මජ්ඣිම නිකාය

මජ්ඣිම පණ්ණාසකෝ

2.1.10. අපණ්ණක සුත්තං

2.1.10. මධ්‍යස්ථව නුවණින් විමසා බැලීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන සාලා නාම කෝසලානං බ්‍රාහ්මණගාමෝ තදවසරි. අස්සෝසුං ඛෝ සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා: සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ කෝසලේසු චාරිකං චරමානෝ මහතාභික්ඛුසංඝේන සද්ධිං සාලං අනුප්පත්තෝ. තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං. කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහත් භික්ෂුසංඝයා සමඟ චාරිකාවේ වඩිමින් සිටිය දී සාලා නම් වූ කෝසල ජනපදවාසී බ්‍රාහ්මණයින් ගේ ගම කරා වැඩම කළා. වැඩම කොට එහි කල්ගත කොට වදාළා. එතකොට සාලා ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට මෙය අසන්නට ලැබුනා. “භවත්නි, ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහත් භික්ෂුසංඝයා සමඟ කෝසල ජනපද චාරිකාවෙහි වඩිමින් සිටියදී සාලා ගමටත් වැඩමකොට සිටිනවා. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මෙබඳු වූ කල්‍යාණ කීර්ති රාවයක් උද්ගතව පැතිරී තිබෙනවා.

‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු හේතුවෙන් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ කියල. ඒ වගේ ම උන්වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂ්ඨ ඤාණයෙන් සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, සමාප්තිය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබියා වූ මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මඟ ප්‍රකාශ කරනවා. මෙබඳු වූ රහතුන් ගේ දැක්ම කොතරම් අගේ ද!” කියා ඒ බ්‍රාහ්මණ ගෘහපතිවරුන් අතර කතාබහ ඇතිවුනා.

අථ ඛෝ සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා අප්පේකච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ භගවතෝ සන්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු. අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නේ ඛෝ සාලෙය්‍යකේ බ්‍රාහ්මණගහපතිකේ භගවා ඒතදවෝච: අත්ථි පන වෝ ගහපතයෝ කෝචි මනාපෝ සත්ථා යස්මිං වෝ ආකාරවතී සද්ධා පටිලද්ධාති. නත්ථි ඛෝ නෝ භන්තේ කෝචි මනාපෝ සත්ථා, යස්මිං නෝ ආකාරවතී සද්ධා පටිලද්ධාති. මනාපං වෝ ගහපතයෝ සත්ථාරං අලභන්තේහි අයං අපණ්ණකෝ ධම්මෝ සමාදාය වත්තිතබ්බෝ. අපණ්ණකෝ හි ගහපතයෝ ධම්මෝ සමත්තෝ සමාදින්නෝ සෝ වෝ භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය.

ඉතින් සාලා ග්‍රාමවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණි ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදුනා. එකත්පස්ව වාඩි වුනා. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේට දෑත් එක්කොට වන්දනා කිරීමෙන් පසු එකත්පස්ව වාඩි වුනා. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් නම් ගොත් වශයෙන් හඳුන්වා දී එකත්පස්ව වාඩිවුනා. ඇතැමෙක් නිශ්ශබ්දව ම එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වූ සාලා ග්‍රාමවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් ගෘහපතිවරුනි, යම් ශාස්තෘන් වහන්සේ නමක් කෙරෙහි අවබෝධයෙන් ම ඇතිකරගත්තු ශ්‍රද්ධා ප්‍රතිලාභයක් තිබේ නම්, එබඳු වූ යම් මනාප ශාස්තෘන් වහන්සේ නමක් ඔබට සිටිනවා ද?”

“ස්වාමීනී, යම් ශාස්තෘන් වහන්සේ නමක් කෙරෙහි අවබෝධයෙන් ම ඇතිකරගත්තු ශ්‍රද්ධා ප්‍රතිලාභයක් තිබේ නම්, එබඳු වූ යම් මනාප ශාස්තෘන් වහන්සේ නමක් අපට නැහැ.”

“පින්වත් ගෘහපතිවරුනි, ඔබට මනාප වූ ශාස්තෘන් වහන්සේ නමක් නො ලැබී ඇති නිසා ඔබ විසින් මධ්‍යස්ථව සිටීමේ ධර්මය ගැන, අපණ්ණක ධර්මය ගැන සමාදන්ව පැවතිය යුතුයි. පින්වත් ගෘහපතිවරුනි, මධ්‍යස්ථව සිටීමේ ධර්මය යහපත්ව පිළිගත් විට, සමාදන් වූ විට, එය ඔබට බොහෝ කලක් හිතසුව පිණිස පවතීවි.

කතමෝ ච ගහපතයෝ අපණ්ණකෝ ධම්මෝ: සන්ති ගහපතයෝ ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. තේසංයේව ඛෝ ගහපතයෝ සමණබ්‍රාහ්මණානං ඒකේ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා, තේ ඒවමාහංසු: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි අයං ලෝකෝ, අත්ථි පරෝ ලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තාඕපපාතිකා, අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. තං කිං මඤ්ඤථ ගහපතයෝ නනු’මේ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති. ඒවං භන්තේ.

පින්වත් ගෘහපතිවරුනි, මධ්‍යස්ථව සිටීමේ ධර්මය කුමක් ද? පින්වත් ගෘහපතිවරුනි, මෙබඳු ප්‍රකාශ කරන්නා වූ, මෙබඳු මත දරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් සිටිනවා. ඒ කියන්නේ; ‘දානයෙහි විපාක නැත. ඇප උපස්ථාන වල විපාක නැත. පුද පූජාවන්හි විපාක නැත. යහපත් ලෙස වේවා, අයහපත් ලෙස වේවා කරන ලද කර්මයන් ගේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මව් නැත. පියා නැත. ඕපපාතික සත්වයන් නැත. යමෙක් මෙලොව පරලොව පිළිබඳව තමා තුළ ඇති කරගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පැවසීමක් ඇද්ද, යහපත් මගෙහි පිළිපන්, යහපත් මග තුළ සිටින එබඳු මහණ බමුණන් නැත’ කියල.

ඒ වගේ ම පින්වත් ගෘහපතිවරුනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හාත්පසින් ම විරුද්ධ වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිනවා. ඔවුන් මෙහෙම කියනවා. ඒ කියන්නේ ‘දානයෙහි විපාක ඇත. ඇප උපස්ථාන වල විපාක ඇත. පුද පූජාවන්හි විපාක ඇත. යහපත් ලෙස වේවා, අයහපත් ලෙස වේවා කරන ලද කර්මයන් ගේ විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මව් ඇත. පියා ඇත. ඕපපාතික සත්වයන් ඇත. යමෙක් මෙලොව පරලොව පිළිබඳව තමා තුළ ඇති කරගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පැවසීමක් ඇද්ද, යහපත් මගෙහි පිළිපන්, යහපත් මග තුළ සිටින එබඳු මහණ බමුණන් ඇත’ කියල.

පින්වත් ගෘහපතිවරුනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් එකිනෙකාට ඍජුව ම විරුද්ධ මත දරණ අය නො වෙයි ද?” “එසේය ස්වාමීනී”

තත්‍ර ගහපතයෝ යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. තේසමේතං පාටිකංඛං: යමිදං කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතං, ඉමේ තයෝ කුසලේ ධම්මේ අභිනිවජ්ජෙත්වා අභිනිබ්බිජ්ජිත්වා (ක.)) යමිදං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං, ඉමේ තයෝ අකුසලේ ධම්මේ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හේතු: න හි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං. කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං. සන්තංයේව ඛෝ පන පරං ලෝකං නත්ථි පරෝ ලෝකෝ තිස්ස දිට්ඨි හෝති, සාස්ස හෝති මිච්ඡාදිට්ඨි, සන්තංයේව ඛෝ පන පරං ලෝකං නත්ථි පරෝ ලෝකෝති සංකප්පේති, ස්වාස්ස හෝති මිච්ඡාසංකප්පෝ. සන්තංයේව ඛෝ පන පරං ලෝකං නත්ථි පරෝ ලෝකෝති වාචං භාසති, සාස්ස හෝති මිච්ඡාවාචා. සන්තංයේව ඛෝ පන පරං ලෝකං නත්ථි පරෝ ලෝකෝති ආහ. යේ තේ අරහන්තෝ පරලෝකවිදුනෝ තේසමයං පච්චනීකං කරෝති. සන්තංයේව ඛෝ පන පරං ලෝකං නත්ථි පරෝ ලෝකෝති පරං සඤ්ඤාපේති. සාස්ස හෝති අසද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසේති. පරං වම්භේති. ඉති පුබ්බේව ඛෝ පනස්ස සුසීල්‍යං පහීනං හෝති, දුස්සීල්‍යං පච්චුපට්ඨිතං, අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්පෝ මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තුක්කංසනා පරවම්භනා. ඒවමස්සිමේ අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු මෙබඳු ප්‍රකාශ ඇතිව, මෙබඳු දෘෂ්ටි ඇතිව සිටිනවා ද; ඒ කියන්නේ ‘දානයෙහි විපාක නැත. ඇප උපස්ථාන වල විපාක නැත. පුද පූජාවන්හි විපාක නැත. යහපත් ලෙස වේවා, අයහපත් ලෙස වේවා කරන ලද කර්මයන් ගේ විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මව් නැත. පියා නැත. ඕපපාතික සත්වයන් නැත. යමෙක් මෙලොව පරලොව පිළිබඳව තමා තුළ ඇති කරගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පැවසීමක් ඇද්ද, යහපත් මගෙහි පිළිපන්, යහපත් මග තුළ සිටින එබඳු මහණ බමුණන් නැත’ කියල. ඔවුන් කැමති විය යුත්තේ මෙය යි. යම් මේ කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් ඇද්ද, මේ කුසල් දහම් තුන අත්හැරලා යම් කාය දුෂ්චරිතයක්, වචී දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් ඇද්ද මේ අකුසල් දහම් තුළ සමාදන්ව වාසය කිරීම යි. එයට හේතුව කුමක්ද යත්; ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අකුසල ධර්මයන් ගේ ආදීනවය ත්, ලාමක බව ත්, කෙලෙසීම ත් දකින්නේ නෑ. ඒ වගේ ම කුසල ධර්මයන් තුළින් අකුසලයන් ගෙන් මිදීම ත්, ආනිශංස ත්, පිරිසිදු වීම ත්, දකින්නේ නැහැ.

තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘පරලොව නැත’ යන දෘෂ්ටිය යි. එය ඔහු ගේ මිත්‍යා දෘෂ්ටිය යි. තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘පරලොව නැත’ යන සංකල්පනාව යි. එය ඔහු ගේ මිත්‍යා සංකල්පය යි. තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘පරලොව නැත’ යන වචන කතා කිරීම යි. එය ඔහු ගේ මිත්‍යා වචන භාවිතය යි. තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව යි ඔහු ‘පරලොව’ නැත කියා කියන්නේ. පරලොව ගැන අවබෝධයෙන් ම දන්නා වූ යම් රහතන් වහන්සේලා ලොව සිටිත් ද, උන්වහන්සේලා ගේ අවබෝධයට ද මෙය විරුද්ධව ක්‍රියාත්මක වෙනව. තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව ඔහු අන්‍යන්ව දැනුවත් කරන්නේ ‘පරලොව නැත’ කියා යි. එය ඔහු ගේ අසද්ධර්ම දැනුවත් කිරීම යි. ඒ අසද්ධර්මය ඉස්මතු කොට පැවසීමෙන් තමා හුවා දක්වා ගන්නවා. අනුන් හෙලා දකිනවා. මේ හේතුවෙන් කලින් ම ඔහු තුළ ඇති සීලය ප්‍රහාණය වී යනවා. දුස්සීල භාවය තුළ පිහිටනවා. මේ මිත්‍යා දෘෂ්ටිය ද, මිත්‍යා සංකල්පය ද, මිත්‍යා වාචා ද, ආර්යයන් වහන්සේලාට විරුද්ධව කරන කතාව ද, අසද්ධර්මය ඉස්මතු කොට කීමෙන් ඇති කරගන්නා තමා හුවා දැක්වීම ද අනුන් හෙලා දැකීම ද ඇති වෙනවා. මේ ආකාරයට මිත්‍යා දෘෂ්ටිය මුල් වීමෙන් අනේක වූ පාපී අකුසල් දහම් පහළ වෙනවා.

