන තිබෙන නමුත්, දිය වැගිරෙන තෙත එකක් නෙව. ඉතින් අර පුද්ගලයාට ක්ලාන්තයක් වෙහෙසක් විතරයි නෙව සිද්ධ වෙන්නෙ.”

ඒවමේව ඛෝ භාරද්වාජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා කායේන ඛෝ කාමේහි වූපකට්ඨා විහරන්ති. යෝ ච නේසං කාමේසු කාමච්ඡන්දෝ කාමසිනේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහෝ, සෝ ච අජ්ඣත්තං න සුප්පහීනෝ හෝති න සුප්පටිප්පස්සද්ධෝ ඕපක්කමිකා චේ’පි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති. අභබ්බාව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නෝ චේ’පි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති, අභබ්බාව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. අයං ඛෝ මං භාරද්වාජ, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා.

පින්වත් භාරද්වාජ, ඔය විදිහ ම යි, යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ කයෙනුත්, සිතෙනුත්, කාමයන් ගෙන් වෙන් නො වී ඉන්නවා. කාමයන් කෙරෙහි ඔවුන් තුළ යම් කාමාශාවක්, කාමස්නේහයක්, කාම මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් ඇද්ද, එය තමා තුළ මැනැවින් ප්‍රහීණ වෙල ත් නෑ. මැනැවින් සංසිඳිල ත් නෑ. ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවනවා. නමුත් අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණදර්ශනය ලබාගන්නට අභව්‍ය ම යි. ඒ වගේ ම ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවන්නේ නැත ත්, අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණ දර්ශනය ලබාගන්නට අභව්‍ය ම යි. පින්වත් භාරද්වාජ, මට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත්ව වැටහුණු දෙවන උපමාව නම් එය යි.

අපරා’පි ඛෝ මං භාරද්වාජ, තතියා උපමා පටිභාසි, අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා: සෙය්‍යථාපි භාරද්වාජ, සුක්ඛං කට්ඨං කෝලාපං ආරකා උදකා ථලේ නික්ඛිත්තං. අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තේජෝ පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි භාරද්වාජ, අපි නු සෝ පුරිසෝ අමුං සුක්ඛං කට්ඨං කෝලාපං ආරකා උදකා ථලේ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තෝ අග්ගිං අභිනිබ්බත්තෙය්‍ය, තේජෝ පාතුකරෙය්‍යා’ති?

ඒ වාගේ ම පින්වත් භාරද්වාජ, පෙර නො ඇසූ විරූ ආශ්චර්ය උපදවන තුන්වෙනි උපමාව ත් වැටහුණා. ඒ කියන්නේ දියෙන් ගොඩට ගත් ජලයට ළං නො වූ හොඳින් වියළී ගිය දර කැබැල්ලක් තියෙනවා. එතකොට පුරුෂයෙක් උත්තරාරණිය අරගෙන එනවා, ‘මං ගිනි උපද්දවන්නම්, තේජස පහළ කරන්නම්’ කියල. පින්වත් භාරද්වාජ, කුමක්ද ඒ ගැන සිතන්නෙ? ඒ පුරුෂයාට අර දියෙන් ගොඩට ගත්, ජලයට ළං නො වූ හොඳින් වියළි ගිය දර කැබැල්ල උත්තරාරණියෙහි කොතරම් ඇතිල්ලුවත් ගිනි උපද්දවන්නට පුළුවන් වේවි ද? තේජස පහළකරන්නට පුළුවන් වේවි ද?”

ඒවං භෝ ගෝතම, තං කිස්ස හේතු: අදුං හි භෝ ගෝතම, සුක්ඛං කට්ඨං කෝලාපං, තඤ්ච පන ආරකා උදකා ථලේ නික්ඛිත්ත’න්ති.

“ස්වාමීනී, එය සිදුවන දෙයක් ම යි. මක් නිසාද යත්, ස්වාමීනී, ඒ දර කැබැල්ල දියෙන් ගොඩට ගත්, ජලයට ළං නො වූ, හොඳින් වියළී ගිය එකක් නෙව.”

ඒවමේව ඛෝ භාරද්වාජ, යේ හි කේචි සමණා වා බ්‍රාහ්මණා වා කායේන චේව චිත්තේන ච කාමේහි වූපකට්ඨා විහරන්ති. යෝ ච නේසං කාමේසු කාමච්ඡන්දෝ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහෝ, සෝ ච අජ්ඣත්තං සුප්පහීනෝ හෝති සුප්පටිප්පස්සද්ධෝ. ඕපක්කමිකා චේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති, භබ්බාව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. නෝ චේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති භබ්බාව තේ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය. අයං ඛෝ මං භාරද්වාජ, තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා. ඉමා ඛෝ මං භාරද්වාජ, තිස්සෝ උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බේ අස්සුතපුබ්බා.

