මජ්ඣිම නිකාය

මූල පණ්ණාසක

1.4.10. චූළඅස්සපුර සුත්තං

1.4.10. අස්සපුර නම් කුඩා නගරයේ දී වදාළ කුඩා දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා අංගේසු විහරති අස්සපුරං නාම අංගානං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අංග ජනපදයේ, අංග ජනපදවාසීන්ගේ අස්සපුර කියන කුඩා නගරයේ. එදා භාග්‍යවතුන් වහන්සේ, “පින්වත් මහණෙනි” කියල භික්ෂු සංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී තමයි මේ දේශනාව වදාළේ.

2. සමණා සමණාති වෝ භික්ඛවේ ජනෝ සඤ්ජානාති. තුම්හේ ච පන කේ තුම්හේති පුට්ඨා සමානා සමණාම්හාති පටිජානාථ. තේසං වෝ භික්ඛවේ ඒවංසමඤ්ඤානං සතං ඒවංපටිඤ්ඤානං සතං ‘යා සමණසාමීචිපටිපදා, තං පටිපජ්ජිස්සාම, ඒවං නෝ අයං අම්හාකං සමඤ්ඤා ච සච්චා භවිස්සති, පටිඤ්ඤා ච භූතා යේසඤ්ච මයං චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාම, තේසං තේ කාරා අම්හේසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා. අම්හාකඤ්චේවායං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්‍රයා’ති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං.

පින්වත් මහණෙනි, මහජනතාව ඔබව හඳුනන්නෙ ශ්‍රමණයන් හැටියට. ඔබත් කවුද කියල ඇහුවා ම, උත්තර දෙන්නෙ ‘අපි ශ්‍රමණයො’ කියලයි. ඔය විදිහට ශ්‍රමණ නාමයෙන් හඳුන්වන, ශ්‍රමණ බව පවසන ඔබ මෙහෙම හිතන්න ඕන. ‘ශ්‍රමණයන්ට ගැලපෙන යම් ගුණ ධර්ම තියෙනවා ද, අපි ඒ ප්‍රතිපත්තියෙන් යුක්තව ඉන්නවා. එතකොට අපට ශ්‍රමණයන් ය කියල කීවොත් ඒක ඇත්තක් වෙනවා. ශ්‍රමණයන් බවට අපි කරන ප්‍රකාශයත් ඇත්තක් වෙනවා. ඒ වගේම අපි යමෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් පිරිකර වළඳනවා නම්, අප කෙරෙහි ඒ කරන පුද පූජාවල් මහත්ඵල මහානිසංසත් වෙනවා. අපේ මහණකමත් වඳ රහිත වෙනවා. ඵල සහිත වෙනවා. දියුණුවට පත්වෙනවා කියල, පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි හික්මිය යුත්තේ.

3. කථඤ්ච භික්ඛවේ භික්ඛු න සමණසාමීචිපටිපදං පටිපන්නෝ හෝති? යස්ස කස්සචි භික්ඛවේ භික්ඛුනෝ අභිජ්ඣාලු‍ස්ස අභිජ්ඣා අප්පහීනා හෝති, බ්‍යාපන්නචිත්තස්ස බ්‍යාපාදෝ අප්පහීනෝ හෝති, කෝධනස්ස කෝධෝ අප්පහීනෝ හෝති, උපනාහිස්ස උපනාහෝ අප්පහීනෝ හෝති, මක්ඛිස්ස මක්ඛෝ අප්පහීනෝ හෝති, පළාසිස්ස පළාසෝ අප්පහීනෝ හෝති, ඉස්සුකිස්ස ඉස්සා අප්පහීනා හෝති, මච්ඡරිස්ස මච්ඡරියං අප්පහීනං හෝති , සඨස්ස සාඨෙය්‍යං අප්පහීනං හෝති, මායාවිස්ස මායා අප්පහීනා හෝති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා අප්පහීනා හෝති, මිච්ඡාදිට්ඨිස්ස මිච්ඡාදිට්ඨි අප්පහීනා හෝති, ඉමේසං ඛෝ අහං භික්ඛවේ සමණමලානං සමණදෝසානං සමණකසටානං ආපායිකානං ඨානානං දුග්ගතිවේදනියානං අප්පහානා න සමණසාමීචිපටිපදං පටිපන්නෝති වදාමි. සෙය්‍යථාපි භික්ඛවේ මටජං නාම ආවුධජාතං උභතෝධාරං පීතනිසිතං, තදස්ස සංඝාටියා සම්පාරුතං සම්පලිවේඨිතං, තථූපමාහං භික්ඛවේ ඉමස්ස භික්ඛුනෝ පබ්බජ්ජං වදාමි.