තත්‍ර ගහපතයෝ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: සචේ ඛෝ නත්ථි පරෝ ලෝකෝ ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා සොත්ථිමත්තානං කරිස්සති. සචේ ඛෝ අත්ථි පරෝ ලෝකෝ ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛෝ පන මාහු: පරෝ ලෝකෝ හෝතු නේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං. අථ ච පනායං භවං පුරිසපුග්ගලෝ දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං ගාරය්හෝ: දුස්සීලෝ පුරිසපුග්ගලෝ මිච්ඡාදිට්ඨි නත්ථිකවාදෝති. සචේ ඛෝ අත්ථේව පරෝ ලෝකෝ, ඒවං ඉමස්ස භෝතෝ පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහෝ: යඤ්ච දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං ගාරය්හෝ, යඤ්ච කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. ඒවමස්සායං අපණ්ණකෝ ධම්මෝ දුස්සමත්තෝ සමාදින්නෝ ඒකංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති කුසලං ඨානං.

පින්වත් ගෘහපතිවරුනි, එහිලා බුද්ධිමත් මනුෂ්‍යයෙක් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙහෙමයි. ඉදින් පරලොවක් නැති නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු තමාට යහපතක් සලසා ගනීවි. හැබැයි පරලොවක් තිබෙනවා නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම්, විනිපාත නම් වූ නිරයෙහි උපදීවි. පරලොව පිළිබඳ කතාව පසෙක තිබේවා! ඒ භවත් ශ්‍රමණයන් ගේ වචනය සැබෑ වචනයක් බවට පිළිගත්ත ත්, ඒ භවත් පුරුෂ පුද්ගලයා මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගේ ගැරහීමට ලක්වෙනවා, ‘මේ පුරුෂ පුද්ගලයා දුස්සීල කෙනෙක්. මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. නාස්තික වාදියෙක්’ කියල. ඉදින් සැබෑවට ම පරලොවක් තිබුනොත් මේ භවත් පුරුෂ පුද්ගලයාට දෙලොව දී ම සිදුවන්නේ පරාජයක් ම යි. මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගෙන් ලැබෙන ගැරහීම ත්, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ ඉපදීම ත් ය. මේ ආකාරයෙන් මධ්‍යස්ථව විමසා බැලීමේ ධර්මය යමෙකුට වැරදුනොත් සිදුවන්නේ ඔවුන් ගේ වාදයේ පක්ෂග්‍රාහීව බැසගෙන සිටීම යි. කුසල් දහම් ඇතිකර ගන්නට ඇති අවස්ථාව අත්හැරීම යි.

තත්‍ර ගහපතයෝ යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි අයං ලෝකෝ, අත්ථි පරෝ ලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තාඕපපාතිකා, අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති. තේසමේතං පාටිකංඛං: යමිදං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං ඉමේ තයෝ අකුසලේ ධම්මේ අභිනිවජ්ජෙත්වා යමිදං කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතං, ඉමේ තයෝ කුසලේ ධම්මේ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හේතු: පස්සන්ති හි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං. සන්තංයේව ඛෝ පන පරං ලෝකං ‘අත්ථි පරෝ ලෝකෝ’තිස්ස දිට්ඨි හෝති. සාස්ස හෝති සම්මාදිට්ඨි. සන්තංයේව ඛෝ පන පරං ලෝකං ‘අත්ථි පරෝ ලෝකෝ’ති සංකප්පේති, ස්වාස්ස හෝති සම්මාසංකප්පෝ. සන්තංයේව ඛෝ පන පරං ලෝකං ‘අත්ථි පරෝ ලෝකෝ’ති වාචං භාසති, සාස්ස හෝති සම්මාවාචා. සන්තංයේව ඛෝ පන පරං ලෝකං ‘අත්ථි පරෝ ලෝකෝ’ති ආහ. යේ තේ අරහන්තෝ පරලෝකවිදුනෝ තේසමයං න පච්චනීකං කරෝති. සන්තංයේව ඛෝ පන පරං ලෝකං ‘අත්ථි පරෝ ලෝකෝ’ති පරං සඤ්ඤාපේති, සාස්ස හෝති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නේවත්තානුක්කංසේති. න පරං වම්භේති. ඉති පුබ්බේව ඛෝ පනස්ස දුස්සීල්‍යං පහීනං හෝති. සුසීල්‍යං පච්චුපට්ඨිතං, අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති. අනත්තුක්කංසනා අපරවම්භනා. ඒවමස්සිමේ අනේකේ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු මෙබඳු ප්‍රකාශ ඇතිව, මෙබඳු දෘෂ්ටි ඇතිව සිටිනවා ද; ඒ කියන්නේ ‘දානයෙහි විපාක ඇත. ඇප උපස්ථාන වල විපාක ඇත. පුද පූජාවන්හි විපාක ඇත. යහපත් ලෙස වේවා, අයහපත් ලෙස වේවා කරන ලද කර්මයන් ගේ විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මව් ඇත. පියා ඇත. ඕපපාතික සත්වයන් ඇත. යමෙක් මෙලොව පරලොව පිළිබඳව තමා තුළ ඇති කරගත් විශිෂ්ට ඤාණයෙන් යුතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පැවසීමක් ඇද්ද, යහපත් මගෙහි පිළිපන්, යහපත් මග තුළ සිටින එබඳු මහණ බමුණන් ඇත’ කියල. ඔවුන් කැමති විය යුත්තේ මෙය යි. යම් මේ කාය දුෂ්චරිතයක්, වචී දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් ඇද්ද, මේ අකුසල් දහම් තුන අත්හැරලා යම් කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් ඇද්ද මේ කුසල් දහම් තුළ සමාදන්ව වාසය කිරීම යි. එයට හේතුව කුමක්ද යත්; ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අකුසල ධර්මයන් ගේ ආදීනවය ත්, ලාමක බව ත්, කෙලෙසීම ත් දකිනවා. ඒ වගේ ම කුසල ධර්මයන් තුළින් අකුසලයන් ගෙන් මිදීම ත්, ආනිශංස ත්, පිරිසිදු වීම ත්, දකිනවා.

තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘පරලොව ඇත’ යන දෘෂ්ටිය යි. එය ඔහු ගේ සම්‍යක් දෘෂ්ටිය යි. තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘පරලොව ඇත’ යන සංකල්පනාව යි. එය ඔහු ගේ සම්‍යක් සංකල්පය යි. තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘පරලොව ඇත’ යන වචන කතා කිරීම යි. එය ඔහු ගේ සම්‍යක් වචන භාවිතය යි. තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව යි ඔහු පරලොව ඇත කියා කියන්නේ. පරලොව ගැන අවබෝධයෙන් ම දන්නා වූ යම් රහතන් වහන්සේලා ලොව සිටිත් ද, උන්වහන්සේලා ගේ අවබෝධයට ද මෙය විරුද්ධව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. තිබෙන්නා වූ ම පරලොව පිළිබඳව ඔහු අන්‍යන්ව දැනුවත් කරන්නේ ‘පරලොව ඇත’ කියා ය. එය ඔහු ගේ සද්ධර්මය දැනුවත් කිරීම යි. ඒ සද්ධර්මය ඉස්මතු කොට පැවසීමෙන් තමා හුවා දක්වා ගන්නෙ නෑ. අනුන් හෙලා දකින්නෙත් නෑ. මේ හේතුවෙන් කලින් ම ඔහු තුළ දුස්සීල බවක් තිබුනා නම්, එය ප්‍රහාණය වී යනවා. සිල්වත් භාවය තුළ පිහිටනවා. මේ සම්‍යක් දෘෂ්ටිය ද, සම්‍යක් සංකල්පය ද, සම්‍යක් වාචා ද, ආර්යයන් වහන්සේලාට විරුද්ධව කතා නො කිරීම ද, සද්ධර්මය ඉස්මතු කොට කීම ද, තමා හුවා නො දැක්වීම ද, අනුන් හෙලා නො දැකීම ද ඇති වෙනවා. මේ ආකාරයට සම්‍යක් දෘෂ්ටිය මුල් වීමෙන් අනේක වූ කුසල් දහම් පහළ වෙනවා.

තත්‍ර ගහපතයෝ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: සචේ ඛෝ අත්ථි පරෝ ලෝකෝ ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සති. කාමං ඛෝ පන මාහු පරෝ ලෝකෝ, හෝතු නේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං. අථ ච පනායං භවං පුරිසපුග්ගලෝ දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං පාසංසෝ ‘සීලවා පුරිසපුග්ගලෝ සම්මාදිට්ඨි අත්ථිකවාදෝ’ති. සචේ ඛෝ අත්ථේව පරෝ ලෝකෝ, ඒවං ඉමස්ස භෝතෝ පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහෝ: යඤ්ච දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං පාසංසෝ, යඤ්ච කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සති. ඒවමස්සායං අපණ්ණකෝ ධම්මෝ සුසමත්තෝ සමාදින්නෝ, උභයංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති අකුසලං ඨානං.

පින්වත් ගෘහපතිවරුනි, එහිලා බුද්ධිමත් මනුෂ්‍යයෙක් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙහෙම යි. ඉදින් පරලොවක් තිබෙනවා නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපත ලබාගන්නවා. පරලොව පිළිබඳ කතාව පසෙක තිබේවා! ඒ භවත් ශ්‍රමණයන් ගේ වචනය සැබෑ වචනයක් බවට පිළිගත්ත ත්, ඒ භවත් පුරුෂ පුද්ගලයා මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගේ පැසසුමට ලක්වෙනවා. ‘මේ පුරුෂ පුද්ගලයා සිල්වත් කෙනෙක්. සම්‍යක් දෘෂ්ටික කෙනෙක්. අස්තික වාදියෙක්’ කියල. ඉදින් සැබෑවට ම පරලොවක් තිබුනොත් මේ භවත් පුරුෂ පුද්ගලයාට දෙලොව දී ම සිදුවන්නේ ජයග්‍රහණයක් ම යි. මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගෙන් ලැබෙන ප්‍රශංසාව ත්, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි ඉපදීම ත් ය. මේ ආකාරයෙන් මධ්‍යස්ථව විමසා බැලීමේ ධර්මය යමෙකුට මනාව කරගත හැකි වුවොත් තමා ගේ නුවණින් සැලකීමට හා ශ්‍රමණ බමුණන් ගේ මතයට යන දෙපැත්තට ම මැනවින් බැසගන්නවා. අකුසල් ඇතිකර ගන්නට ඇති අවස්ථාව අත්හැර දමනවා.

සන්ති ගහපතයෝ ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: කරෝතෝ කාරයතෝ ඡින්දතෝ ඡේදාපයතෝ පචතෝ පාචාපයතෝ සෝචයතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ ඵන්දතෝ ඵන්දාපයතෝ, පාණමතිපාතයතෝ පාණමතිපාතාපයතෝ පාණමතිපාපයතෝ අදින්නං ආදියතෝ සන්ධිං ඡින්දතෝ නිල්ලෝපං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්ථේ තිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසා භණතෝ, කරෝතෝ න කරීයති පාපං. ඛුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමිස්සා පථවියා පාණේ ඒකං මංසඛලං ඒකං මංසපුඤ්ජං කරෙය්‍ය. නත්ථි තතෝනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමෝ. දක්ඛිණඤ්චේපි ගංගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තෝ ඝාතෙන්තෝ ඡින්දන්තෝ ඡේදාපෙන්තෝ පචන්තෝ පාචෙන්තෝ. නත්ථි තතෝනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමෝ, උත්තරඤ්චේපි ගංගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තෝ දාපෙන්තෝ යජන්තෝ යජාපෙන්තෝ. නත්ථි තතෝනිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමෝ. දානේන දමේන සංයමේන සච්චවජ්ජේන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමෝති. තේසංයේව ඛෝ ගහපතයෝ සමණබ්‍රාහ්මණානං ඒකේ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා. තේ ඒවමාහංසු: කරෝතෝ කාරයතෝ ඡින්දතෝ ඡේදාපයතෝ පචතෝ පාචාපයතෝ සෝචයතෝසෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ ඵන්දතෝ ඵන්දාපයතෝ පාණමතිපාතයතෝ අදින්නං ආදියතෝ සන්ධිං ඡින්දතෝ නිල්ලෝපං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්ථේ තිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසා භණතෝ. කරෝතෝ කරීයති පාපං, ඛුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමිස්සා පථවියා පාණේ ඒකං මංසඛලං ඒකං මංසපුඤ්ජං කරෙය්‍ය, අත්ථි තතෝනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමෝ. දක්ඛිණඤ්චේපි ගංගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තෝ ඝාතෙන්තෝ ඡින්දන්තෝ ඡේදාපෙන්තෝ පචන්තෝ පාචෙන්තෝ, අත්ථි තතෝනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමෝ. උත්තරඤ්චේපි ගංගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තෝ දාපෙන්තෝ යජන්තෝ යජාපෙන්තෝ. අත්ථි තතෝනිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමෝ. දානේන දමේන සංයමේන සච්චවජ්ජේන. අත්ථි පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමෝති. තං කිං මඤ්ඤථ ගහපතයෝ: නනුමේ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති. ඒවං භන්තේ.