පින්වත් භාරද්වාජ, ඔය විදිහ ම යි, යම් කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ කයෙනුත්, සිතෙනුත්, කාමයන් ගෙන් වෙන් වෙලයි ඉන්නෙ. කාමයන් කෙරෙහි ඔවුන් තුළ යම් කාමාශාවක්, කාමස්නේහයක්, කාම මුසපත් වීමක්, කාම පිපාසයක්, කාම දාහයක් ඇද්ද, එය තමා තුළ මැනැවින් ප්‍රහීණ වෙලා තියෙනවා. මැනැවින් සංසිඳිලා තියෙනවා. ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳෙව්ව ත්, අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණ දර්ශනය ලබාගන්නට භව්‍ය ම යි. ඒ වගේ ම ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හිතා මතා උපක්‍රම කරමින් නොයෙක් තියුණු වූ දුක් කටුක වේදනා විඳවන්නේ නැත ත්, අනුත්තර සම්බෝධි සංඛ්‍යාත ඤාණ දර්ශනය ලබාගන්නට භව්‍ය ම යි. පින්වත් භාරද්වාජ, මට පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත්ව වැටහුණු තුන්වෙනි උපමාව නම් එය යි. පින්වත් භාරද්වාජ, පෙර නො ඇසූ විරූ ආශ්චර්යවත්ව වැටහුණු උපමා තුන නම් මෙය යි.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යන්නූනාහං දන්තේභිදන්තමාධාය ජිව්හාය තාලු‍ං ආහච්ච චේතසා චිත්තං අභිනිග්ගණ්හෙය්‍යං අභිනිප්පීළෙය්‍යං අභිසන්තාපෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, දන්තේභිදන්තමාධාය ජිව්හාය තාලු‍ං ආහච්ච චේතසා චිත්තං අභිනිග්ගණ්හාමි අභිනිප්පීළේමි අභිසන්තාපේමි. තස්ස මය්හං භාරද්වාජ, දන්තේභිදන්තමාධාය ජිව්හාය තාලු‍ං ආහච්ච චේතසා චිත්තං අභිනිග්ගණ්හතෝ අභිනිප්පීළයතෝ අභිසන්තාපයතෝ කච්ඡේහි සේදා මුච්චන්ති. සෙය්‍යථාපි භාරද්වාජ, බලවා පුරිසෝ දුබ්බලතරං පුරිසං සීසේ වා ගහෙත්වා ඛන්ධේ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්‍ය අභිනිප්පීළෙය්‍ය අභිසන්තාපෙය්‍ය, ඒවමේව ඛෝ මේ භාරද්වාජ, දන්තේභිදන්තමාධාය ජිව්හාය තාලු‍ං ආහච්ච චේතසා චිත්තං අභිනිග්ගණ්හතෝ අභිනිප්පීළයතෝ අභිසන්තාපයතෝ කච්ඡේහි සේදා මුච්චන්ති. ආරද්ධං ඛෝ පන මේ භාරද්වාජ, විරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා ‘මං යටි දත් වලින් උඩු දත් තද කොට දිවෙන් තල්ල තද කොට, මේ කුසල් සිතින් කෙලෙස් දැඩි කොට තලන්නට ඕන, පෙළන්නට ඕන, විශේෂයෙන් තවන්නට ඕන’ කියල. ඉතින් පින්වත් භාරද්වාජ, මං යටි දත් වලින් උඩු දත් තද කොට දිවෙන් තල්ල තද කොට, මේ කුසල් සිතින් කෙලෙස් වලට දැඩි කොට තලනවා, පෙළනවා, විශේෂයෙන් තවනවා. එතකොට පින්වත් භාරද්වාජ, යටි දත් වලින් උඩු දත් තද කොට දිවෙන් තල්ල තද කොට, මේ කුසල් සිතින් කෙලෙස් දැඩි කොට තලද්දී, පෙළද්දී, විශේෂයෙන් තවද්දී, කිසිලි වලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා. පින්වත් භාරද්වාජ, බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු ගේ හිසෙන් අල්ලා ගෙන හෝ කඳින් අල්ලා ගෙන හෝ දැඩි කොට තලනවා නම්, පෙළනවා නම්, විශේෂයෙන් තවනවා නම් අන්න එබඳු ආකාරයෙන් මං යටි දත් වලින් උඩු දත් තද කොට දිවෙන් තල්ල තද කොට, මේ කුසල් සිතින් කෙලෙස් දැඩි කොට තලද්දී, පෙළද්දී, විශේෂයෙන් තවද්දී, කිසිලි වලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා.

පින්වත් භාරද්වාජ, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යන්නූනාහං අප්පාණකං ඣානං ඣායෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු කණ්ණසෝතේහි වාතානං නික්ඛමන්තානං අධිමත්තෝ සද්දෝ හෝති. සෙය්‍යථාපි නාම කම්මාරගග්ගරියා ධමමානාය අධිමත්තෝ සද්දෝ හෝති ඒවමේව ඛෝ මේ භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු කණ්ණසෝතේහි වාතානං නික්ඛමන්තානං අධිමත්තෝ සද්දෝ හෝති. ආරද්ධං ඛෝ පන මේ භාරද්වාජ, විරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

එතකොට පින්වත් භාරද්වාජ, මට මෙහෙම හිතුනා. ‘මං එහෙම නම්, අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් භාරද්වාජ, මං මුඛයෙනුත්, නාසයෙනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් භාරද්වාජ, මුඛයෙනුත් නාසයෙනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ මගේ කන් වලින් අධිමාත්‍ර ශබ්දයකින් යුතුව වාතය පිටවෙන්නට ගත්තා. ඒක හරියට රන්කරුවෙක් මයිනහම පිඹිද්දී ඇතිවෙන අධිමාත්‍ර ශබ්දයක් වගෙයි. ඔය විදිහට ම පින්වත් භාරද්වාජ, මුඛයෙනුත් නාසයෙනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ මගේ කන් වලින් අධිමාත්‍ර ශබ්දයකින් යුතුව වාතය පිටවෙන්නට ගත්තා.