පින්වත් මහණෙනි, භික්‍ෂුවක් ශ්‍රමණයන්ට ගැලපෙන උතුම් ප්‍රතිපත්තියේ ඉන්නෙ කොහොමද? පින්වත් මහණෙනි, ලෝභයෙන් යුතුව සිටි භික්ෂුවකට ඒ ලෝභය ප්‍රහීණ වුනේ නැත්නම්, ද්වේෂයෙන් යුතු භික්ෂුවකට ඒ ද්වේෂය ප්‍රහීණ වුනේ නැත්නම්, ක්‍රෝධයෙන් යුක්ත භික්ෂුවකට ඒ ක්‍රෝධය ප්‍රහීණ වුනේ නැත්නම්, බද්ධ වෛරයෙන් යුතු භික්ෂුවකට ඒ බද්ධ වෛරය ප්‍රහීණ වුනේ නැත්නම්, ගුණමකු භික්ෂුවකට ඒ ගුණමකු බව ප්‍රහීණ වුනේ නැත්නම්, එකට එක කරන භික්ෂුවකට ඒ එකට එක කිරීම ප්‍රහීණ වුනේ නැත්නම්, ඉරිසියාව තියෙන භික්ෂුවකට ඒ ඉරිසියාව ප්‍රහීණ වුනේ නැත්නම්, මසුරු භික්ෂුවකට ඒ මසුරු බව ප්‍රහීණ වුනේ නැත්නම්, කපටි භික්ෂුවකට ඒ කපටිකම ප්‍රහීණ වුනේ නැත්නම්, මායාකාරී භික්ෂුවකට ඒ මායාවල් ප්‍රහීණ වුනේ නැත්නම්, පාපී ආශාවන් තියෙන භික්ෂුවකට ඒ පාපී ආශාවන් ප්‍රහීණ වුනේ නැත්නම්, මිසදිටු භික්ෂුවකට ඒ මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහීණ වුනේ නැත්නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂුව මේ ශ්‍රමණ මළකඩවලින්, මේ ශ්‍රමණ දොස්වලින්, මේ ශ්‍රමණ කසළවලින් යුක්ත නම්, අපායෙ උපදින, දුගතියෙ ගිහින් දුක් විඳින අකුසල් ප්‍රහාණය වෙලා නැත්නම්, ඒ භික්‍ෂුව ශ්‍රමණ ගුණ ධර්මවලින් යුක්ත නෑ කියලයි කියන්න තියෙන්නෙ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ‘මටජ’ කියල ආයුධයක් තියෙනවා. ඒ ආයුධයේ දෙපැත්තෙ ම හොඳට මුවහත තියෙනවා. ගල ගාලා මුවහත් කරල තියෙනවා. අන්න ඒ ආයුධය සඟල සිවුරකින් හොඳ හැටියට ඔතල තිබ්බා වගේ පින්වත් මහණෙනි, මේ භික්ෂුවගේ මහණකමත් අන්න ඒ වගේ කියලයි කියන්න තියෙන්නෙ.

4. නාහං භික්ඛවේ සංඝාටිකස්ස සංඝාටිධාරණමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ අචේලකස්ස අචේලකමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ රජෝජල්ලිකස්ස රජෝජල්ලිකමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ උදකෝරෝහකස්ස උදකෝරෝහකමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ රුක්ඛමූලිකස්ස රුක්ඛමූලිකමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ අබ්භෝකාසිකස්ස අබ්භෝකාසිකමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ උබ්භට්ඨකස්ස උබ්භට්ඨකමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ පරියායභත්තිකස්ස පරියායභත්තිකමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ මන්තජ්ඣායකස්ස මන්තජ්ඣායකමත්තේන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවේ ජටිලකස්ස ජටාධාරණමත්තේන සාමඤ්ඤං වදාමි.

පින්වත් මහණෙනි, සඟල සිවුරු පොරෝගත්තු කෙනෙකුට ඒ සඟල සිවුරු දැරූ පමණින් ශ්‍රමණ ජීවිතයක ප්‍රතිඵල ලැබෙනවා කියල මම කියන්නෙ නෑ. පින්වත් මහණෙනි, නිරුවත් පැවිද්දෙකුට නිරුවත් වූ පමණින් ඒ ශ්‍රමණ ජීවිතේ ප්‍රතිඵල ලැබෙනවා කියල මං කියන්නෙ නෑ. පින්වත් මහණෙනි, දූවිලි තවරා ගත් පැවිද්දෙකුට ඒ දූවිලි තවරා ගත් පමණින් ශ්‍රමණ ජීවිතයක ප්‍රතිඵල ලැබෙනවා කියල මං කියන්නෙ නෑ. පින්වත් මහණෙනි, දවසට දෙතුන් පාරක් වතුරෙ ගිලෙන පැවිද්දෙකුට වතුරේ ගිලීම් පමණින් ශ්‍රමණ ජීවිතයක ප්‍රතිඵල ලැබෙනවා කියල මං කියන්නෙ නෑ. පින්වත් මහණෙනි, රුක් සෙවණෙ වාසය කරන පැවිද්දෙකුට ගහක් යට සිටි පමණින් ශ්‍රමණ ජීවිතයක ප්‍රතිඵල ලැබෙනවා කියල මං කියන්නෙ නෑ. පින්වත් මහණෙනි, එළිමහනේ වාසය කරන පැවිද්දෙකුට එළිමහනේ සිටි පමණින් ශ්‍රමණ ජීවිතයක ප්‍රතිඵල ලැබෙනවා කියල මං කියන්නෙ නෑ. පින්වත් මහණෙනි, හැම තිස්සේ ම උඩුකුරුව සිටීමේ සිල් ඇති පැවිද්දෙකුට ඒ උඩුකුරුව සිටීම් පමණකින් ශ්‍රමණ ජීවිතයක ප්‍රතිඵල ලැබෙනවා කියල මං කියන්නෙ නෑ. පින්වත් මහණෙනි, වාර වශයෙන් ආහාර ගැනීමෙන් පිරිසිදු බව ලැබෙනවා කියල හිතන පැවිද්දෙකුට ඒ වාර වශයෙන් ගත්ත භෝජනයෙන් ශ්‍රමණ ජීවිතයක ප්‍රතිඵල ලැබෙනවා කියල මං කියන්නෙ නෑ. මන්තර හදාරන පැවිද්දෙකුට ඒ මන්තර හැදෑරීම් මාත්‍රයකින් මහණකමේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියල මම කියන්නෙ නෑ. ජටා මඩුලු දරන පැවිද්දෙකුට ඒ ජටා මඩුලු දැරීම් පමණකින් ශ්‍රමණ ජීවිතේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියල මං කියන්නෙ නෑ.