පින්වත් ගෘහපතිවරුනි, මෙබඳු මත ප්‍රකාශ කරන, මෙබඳු දෘෂ්ටි දරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ; ‘තමන් ගේ අතින් කළ ත්, අනුන් ලවා කෙරෙව්ව ත්, තම අතින් අනුන් ගේ අත් පා ආදිය කැපුව ත්, අනුන් ලවා කැප්පෙව්ව ත්, දඬු මුගුරු වලින් පීඩා කළ ත්, අනුන් ලවා පීඩා කෙරෙව්ව ත්, ශෝක කළ ත්, ශෝක කෙරෙව්ව ත්, ක්ලාන්ත කළ ත්, ක්ලාන්ත කෙරෙව්ව ත්, කම්පා කළ ත්, කම්පා කෙරෙව්ව ත්, සතුන් මැරුව ත්, සොරකම් කෙරුව ත්, ගෙවල් දොරවල් මංකොල්ල කෑව ත්, මංපැහැරුව ත්, එක් ගෙයක් මංකොල්ල කෑව ත්, කණ්ඩායම් සොරකම් කළ ත්, පරදාර සේවනයේ යෙදුන ත්, බොරු කීව ත්, ‘පව් කරමි’ යි යන හැඟීමකින් කළත්, එය කරන්නාට සිදුවන පාපයක් නම් නැත. ඉදින් යමෙක් තියුණු මුවහත ඇති කරකැවෙන ආයුධයකින් මේ පොළෝ තලයෙහි සත්වයන් එක් ම මාංස රැසක්, එක් ම මාංස පුංජයක් බවට පත් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පවක් නැත. පාපයා ගේ පැමිණීමෙක් ද නැත.

ගංගා තීරයෙහි දකුණු තෙර දක්වා ම මරමින්, මරවමින්, අත් පා සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින්, ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පවක් නැත. පාපයා ගේ පැමිණීමෙක් ද නැත. ගංගා තීරයෙහි උතුරු තෙර දක්වා ම දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින් ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පිනක් නැත. පිනෙහි පැමිණීමෙක් ද නැත. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංවර වීමෙන්, සත්‍ය වචනයෙන්, සිදුවන පිනක් නැත. පිනෙහි පැමිණීමක් ද නැත’ කියල.

ඒ වගේ ම පින්වත් ගෘහපතිවරුනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ මතයට ඍජුව ම විරුද්ධව මෙහෙම කියනවා. ඒ කියන්නේ; ‘තමන් ගේ අතින් කළත්, අනුන් ලවා කෙරෙව්වත්, තම අතින් අනුන් ගේ අත් පා ආදිය කැපුවත්, අනුන් ලවා කැප්පෙව්වත්, දඬු මුගුරු වලින් පීඩා කළත්, අනුන් ලවා පීඩා කෙරෙව්වත්, ශෝක කළත්, ශෝක කෙරෙව්වත්, ක්ලාන්ත කළත්, ක්ලාන්ත කෙරෙව්වත්, කම්පා කළත්, කම්පා කෙරෙව්වත්, සතුන් මැරුවත්, සොරකම් කෙරුවත්, ගෙවල් දොරවල් මංකොල්ල කෑවත්, මංපැහැරුවත්, එක් ගෙයක් මංකොල්ල කෑවත්, කණ්ඩායම් සොරකම් කළත්, පරදාර සේවනයේ යෙදුනත්, බොරු කීවත්, ‘පව් කරමි’ යි යන හැඟීමකින් කළත්, එය කරන්නාට පව් සිදු වෙනවා ම යි. ඉදින් යමෙක් තියුණු මුවහත ඇති කරකැවෙන ආයුධයකින් මේ පොළෝ තලයෙහි සත්වයන් එක් ම මාංස රැසක්, එක් ම මාංස පුංජයක් බවට පත් කළොත් ඒ හේතුවෙන් පව් සිදු වෙනවා ම යි. පවෙහි පැමිණීමක් තියෙනවා ම යි.

ගංගා තීරයෙහි දකුණු තෙර දක්වා ම මරමින්, මරවමින්, අත් පා සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින්, ගමන් කළ ද, ඒ හේතුවෙන් පව් සිදුවෙනවා ම යි. පවෙහි පැමිණීමෙක් තියෙනවා ම යි. ගංගා තීරයෙහි උතුරු තෙර දක්වා ම දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින් ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පිනක් තියෙනවා ම යි. පිනෙහි පැමිණීමෙක් ද තියෙනවා ම යි. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංවර වීමෙන්, සත්‍ය වචනයෙන්, පින් සිදුවෙනවා ම යි. පිනෙහි පැමිණීමක් ද තියෙනවා ම යි’ කියල. පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඔවුනොවුන්ට ඍජුව ම විරුද්ධ වූ මතවාද පවසනවා නො වේ ද?” “එසේය ස්වාමීනී.”

තත්‍ර, ගහපතයෝ යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: කරෝතෝ කාරයතෝ ඡින්දතෝ ඡේදාපයතෝ පචතෝ පාචාපයතෝ සෝචයතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ ඵන්දතෝ ඵන්දාපයතෝ පාණමතිපාතයතෝ අදින්නං ආදියතෝ සන්ධිං ඡින්දතෝ නිල්ලෝපං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්ථේ තිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසා භණතෝ කරෝතෝ න කරීයති පාපං, ඛුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමිස්සා පථවියා පාණේ ඒකං මංසඛලං ඒකං මංසපුඤ්ජං කරෙය්‍ය, නත්ථි තතෝනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමෝ, දක්ඛිණඤ්චේපි ගංගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තෝ ඝාතෙන්තෝ ඡින්දන්තෝ ඡේදාපෙන්තෝ පචන්තෝ පාචෙන්තෝ. නත්ථි තතෝනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමෝ, උත්තරඤ්චේපි ගංගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තෝ දාපෙන්තෝ යජන්තෝ යජාපෙන්තෝ. නත්ථි තතෝනිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමෝ. දානේන දමේන සංයමේන සච්චවජ්ජේන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමෝති. තේසමේතං පාටිකංඛං: යමිදං කායසුචරිතං, වචීසුචරිතං මනෝසුචරිතං, ඉමේ තයෝ කුසලේ ධම්මේ අභිනිවජ්ජෙත්වා යමිදං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං, ඉමේ තයෝ අකුසලේ ධම්මේ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හේතු: න හි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං. කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං. සන්තංයේව ඛෝ පන කිරියං ‘නත්ථි කිරියා’තිස්ස දිට්ඨි හෝති. සාස්ස හෝති මිච්ඡාදිට්ඨි. සන්තංයේව ඛෝ පන කිරියං ‘නත්ථි කිරියා’ති සංකප්පේති, ස්වාස්ස හෝති මිච්ඡාසංකප්පෝ. සන්තංයේව ඛෝ පන කිරියං ‘නත්ථි කිරියා’ති වාචං භාසති, සාස්ස හෝති මිච්ඡාවාචා. සන්තංයේව ඛෝ පන කිරියං ‘නත්ථි කිරියා’ති ආහ. යේ තේ අරහන්තෝ කිරියවාදා තේසමයං පච්චනීකං කරෝති. සන්තංයේව ඛෝ පන කිරියං ‘නත්ථි කිරියා’ති පරං සඤ්ඤාපේති. සාස්ස හෝති අසද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසේති. පරං වම්භේති. ඉති පුබ්බේව ඛෝ පනස්ස සුසීල්‍යං පහීනං හෝති, දුස්සීල්‍යං පච්චුපට්ඨිතං. අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්පෝ මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තුක්කංසනා පරවම්භනා. ඒවමස්සිමේ අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු මෙබඳු ප්‍රකාශ ඇතිව, මෙබඳු දෘෂ්ටි ඇතිව සිටිනවා ද; ඒ කියන්නේ ‘තමන් ගේ අතින් කළත්, අනුන් ලවා කෙරෙව්වත්, තම අතින් අනුන් ගේ අත් පා ආදිය කැපුවත්, අනුන් ලවා කැප්පෙව්වත්, දඬු මුගුරු වලින් පීඩා කළත්, අනුන් ලවා පීඩා කෙරෙව්වත්, ශෝක කළත්, ශෝක කෙරෙව්වත්, ක්ලාන්ත කළත්, ක්ලාන්ත කෙරෙව්වත්, කම්පා කළත්, කම්පා කෙරෙව්වත්, සතුන් මැරුවත්, සොරකම් කෙරුවත්, ගෙවල් දොරවල් මංකොල්ල කෑවත්, මංපැහැරුවත්, එක් ගෙයක් මංකොල්ල කෑවත්, කණ්ඩායම් සොරකම් කළත්, පරදාර සේවනයේ යෙදුනත්, බොරු කීවත්, ‘පව් කරමි’ යි යන හැඟීමකින් කළත්, එය කරන්නාට සිදුවන පාපයක් නම් නැත. ඉදින් යමෙක් තියුණු මුවහත ඇති කරකැවෙන ආයුධයකින් මේ පොළෝ තලයෙහි සත්වයන් එක් ම මාංස රැසක්, එක් ම මාංස පුංජයක් බවට පත් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පවක් නැත. පාපයා ගේ පැමිණීමෙක් ද නැත.

ගංගා තීරයෙහි දකුණු තෙර දක්වා ම මරමින්, මරවමින්, අත් පා සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින්, ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පවක් නැත. පාපයා ගේ පැමිණීමෙක් ද නැත. ගංගා තීරයෙහි උතුරු තෙර දක්වා ම දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින් ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පිනක් නැත. පිනෙහි පැමිණීමෙක් ද නැත. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංවර වීමෙන්, සත්‍ය වචනයෙන්, සිදුවන පිනක් නැත. පිනෙහි පැමිණීමක් ද නැත’ කියල.

ඔවුන් කැමති විය යුත්තේ මෙය යි. යම් මේ කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් ඇද්ද, මේ කුසල් දහම් තුන අත්හැරලා යම් කාය දුෂ්චරිතයක්, වචී දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් ඇද්ද මේ අකුසල් දහම් තුළ සමාදන්ව වාසය කිරීම යි. එයට හේතුව කුමක්ද යත්; ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අකුසල ධර්මයන් ගේ ආදීනවය ත්, ලාමක බව ත්, කෙලෙසීම ත් දකින්නේ නෑ. ඒ වගේ ම කුසල ධර්මයන් තුළින් අකුසලයන් ගෙන් මිදීම ත්, ආනිශංස ත්, පිරිසිදු වීම ත්, දකින්නේ නැහැ.

තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි ඵලය පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘ක්‍රියාවෙහි විපාක නැත’ යන දෘෂ්ටිය යි. එය ඔහු ගේ මිත්‍යා දෘෂ්ටිය යි. තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාක පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘ක්‍රියාවක විපාක නැත’ යන සංකල්පනාව යි. එය ඔහු ගේ මිත්‍යා සංකල්පය යි. තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාක පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘ක්‍රියාවෙහි විපාක නැත’ යන වචන කතා කිරීම යි. එය ඔහු ගේ මිත්‍යා වචන භාවිතය යි. තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාක පිළිබඳව යි ඔහු ‘ක්‍රියාවෙහි විපාක නැත’ කියා කියන්නේ. ක්‍රියාවෙහි විපාක ගැන අවබෝධයෙන් ම දන්නා වූ යම් රහතන් වහන්සේලා ලොව සිටිත් ද, උන්වහන්සේලා ගේ අවබෝධයට ද මෙය විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාක පිළිබඳව ඔහු අන්‍යන්ව දැනුවත් කරන්නේ ‘ක්‍රියාවෙහි විපාක නැත’ කියා ය. එය ඔහු ගේ අසද්ධර්ම දැනුවත් කිරීම යි. ඒ අසද්ධර්මය ඉස්මතු කොට පැවසීමෙන් තමා හුවා දක්වා ගන්නවා. අනුන් හෙලා දකිනවා. මේ හේතුවෙන් කලින් ම ඔහු තුළ තිබුන සීලය ප්‍රහාණය වී යනවා. දුස්සීල භාවය තුළ පිහිටනවා. මේ මිත්‍යා දෘෂ්ටිය ද, මිත්‍යා සංකල්පය ද, මිත්‍යා වාචා ද, ආර්යයන් වහන්සේලාට විරුද්ධව කරන කතාව ද, අසද්ධර්මය ඉස්මතු කොට කීමෙන් ඇති කරගන්නා තමා හුවා දැක්වීම ද, අනුන් හෙලා දැකීම ද, ඇති වෙනවා. මේ ආකාරයට මිත්‍යා දෘෂ්ටිය මුල් වීමෙන් අනේක වූ පාපී අකුසල් දහම් පහළ වෙනවා.

තත්‍ර ගහපතයෝ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: සචේ ඛෝ නත්ථි කිරියා. ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා සොත්ථිමත්තානං කරිස්සති. සචේ ඛෝ අත්ථි කිරියා. ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛෝ පන මාහු කිරියා හෝතු නේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, අථ ච පනායං භවං පුරිසපුග්ගලෝ දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං ගාරය්හෝ, දුස්සීලෝ පුරිසපුග්ගලෝ මිච්ඡාදිට්ඨි අකිරියවාදෝති. සචේ ඛෝ අත්ථේව කිරියා. ඒවං ඉමස්ස භෝතෝ පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහෝ, යඤ්ච දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං ගාරය්හෝ, යඤ්ච කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. ඒවමස්සායං අපණ්ණකෝ ධම්මෝ දුස්සමත්තෝ සමාදින්නෝ ඒකංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති කුසලං ඨානං.

පින්වත් ගෘහපතිවරුනි, එහිලා බුද්ධිමත් මනුෂ්‍යයෙක් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙහෙමයි. ඉදින් ක්‍රියාවකට විපාකයක් නැති නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු තමාට යහපතක් සලසා ගනීවි. හැබැයි ක්‍රියාවකට විපාකයක් තිබෙනවා නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදීවි. ක්‍රියාවක විපාක ඇති නැති කතාව පසෙක තිබේවා! ඒ භවත් ශ්‍රමණයන් ගේ වචනය සැබෑ වචනයක් බවට පිළිගත්තත්, ඒ භවත් පුරුෂ පුද්ගලයා මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගේ ගැරහීමට ලක්වෙනවා. ‘මේ පුරුෂ පුද්ගලයා දුස්සීල කෙනෙක්. මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. අකිරිය වාදියෙක් (ක්‍රියාවේ ඵලය නො පිළිගන්නා කෙනෙක්)’ කියල. ඉදින් සැබෑවට ම ක්‍රියාවේ ඵලයක් තිබුණොත් මේ භවත් පුරුෂ පුද්ගලයාට දෙලොව දී ම සිදුවන්නේ පරාජයක් ම යි. මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගෙන් ලැබෙන ගැරහීම ත්, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ ඉපදීම ත් ය. මේ ආකාරයෙන් මධ්‍යස්ථව විමසා බැලීමේ ධර්මය යමෙකුට වැරදුනොත් සිදුවන්නේ ඔවුන් ගේ වාදයේ පක්ෂග්‍රාහීව බැසගෙන සිටීම යි. කුසල් දහම් ඇතිකර ගන්නට ඇති අවස්ථාව අත්හැරීම යි.

තත්‍ර ගහපතයෝ යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: කරෝතෝ කාරයතෝ ඡින්දතෝ ඡේදාපයතෝ පචතෝ පාචාපයතෝ සෝචයතෝ සෝචාපයතෝ කිලමතෝ කිලමාපයතෝ ඵන්දතෝ ඵන්දාපයතෝ පාණමතිපාතයතෝ අදින්නං ආදියතෝ සන්ධිං ඡින්දතෝ නිල්ලෝපං හරතෝ ඒකාගාරිකං කරෝතෝ පරිපන්ථේ තිට්ඨතෝ පරදාරං ගච්ඡතෝ මුසා භණතෝ කරෝතෝ කරීයති පාපං. ඛුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමිස්සා පථවියා පාණේ ඒකං මංසඛලං ඒකං මංසපුඤ්ජං කරෙය්‍ය. අත්ථි තතෝනිදානං පාපං අත්ථි පාපස්ස ආගමෝ. දක්ඛිණඤ්චේපි ගංගාය තීරං ගච්ඡෙය්‍ය හනන්තෝ ඝාතෙන්තෝ ඡින්දන්තෝ ඡේදාපෙන්තෝ පචන්තෝ පාචෙන්තෝ, අත්ථි තතෝනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමෝ. උත්තරඤ්චේපි ගංගාය තීරං ගච්ඡෙය්‍ය දදන්තෝ දාපෙන්තෝ යජන්තෝ යජාපෙන්තෝ, අත්ථි තතෝනිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමෝ. දානේන දමේන සංයමේන සච්චවජ්ජේන අත්ථි පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමෝති. තේසමේතං පාටිකංඛං: යමිදං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං, ඉමේ තයෝ අකුසලේ ධම්මේ අභිනිවජ්ජෙත්වා යමිදං කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතං, ඉමේ තයෝ කුසලේ ධම්මේ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හේතු: පස්සන්ති හි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං. කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං. සන්තංයේව ඛෝ පන කිරියං ‘අත්ථි කිරියා’තිස්ස දිට්ඨි හෝති. සාස්ස හෝති සම්මාදිට්ඨි. සන්තංයේව ඛෝ පන කිරියං ‘අත්ථි කිරියා’ති සංකප්පේති. ස්වාස්ස හෝති සම්මාසංකප්පෝ. සන්තංයේව ඛෝ පන කිරියං ‘අත්ථි කිරියා’ති වාචං භාසති. සාස්ස හෝති සම්මාවාචා. සන්තංයේව ඛෝ පන කිරියං ‘අත්ථි කිරියා’ති ආහ. යේ තේ අරහන්තෝ කිරියවාදා තේසමයං න පච්චනීකං කරෝති. සන්තංයේව ඛෝ පන කිරියං ‘අත්ථි කිරියා’ති පරං සඤ්ඤාපේති සාස්ස හෝති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නේවත්තානුක්කංසේති. න පරං වම්භේති. ඉති පුබ්බේව ඛෝ පනස්ස දුස්සීල්‍යං පහීනං හෝති. සුසීල්‍යං පච්චුපට්ඨිතං. අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති අනත්තුක්කංසනා අපරවම්භනා. ඒවමස්සිමේ අනේකේ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.

පින්වත් ගෘහපතිවරුනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු මෙබඳු ප්‍රකාශ ඇතිව, මෙබඳු දෘෂ්ටි ඇතිව සිටිනවා ද; ඒ කියන්නේ ‘තමන් ගේ අතින් කළත්, අනුන් ලවා කෙරෙව්වත්, තම අතින් අනුන් ගේ අත් පා ආදිය කැපුවත්, අනුන් ලවා කැප්පෙව්වත්, දඬු මුගුරු වලින් පීඩා කළත්, අනුන් ලවා පීඩා කෙරෙව්වත්, ශෝක කළත්, ශෝක කෙරෙව්වත්, ක්ලාන්ත කළත්, ක්ලාන්ත කෙරෙව්වත්, කම්පා කළත්, කම්පා කෙරෙව්වත්, සතුන් මැරුවත්, සොරකම් කෙරුවත්, ගෙවල් දොරවල් මංකොල්ල කෑවත්, මංපැහැරුවත්, එක් ගෙයක් මංකොල්ල කෑවත්, කණ්ඩායම් සොරකම් කළත්, පරදාර සේවනයේ යෙදුනත්, බොරු කීවත්, ‘පව් කරමි’ යි යන හැඟීමකින් කළත්, එය කරන්නාට පව් සිදු වෙනවා ම යි. ඉදින් යමෙක් තියුණු මුවහත ඇති කරකැවෙන ආයුධයකින් මේ පොළෝ තලයෙහි සත්වයන් එක් ම මාංස රැසක්, එක් ම මාංස පුංජයක් බවට පත් කළ ද, ඒ හේතුවෙන් පව් සිදු වෙනවා ම යි. පවෙහි පැමිණීමක් තියෙනවා ම යි.

ගංගා තීරයෙහි දකුණු තෙර දක්වා ම මරමින්, මරවමින්, අත් පා සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් ගමන් කළ ද, ඒ හේතුවෙන් පව් සිදුවෙනවා ම යි. පවෙහි පැමිණීමෙක් තියෙනවා ම යි. ගංගා තීරයෙහි උතුරු තෙර දක්වා ම දන් දෙමින්, දෙවමින්, යාග කරමින්, යාග කරවමින් ගමන් කළ ද, ඒ හේතුවෙන් සිදුවන පිනක් තියෙනවා ම යි. පිනෙහි පැමිණීමෙක් ද තියෙනවා ම යි. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංවර වීමෙන්, සත්‍ය වචනයෙන්, පින් සිදුවෙනවා ම යි. පිනෙහි පැමිණීමක් ද තියෙනවා ම යි’ කියල. ඔවුන් කැමති විය යුත්තේ මෙය යි. යම් මේ කාය දුෂ්චරිතයක්, වචී දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් ඇද්ද, මේ අකුසල් දහම් තුන අත්හැරලා යම් කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් ඇද්ද මේ කුසල් දහම් තුළ සමාදන්ව වාසය කිරීම යි. එයට හේතුව කුමක්ද යත්; ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අකුසල ධර්මයන් ගේ ආදීනවය ත්, ලාමක බව ත්, කෙලෙසීම ත් දකිනවා. ඒ වගේ ම කුසල ධර්මයන් තුළින් අකුසලයන් ගෙන් මිදීම ත්, ආනිශංස ත්, පිරිසිදු වීම ත්, දකිනවා.

තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාකය පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘ක්‍රියාවෙහි විපාකයක් ඇත’ යන දෘෂ්ටිය යි. එය ඔහු ගේ සම්‍යක් දෘෂ්ටිය යි. තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාක පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘ක්‍රියාවෙහි විපාක ඇත’ යන සංකල්පනාව යි. එය ඔහු ගේ සම්‍යක් සංකල්පය යි. තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාක පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘ක්‍රියාවෙහි විපාක ඇත’ යන වචන කතා කිරීම යි. එය ඔහු ගේ සම්‍යක් වචන භාවිතය යි. තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාක පිළිබඳව යි ඔහු ‘ක්‍රියාවෙහි විපාක ඇත’ කියා කියන්නේ. ක්‍රියාවෙහි විපාක ගැන අවබෝධයෙන් ම දන්නා වූ යම් රහතන් වහන්සේලා ලොව සිටිත් ද, උන්වහන්සේලා ගේ අවබෝධයට ද මෙය විරුද්ධව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. තිබෙන්නා වූ ම ක්‍රියාවෙහි විපාක පිළිබඳව ඔහු අන්‍යන්ව දැනුවත් කරන්නේ ‘ක්‍රියාවෙහි විපාක ඇත’ කියා යි. එය ඔහු ගේ සද්ධර්මය දැනුවත් කිරීම යි. ඒ සද්ධර්මය ඉස්මතු කොට පැවසීමෙන් තමා හුවා දක්වා ගන්නෙ නෑ. අනුන් හෙලා දකින්නෙත් නෑ. මේ හේතුවෙන් කලින් ම ඔහු තුළ දුස්සීල බවක් තිබුනා නම්, එය ප්‍රහාණය වී යනවා. සිල්වත් භාවය තුළ පිහිටනවා. මේ සම්‍යක් දෘෂ්ටිය ද, සම්‍යක් සංකල්පය ද, සම්‍යක් වාචා ද, ආර්යයන් වහන්සේලාට විරුද්ධව කතා නො කිරීම ද, සද්ධර්මය ඉස්මතු කොට කීම ද, තමා හුවා නො දැක්වීම ද, අනුන් හෙලා නො දැකීම ද ඇතිවෙනවා. මේ ආකාරයට සම්‍යක් දෘෂ්ටිය මුල් වීමෙන් අනේක වූ කුසල් දහම් පහළ වෙනවා.