පින්වත් භාරද්වාජ, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යන්නූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාතා මුද්ධානං ඌහනන්ති. සෙය්‍යථාපි භාරද්වාජ, බලවා පුරිසෝ තිණ්හේන සිඛරේන මුද්ධනි අභිමන්ථෙය්‍ය, ඒවමේව ඛෝ මේ භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. ආරද්ධං ඛෝ පන මේ භාරද්වාජ, විරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් භාරද්වාජ, මං මුඛයෙනුත්, නාසයෙනුත්, කන් වලිනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් භාරද්වාජ, මුඛයෙනුත් නාසයෙනුත් කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත්වූ විට අධිමාත්‍ර වූ වාතය මගේ හිස් මුදුන පෙළන්න පටන් ගත්තා. පින්වත් භාරද්වාජ, බලවත් පුරුෂයෙක් තියුණු උලක් අරගෙන ඔළුවට අනිනවා වගෙයි. පින්වත් භාරද්වාජ, ඔය විදිහට ම මුඛයෙනුත් නාසයෙනුත් කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත්වූ විට අධිමාත්‍ර වූ වාතය මගේ හිස් මුදුන පෙළන්න පටන් ගත්තා.

පින්වත් භාරද්වාජ, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යන්නූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා සීසේ සීසවේදනා හොන්ති. සෙය්‍යථාපි භාරද්වාජ, බලවා පුරිසෝ දළ්හේන වරත්තකබන්ධේන සීසේ සීසවේඨං දදෙය්‍ය, ඒවමේව ඛෝ භාරද්වාජ මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා සීසේ සීසවේදනා හොන්ති. ආරද්ධං ඛෝ පන මේ භාරද්වාජ, විරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් භාරද්වාජ, මං මුඛයෙනුත්, නාසයෙනුත්, කන් වලිනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් භාරද්වාජ, මුඛයෙනුත් නාසයෙනුත් කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත්වූ විට මගේ හිසෙහි අධිමාත්‍ර වූ හිසරුජාවක් හටගත්තා. පින්වත් භාරද්වාජ, බලවත් පුරුෂයෙක් දැඩි වූ වරපටකින් හිස දැඩිකොට වෙලා තදකරනවා වගෙයි. පින්වත් භාරද්වාජ, ඔය විදිහට ම මුඛයෙනුත් නාසයෙනුත් කණ්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ හිසෙහි අධිමාත්‍ර වූ හිසරුජාවක් හටගත්තා.

පින්වත් භාරද්වාජ, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යන්නූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති, සෙය්‍යථාපි භාරද්වාජ, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා තිණ්හේන ගෝවිකන්තනේන කුච්ඡිං පරිකන්තෙය්‍ය, ඒවමේව ඛෝ මේ භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. ආරද්ධං ඛෝ පන මේ භාරද්වාජ, විරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් භාරද්වාජ, මං මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් භාරද්වාජ, මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ කුසයෙහි අධිමාත්‍ර වූ වේදනාවක් හටගත්තා. පින්වත් භාරද්වාජ, දක්ෂ වූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකු ගේ ගෝලයෙක් හෝ තියුණු වූ මන්නයකින් කුස කපා දමයි ද, පින්වත් භාරද්වාජ, ඔය විදිහට ම මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ කුසයෙහි අධිමාත්‍ර වූ වේදනාවක් හටගත්තා.

පින්වත් භාරද්වාජ, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යන්නූනාහං අප්පාණකංයේව ඣානං ඣායෙය්‍ය”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තෝ කායස්මිං ඩාහෝ හෝති, සෙය්‍යථාපි භාරද්වාජ, ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අංගාරකාසුයා සන්තාපෙය්‍ය සම්පරිතාපෙය්‍ය. ඒවමේව ඛෝ මේ භාරද්වාජ, මුඛතෝ ච නාසතෝ ච කණ්ණතෝ ච අස්සාසපස්සාසේසු උපරුද්ධේසු අධිමත්තෝ කායස්මිං ඩාහෝ හෝති. ආරද්ධං ඛෝ පන මේ භාරද්වාජ, විරියං හෝති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධෝ ච පන මේ කායෝ හෝති අප්පටිප්පස්සද්ධෝ තේනේව දුක්ඛප්පධානේන පධානාභිතුන්නස්ස සතෝ.

පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං තවදුරටත් අප්‍රාණක ධ්‍යානය කරන්නට ඕන’ කියලා. ඉතින් පින්වත් භාරද්වාජ, මං මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස – ප්‍රශ්වාස කිරීම නැවැත්තුවා. පින්වත් භාරද්වාජ, මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ ශරීරයෙහි අධිමාත්‍ර වූ වේදනාවක් හටගත්තා. පින්වත් භාරද්වාජ, බලවත් පුරුෂයන් දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු ගේ අත්පා වලින් අල්ලා ගෙන ගිනි අඟුරු වලක තවයි ද, බලවත්ව තවයි ද, පින්වත් භාරද්වාජ, ඔය විදිහට ම මුඛයෙනුත්, නාසයෙනුත්, කන්වලිනුත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවැත් වූ විට මගේ ශරීරයෙහි අධිමාත්‍ර වූ වේදනාවක් හටගත්තා.

පින්වත් භාරද්වාජ, එහෙත් මගේ වීරිය නම් පටන් ගත් ලෙස ම තිබුනා. නො හැකිලී තිබුනා. සිහිය මුළා නො වී පිහිටලා තිබුනා. ඒ දුක් පීඩා ඇති වීරියෙන් යුතුව අධික වීරිය නැමැති ඊයෙන් පහර කෑ මාගේ ශරීරය නම් වෙහෙසට පත් වුනා. නො සන්සුන් වුනා.

අපිස්සු මං භාරද්වාජ, දේවතා දිස්වා ඒවමාහංසු: “කාලකතෝ සමණෝ ගෝතමෝ”ති. ඒකච්චා දේවතා ඒවමාහංසු: “න කාලකතෝ සමණෝ ගෝතමෝ, අපි ච කාලංකරෝතී”ති. ඒකච්චා දේවතා ඒවමාහංසු: “න කාලකතෝ සමණෝ ගෝතමෝ, න’පි කාලංකරෝති. අරහං සමණෝ ගෝතමෝ, විහාරොත්වේවේසා අරහතෝ ඒවරූපෝ හෝතී”ති.