5. සංඝාටිකස්ස චේ භික්ඛවේ සංඝාටිධාරණමත්තේන අභිජ්ඣාලු‍ස්ස අභිජ්ඣා පහීයේථ, බ්‍යාපන්නචිත්තස්ස බ්‍යාපාදෝ පහීයේථ, කෝධනස්ස කෝධෝ පහීයේථ, උපනාහිස්ස උපනාහෝ පහීයේථ, මක්ඛිස්ස මක්ඛෝ පහීයේථ, පළාසිස්ස පළාසෝ පහීයේථ, ඉස්සුකිස්ස ඉස්සා පහීයේථ, මච්ඡරිස්ස මච්ඡරියං පහීයේථ, සඨස්ස සාඨෙය්‍යං පහීයේථ, මායාවිස්ස මායා පහීයේථ, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයේථ, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයේථ, තමේනං මිත්තාමච්චා ඤාතිසාලෝහිතා ජාතමේව නං සංඝාටිකං කරෙය්‍යුං, සංඝාටිකත්තමේව සමාදපෙය්‍යුං: “ඒහි ත්වං භද්‍රමුඛ, සංඝාටිකෝ හෝහි සංඝාටිකස්ස තේ සතෝ සංඝාටිධාරණමත්තේන අභිජ්ඣාලු‍ස්ස අභිජ්ඣා පහීයිස්සති, බ්‍යාපන්නචිත්තස්ස බ්‍යාපාදෝ පහීයිස්සති, කෝධනස්ස කෝධෝ පහීයිස්සති, උපනාහිස්ස උපනාහෝ පහීයිස්සති, මක්ඛිස්ස මක්ඛෝ පහීයිස්සති, පළාසිස්ස පළාසෝ පහීයිස්සති, ඉස්සුකිස්ස ඉස්සා පහීයිස්සති, මච්ඡරිස්ස මච්ඡරියං පහීයිස්සති, සඨස්ස සාඨෙය්‍යං පහීයිස්සති, මායාවිස්ස මායා පහීයිස්සති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයිස්සති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයිස්සතී”ති. යස්මා ච ඛෝ අහං භික්ඛවේ සංඝාටිකම්පි ඉධේකච්චං පස්සාමි අභිජ්ඣාලු‍ං බ්‍යාපන්නචිත්තං කෝධනං උපනාහිං මක්ඛිං පළාසිං ඉස්සුකිං මච්ඡරිං සඨං මායාවිං පාපිච්ඡං මිච්ඡාදිට්ඨිං, තස්මා න සංඝාටිකස්ස සංඝාටිධාරණමත්තේන සාමඤ්ඤං වදාමි.