තත්‍ර ගහපතයෝ විඤ්ඤූනං පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති. සචේ ඛෝ අත්ථි කිරියා ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සති. කාමං ඛෝ පන මාහු කිරියා, හෝතු නේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං. අථ ච පනා’යං භවං පුරිසපුග්ගලෝ දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං පාසංසෝ සීලවා පුරිසපුග්ගලෝ සම්මාදිට්ඨි කිරියවාදෝති. සචේ ඛෝ අත්ථේව කිරියා, ඒවං ඉමස්ස භෝතෝ පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහෝ, යඤ්ච දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං පාසංසෝ, යඤ්ච කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සති. ඒවමස්සායං අපණ්ණකෝ ධම්මෝ සුසමත්තෝ සමාදින්නෝ උභයංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති අකුසලං ඨානං.

පින්වත් ගෘහපතිවරුනි, එහිලා බුද්ධිමත් මනුෂ්‍යයෙක් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙහෙමයි. ඉදින් ක්‍රියාවෙහි විපාක තිබෙනවා නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපත ලබාගන්නවා. ක්‍රියාවෙහි විපාක පිළිබඳ කතාව පසෙක තිබේවා! ඒ භවත් ශ්‍රමණයන් ගේ වචනය සැබෑ වචනයක් බවට පිළිගත්තත්, ඒ භවත් පුරුෂ පුද්ගලයා මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගේ පැසසුමට ලක්වෙනවා. ‘මේ පුරුෂ පුද්ගලයා සිල්වත් කෙනෙක්. සම්‍යක් දෘෂ්ටික කෙනෙක්. ‘කිරිය වාදියෙක්’ (ක්‍රියාවෙහි විපාක ගැන පිළිගන්නා කෙනෙක්) කියල. ඉදින් සැබෑවට ම ක්‍රියාවෙහි විපාක තිබුනොත් මේ භවත් පුරුෂ පුද්ගලයාට දෙලොව දී ම සිදුවන්නේ ජයග්‍රහණයක් ම යි. මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගෙන් ලැබෙන ප්‍රශංසාව ත්, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි ඉපදීමත් ය. මේ ආකාරයෙන් මධ්‍යස්ථව විමසා බැලීමේ ධර්මය යමෙකුට මනාව කරගත හැකි වුවොත් තමා ගේ නුවණින් සැලකීමට හා ශ්‍රමණ බමුණන් ගේ මතයට යන දෙපැත්තට ම මැනවින් බැසගන්නවා. අකුසල් ඇතිකර ගන්නට ඇති අවස්ථාව අත්හැර දමනවා.

සන්ති ගහපතයෝ ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: නත්ථි හේතු නත්ථි පච්චයෝ සත්තානං සංකිලේසාය, අහේතූ අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති නත්ථි හේතු නත්ථි පච්චයෝ සත්තානං විසුද්ධියා අහේතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං නත්ථි වීරියං නත්ථි පුරිසථාමෝ නත්ථි පුරිසපරක්කමෝ. සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතා සබ්බේ ජීවා අවසා අබලා අවීරියා නියතිසංගතිභාවපරිණතා ඡස්වේවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවේදෙන්තීති. තේසංයේව ඛෝ ගහපතයෝ සමණබ්‍රාහ්මණානං ඒකේ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා. තේ ඒවමාහංසු: අත්ථි හේතු අත්ථි පච්චයෝ සත්තානං සංකිලේසාය, සහේතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. අත්ථි හේතු අත්ථි පච්චයෝ සත්තානං විසුද්ධියා. සහේතූ සප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. අත්ථි බලං අත්ථි වීරියං අත්ථි පුරිසථාමෝ අත්ථි පුරිසපරක්කමෝ න සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතා සබ්බේ ජීවා අවසා අබලා අවීරියා නියතිසංගතිභාවපරිණතා ඡස්වේවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවේදෙන්තීති. තං කිං මඤ්ඤථ ගහපතයෝ: නනුමේසමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති. ඒවං භන්තේ.

පින්වත් ගෘහපතිවරුනි, මෙබඳු වූ මත ප්‍රකාශ කරන, මෙබඳු වූ දෘෂ්ටි ඇති ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ කියන්නේ; ‘සත්වයන් ගේ කිලිටි වීමට හේතු නැත. ප්‍රත්‍යය නැත. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයන් කිලිටි වෙලා යනවා. ඒ වගේම සත්වයන් ගේ පිරිසිදු වීමටත් හේතු නැත. ප්‍රත්‍යය නැත. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයන් පිරිසිදු වෙලා යනවා. එනිසා පිරිසිදු බවට හෝ අපිරිසිදු බවට බලපාන, බලය කියා දෙයක් නැත. වීරිය කියා දෙයක් ද නැත. පුරුෂ වීර්යයක් නැත. පුරුෂ පරාක්‍රමයක් ද නැත. සියලු සත්වයන්, සියලු ප්‍රාණීන්, ඉපිද සිටින සියලු සත්වයන්, සියලු ජීවීන් සිටින්නේ ඒවාට යටත්ව නොවේ. බල රහිතව යි. වීරිය රහිතව යි. නියත වශයෙන් ම සිදු වෙන පරිණාම ස්වභාවයකට අයිතිව යි. අභිජාති හයක් තුළ උපත ලබන සත්වයන් සැප දුක් විඳිනවා’ කියල.

ඒ වගේ ම ගෘහපතිවරුනි, ඔය ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතර ඔයිට හාත්පසින් ම ඍජු ලෙස විරුද්ධ වූ ශ්‍රමණ බ්‍රාහ්මණයනුත් ඉන්නවා. ඔවුන් කියන්නේ මෙය යි. ‘සත්වයන් ගේ කිලිටි වීමට හේතු තියෙනවා. ප්‍රත්‍යය තියෙනවා. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්වයන් කිලිටි වෙලා යනවා. ඒ වගේම සත්වයන් ගේ පිරිසිදු වීමටත් හේතු තියෙනවා. ප්‍රත්‍යය තියෙනවා. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්වයන් පිරිසිදු වෙලා යනවා. එනිසා පිරිසිදු බවට හෝ අපිරිසිදු බවට බලපාන බලය කියා දෙයක් තියෙනවා. වීරිය කියා දෙයක් ද තියෙනවා. පුරුෂ වීර්යයක් තියෙනවා. පුරුෂ පරාක්‍රමයක් ද තියෙනවා. ඒ නිසා සියලු සත්වයන්, සියලු ප්‍රාණීන් ඉපද සිටින සියලු සත්වයන්, සියලු ජීවීන් සිටින්නේ ඒවාට යටත්ව, බල රහිතව, වීරිය රහිතව, නියත වශයෙන් ම සිදු වෙන පරිණාම ස්වභාවයකට අයිතිව, අභිජාති හයක් තුළ උපත ලබන සත්වයන් සැප දුක් විඳිනවා කියන එක එහෙම වෙන්නෙ නෑ’ කියල. පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඔවුනොවුන්ට ඍජුව ම විරුද්ධ වූ මතවාද පවසනවා නො වේ ද?” “එසේය ස්වාමීනී”

තත්‍ර ගහපතයෝ යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: නත්ථි හේතු නත්ථි පච්චයෝ ….(පෙ)…. සුඛදුක්ඛං පටිසංවේදෙන්තීති. තේසමේතං පාටිකංඛං: යමිදං කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතං ඉමේ තයෝ කුසලේ ධම්මේ අභිනිවජ්ජෙත්වා යමිදං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං ඉමේ තයෝ අකුසලේ ධම්මේ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හේතු: න හි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං. සන්තංයේව ඛෝ පන හේතුං නත්ථි හේතූ’තිස්ස දිට්ඨි හෝති. සාස්ස හෝති මිච්ඡාදිට්ඨි. සන්තංයේව ඛෝ පන හේතුං නත්ථි හේතූ’ති සංකප්පේති. ස්වාස්ස හෝති මිච්ඡාසංකප්පෝ. සන්තංයේව ඛෝ පන හේතුං නත්ථි හේතූ’ති වාචං භාසති. සාස්ස හෝති මිච්ඡාවාචා. සන්තංයේව ඛෝ පන හේතුං නත්ථි හේතූ’ති ආහ. යේ තේ අරහන්තෝ හේතුවාදා තේසමයං පච්චනීකං කරෝති. සන්තංයේව ඛෝ පන හේතුං නත්ථි හේතූ’ති පරං සඤ්ඤාපේති. සාස්ස හෝති අසද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසේති. පරං වම්භේති. ඉති පුබ්බේව ඛෝ පනස්ස සුසීල්‍යං පහීනං හෝති, දුස්සීල්‍යං පච්චුපට්ඨිතං. අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්පෝ මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තානුක්කංසනා පරවම්භනා: ඒවමස්සිමේ අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු මෙබඳු ප්‍රකාශ ඇතිව, මෙබඳු දෘෂ්ටි ඇතිව සිටිනවා ද; ඒ කියන්නේ ‘සත්වයන් ගේ කෙලෙසීම හේතු නැත. ප්‍රත්‍ය නැත. ….(පෙ)…. සැප දුක් විඳිනවා’ කියල. ඔවුන් කැමති විය යුත්තේ මෙය යි. යම් මේ කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් ඇද්ද, මේ කුසල් දහම් තුන අත්හැරලා යම් කාය දුෂ්චරිතයක්, වචී දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් ඇද්ද මේ අකුසල් දහම් තුළ සමාදන්ව වාසය කිරීම යි. එයට හේතුව කුමක්ද යත්; ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අකුසල ධර්මයන් ගේ ආදීනවයත්, ලාමක බවත්, කෙලෙසීමත් දකින්නේ නෑ. ඒ වගේ ම කුසල ධර්මයන් තුළින් අකුසලයන් ගෙන් මිදීම ත්, ආනිශංස ත්, පිරිසිදු වීම ත් දකින්නේ නැහැ.

තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘හේතු නැත’ යන දෘෂ්ටිය යි. එය ඔහු ගේ මිත්‍යා දෘෂ්ටිය යි. තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘හේතු නැත’ යන සංකල්පනාව යි. එය ඔහු ගේ මිත්‍යා සංකල්පය යි. තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘හේතු නැත’ යන වචන කතා කිරීම යි. එය ඔහු ගේ මිත්‍යා වචන භාවිතය යි. තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව යි ඔහු ‘හේතු නැත’ කියා කියන්නේ. සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු ගැන අවබෝධයෙන් ම දන්නා වූ යම් රහතන් වහන්සේලා ලොව සිටිත් ද, උන්වහන්සේලා ගේ අවබෝධයට ද මෙය විරුද්ධව ක්‍රියාත්මක වෙනව. තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව ඔහු අන්‍යන්ව දැනුවත් කරන්නේ ‘හේතු නැත’ කියා යි. එය ඔහු ගේ අසද්ධර්ම දැනුවත් කිරීම යි. ඒ අසද්ධර්මය ඉස්මතු කොට පැවසීමෙන් තමා හුවා දක්වා ගන්නවා. අනුන් හෙලා දකිනවා. මේ හේතුවෙන් කලින් ම ඔහු තුළ තිබුන සීලය ප්‍රහාණය වී යනවා දුස්සීල භාවය තුළ පිහිටනවා. මේ මිත්‍යා දෘෂ්ටිය ද, මිත්‍යා සංකල්පය ද, මිත්‍යා වාචා ද, ආර්යයන් වහන්සේලාට විරුද්ධව කරන කතාව ද, අසද්ධර්මය ඉස්මතු කොට කීමෙන් ඇති කරගන්නා තමා හුවා දැක්වීම ද, අනුන් හෙලා දැකීම ද, ඇති වෙනවා. මේ ආකාරයට මිත්‍යා දෘෂ්ටිය මුල් වීමෙන් අනේක වූ පාපී අකුසල් දහම් පහළ වෙනවා.