එතකොට පින්වත් භාරද්වාජ, දෙවිවරු මාව දැක මෙහෙම කතා වුනා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වුනා!’ කියල. ඇතැම් දෙවිවරු මෙහෙම කිව්වා. ‘නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වුනේ නෑ. නමුත් අපවත් වේවි’ කියල. ඇතැම් දෙවිවරු මෙහෙම කිව්වා. ‘නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වුනේ නෑ. අපවත් වෙන්නෙත් නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේලා වැඩවාසය කරන්නේ ඔය අයුරින් නෙව’ කියල.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යන්නූනාහං සබ්බසෝ ආහාරූපච්ඡේදාය පටිපජ්ජෙය්‍ය”න්ති. අථ ඛෝ මං භාරද්වාජ, දේවතා උපසංකමිත්වා ඒතදවෝචුං: “මා ඛෝ ත්වං මාරිස, සබ්බසෝ ආහාරූපච්ඡේදාය පටිපජ්ජි. සචේ ඛෝ ත්වං මාරිස, සබ්බසෝ ආහාරූපච්ඡේදාය පටිපජ්ජිස්සසි, තස්ස තේ මයං දිබ්බං ඕජං ලෝමකූපේහි අජ්ඣෝහාරෙස්සාම තාය ත්වං යාපෙස්සතී”ති. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “අහඤ්චේව ඛෝ පන සබ්බසෝ අජද්ධුකං පටිජානෙය්‍යං, ඉමා ච මේ දේවතා දිබ්බං ඕජං ලෝමකූපේහි අජ්ඣෝහාරෙය්‍යුං, තාය චාහං යාපෙය්‍යං, තං මමස්ස මුසා”ති. සෝ ඛෝ අහං භාරද්වාජ, තා දේවතා පච්චාචික්ඛාමි, හලන්ති වදාමි.

එතකොට පින්වත් භාරද්වාජ, මට මෙහෙම හිතුනා. ‘එහෙම නම් මං සර්වප්‍රකාරයෙන් ම ආහාර ගැනීම නවත්වන ප්‍රතිපදාවකට එනවා’ කියල. එතකොට පින්වත් භාරද්වාජ, දෙවිවරු මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. ‘අනේ නිදුකාණෙනි, සර්වප්‍රකාරයෙන් ආහාර නො ගැනීමට නම් පැමිණෙන්නට එපා! ඉදින් යම් හෙයකින් ඔබවහන්සේ සර්වප්‍රකාරයෙන් ම ආහාර නො ගෙන සිටින ප්‍රතිපදාවකට බැසගත්තොත් අපි ඔබවහන්සේ ගේ සිරුරෙහි රෝම කූප තුළින් දිව්‍ය ඕජස් ඇතුළුකරනවා. එතකොට ඔබවහන්සේ එයින් යැපේවි’ ඉතින් පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා. ‘මං සර්වප්‍රකාරයෙන් ආහාර නො ගන්නා ප්‍රතිපදාවකට බැසගත්තොත්, දෙවියෝ ත් මාගේ රෝම කූප වලින් දිව්‍ය ඕජස් මේ ශරීරයට දැම්මොත්, එයින් මං යැපුනොත් ඒ මාගේ ප්‍රතිපදාව බොරුවක් වෙනවා.’ පින්වත් භාරද්වාජ, ඉතින් මං ඒ දෙවියන් ගේ අදහස ‘එයින් කම් නැතැ’යි කියා ප්‍රතික්ෂේප කළා.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යන්නූනාහං ථෝකං ථෝකං ආහාරං ආහාරෙය්‍යං පසතං පසතං යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරේණුකයූස”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, ථෝකං ථෝකං ආහාරං ආහාරේසිං පසතං පසතං යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරේණුකයූසං. තස්ස මය්හං භාරද්වාජ, ථෝකං ථෝකං ආහාරං ආහාරයතෝ පසතං පසතං යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරේණුකයූසං අධිමත්තකසිමානං පත්තෝ කායෝ හෝති. සෙය්‍යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, ඒවමේවස්සු මේ අංගපච්චංගානි භවන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨපදං, ඒවමේවස්සු මේ ආනිසදං හෝති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට්ටනාවළී, ඒවමේවස්සු මේ පිට්ඨිකණ්ටකෝ උන්නතාවනතෝ හෝති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ජරසාලාය ගෝපානසියෝ ඕලු‍ග්ගවිලු‍ග්ගා භවන්ති, ඒවමස්සු මේ ඵාසුළියෝ ඕලු‍ග්ගවිලු‍ග්ගා භවන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, ඒවමේවස්සු මේ අක්ඛිකූපේසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත්තකා ලාබු ආමකච්ඡින්තෝ වාතාතපේන සංඵුටිතෝ හෝති සම්මිලාතෝ, ඒවමේවස්සු මේ සීසච්ඡවි සංඵුටිතා හෝති සම්මිලාතා තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං භාරද්වාජ, උදරච්ඡවිං පරාමසිස්සාමී’ති පිට්ඨිකණ්ටකංයේව පරිගණ්හාමි. පිට්ඨිකණ්ටකං පරාමසිස්සාමී’ති උදරච්ඡවිංයේව පරිගණ්හාමි. යාවස්සු මේ භාරද්වාජ, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හෝති තායේවප්පාහාරතාය, සෝ ඛෝ අහං භාරද්වාජ, ‘වච්චං වා මුත්තං වා කරිස්සාමී’ති තත්ථේව අවකුජ්ජෝ පපතාමි තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං භාරද්වාජ, ඉමමේව කායං අස්සාසෙන්තෝ පාණිනා ගත්තානි අනුමජ්ජාමි. තස්ස මය්හං භාරද්වාජ, පාණිනා ගත්තානි අනුමජ්ජතෝ පූතිමූලානි ලෝමානි කායස්මා පපතන්ති තායේවප්පාහාරතාය. අපිස්සු මං භාරද්වාජ, මනුස්සා දිස්වා ඒවමාහංසු: “කාළෝ සමණෝ ගෝතමෝ”ති. ඒකච්චේ මනුස්සා ඒවමාහංසු: “න කාළෝ සමණෝ ගෝතමෝ, සාමෝ සමණෝ ගෝතමෝ”ති ඒකච්චේ මනුස්සා ඒවමාහංසු: “න කාළෝ සමණෝ ගෝතමෝ, න’පි සාමෝ, මංගුරච්ඡවි සමණෝ ගෝතමෝ”ති. යාවස්සු මේ භාරද්වාජ, තාව පරිසුද්ධෝ ඡවිවණ්ණෝ පරියෝදාතෝ උපහතෝ හෝති තායේවප්පාහාරතාය.

පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා. ‘එහෙම නම් මං මුං යුෂ වේවා, කොල්ලු යුෂ වේවා, කඩල යුෂ වේවා, මෑ යුෂ වේවා, ටික ටික ස්වල්පය ස්වල්පය පමණක් ආහාරයක් වශයෙන් ගන්නවා’ කියල. ඉතින් පින්වත් භාරද්වාජ, මුං යුෂ වේවා, කොල්ලු යුෂ වේවා, කඩල යුෂ වේවා, මෑ යුෂ වේවා, ටික ටික ස්වල්පය ස්වල්පය පමණක් ආහාරයක් වශයෙන් ගත්තා. පින්වත් භාරද්වාජ, ඒ මං මුං යුෂ වේවා, කොල්ලු යුෂ වේවා, කඩල යුෂ වේවා, මෑ යුෂ වේවා, ටික ටික ස්වල්පය ස්වල්පය පමණක් ආහාරයක් වශයෙන් ගනිද්දී මාගේ ශරීරය අතිශයින් ම කෘෂ බවට පත් වුනා. ආසීතික වැල් පුරුක් වගෙයි පෙනුනෙ. (මෙයින් අදහස් වෙන්නෙ රසකිඳ වැල් වැනි ඉතා ම කෘෂ වී ගිය ශරීරයක් ඇති ව සිටි බව යි.) මම ඔය විදිහට ඉතාමත් යාන්තමින් ආහාර ගත්තු නිසා මගේ ඇඟ-පත ඒ විදියට ම කෙට්ටු වෙලා ගියා. මම කෑම්-බීම් කොයි තරම් අඩුවෙන් ගත්තද කිව්වොත් මගේ තට්ටම් කෙට්ටු වෙලා ගියෙ ඔටුවෙකු ගෙ පියසටහන් වගෙයි. වට්ටනාවලි කියල ගැට හැදිච්ච වැලි ජාතියක් තියෙනවා. මගේ කොඳු ඇට පේලිය ඒ වගේ වුනා. කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. ඒ වගේ ම හොඳට දිරපු ශාලාවක වහලෙ පරාල තියෙන්නෙ එහාට මෙහාට උස් පහත් වෙලා. කෑම්-බීම් අඩුවෙන් ගැනීම කොච්චර ද කිව්වොත් මගේ පපුවෙ ඇට පෙනුනෙත් ඒ විදිහට ම යි. ඒ වගේ ම ගැඹුරු ලිඳක් තියෙනවා කියල හිතන්න. ඒ ලිඳ කොච්චර ගැඹුරු ද කිව්වොත්, වතුර ටික යාන්තමට දිලිසෙනවා විතර යි පේන්නෙ. ඔය විදිහට ම මගේ ඇස් දෙක ඇස් වලේ යටට ම ගිලිල යාන්තමට දිළිසුනා. කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. ඒ වගේ ම අමුවෙන් කඩලා අව්වට වේලිල මැලවෙලා ගිය ලබු ගෙඩියක් ගැන හිතන්න. මගේ හිසේ හමත් අන්න ඒ විදිහට මැළවෙලා, රැලි වැටිල ගියා. කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ.

පින්වත් භාරද්වාජ, මම බඩේ හම අතින් පිරිමදින කොට, කොඳු ඇට පේලිය අතට අහුවෙනවා. කොඳුඇට පේළිය පිරිමදින කොට බඩේ හම තමයි අතට අහු වුනේ. පින්වත් භාරද්වාජ, කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. කොඳු ඇට පේළිය යි බඩේ හම යි එකට ඇලිල ගියා. මම වැසිකිළි-කැසිකිළි යන්ට හදනකොට එතන ම යටිකුරු ව වැටුනා. පින්වත් භාරද්වාජ, කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. පින්වත් භාරද්වාජ, මේ ශරීරයේ අතපය පිරිමදින කොට ඇඟේ මවිල් වල මුල් ඉදිරිලා ඒ මවිල් ගැලවිල වැටෙනවා. කෑම්-බීම් අඩුවෙන් ගත්තු නිසා ම යි එහෙම වුනේ.