පින්වත් මහණෙනි, සඟල සිවුරු පොරෝගත්තු ගමන්, ඒ සඟල සිවුරු පොරෝගත්තු පමණින් ලෝභී පුද්ගලයාගේ ලෝභය නැතිවෙනවා නම්, ද්වේෂ සහිත පුද්ගලයාගේ ද්වේෂය නැතිවෙනවා නම්, ක්‍රෝධ කරන පුද්ගලයාගේ ක්‍රෝධය නැතිවෙනවා නම්, බද්ධ වෛර තියෙන පුද්ගලයාගේ බද්ධ වෛරය නැතිවෙනවා නම්, ගුණමකු පුද්ගලයාගේ ගුණමකු බව නැතිවෙනවා නම්, එකටෙක කරන පුද්ගලයාගේ එකටෙක කිරීම නැතිවෙනවා නම්, ඉරිසියා කරන පුද්ගලයාගේ ඒ ඉරිසියාව නැතිවෙනවා නම්, මසුරු පුද්ගලයාගේ මසුරු බව නැතිවෙනවා නම්, කපටි පුද්ගලයාගේ කපටි බව නැතිවෙනවා නම්, මායා ඇති පුද්ගලයාගේ මායා නැතිවෙනවා නම්, පාපී ආශා තියෙන පුද්ගලයාගේ ඒ පාපී ආශාවල් නැතිවෙනවා නම්, මිසදිටු පුද්ගලයාගේ ඒ මිථ්‍යා දෘෂ්ටි නැතිවෙනවා නම්, කරන්න තියෙන්නෙ සුළු දෙයයි. ඔහුගේ යහළු මිතුරනුත්, නෑදෑයොත් ඔහු උපන් හැටියේ ම සිවුරක් පොරෝන එකයි කරන්න තියෙන්නෙ. සිවුරු පෙරවිල්ලේ සමාදන් කරවන එකයි කරන්න තියෙන්නෙ. ‘පින්වත් දරුව, මෙහෙ වරෙන්, හනිකට මේ සිවුර පොරෝ ගනින්. මේ සිවුර පොරෝගත්තු ගමන්, සිවුර පොරෝගත්තු පමණකින් ම, ලෝභය ඇතිව ඉන්න නුඹේ ලෝභය නැතිවෙලා යාවි. තරහ ඇතිව ඉන්න නුඹේ තරහ නැතිවෙලා යාවි. ක්‍රෝධ ඇතිව ඉන්න නුඹේ ක්‍රෝධය නැතිවෙලා යාවි. බද්ධ වෛර ඇතිව ඉන්න නුඹේ බද්ධ වෛරය නැතිවෙලා යාවි. ගුණමකු නුඹේ ගුණමකු බව නැති වෙලා යාවි. එකටෙක කරන නුඹේ එකටෙක කිරීම නැතිවෙලා යාවි. ඉරිසියා කරන නුඹේ ඉරිසියාව නැතිවෙලා යාවි. මසුරුකම් කරන නුඹේ මසුරුකම් නැතිවෙලා යාවි. කපටිකම් කරන නුඹේ කපටිකම් නැතිවෙලා යාවි. මායා කරන්නා වූ නුඹේ ඒ මායාව නැතිවෙලා යාවි. පවිටු ආශාව ඇති නුඹේ ඒ පවිටු ආශාව නැතිවෙලා යාවි. මිසදිටු නුඹේ ඒ මිසදිටු බව නැතිවෙලා යාවි’ කියලා.

පින්වත් මහණෙනි, මං දැකල තියෙනවා සිවුරු පොරෝගෙන ඉන්න අය ලෝභ සිත් ඇතුව ඉන්නවා. තරහ සිතින් ඉන්නවා. ක්‍රෝධයෙන් ඉන්නවා. බද්ධ වෛරයෙන් ඉන්නවා. ගුණමකුව ඉන්නවා. එකටෙක කරනවා. ඉරිසියා කරනවා. මසුරුවෙලා ඉන්නවා. කපටිකම් කරනවා. මායා කරනවා. පවිටු ආශාවෙන් ඉන්නවා. මිසදිටුව ඉන්නවා. අන්න ඒ නිසයි මං කියන්නෙ, සිවුරු පොරෝගත්තු කෙනා ගේ ඒ සිවුරු පෙරවීම් පමණකින් ඒ ශ්‍රමණ ජීවිතේ ප්‍රතිඵල ලබන්න බෑ කියල.

6. අචේලකස්ස චේ භික්ඛවේ ….(පෙ)…. රජෝජල්ලිකස්ස චේ භික්ඛවේ ….(පෙ)…. උදකෝරෝහකස්ස චේ භික්ඛවේ ….(පෙ)…. රුක්ඛමූලිකස්ස චේ භික්ඛවේ ….(පෙ)…. අබ්භෝකාසිකස්ස චේ භික්ඛවේ ….(පෙ)…. උබ්භට්ඨකස්ස චේ භික්ඛවේ ….(පෙ)…. පරියායභත්තිකස්ස චේ භික්ඛවේ ….(පෙ)…. මන්තජ්ඣායකස්ස චේ භික්ඛවේ ….(පෙ)…. ජටිලකස්ස චේ භික්ඛවේ ජටාධාරණමත්තේන අභිජ්ඣාලු‍ස්ස අභිජ්ඣා පහීයේථ, බ්‍යාපන්නචිත්තස්ස බ්‍යාපාදෝ පහීයේථ, කෝධනස්ස කෝධෝ පහීයේථ, උපනාහිස්ස උපනාහෝ පහීයේථ, මක්ඛිස්ස මක්ඛෝ පහීයේථ, පළාසිස්ස පළාසෝ පහීයේථ, ඉස්සුකිස්ස ඉස්සා පහීයේථ, මච්ඡරිස්ස මච්ඡරියං පහීයේථ, සඨස්ස සාඨෙය්‍යං පහීයේථ, මායාවිස්ස මායා පහීයේථ, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයේථ, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයේථ, තමේනං මිත්තාමච්චා ඤාතිසාලෝහිතා ජාතමේව නං ජටිලකං කරෙය්‍යුං, ජටිලකත්තමේව සමාදපෙය්‍යුං: “ඒහි ත්වං භද්‍රමුඛ, ජටිලකෝ හෝහි, ජටිලකස්ස තේ සතෝ ජටාධාරණමත්තේන අභිජ්ඣාලු‍ස්ස අභිජ්ඣා පහීයිස්සති, බ්‍යාපන්නචිත්තස්ස බ්‍යාපාදෝ පහීයිස්සති, කෝධනස්ස කෝධෝ පහීයිස්සති, උපනාහිස්ස උපනාහෝ පහීයිස්සති, මක්ඛිස්ස මක්ඛෝ පහීයිස්සති, පළාසිස්ස පළාසෝ පහීයිස්සති, ඉස්සුකිස්ස ඉස්සා පහීයිස්සති, මච්ඡරිස්ස මච්ඡරියං පහීයිස්සති, සඨස්ස සාඨෙය්‍යං පහීයිස්සති, මායාවිස්ස මායා පහීයිස්සති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයිස්සති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයිස්සතී”ති. යස්මා ච ඛෝ අහං භික්ඛවේ ජටිලකම්පි ඉධේකච්චං පස්සාමි අභිජ්ඣාලු‍ං බ්‍යාපන්නචිත්තං කෝධනං උපනාහිං මක්ඛිං පලාසිං ඉස්සුකිං මච්ඡරිං සඨං මායාවිං පාපිච්ඡං මිච්ඡාදිට්ඨිං, තස්මා න ජටිලකස්ස ජටාධාරණමත්තේන සාමඤ්ඤං වදාමි.