තත්‍ර ගහපතයෝ විඤ්ඤූපුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: සචේ ඛෝ නත්ථි හේතු; ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා සොත්ථිමත්තානං කරිස්සති, සචේ ඛෝ අත්ථි හේතු, ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛෝ පන මාහු හේතු. හෝතු නේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං. අථ ච පනායං භවං පුරිසපුග්ගලෝ දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං ගාරය්හෝ දුස්සීලෝ පුරිසපුග්ගලෝ මිච්ඡාදිට්ඨි අහේතුකවාදෝ’ති. සචේ ඛෝ අත්ථේව හේතු, ඒවං ඉමස්ස භෝතෝ පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහෝ: යඤ්ච දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං ගාරය්හෝ, යඤ්ච කායස්ස භේදා පරංමරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. ඒවමස්සායං අපණ්ණකෝ ධම්මෝ දුස්සමත්තෝ සමාදින්නෝ ඒකංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති කුසලං ඨානං.

පින්වත් ගෘහපතිවරුනි, එහිලා බුද්ධිමත් මනුෂ්‍යයෙක් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙහෙමයි. ඉදින් සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු නැති නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු තමාට යහපතක් සලසා ගනීවි. හැබැයි සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු තිබෙනවා නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදීවි. සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු ඇති නැති කතාව පසෙක තිබේවා. ඒ භවත් ශ්‍රමණයන් ගේ වචනය සැබෑ වචනයක් බවට පිළිගත්තත්, ඒ භවත් පුරුෂ පුද්ගලයා මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගේ ගැරහීමට ලක්වෙනවා. ‘මේ පුරුෂ පුද්ගලයා දුස්සීල කෙනෙක්. මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. අහේතුක වාදියෙක්’ කියල. ඉදින් සැබෑවට ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු තිබුණොත් මේ භවත් පුරුෂ පුද්ගලයාට දෙලොව දී ම සිදුවන්නේ පරාජයක් ම යි. මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගෙන් ලැබෙන ගැරහීමත්, කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ ඉපදීමත් ය. මේ ආකාරයෙන් මධ්‍යස්ථව විමසා බැලීමේ ධර්මය යමෙකුට වැරදුනොත් සිදුවන්නේ ඔවුන් ගේ වාදයේ පක්ෂග්‍රාහීව බැසගෙන සිටීම යි. කුසල් දහම් ඇතිකර ගන්නට ඇති අවස්ථාව අත්හැරීම යි.

තත්‍ර ගහපතයෝ යේ තේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: අත්ථි හේතු අත්ථි පච්චයෝ ….(පෙ)…. සුඛදුක්ඛං පටිසංවේදෙන්තීති. තේසමේතං පාටිකංඛං: යමිදං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං, ඉමේ තයෝ අකුසලේ ධම්මේ අභිනිවජ්ජෙත්වා යමිදං කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතං, ඉමේ තයෝ කුසලේ ධම්මේ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හේතු: පස්සන්ති හි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං. සන්තංයේව ඛෝ පන හේතුං අත්ථි හේතූ’තිස්ස දිට්ඨි හෝති, සාස්ස හෝති සම්මාදිට්ඨි. සන්තංයේව ඛෝ පන හේතුං අත්ථි හේතූ’ති සංකප්පේති. ස්වාස්ස හෝති සම්මාසංකප්පෝ. සන්තංයේව ඛෝ පන හේතුං අත්ථි හේතූ’ති වාචං භාසති, සාස්ස හෝති සම්මාවාචා. සන්තංයේව ඛෝ පන හේතුං අත්ථි හේතූ’ති ආහ. යේ තේ අරහන්තෝ හේතුවාදා තේසමයං න පච්චනීකං කරෝති. සන්තංයේව ඛෝ පන හේතුං අත්ථි හේතූ’ති පරං සඤ්ඤාපේති. සාස්ස හෝති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නේවත්තානුක්කංසේති, න පරං වම්භේති. ඉති පුබ්බේව ඛෝ පනස්ස දුස්සීල්‍යං පහීනං හෝති. සුසීල්‍යං පච්චුපට්ඨිතං. අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති අනත්තුක්කංසනා අපරවම්භනා. ඒවමස්සිමේ අනේකේ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු මෙබඳු ප්‍රකාශ ඇතිව, මෙබඳු දෘෂ්ටි ඇතිව සිටිනවා ද; ඒ කියන්නේ ‘සත්වයන් ගේ කෙලෙසීමට හේතු තියෙනවා. ප්‍රත්‍ය තියෙනවා. ….(පෙ)…. සැප දුක් විඳිනවා යන්න එහෙම වෙන්නෙ නෑ’ කියල. ඔවුන් කැමති විය යුත්තේ මෙය යි. යම් මේ කාය දුෂ්චරිතයක්, වචී දුෂ්චරිතයක්, මනෝ දුෂ්චරිතයක් ඇද්ද, මේ අකුසල් දහම් තුන අත්හැරලා යම් කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් ඇද්ද මේ කුසල් දහම් තුළ සමාදන්ව වාසය කිරීම යි. එයට හේතුව කුමක්ද යත්; ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අකුසල ධර්මයන් ගේ ආදීනවය ත්, ලාමක බව ත්, කෙලෙසීම ත් දකිනවා. ඒ වගේ ම කුසල ධර්මයන් තුළින් අකුසලයන් ගෙන් මිදීම ත්, ආනිශංස ත්, පිරිසිදු වීම ත් දකිනවා.

තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘හේතු තියෙනවා’ යන දෘෂ්ටිය යි. එය ඔහු ගේ සම්‍යක් දෘෂ්ටිය යි. තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘හේතු තියෙනවා’ යන සංකල්පනාව යි. එය ඔහු ගේ සම්‍යක් සංකල්පය යි. තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව ඔහුට තිබෙන්නේ ‘හේතු තියෙනවා’ යන වචන කතා කිරීම යි. එය ඔහු ගේ සම්‍යක් වචන භාවිතය යි. තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව යි ඔහු ‘හේතු තියෙනවා’ කියා කියන්නේ. සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු ගැන අවබෝධයෙන් ම දන්නා වූ යම් රහතන් වහන්සේලා ලොව සිටිත් ද, උන්වහන්සේලා ගේ අවබෝධයට ද මෙය විරුද්ධව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. තිබෙන්නා වූ ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු පිළිබඳව ඔහු අන්‍යන්ව දැනුවත් කරන්නේ ‘හේතු තියෙනවා’ කියා යි. එය ඔහු ගේ සද්ධර්ම දැනුවත් කිරීම යි. ඒ සද්ධර්මය ඉස්මතු කොට පැවසීමෙන් තමා හුවා දක්වා ගන්නෙ නෑ. අනුන් හෙලා දකින්නෙ නෑ. මේ හේතුවෙන් කලින් ම ඔහු තුළ තිබුණ දුස්සීල බව ප්‍රහාණය වී යනවා. සීලවන්ත භාවය තුළ පිහිටනවා. මේ සම්‍යක් දෘෂ්ටිය ද, සම්‍යක් සංකල්පය ද, සම්‍යක් වාචා ද, ආර්යයන් වහන්සේලාට විරුද්ධව නො කරන කතාව ද, සද්ධර්මය ඉස්මතු කොට කීම ද, තමා හුවා නො දැක්වීම ද, අනුන් හෙලා නො දැකීම ද ඇති වෙනවා. මේ ආකාරයට සම්‍යක් දෘෂ්ටිය මුල් වීමෙන් අනේක වූ කුසල් දහම් පහළ වෙනවා.

තත්‍ර ගහපතයෝ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: සචේ ඛෝ අත්ථි හේතු, ඒවමයං භවං පුරිසපුග්ගලෝ කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සති. කාමං ඛෝ පන මාහු හේතු, හෝතු නේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, අථ ච පනායං භවං පුරිසපුග්ගලෝ දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං පාසංසෝ: සීලවා පුරිසපුග්ගලෝ සම්මාදිට්ඨි හේතුවාදෝ’ති. සචේ ඛෝ අත්ථි හේතු, ඒවං ඉමස්ස භෝතෝ පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහෝ, යඤ්ච දිට්ඨේව ධම්මේ විඤ්ඤූනං පාසංසෝ, යඤ්ච කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සති. ඒවමස්සායං අපණ්ණකෝ ධම්මෝ සුසමත්තෝ සමාදින්නෝ උභයංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති අකුසලං ඨානං.

පින්වත් ගෘහපතිවරුනි, එහිලා බුද්ධිමත් මනුෂ්‍යයෙක් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙහෙම යි. ඉදින් සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු තියෙනවා නම්, මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයා කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපත සලසා ගනීවි. සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු ඇති නැති කතාව පසෙක තිබේවා! ඒ භවත් ශ්‍රමණයන් ගේ වචනය සැබෑ වචනයක් බවට පිළිගත්තත්, ඒ භවත් පුරුෂ පුද්ගලයා මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගේ ප්‍රශංසාවට ලක්වෙනවා. ‘මේ පුරුෂ පුද්ගලයා සිල්වත් කෙනෙක්. සම්‍යක් දෘෂ්ටික කෙනෙක්. හේතු වාදියෙක්’ කියල. ඉදින් සැබෑවට ම සත්වයන් ගේ කෙලෙසීමට හා පිරිසිදු බවට හේතු තිබුණොත් මේ භවත් පුරුෂ පුද්ගලයාට දෙලොව දී ම සිදුවන්නේ ජයග්‍රහණයක් ම යි. මේ ජීවිතයේ දී ම බුද්ධිමතුන් ගෙන් ලැබෙන ප්‍රශංසාව ත්, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝක උත්පත්තිය ත් ය. මේ ආකාරයෙන් මධ්‍යස්ථව විමසා බැලීමේ ධර්මය යමෙකුට මනාව කරගත හැකි වුවොත් තමා ගේ නුවණින් සැලකීමට හා ශ්‍රමණ බමුණන් ගේ මතයට යන දෙපැත්තට ම මැනවින් බැසගන්නවා. අකුසල් ඇතිකර ගන්නට ඇති අවස්ථාව අත්හැර දමනවා.