පින්වත් භාරද්වාජ, මාව දුටු මිනිස්සු මෙහෙම කතා වුනා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් කළු යි නෙව.’ ඇතැම් මිනිස්සු මෙහෙම කිව්වා. ‘නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අඳුරු පාට යි.’ ඇතැම් මිනිස්සු මෙහෙම කිව්වා. ‘නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කළු ත් නෑ. අඳුරු පාට ත් නෑ. රන්වන් පාට යි.’ පින්වත් භාරද්වාජ, අල්පාහාර හේතුවෙන් ම යි මාගේ පිරිසිදු වූ ත්, බබලන්නා වූ ත් සමේ පැහැය නැතිවී ගියේ.

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “යේ ඛෝ කේචි අතීතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියිංසු, ඒතාව පරමං නයිතෝ භිය්‍යෝ. යේ’පි හි කේචි අනාගතමද්ධානං සමණා වා බ්‍රාහ්මණා වා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියිස්සන්ති, ඒතාව පරමං නයිතෝ භිය්‍යෝ. යේ’පි හි කේචි ඒතරහි සමණා වා බ්‍රාහ්මණා වා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති, ඒතාව පරමං නයිතෝ භිය්‍යෝ. න ඛෝ පනාහං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමි උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං. සියා නු ඛෝ අඤ්ඤෝ මග්ගෝ බෝධායා”ති?

පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා. අතීත කාලයෙහි සිටි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා උපක්‍රමයකින් කළ යුතු යම්තාක් තියුණු වූ, කටුක වූ දුක් වේදනා වින්ඳා නම්, මෙපණකින් ම තමයි විඳින්නට තියෙන්නේ. මෙයට වඩා නම් නෙවෙයි. අනාගතයෙහි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා උපක්‍රමයකින් කළ යුතු යම්තාක් තියුණු වූ, කටුක වූ දුක් වේදනා විඳිනවා නම්, මෙපණකින් ම තමයි විඳින්නට තියෙන්නේ. මෙයට වඩා නම් නෙවෙයි. වර්තමානයේ ත් ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා උපක්‍රමයකින් කළ යුතු යම්තාක් තියුණු වූ, කටුක වූ දුක් වේදනා විඳිනවා නම්, මෙපණකින් ම තමයි විඳින්නට තියෙන්නේ. මෙයට වඩා නම් නො වෙයි. එසේ නමුත් මෙතරම් කටුක වූ දුෂ්කරක්‍රියාවකින් වුනත් මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය ආර්ය වූ ඤාණදර්ශනයක් ලබාගන්නට බැරි වුනා. සත්‍යාවබෝධය පිණිස හේතු වන්නා වූ වෙන මාර්ගයක් ඇද්ද?

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “අභිජානාමි ඛෝ පනා’හං පිතුසක්කස්ස කම්මන්තේ සීතාය ජම්බුච්ඡායාය නිසින්නෝ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතා. සියා නු ඛෝ ඒසෝ මග්ගෝ බෝධායා”ති. තස්ස මය්හං භාරද්වාජ, සතානුසාරි විඤ්ඤාණං අහෝසි: “ඒසෝ’ව මග්ගෝ බෝධායා”ති. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “කිං නු ඛෝ අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහී”ති. තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “න ඛෝ අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහී”ති.

පින්වත් භාරද්වාජ, එතකොට මට මෙහෙම හිතුනා.

මං ශාක්‍ය පියාණන් ගේ කමත අසල දඹරුක් සෙවණේ වාඩි වී සිටිද්දී කාමයන් ගෙන් වෙන්ව, අකුසලයන් ගෙන් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් යුතුව ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන සිටිය බව මට මතක් වුනා. සැබැවින් ම සත්‍යාවබෝධය පිණිස මේ මගවත් උපකාරී වේවි ද? එතකොට පින්වත් භාරද්වාජ, එය සිහිකිරීමේ දී ඒ අනුව මට මේ සිත පහළ වුණා. ‘මෙය ම තමයි සත්‍යාවබෝධයට මාර්ගය’ කියලා.

ඉතින් පින්වත් භාරද්වාජ, මං මෙහෙම හිතුවා. ‘මං කුමට ද කාමයන් ගෙන් වෙන් වූ, අකුසල් ධර්මයන් ගෙන් වෙන් වූ යම් මේ සුඛයක් ඇද්ද, එබඳු සැපයකට භය වෙන්නෙ?’

ඉතින් පින්වත් භාරද්වාජ, මට මෙහෙම හිතුනා. ‘කාමයන් ගෙන් වෙන් වූ, අකුසල් ධර්මයන් ගෙන් වෙන් වූ යම් මේ සුඛයක් ඇද්ද, එබඳු සැපයකට මං භය වෙන්නෙ නෑ.’

තස්ස මය්හං භාරද්වාජ, ඒතදහෝසි: “න ඛෝ තං සුකරං සුඛං අධිගන්තුං ඒවං අධිමත්තකසිමානං පත්තකායේන. යන්නූනාහං ඕළාරිකං ආහාරං ආහාරෙය්‍යං ඕදනකුම්මාස”න්ති. සෝ ඛෝ අහං භාරද්වාජ, ඕළාරිකං ආහාරං ආහාරේසිං ඕදනකුම්මාසං. තේන ඛෝ පන මං භාරද්වාජ, සමයේන පඤ්චවග්ගියා භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති, “යං ඛෝ සමණෝ ගෝතමෝ ධම්මං අධිගමිස්සති, තං නෝ ආරෝචෙස්සතී”ති යතෝ ඛෝ අහං භාරද්වාජ ඕළාරිකං ආහාරං ආහාරේසිං ඕදනකුම්මාසං. අථ මේ තේ පඤ්චවග්ගියා භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු “බාහුලිකෝ සමණෝ ගෝතමෝ පධානවිබ්භන්තෝ ආවත්තෝ බාහුල්ලායා”ති.