පින්වත් මහණෙනි, නිරුවත් පැවිද්දෙකුට ….(පෙ)…. පින්වත් මහණෙනි, දූවිලි ඇඟ තවරා ගත් පැවිද්දෙකුට ….(පෙ)…. පින්වත් මහණෙනි, නිතර දියේ ගිලෙන පැවිද්දෙකුට ….(පෙ)…. පින්වත් මහණෙනි, රුක් සෙවණේ ඉන්න පැවිද්දෙකුට ….(පෙ)…. පින්වත් මහණෙනි, එළිමහනේ ඉන්න පැවිද්දෙකුට ….(පෙ)…. පින්වත් මහණෙනි, උඩුබැල්ලෙන් ඉන්න පැවිද්දෙකුට ….(පෙ)…. පින්වත් මහණෙනි, වාර බෙදාගෙන බත් කන පැවිද්දෙකුට ….(පෙ)…. පින්වත් මහණෙනි, මන්තර හදාරන පැවිද්දෙකුට ….(පෙ)…. පින්වත් මහණෙනි, ජටා මඩුලු දරන පැවිද්දෙකුට ඒ ජටා මඩුලු දැරීම් මාත්‍රයකින් ලෝභී පුද්ගලයාගේ ලෝභය නැති වෙනවා නම්, තරහ සිත් ඇති පුද්ගලයාගේ තරහ නැතිවෙනවා නම්, ක්‍රෝධ කරන පුද්ගලයාගේ ක්‍රෝධය නැතිවෙනවා නම්, බද්ධ වෛර තියෙන පුද්ගලයාගේ බද්ධ වෛර නැතිවෙනවා නම්, ගුණමකු පුද්ගලයාගේ ගුණමකු බව නැතිවෙනවා නම්, එකටෙක කරන පුද්ගලයාගේ එකටෙක කිරීම නැතිවෙනවා නම්, ඉරිසියා කරන පුද්ගලයාගේ ඉරිසියාව නැතිවෙනවා නම්, මසුරුකම් කරන පුද්ගලයාගේ මසුරුකම් නැතිවෙනවා නම්, කපටියාගේ කපටිකම් නැතිවෙනවා නම්, මායාකාරී කෙනාගේ මායාවන් නැතිවෙනවා නම්, පවිටු ආශා ඇති පුද්ගලයාගේ පවිටු ආශා නැතිවෙනවා නම්, මිසදිටු පුද්ගලයාගේ මිසදිටුකම නැතිවෙනවා නම්, සුළු දෙයක් නෙ කරන්න තියෙන්නෙ. ඔහුගේ යහළු මිත්‍රයන්, නෑදෑයින් එකතු වෙලා, ඔහු උපන් හැටියෙ ම ජටිලයෙක් කරන එකයි කරන්න තියෙන්නෙ. ජටිල බව සමාදන් කරවන එකයි කරන්න තියෙන්නෙ. ‘පින්වත් දරුව, මෙහෙ වරෙන්, නුඹ ජටිලයෙක් වෙයන්. ජටා මඩුලු බැඳගනින්. එතකොට ජටා මඩුලු බැඳීම් මාත්‍රයෙන් ලෝභ සහිත සිත් ඇති නුඹේ ලෝභය නැතිවෙලා යාවි. තරහ සිත් ඇති නුඹේ තරහ නැතිවෙලා යාවි. ක්‍රෝධ සිත් ඇති නුඹේ ක්‍රෝධය නැතිවෙලා යාවි. බද්ධ වෛරය ඇති නුඹේ බද්ධ වෛරය නැතිවෙලා යාවි. ගුණමකු නුඹේ ගුණමකු කම නැතිවෙලා යාවි. එකටෙක කරන නුඹේ එකටෙක කිරීම නැතිවෙලා යාවි. ඉරිසියා කරන නුඹේ ඉරිසියාව නැතිවෙලා යාවි. මසුරු නුඹේ මසුරුකම නැති වෙලා යාවි. කපටි නුඹේ කපටිකම නැතිවෙලා යාවි. මායාකාරී නුඹේ මායා නැතිවෙලා යාවි. පවිටු ආශා ඇති නුඹේ පවිටු ආශා නැති වෙලා යාවි. මිසදිටු නුඹේ මිසදිටු බව නැතිවෙලා යාවි’ කියල.