සන්ති ගහපතයෝ ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘නත්ථි සබ්බසෝ ආරුප්පා’ති. තේසංයේව ඛෝ ගහපතයෝ සමණබ්‍රාහ්මණානං ඒකේ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා. තේ ඒවමාහංසු: ‘අත්ථි සබ්බසෝ ආරුප්පා’ති. තං කිං මඤ්ඤථ ගහපතයෝ නනුමේ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති. ඒවං භන්තේ.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු මෙබඳු ප්‍රකාශ ඇතිව, මෙබඳු දෘෂ්ටි ඇතිව සිටිනවා ද; ඒ කියන්නේ ‘අරූප බ්‍රහ්ම ලෝකයක් කිසිම විදිහකින් නැත’ කියා යි. පින්වත් ගෘහපතිවරුනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරේ ඊට හාත්පසින් ම ඍජු ලෙස විරුද්ධ වූ ඇතැම් මහණ බමුණන් ඉන්නවා. ඔවුන් මෙහෙම කියනවා. ‘සර්වප්‍රකාරයෙන් ම අරූපී බ්‍රහ්ම ලෝකය තියෙනවා.’ කියල. පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඔවුනොවුන්ට ඍජුව ම විරුද්ධ වූ මතවාද පවසනවා නො වේ ද?” “එසේය ස්වාමීනී”

තත්‍ර ගහපතයෝ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: යේ ඛෝ තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘නත්ථි සබ්බසෝ ආරුප්පා’ති. ඉදං මේ අදිට්ඨං, යේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘අත්ථි සබ්බසෝ ආරුප්පා’ති. ඉදං මේ අවිදිතං: අහඤ්චේව ඛෝ පන අජානන්තෝ අපස්සන්තෝ ඒකංසේන ආදාය වෝහරෙය්‍යං: ‘ඉදමේව සච්චං මෝඝමඤ්ඤන්ති.’ න මේතං අස්ස පතිරූපං. යේ ඛෝ තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘නත්ථි සබ්බසෝ ආරුප්පා’ති. සචේ තේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං. ඨානමේතං විජ්ජති. යේ තේ දේවා රූපිනෝ මනෝමයා අපණ්ණකං මේ තත්‍රපපත්ති භවිස්සති. යේ පන තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘අත්ථි සබ්බසෝ ආරුප්පා’ති. සචේ තේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං. ඨානමේතං විජ්ජති යේ තේ දේවා අරූපිනෝ සඤ්ඤාමයා, අපණ්ණකං මේ තත්‍රපපත්ති භවිස්සති. දිස්සන්ති ඛෝ පන රූපාධිකරණං දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවම්පේසුඤ්ඤමුසාවාදා. නත්ථි ඛෝ පනේතං සබ්බසෝ අරූපේති. සෝ ඉති පටිසංඛාය රූපානංයේව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා බුද්ධිමත් මනුෂ්‍යයෙක් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙහෙමයි. ‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ කරනවා, මෙබඳු දෘෂ්ටි දරනවා. ‘සර්වප්‍රකාරයෙන් ම අරූපී බ්‍රහ්ම ලෝකය නැත’ කියා. නමුත් මෙය මා විසින් නො දුටු දෙයක්. ඒ වගේ ම ‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශත් කරනවා, මෙබඳු දෘෂ්ටිත් දරනවා, ඒ කියන්නෙ ‘සර්වප්‍රකාරයෙන් ම අරූපී බ්‍රහ්ම ලෝකය නැත’ කියා. මෙය ද මා විසින් නො දන්නා දෙයක්. ඉදින් මම නො දන්නා වූ ත්, නො දක්නා වූ ත් දෙයක් පක්ෂග්‍රාහීව අරගෙන ප්‍රකාශ කළොත් ‘මෙය තමයි සත්‍යය. අනෙක් මත හිස්’ ය කියා එය මට ගැලපෙන දෙයක් නොවේ.

‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ කරනවා, මෙබඳු දෘෂ්ටි දරනවා. ‘සර්වප්‍රකාරයෙන් ම අරූපී බ්‍රහ්ම ලෝකය නැත’ කියා කියනවා ද, ඉදින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ගේ වචන සත්‍ය වෙනවා නම්, මෙය සිදුවිය හැකි දෙයක්. එනම් රූපී වූ ත්, මනෝමය වූ ත් යම් මේ දෙවිවරු ඇද්ද, මාගේ මේ මධ්‍යස්ථ විග්‍රහය නිසා මට වුනත්, එහි උපත ලබන්නට අවස්ථාව තියෙනවා.

‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ කරනවා, මෙබඳු දෘෂ්ටි දරනවා. ‘සර්වප්‍රකාරයෙන් ම අරූපී බ්‍රහ්ම ලෝකය ඇත’ කියා කියනවා ද, ඉදින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ගේ වචන සත්‍ය වෙනවා නම්, මෙය ද සිදුවිය හැකි දෙයක්. එනම් අරූපී වූ ත්, සඤ්ඤාමය වූ ත් යම් මේ දෙවිවරු ඇද්ද, මාගේ මේ මධ්‍යස්ථ විග්‍රහය නිසා මට වුනත්, එහි උපත ලබන්නට අවස්ථාව තියෙනවා.

ඒ වගේ ම රූපය නිසා හටගත් ආරවුල් හේතුවෙන් දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කල කෝලාහල කිරීම්, ගැටීම්, විවාද, ‘තෝ… තෝ…’ කියමින් කතා කිරීම්, කේලාම් කීම්, බොරු කීම් ආදිය දකින්නට ලැබෙනවා. නමුත් අරූප ලෝකයෙහි සර්වප්‍රකාරයෙන් ම මෙවැනි දෙයක් දකින්නට නැහැ. ඔහු ඔය විදිහට නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරල රූපයන් ගේ ම කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ප්‍රතිපත්තියෙහි යෙදෙනවා.

සන්ති ගහපතයෝ ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘නත්ථි සබ්බසෝ භවනිරෝධෝ’ති. තේසංයේව ඛෝ ගහපතයෝ සමණබ්‍රාහ්මණානං ඒකේ සමණබ්‍රාහ්මණා උජුවිපච්චනීකවාදා. තේ ඒවමාහංසු: ‘අත්ථි සබ්බසෝ භවනිරෝධෝ’ති. තං කිං මඤ්ඤථ ගහපතයෝ නනුමේ සමණබ්‍රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති. ඒවං භන්තේ.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු මෙබඳු ප්‍රකාශ ඇතිව, මෙබඳු දෘෂ්ටි ඇතිව සිටිනවා ද; ඒ කියන්නේ ‘සර්වප්‍රකාරයෙන් ම භව නිරෝධයක් නැත’ කියා යි. පින්වත් ගෘහපතිවරුනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරේ ඊට හාත්පසින් ම ඍජු ලෙස විරුද්ධ වූ ඇතැම් මහණ බමුණන් ඉන්නවා. ඔවුන් මෙහෙම කියනවා. ‘සර්වප්‍රකාරයෙන් ම භව නිරෝධයක් තියෙනවා.’ කියල. පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන කුමක් ද සිතන්නේ? මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඔවුනොවුන්ට ඍජුව ම විරුද්ධ වූ මතවාද පවසනවා නො වේ ද?” “එසේය ස්වාමීනී”

තත්‍ර ගහපතයෝ විඤ්ඤූ පුරිසෝ ඉති පටිසඤ්චික්ඛති: යේ ඛෝ තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘නත්ථි සබ්බසෝ භවනිරෝධෝ’ති. ඉදං මේ අදිට්ඨං, යේපි තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘අත්ථි සබ්බසෝ භවනිරෝධෝ’ති, ඉදං මේ අවිදිතං. අහඤ්චේව ඛෝ පන අජානන්තෝ අපස්සන්තෝ ඒකංසේන ආදාය වෝහරෙය්‍යං: ‘ඉදමේව සච්චං, මෝඝමඤ්ඤ’න්ති. න මේතං අස්ස පතිරූපං. යේ ඛෝ තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘නත්ථි සබ්බසෝ භවනිරෝධෝ’ති. සචේ තේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, ඨානමේතං විජ්ජති. යේ තේ දේවා අරූපිනෝ සඤ්ඤාමයා අපණ්ණකං මේ තත්‍රපපත්ති භවිස්සති. යේ පන තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘අත්ථි සබ්බසෝ භවනිරෝධෝ’ති. සචේ තේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං. ඨානමේතං විජ්ජති යං දිට්ඨේව ධම්මේ පරිනිබ්බායිස්සාමි. යේ ඛෝ තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘නත්ථි සබ්බසෝ භවනිරෝධෝ’ති. තේසමයං දිට්ඨි සාරාගාය සන්තිකේ, සංයෝගාය සන්තිකේ, අභිනන්දනාය සන්තිකේ, අජ්ඣෝසානාය සන්තිකේ, උපාදානාය සන්තිකේ. යේ පන තේ භොන්තෝ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ‘අත්ථි සබ්බසෝ භවනිරෝධෝ’ති, තේසමයං දිට්ඨි අසාරාගාය සන්තිකේ, අසංයෝගාය සන්තිකේ, අනභිනන්දනාය සන්තිකේ, අනජ්ඣෝසානාය සන්තිකේ, අනුපාදානාය සන්තිකේති. සෝ ඉති පටිසංඛාය භවානංයේව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති.

“පින්වත් ගෘහපතිවරුනි, එහිලා බුද්ධිමත් මනුෂ්‍යයෙක් නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙහෙමයි. ‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ කරනවා, මෙබඳු දෘෂ්ටි දරනවා. ‘සර්වප්‍රකාරයෙන් ම භව නිරෝධයක් නැත’ කියා. නමුත් මෙය මා විසින් නො දුටු දෙයක්. ඒ වගේ ම ‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ ත් කරනවා, මෙබඳු දෘෂ්ටි ත් දරනවා, ඒ කියන්නෙ ‘සර්වප්‍රකාරයෙන් ම භව නිරෝධයක් ඇත’ කියා. මෙය ද මා විසින් නො දන්නා දෙයක්. ඉදින් මම නො දන්නා වූ ත්, නො දක්නා වූ ත් දෙයක් පක්ෂග්‍රාහීව අරගෙන ප්‍රකාශ කළොත් ‘මෙය තමයි සත්‍යය. අනෙක් මත හිස්’ ය කියා එය මට ගැලපෙන දෙයක් නොවේ.

‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ කරනවා, මෙබඳු දෘෂ්ටි දරනවා. ‘සර්වප්‍රකාරයෙන් ම භව නිරෝධයක් නැත’ කියා කියනවා ද, ඉදින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ගේ වචන සත්‍ය වෙනවා නම්, මෙය සිදුවිය හැකි දෙයක්. එනම් අරූපී වූ ත්, සඤ්ඤාමය වූ ත් යම් මේ දෙවිවරු ඇද්ද, මාගේ මේ මධ්‍යස්ථ විග්‍රහය නිසා මට වුනත්, එහි උපත ලබන්නට අවස්ථාව තියෙනවා.

‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ කරනවා, මෙබඳු දෘෂ්ටි දරනවා. ‘සර්වප්‍රකාරයෙන් ම භව නිරෝධයක් ඇත’ කියා කියනවා ද, ඉදින් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ගේ වචන සත්‍ය වෙනවා නම්, මෙය ද සිදුවිය හැකි දෙයක්. එනම් මේ ජීවිතයේ දී ම මට පිරිනිවන් පාන්නට අවස්ථාව තියෙනවා.

‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ කරනවා, මෙබඳු දෘෂ්ටි දරනවා. ‘සර්වප්‍රකාරයෙන් ම භව නිරෝධය නැත’ කියා කියනවා ද, ඔවුන් ගේ මේ දෘෂ්ටිය සරාගී බවට සමීප යි. කෙලෙස් සමඟ එක්වීමට සමීප යි. දුකෙහි පැවැත්ම සතුටින් පිළිගැනීමට සමීප යි. කෙලෙසුන් කෙරෙහි බැස ගැනීමට සමීප යි. උපාදානයට සමීප යි.

නමුත් ‘යම් මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මෙබඳු ප්‍රකාශ කරනවා, මෙබඳු දෘෂ්ටි දරනවා. ‘සර්වප්‍රකාරයෙන් ම භව නිරෝධය ඇත’ කියා කියනවා ද, ඔවුන් ගේ මේ දෘෂ්ටිය විරාගී බවට සමීප යි. කෙලෙස් සමඟ එක් නො වීමට සමීප යි. දුකෙහි පැවැත්ම සතුටින් නො පිළිගැනීමට සමීප යි. කෙලෙසුන් කෙරෙහි නො බැස ගැනීමට සමීප යි. අනුපාදානයට සමීප යි. ඔහු ඔය විදිහට නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කරල භවයේ ම කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ප්‍රතිපත්තියෙහි යෙදෙනවා.

චත්තාරෝමේ ගහපතයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං, කතමේ චත්තාරෝ: ඉධ ගහපතයෝ ඒකච්චෝ පුග්ගලෝ අත්තන්තපෝ හෝති අත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ. ඉධ ගහපතයෝ ඒකච්චෝ පුග්ගලෝ පරන්තපෝ හෝති පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ. ඉධ ගහපතයෝ ඒකච්චෝ පුග්ගලෝ අත්තන්තපෝ ච හෝති අත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ. පරන්තපෝ ච පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ. ඉධ ගහපතයෝ ඒකච්චෝ පුග්ගලෝ නේවත්තන්තපෝ හෝති නාත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ. න පරන්තපෝ න පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ. සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛපටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති.

පින්වත් ගෘහපතිවරුනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් දකින්නට ලැබෙනවා. කවර පුද්ගලයන් සතර දෙනෙක් ද යත්, පින්වත් ගෘහපතිවරුනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත්කර ගන්නා කෙනෙක්. තමාව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.

ඒ වගේ ම පින්වත් ගෘහපතිවරුනි, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අනුන්ව පීඩාවට පත්කරන කෙනෙක්. අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.

ඒ වගේ ම පින්වත් ගෘහපතිවරුනි, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත්කර ගන්නා කෙනෙක්. තමාව පීඩාවට පත්කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඒ වගේ ම අනුන්වත් පීඩාවට පත්කරන කෙනෙක්. අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්.

ඒ වගේ ම පින්වත් ගෘහපතිවරුනි, තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාව පීඩාවට පත් නො කරගන්නා කෙනෙක්. තමාව පීඩාවට පත් නො කර ගන්නා වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඒ වගේ ම අනුන්වත් පීඩාවට පත් නො කරන කෙනෙක්. අනුන්ව පීඩාවට පත් නො කරන වැඩපිළිවෙලෙහි බැසගත් කෙනෙක්. ඉතින් ඔහු තමාව පීඩාවට පත් නො කරමින්, අනුන්ව පීඩාවට පත් නො කරමින්, මෙලොව දී ම තෘෂ්ණා රහිතව නිවී යන කෙනෙක්. සිහිල් වූ කෙනෙක්. සැප විඳින කෙනෙක්. ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇතිව වසන කෙනෙක්.

කතමෝ ච ගහපතයෝ පුග්ගලෝ අත්තන්තපෝ අත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ: ඉධ ගහපතයෝ ඒකච්චෝ පුග්ගලෝ අචේලකෝ හෝති මුත්තාචාරෝ හත්ථාපලේඛනෝ ….(පෙ)…. ඉති ඒවරූපං අනේකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයෝගං අනුයුත්තෝ විහරති. අයං වුච්චති ගහපතයෝ පුග්ගලෝ අත්තන්තපෝ අත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ.

පින්වත් ගෘහපතිවරුනි, තමාව පීඩාවට පත් කරගන්නා වූ, තමාව පීඩාවට පත් කරගන්නා පිළිවෙතෙහි සිටින්නා වූ පුද්ගලයා කවරහුද? පින්වත් ගෘහපතිවරුනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අත්හළ සිරිත් ඇති නිරුවත් කෙනෙක්. අතින් ආහාර පිළිගෙන අත ලෙවකන කෙනෙක්. ….(පෙ)…. ඔන්න ඔය ආකාරයට ශරීරයට නොයෙක් ආකාරයේ දැවෙන, තැවෙන, පීඩා වෙන වැඩපිළිවෙලේ යෙදී ඉන්නවා. පින්වත් ගෘහපතිවරුනි, තමා ව පීඩාවට පත් කරන පිළිවෙතෙහි සිටින්නා වූ, තමා ව පෙළන්නා වූ පුද්ගලයා කියල යි මොහුට කියන්නෙ.

කතමෝ ච ගහපතයෝ පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ: ඉධ ගහපතයෝ ඒකච්චෝ පුග්ගලෝ ඕරබ්භිකෝ හෝති. සූකරිකෝ ….(පෙ)…. යේ වා පනඤ්ඤේපි කේචි කුරූරකම්මන්තා. අයං වුච්චති ගහපතයෝ පුග්ගලෝ පරන්තපෝ පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ.

පින්වත් ගෘහපතිවරුනි, අනුන්ව පීඩාවට පත් කරන්නා වූ, අනුන්ව පීඩාවට පත් කරවන පිළිවෙතෙහි සිටින්නා වූ පුද්ගලයා කවරහුද? පින්වත් ගෘහපතිවරුනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු එළුවන් මරණ කෙනෙක්. ඌරන් මරණ කෙනෙක්. ….(පෙ)…. මෙවැනි අනෙක් නපුරු දේ කරන කෙනෙක්. අන්‍යයන් පීඩාවට පත් කරන පිළිවෙතෙහි සිටින්නා වූ, අනුන් පෙළන්නා වූ පුද්ගලයා කියල යි මොහුට කියන්නෙ.

කතමෝ ච ගහපතයෝ පුග්ගලෝ අත්තන්තපෝ ච අත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ, පරන්තපෝ ච පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ: ඉධ ගහපතයෝ ඒකච්චෝ පුග්ගලෝ රාජා වා හෝති ඛත්තියෝ මුද්ධාවසිත්තෝ ….(පෙ)…. තේපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති. අයං වුච්චති ගහපතයෝ පුග්ගලෝ අත්තන්තපෝ ච අත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ, පරන්තපෝ ච පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ.

පින්වත් ගෘහපතිවරුනි, තමාව පීඩාවට පත් කරගන්නා වූ, තමාව පීඩාවට පත් කරගන්නා පිළිවෙතෙහි සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් කරන්නා වූ, අනුන්ව පීඩාවට පත් කරවන පිළිවෙතෙහි සිටින්නා වූ ද පුද්ගලයා කවරහු ද? පින්වත් ගෘහපතිවරුනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ඔටුණු පැළඳූ ක්ෂත්‍රිය රජෙක් වෙන්නට පුළුවනි ….(පෙ)…. යම් කම්කරුවෝ වෙත් ද, ඔවුනුත් දඬුවමට තැති ගන්නවා. බියෙන් තැති ගන්නවා. කඳුළු වගුරුවා ගත් මුහුණින් යුතුව තමයි යාගයට ආවතේව කරන්නේ. පින්වත් ගෘහපතිවරුනි, තමාවත් පීඩාවට පත්කරවන වැඩපිළිවෙලක යෙදෙමින්, තමාව පෙළමින්, අනුන්වත් පීඩාවට පත්කරවන වැඩපිළිවෙලක යෙදෙමින්, අනුන්ව ද පෙළන්නා වූ පුද්ගලයා කියල යි මොහුට කියන්නේ.

කතමෝ ච ගහපතයෝ පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ න පරන්තපෝ න පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ, සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛප්පටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරති. ඉධ ගහපතයෝ තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ ….(පෙ)…. සෝ ඉමේ පඤ්චනීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං ….(පෙ)…. දුතියං ඣානං ….(පෙ)…. තතියං ඣානං ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.

පින්වත් ගෘහපතිවරුනි, තමාව පීඩාවට පත්කර නො ගන්නා වූ ද, තමාව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් නො කරන්නා වූ ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, මෙලොව දී ම තෘෂ්ණා රහිතව සිටින්නා වූ ද, නිවී සිහිල් වී, සැප විඳිමින් සිටින්නා වූ ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරන්නා වූ ද පුද්ගලයා කවරහු ද?

පින්වත් ගෘහපතිවරුනි, මෙහිලා අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, ….(පෙ)…. ඉතින් ඒ භික්ෂුව ප්‍රඥාව දුර්වල කරන, සිතට උපක්ලේශ වූ මේ නීවරණ පහ අත්හරිනවා. ඊට පස්සෙ කාමයෙන් වෙන්ව, අකුසල් වලින් වෙන්ව, විතර්ක විචාර සහිත, ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ත් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ත් ….(පෙ)….. හතරවෙනි ධ්‍යානය ත් ලබාගෙන වාසය කරනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ ….(පෙ)…. ඉති සාකාරං ස උද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති.

ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම අකම්පිත වුනා ම, තමන් කලින් ගත කළ ජීවිත ගැන දැකීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. එතකොට ඔහු නොයෙක් ආකාරයේ ජීවිත ගත කළ හැටි සිහි කරනවා. ඒ කියන්නෙ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ….(පෙ)…. ඔය විදිහට කරුණු සහිතව, පැහැදිලි විස්තර ඇති ව, නොයෙක් ආකාරයෙන් තමන් ගත කළ අතීත ජීවිත ගැන සිහි කරනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති.

ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනාම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල්වී තිබුනා ම, අකම්පිත වුනා ම, සත්වයන් චුත වෙන, උපදින හැටි දැකීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. මේ විදිහට සාමාන්‍ය මිනිසුන් ගේ දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින්, සත්වයන් චුත වෙන උපදින හැටි දකිනවා. උසස් පහත්, ලස්සන කැත, සුගති දුගති වල කර්මානුරූපව සත්වයන් උපදින හැටි දකිනවා.

සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේති. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති ….(පෙ)…. අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.

ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට සමාධිගත සිතක් ඇති වුනා ම, සිත පිරිසිදු වුනා ම, සිත බබලන කොට, උපක්ලේශ නැති වුනා ම, හිත මෘදු වුනා ම, අවබෝධයට සුදුසු වුනා ම, නො සෙල් වී තිබුනා ම අකම්පිත වුනා ම ආශ්‍රව ක්ෂය කළ බවට අවබෝධය ලැබීමේ නුවණ ලබාගන්ට සිත මෙහෙයවනවා. ඉතින් ඒ භික්ෂුව ‘මේක තමයි දුක’ කියල යථාර්ථය අවබෝධ කරනවා. ….(පෙ)…. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගය’ කියල යථාර්ථය අවබෝධ කරනවා.

ඔය විදිහට ඒ භික්ෂුව යථාර්ථය දැන ගන්න කොට, යථාර්ථය දැක ගන්න කොට, කාම ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආශ්‍රවයෙනුත් සිත නිදහස් වෙනවා. ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වුනා ම සියලු දුකින් තමන් නිදහස් වූ බවට අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙ කවදාවත් සසරට වැටෙන්නෙ නෑ’ කියල දැනගන්නවා.

අයං වුච්චති ගහපතයෝ පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගං අනුයුත්තෝ, න පරන්තපෝ න පරපරිතාපනානුයෝගං අනුයුත්තෝ. සෝ අනත්තන්තපෝ අපරන්තපෝ දිට්ඨේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීතීභූතෝ සුඛප්පටිසංවේදී බ්‍රහ්මභූතේන අත්තනා විහරතීති.

පින්වත් ගෘහපතිවරුනි, තමාව පීඩාවට පත්කර නො ගන්නා වූ ද, තමාව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, ඒ වගේ ම අනුන්ව පීඩාවට පත් නො කරන්නා වූ ද, අනුන්ව පීඩාවට පත් කරන වැඩපිළිවෙලක නො සිටින්නා වූ ද, මෙලොව දී ම තෘෂ්ණා රහිතව සිටින්නා වූ ද, නිවී සිහිල් වී, සැප විඳිමින් සිටින්නා වූ ද, ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ගෙවමින් වාසය කරන්නා වූ ද පුද්ගලයා කියන්නෙ මොහුට යි.”

ඒවං වුත්තේ සාලෙය්‍යකා බ්‍රාහ්මණගහපතිකා භගවන්තං ඒතදවෝචුං: අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම. සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය, චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකේ නෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතේති.

මෙසේ වදාළ විට සාලා ග්‍රාමවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා. “පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, හරි ම සුන්දර යි! පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගෙයි. සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුළා වූ කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගෙ යි. අඳුරේ සිටින උදවියට රූප දකින්ට තෙල් පහන් දැල්වුවා වගෙ යි. ඔන්න ඔය විදියට යි පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළේ. ඉතින් අපිත් පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සඟරුවනත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකවරු වශයෙන් අපව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

අපණ්ණකසුත්තං දසමං.

මධ්‍යස්ථව නුවණින් විමසා බැලීම ගැන වදාළ දෙසුම නිමා විය.

ගහපතිවග්ගෝ පඨමෝ.

පළමු වෙනි ගෘහපති වර්ගය යි.

තස්ස වග්ගස්ස උද්දානං

කන්දරනාගරසේඛවතෝ ච පෝතලියෝ පුන ජීවකභච්චෝ,
උපාලිදමථෝ කුක්කුරඅභයෝ බහුවේදනීයාපණ්ණකතෝ දසමෝ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn2_2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M