එතකොට පින්වත් භාරද්වාජ, මට මෙහෙම හිතුනා. ‘මේ අතිශයින් ම දුර්වලව කෘෂව ගිය ශරීරයෙන් නම් ඒ සැපය ලබන්නට පුළුවන්කමක් නෑ. ඒ නිසා මං බත් වෑංජනාදී ගොරෝසු ආහාර වළඳන්නට ඕන’ කියල. ඉතින් පින්වත් භාරද්වාජ, මං බත් වෑංජන ආදී ගොරෝසු ආහාරයන් වළඳන්නට පටන් ගත්තා. පින්වත් භාරද්වාජ, ඒ පස්වග භික්ෂූන් වහන්සේලා ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගනිත් ද, ඒ ධර්මය අපට ද දේශනා කරනු ඇත’ කියා මට උපස්ථාන කරමින් සිටියේ. නමුත් පින්වත් භාරද්වාජ, මං යම් දවසක බත් වෑංජන ආදී ගොරෝසු ආහාර වළඳන්නට පටන් ගත්තා ද, එවිට පස්වග භික්ෂූන් වහන්සේලා ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රත්‍ය බහුල බවට පත්වුනා. දැඩි වීරිය කණපිට හැරුනා. ලාභ සත්කාරයන් වෙතට ම කැරකිලා ආවා’ කියා කලකිරී මාව අත්හැර දමා නික්ම ගියා.

සෝ ඛෝ අහං භාරද්වාජ, ඕළාරිකං ආහාරං ආහාරෙත්වා බලං ගහෙත්වා විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං ….(පෙ)…. තතියං ඣානං ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං.

ඉතින් පින්වත් භාරද්වාජ, ඒ ඕලාරික ආහාරයන් වළඳා ශරීර ශක්තිය ඇතිකරගෙන මං කාමයන් ගෙන් වෙන්ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කළා. විතක්ක විචාරයන් ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කළා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමේසිං සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරාමි. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරාමි. අයං ඛෝ මේ භාරද්වාජ, රත්තියා පඨමේ යාමේ පඨමා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා තමෝ විහතෝ ආලෝකෝ උප්පන්නෝ යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ.

ඉතින් ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබළන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, එතකොට මං නොයෙක් ආකාරයෙන් පෙර විසූ ජීවිත පිළිබඳව සිහි කරන්නට සිත යොමු කළා. එතකොට මං නොයෙක් ආකාරයෙන් පුබ්බේ නිවාසය සිහි කළා. ඒ කියන්නෙ; එක ජාතියක්, ජාති දෙකක්, ….(පෙ)…. මෙසේ මං කරුණු සහිත ප්‍රධාන සිදුවීම් සහිතව නොයෙක් ආකාරයෙන් මං පෙර විසූ ජීවිත පිළිබඳව සිහිකරනවා. පින්වත් භාරද්වාජ, රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි මා විසින් අත්දුටු පළමු විද්‍යාව මෙය යි. අවිද්‍යාව දුරු වී ගියා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරු වී ගියා. ආලෝකය පහළ වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව ධර්මයෙහි හැසිරෙන යමෙකුට යමක් ලැබෙනවා නම් අන්න ඒ ආකාරයට යි සිදුවුනේ.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමේසිං. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ, යථාකම්මූපගේ සත්තේ පජානාමි. ….(පෙ)…. අයං ඛෝ මේ භාරද්වාජ, රත්තියා මජ්ක්‍ධිමේ යාමේ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමෝ විහතෝ ආලෝකෝ උප්පන්නෝ, යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ.

ඉතින් ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබළන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, එතකොට මං සත්වයන්ගේ චුත වීමත්, ඉපදීමත් දැන ගැනීමේ ඤාණය පිණිස සිත යොමු කළා. ඉතින් ඒ මං සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගිය දිවැස් නුවණින් චුතවන්නා වූ ත්, උපදින්නා වූ ත්, හීන, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සුගති, දුගති සත්වයන් ….(පෙ)…. කර්මානුරූපව උපතක් කරා යන සත්වයන් දැක්කා. පින්වත් භාරද්වාජ, රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි මා විසින් අත්දුටු දෙවෙනි විද්‍යාව මෙය යි. අවිද්‍යාව දුරු වී ගියා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරු වී ගියා. ආලෝකය පහළ වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව ධර්මයෙහි හැසිරෙන යමෙකුට යමක් ලැබෙනවා නම් අන්න ඒ ආකාරයට යි සිදුවුනේ.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේසිං. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ….(පෙ)…. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. ඉමේ ආසවාති යථාභූතං අබ්භඤ්ඤාසිං. ….(පෙ)…. අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මේ ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ. භවාසවාපි චිත්තං විමුච්චිත්ථ. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහෝසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසිං. අයං ඛෝ මේ භාරද්වාජ, රත්තියා පච්ඡිමේ යාමේ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමෝ විහතෝ, ආලෝකෝ උප්පන්නෝ, යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝති.

ඉතින් ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබළන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, එතකොට මං ආසවක්ඛය ඤාණය ලැබීමේ නුවණ ලබාගන්ට සිත යොමු කළා. ඉතින් මං ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි දුකේ නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි දුක් නැති වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේවා තමයි ආශ්‍රව’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රවයන් ගේ හටගැනීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රව නැතිවීම’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරගත්තා.

ඔය විදිහට මං යථාර්ථය දැන ගන්න කොට, යථාර්ථය දැක ගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වුනා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනා ම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වුනා. ‘ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙ කවදාවත් සසරට වැටෙන්නෙ නෑ’ කියල දැනගත්තා.