පින්වත් මහණෙනි, මං දැකල තියෙනවා, සමහර ජටිලයො ඉන්නවා, ඔවුන් ලෝභ සිතින් යුක්තයි. තරහ සිතින් යුක්තයි. ක්‍රෝධ කරනවා. බද්ධ වෛර කරනවා. ගුණමකුයි. එකටෙක කරනවා. ඉරිසියා කරනවා. මසුරුකම් කරනවා. කපටියි. මායාකාරීයි. පාපී ආශාවෙන් යුක්තයි. මිසදිටුයි. අන්න ඒ නිසයි මං කියන්නෙ ජටිලයෙක් වෙලා, ජටා මඩුලු දැරීම් මාත්‍රයෙන් ශ්‍රමණ ජීවිතයක ඵල ලබන්න බෑ කියල.

7. කථඤ්ච භික්ඛවේ භික්ඛු සමණසාමීචිපටිපදං පටිපන්නෝ හෝති? යස්ස කස්සචි භික්ඛවේ භික්ඛුනෝ අභිජ්ඣාලු‍ස්ස අභිජ්ඣා පහීනා හෝති, බ්‍යාපන්නචිත්තස්ස බ්‍යාපාදෝ පහීනෝ හෝති, කෝධනස්ස කෝධෝ පහීනෝ හෝති, උපනාහිස්ස උපනාහෝ පහීනෝ හෝති, මක්ඛිස්ස මක්ඛෝ පහීනෝ හෝති, පළාසිස්ස පළාසෝ පහීනෝ හෝති, ඉස්සුකිස්ස ඉස්සා පහීනා හෝති, මච්ඡරිස්ස මච්ඡරියං පහීනං හෝති, සඨස්ස සාඨෙය්‍යං පහීනං හෝති, මායාවිස්ස මායා පහීනා හෝති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීනා හෝති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීනා හෝති, ඉමේසං ඛෝ අහං භික්ඛවේ සමණමලානං සමණදෝසානං සමණකසටානං ආපායිකානං ඨානානං දුග්ගතිවේදනියානං පහානා සමණසාමීචිපටිපදං පටිපන්නෝති වදාමි.

පින්වත් මහණෙනි, භික්ෂුව කොහොමද ශ්‍රමණයන්ට අනුකූල වූ ගුණධර්මයන්ගෙන් යුක්ත වන්නේ? පින්වත් මහණෙනි, ලෝභ සිත් ඇති භික්ෂුවගේ ලෝභය නැතිවෙලා නම්, තරහ සිත් ඇති භික්ෂුවගේ ඒ තරහ නැතිවෙලා නම්, ක්‍රෝධ සිත් ඇති භික්ෂුවගේ ඒ ක්‍රෝධය නැතිවෙලා නම්, බද්ධ වෛර ඇති භික්ෂුවගේ ඒ බද්ධ වෛරය නැතිවෙලා නම්, ගුණමකු භික්ෂුවගේ ඒ ගුණමකු බව නැතිවෙලා නම්, එකටෙක කරන භික්ෂුවගේ ඒ එකටෙක කිරීම නැතිවෙලා නම්, ඉරිසියා කරන භික්ෂුවගේ ඒ ඉරිසියාව නැතිවෙලා නම්, මසුරුකම් කරන භික්ෂුවගේ ඒ මසුරුකම් නැතිවෙලා නම්, කපටි භික්ෂුවගේ ඒ කපටිකම් නැතිවෙලා නම්, මායාකාරී භික්ෂුවගේ ඒ මායාව නැතිවෙලා නම්, පවිටු ආශා ඇති භික්ෂුවගේ ඒ පවිටු ආශා නැතිවෙලා නම්, මිසදිටු භික්ෂුවගේ ඒ මිසදිටු බව නැතිවෙලා නම්, පින්වත් මහණෙනි, ඔන්න ඔය ශ්‍රමණ මළකඩ, ශ්‍රමණ දොස්, ශ්‍රමණ කසල, අපායේ උපදින, දුගතියේ දුක් විඳින ඔය පාපී අකුසල් නැතිකිරීමෙන් ශ්‍රමණ ධර්මවලින් යුක්ත ප්‍රතිපදාවෙන් ඉන්නවා කියල මං ඒ භික්ෂුව ගැන කියනවා.

8. සෝ සබ්බේහි ඉමේහි පාපකේහි අකුසලේහි ධම්මේහි විසුද්ධමත්තානං සමනුපස්සති තස්ස සබ්බේහි ඉමේහි පාපකේහි අකුසලේහි ධම්මේහි විසුද්ධමත්තානං සමනුපස්සතෝ පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායෝ පස්සම්භති. පස්සද්ධකායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති.