පින්වත් භාරද්වාජ, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මා විසින් අත්දුටු තුන්වෙනි විද්‍යාව මෙය යි. අවිද්‍යාව දුරු වී ගියා. විද්‍යාව පහළ වුනා. අඳුර දුරු වී ගියා. ආලෝකය පහළ වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව ධර්මයෙහි හැසිරෙන යමෙකුට යමක් ලැබෙනවා නම් අන්න ඒ ආකාරයට යි සිදුවුනේ.”

ඒවං වුත්තේ සංගාරවෝ මාණවෝ භගවන්තං ඒතදවෝච: අට්ඨිතවතං භෝතෝ ගෝතමස්ස පධානං අහෝසි. සප්පුරිසවතං භෝතෝ ගෝතමස්ස පධානං අහෝසි, යථා තං අරහතෝ සම්මාසම්බුද්ධස්ස.

මෙසේ වදාළ විට සංගාරව මාණවකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “භවත් ගෞතමයන් වහන්සේ ගේ ඒ ප්‍රධන් වීර්යය කරුණු සහිත වූ ම වීරියක් ම යි. භවත් ගෞතමයන් වහන්සේ ගේ ඒ ප්‍රධන් වීර්යය සත්පුරුෂ වීරියක් ම යි. එය අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට යම් අයුරකින් වේද, ඒ අයුරු දෙයක් ම යි.

කින්නු ඛෝ භෝ ගෝතම, අත්ථි දේවාති. ඨානසෝ මේතං භාරද්වාජ, විදිතං යදිදං අත්ථි දේවාති.

කිම? භවත් ගෞතමයන් වහන්ස, දෙවිවරු ඉන්නවා ද?”

“පින්වත් භාරද්වාජ, මේ දෙවිවරු ඉන්නවා ද යන කරුණක් ඇද්ද, එය මා විසින් දැනගත් දෙයක්.”

කින්නු ඛෝ භෝ ගෝතම, අත්ථි දේවාති පුට්ඨෝ සමානෝ, ඨානසෝ මේතං භාරද්වාජ, විදිතං යදිදං අත්ථි දේවාති වදේසි? නනු ඛෝ භෝ ගෝතම, ඒවං සන්තේ තුච්ඡා මුසා හෝතී’ති.

“භවත් ගෞතමයන් වහන්ස, කිම? දෙවිවරු ඉන්නවා දැයි මා ඇසූ විට පවසා වදාළේ ‘පින්වත් භාරද්වාජ, මේ දෙවිවරු ඉන්නවා ද යන කරුණක් ඇද්ද, එය මා විසින් දැනගත් දෙයක්’ කියලයි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි දෙවිවරු ඉන්නවා යන කරුණ හිස් වූ බොරුවක් නො වෙයි ද?”

අත්ථි දේවා’ති භාරද්වාජ, පුට්ඨෝ සමානෝ, අත්ථි දේවා’ති යෝ වදෙය්‍ය. ඨානසෝ මේ විදිතාති යෝ වදෙය්‍ය, අථ ඛ්වෙත්ථ විඤ්ඤුනා පුරිසේන ඒකංසේන නිට්ඨං ගන්තබ්බං යදිදං අත්ථි දේවාති.

“පින්වත් භාරද්වාජ, දෙවිවරු ඉන්නවා දැයි ඇසූ විට යමෙක් ‘දෙවියෝ ඉන්නවා’ කියනවා ද, යමෙක් මේ කාරණය මා විසින් දන්නා ලදැයි කියනවා ද, මෙය පිළිබඳව බුද්ධිමත් මනුෂ්‍යයෙකු විසින් ඒකාන්තයෙන් ම නිෂ්ඨාවකට පැමිණිය යුතුයි. එනම් ‘දෙවිවරු ඉන්නවා’ කියල යි.”

කිස්ස පන මේ භවං ගෝතමෝ, ආදිකේනේව න බ්‍යාකාසීති.

“කිම? භවත් ගෞතමයන් වහන්ස, එය මට මුලින් ම නො වදාළේ මක් නිසා ද?”

උච්චේන සම්මතං ඛෝ ඒතං භාරද්වාජ, ලෝකස්මිං යදිදං අත්ථි දේවා’ති.

“පින්වත් භාරද්වාජ, දෙවිවරු ඉන්නවා යැයි කියන යම් ප්‍රකාශයක් ඇද්ද, එය මේ ලෝකයෙහි උස් හඬින් සම්මත වූ දෙයක් නෙව.”

ඒවං වුත්තේ සංගාරවෝ මාණවෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම, සෙය්‍යථාපි භෝ ගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච උපාසකා මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගත’න්ති.

මෙසේ වදාළ විට සංගාරව බ්‍රාහ්මණ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙයි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වවූවා වගෙයි. ඔන්න ඔය විදියට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් මා ත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවන ත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

සංගාරවසුත්තං දසමං.

සංගාරව බ්‍රාහ්මණ තරුණයාට වදාළ දෙසුම නිමා විය.

බ්‍රාහ්මණවග්ගෝ පඤ්චමෝ.

පස්වෙනි බ්‍රාහ්මණ වර්ගය යි.

තස්ස වග්ගස්ස උද්දානං.

බ්‍රහ්මායු සේලස්සලායනෝ ඝෝටමුඛෝ ච බ්‍රාහ්මණෝ
ඒසු චංකී ධනඤ්ජානි වාසෙට්ඨෝ සුභ ගාරවෝති.

ඉදං වග්ගාන’මුද්දානං.

වග්ගෝ ගහපති භික්ඛු පරිබ්බාජකනාමකෝ
රාජවග්ගෝ බ්‍රාහ්මණෝති පඤ්ච මජ්ක්‍ධිමආගමේ.

මජ්ක්‍ධිමපණ්ණාසකං සමත්තං

මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M