මේ පාපී අකුසල්වලින් නිදහස් වෙලා, තමන් පිරිසිදුව ඉන්නවා කියල ඒ භික්ෂුව දකිනවා. එතකොට මේ පාපී අකුසල්වලින් පිරිසිදු වූ තමාව පෙනෙන කොට හිත පිනා යනවා. හිත පිනා යන කොට ප්‍රීතිය ඇතිවෙනවා. සිත ප්‍රීතිමත් වෙන කොට කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙන කොට සැපක් ඇතිවෙනවා. ඒ සැපවත් කෙනාගේ සිත සමාධිමත් වෙනවා.

9. සෝ මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣනේ ඵරිත්වා විහරති. කරුණාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරිති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං කරුණාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣනේ ඵරිත්වා විහරති. මුදිතාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරිති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මුදිතාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣනේ ඵරිත්වා විහරති. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣනේ ඵරිත්වා විහරති.

ඔහු මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා ඉන්නවා. ඒ වගේම දෙවෙනි දිශාවටත්, ඒ වගේම තුන් වෙනි දිශාවටත්, ඒ වගේම හතර වෙනි දිශාවටත් පතුරවනවා. ඒ වගේම උඩ යට හරහට, හැම තැනම, හැම විලසට ම, හැම ලොවකට ම විපුල වූ, සමාධිමත් වූ, ප්‍රමාණ රහිත වූ, අවෛරී වූ, පීඩා රහිත වූ, මෙත් සිත පතුරුවා ගෙන වාසය කරනවා. ඒ වගේම කරුණා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි දිශාවන්වලටත් පතුරුවා වාසය කරනවා. මෙසේ උඩ යට, හරහට හැම තැනට ම, හැම විලසට ම, හැම ලොවට ම විපුල වූ, සමාධිමත් වූ, ප්‍රමාණ රහිත වූ, අවෛරී වූ, පීඩා රහිත වූ, කරුණා සහගත සිත පතුරුවා වාසය කරනවා. මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි දිශාවන්ටත් මුදිතාව පතුරුවා ගෙන වාසය කරනවා. ඒ විදිහට ම උඩ යට, හරහට, හැම තැනට ම, හැම විලස ම, හැම ලොවට ම, විපුල වූ, සමාධිමත් සිතින්, ප්‍රමාණ රහිත කොට, අවෛරී වූ, පීඩා රහිත වූ මුදිතා ව පතුරුවා වාසය කරනවා. උපේක්ෂා සහගත සිතිනුත් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේ ම දෙවෙනි, තුන්වෙනි, හතර වෙනි දිශාවන්ටත් පතුරුවා වාසය කරනවා. ඔය විදිහට උඩ යට, හරහට, හැම තැනටම, හැම විලසටම, හැම ලොවටම, විපුල වූ, සමාධිමත් වූ, ප්‍රමාණ රහිත වූ, අවෛරී වූ, පීඩා රහිත වූ උපේක්ෂාව පතුරුවා වාසය කරනවා.

10. සෙය්‍යථාපි භික්ඛවේ පොක්ඛරණී අච්ඡෝදිකා සාතෝදිකා සීතෝදිකා සේතකා සුපතිත්ථා රමණීයා, පුරත්ථිමාය චේපි දිසාය පුරිසෝ ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තෝ ඝම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ. සෝ තං පොක්ඛරණිං ආගම්ම විනෙය්‍ය උදකපිපාසං, විනෙය්‍ය ඝම්මපරිළාහං. පච්ඡිමාය චේපි දිසාය පුරිසෝ ආගච්ඡෙය්‍ය ….(පෙ)…. උත්තරාය චේපි දිසාය පුරිසෝ ආගච්ඡෙය්‍ය ….(පෙ)…. දක්ඛිණාය චේපි දිසාය පුරිසෝ ආගච්ඡෙය්‍ය ….(පෙ)…. යතෝ කුතෝ චේපි නං පුරිසෝ ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තෝ ඝම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ, සෝ තං පොක්ඛරණිං ආගම්ම විනෙය්‍ය උදකපිපාසං විනෙය්‍ය ඝම්මපරිළාහං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සීතල වතුර තියෙන, පෑදුණු වතුර තියෙන, මිහිරි වතුර තියෙන, පොකුණක් තියෙනවා. ඒ පොකුණ වටේට මඩ නැති ලස්සන ඉවුරක් තියෙනවා. ඉතින් ඔය පොකුණට නැගෙනහිර දිශාවෙන් කෙනෙක් එනවා. පෑවිල්ලට අහු වෙලා, හොඳට ම පිපාසෙන්, කලන්තෙන්, හොඳට ම පීඩා වෙලා අමාරුවෙනුයි එන්නෙ. ඔහු ඒ පොකුණෙන් තමන්ගේ වතුර පිපාසය දුරු කරගන්නවා. පෑවිල්ලෙන් ඇතිවුන පීඩාව දුරු කර ගන්නවා. ඒ වගේම බටහිර පැත්තෙනුත් කෙනෙක් එනවා ….(පෙ)…. උතුරු පැත්තෙනුත් කෙනෙක් එනවා ….(පෙ)…. දකුණු පැත්තෙනුත් කෙනෙක් එනවා ….(පෙ)…. කොයි යම් ම දිශාවකින් හෝ පෑවිල්ලට අහුවෙලා, පෑවිල්ලෙන් පීඩා විඳින, කලන්තෙ හැදිල, වතුර පිපාසෙන් ඉන්න කෙනෙක් ආවොත් ඔහු ඒ පොකුණෙන් වතුර පිපාසය නැතිකර ගන්නවා. පෑවිල්ලෙන් ඇතිවුන පීඩාව නැතිකර ගන්නවා.

11. ඒවමේව ඛෝ භික්ඛවේ ඛත්තියකුලා චේපි අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, සෝ ච තථාගතප්පවේදිතං ධම්මවිනයං ආගම්ම ඒවං මෙත්තං කරුණං මුදිතං උපෙක්ඛං භාවෙත්වා ලභති අජ්ඣත්තං වූපසමං. අජ්ඣත්තං වූපසමා සමණසාමීචිපටිපදං පටිපන්නෝති වදාමි. බ්‍රාහ්මණකුලා චේපි ….(පෙ)…. වෙස්සකුලා චේපි ….(පෙ)…. සුද්දකුලා චේපි ….(පෙ)…. යස්මා කස්මා චේපි කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, සෝ ච තථාගතප්පවේදිතං ධම්මවිනයං ආගම්ම, ඒවං මෙත්තං කරුණං මුදිතං උපෙක්ඛං භාවෙත්වා ලභති අජ්ඣත්තං වූපසමං. අජ්ඣත්තං වූපසමා සමණසාමීචිපටිපදං පටිපන්නෝති වදාමි.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි, රජ පවුලකින් වේවා, ගිහි ජීවිතෙන් නික්මිලා යමෙක් පැවිදි වුණා නම්, ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා, ඔය විදිහට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා වඩල තමන් තුළ සංසිඳීමක් ඇති කරගන්නවා. තමන් තුළ ඇතිවන ඒ සංසිඳීමෙන් ශ්‍රමණ සාමීචිපටිපදාවට පැමිණුනා කියලයි කියන්න තියෙන්නෙ. බ්‍රාහ්මණ පවුලකින් වේවා ….(පෙ)…. වෙළඳ පවුලකින් වේවා ….(පෙ)…. කම්කරු පවුලකින් වේවා ….(පෙ)…. කවර හෝ කුලයකින් වේවා, ගිහි ජීවිතේ අත්හැරලා මහණ වෙනවා නම්, ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා, ඔය විදියට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා වඩලා, තමන් තුළ සංසිඳීමක් ඇති කරගන්නවා. තමන් තුළ සංසිඳීම ඇතිවීමෙන්, ශ්‍රමණ සාමීචිපටිපදාවට පැමිණුනා කියලයි කියන්න තියෙන්නෙ.

12. ඛත්තියකුලා චේපි අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, සෝ ච ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ආසවානං ඛයා සමණෝ හෝති. බ්‍රාහ්මණකුලා චේපි ….(පෙ)…. වෙස්සකුලා චේපි… සුද්දකුලා චේපි ….(පෙ)…. යස්මා කස්මා චේපි කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති, සෝ ච ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ආසවානං ඛයා සමණෝ හෝතීති.

රජ පවුලෙන් හෝ වේවා, ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වුනොත්, ඔහුත් ආශ්‍රවයන් ක්‍ෂය කරල, ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේ දී ම තමන්ගේ ම නුවණින් දැනගෙන, සාක්‍ෂාත් කරගෙන එයට පැමිණිලා ඉන්නවා නම් ඒ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ම යි ශ්‍රමණයෙක් වුනේ. බ්‍රාහ්මණ පවුලකින් වේවා ….(පෙ)…. වෙළඳ පවුලකින් වේවා ….(පෙ)…. පහත් කුලයකින් වේවා ….(පෙ)…. කවර හෝ කුලයක වේවා කෙනෙක් ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙනවා නම්, ඔහුත් ආශ්‍රවයන් ක්ෂය කරල, ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතේදී ම තමන්ගේ ම ඥානයෙන් දැනගෙන, සාක්ෂාත් කරගෙන එයට පැමිණ වාසය කරනවා. එතකොට ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ම තමයි ශ්‍රමණයෙක් වන්නේ.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම සාදු නාද දෙමින් සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

චූළඅස්සපුරසුත්තං දසමං.

අස්සපුර නම් කුඩා නගරයේ දී වදාළ කුඩා දෙසුම නිමා විය.

මහායමකවග්ගෝ චතුත්ථෝ.

හතරවෙනි මහා යමක වර්ගය යි.

තස්ස වග්ගස්ස උද්දානං.

ගිඤ්ජකසාලවනං පරිහාතුං පාපිමතෝ පුනසච්චනිසේධෝ
වණ්ණපසීදනතාදි ච ඉන්දෝ කේවට අස්සපුරං ජටිලේනාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M