මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.3.1. කකචූපම සුත්තං

1.3.1. කියත උපමා කොට වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා මෝලියඵග්ගුනෝ භික්ඛුනීහි සද්ධිං අතිවේලං සංසට්ඨෝ විහරති ඒවං සංසට්ඨෝ ආයස්මා මෝලියඵග්ගුනෝ භික්ඛුනීහි සද්ධිං විහරති. සචේ කෝ චි භික්ඛු ආයස්මතෝ මෝලියඵග්ගුනස්ස සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තේනායස්මා මෝලියඵග්ගුනෝ කුපිතෝ අනත්තමනෝ අධිකරණම්පි කරෝති. සචේ පන කෝ චි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා ආයස්මතෝ මෝලියඵග්ගුනස්ස අවණ්ණං භාසති. තේන තා භික්ඛුනියෝ කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. ඒවං සංසට්ඨෝ ආයස්මා මෝලියඵග්ගුනෝ භික්ඛුනීහි සද්ධිං විහරති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ කාලේ ආයුෂ්මත් මෝලියඵග්ගුනයන් වහන්සේ භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වෙලා ඉන්නවා. ආයුෂ්මත් මෝලියඵග්ගුනයන් වහන්සේ භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වෙලා කල් ගෙවන විට, යම් හෙයකින් යම්කිසි භික්ෂුවක් ආයුෂ්මත් මෝලියඵග්ගුනයන් ඉදිරියේ ඒ භික්ෂුණීන්ට දොස් කිව්වොත්, ආයුෂ්මත් මෝලියඵග්ගුනයන් හට කේන්ති යනවා. නොසතුටු වෙනවා. රණ්ඩු අල්ලනවා. යම් විදිහකින් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මෝලියඵග්ගුන තෙරුන්ට දොස් කිව්වොත්, ඒ භික්ෂුණීන්ටත් කේන්ති යනවා. නොසතුටු වෙනවා. රණ්ඩු අල්ලනවා. ඔන්න ඔය විදිහට ආයුෂ්මත් මෝලියඵග්ගුන භික්ෂුව ඒ භික්ෂුණීන් සමඟ බොහෝම එකතු වෙලා හිටියා.

2. අථ ඛෝ අඤ්ඤතරෝ භික්ඛු යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: “ආයස්මා භන්තේ, මෝලියඵග්ගුනෝ භික්ඛුනීහි සද්ධිං අතිවේලං සංසට්ඨෝ විහරති. ඒවං සංසට්ඨෝ භන්තේ ආයස්මා මෝලියඵග්ගුනෝ භික්ඛුනීහි සද්ධිං විහරති: සචේ කෝ චි භික්ඛු ආයස්මතෝ මෝලියඵග්ගුනස්ස සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තේනායස්මා මෝලියඵග්ගුනෝ කුපිතෝ අනත්තමනෝ අධිකරණම්පි කරෝති. සචේ පන කෝ චි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා ආයස්මතෝ මෝලියඵග්ගුනස්ස අවණ්ණං භාසති, තේන තා භික්ඛුනියෝ කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. ඒවං සංසට්ඨෝ භන්තේ ආයස්මා මෝලියඵග්ගුනෝ භික්ඛුනීහි සද්ධිං විහරතී”ති.

දවසක් එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුණු ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, ආයුෂ්මත් මෝලියඵග්ගුන තෙරුන් භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වෙලා ඉන්නවා. ඉතින් ස්වාමීනී, ආයුෂ්මත් මෝලියඵග්ගුන භික්ෂුව භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා සිටීම ගැන, යම් විදිහකින් යම් භික්ෂුවක් ආයුෂ්මත් මෝලියඵග්ගුන තෙරුන් ඉදිරියේ ඒ භික්ෂුණීන්ට දොස් කිව්වොත්, ආයුෂ්මත් මෝලියඵග්ගුන තෙරුන්ට කේන්ති යනවා. නොසතුටු වෙනවා. රණ්ඩු අල්ලනවා. යම් විදිහකින් යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මෝලියඵග්ගුනයන් හට ඒ ගැන දොස් කිව්වොත් ඒ භික්ෂුණීන්ටත් කේන්ති යනවා. නොසතුටු සිත් ඇතිවෙනවා. රණ්ඩු අල්ලනවා. ස්වාමීනී, ආයුෂ්මත් මෝලියඵග්ගුන තෙරුන් ඒ භික්ෂුණීන් සමග බොහෝ ම එකතු වෙලා කල් ගෙවන්නෙ ඔය විදිහටයි’ කියලා.

3. අථ ඛෝ භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තේසි: ඒහි ත්වං භික්ඛු මම වචනේන මෝලියඵග්ගුනං භික්ඛුං ආමන්තේහි: ‘සත්ථා තං ආවුසෝ ඵග්ගුන ආමන්තේතී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ සෝ භික්ඛු භගවතෝ පටිස්සුත්වා යේනායස්මා මෝලියඵග්ගුනෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං මෝලියඵග්ගුනං ඒතදවෝච: සත්ථා තං ආවුසෝ ඵග්ගුන ආමන්තේතීති. ඒවමාවුසෝති ඛෝ ආයස්මා මෝලියඵග්ගුනෝ තස්ස භික්ඛුනෝ පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං මෝලියඵග්ගුනං භගවා ඒතදවෝච:

එතකොට භාග්‍යවතුන් වහන්සේ වෙනත් භික්ෂුවක් ඇමතුවා. “පින්වත් භික්ෂුව, මෙහි එන්න. මෝලියඵග්ගුන භික්ෂුවට මගේ වචනයෙන් අමතන්න. ‘ආයුෂ්මත් ඵග්ගුන, ඔබට ශාස්තෘන් වහන්සේ අමතනවා ය’ කියලා.”

“එසේ ය, ස්වාමීනී” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා ආයුෂ්මත් මෝලියඵග්ගුන භික්ෂුව වෙත ගියා. ගිහින් ආයුෂ්මත් මෝලියඵග්ගුන භික්ෂුවට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් ඵග්ගුන, අන්න ශාස්තෘන් වහන්සේ ඔබ අමතනවා” කියලා. “එසේය, ආයුෂ්මතුනි” කියල ආයුෂ්මත් මෝලියඵග්ගුන භික්ෂුව අර භික්ෂුවට පිළිතුරු දීලා, භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් මෝලියඵග්ගුන භික්ෂුවගෙන් භාග්‍යවතුන් වහන්සේ ඇහුවේ මෙහෙමයි.

4. සච්චං කිර ත්වං ඵග්ගුන භික්ඛුනීහි සද්ධිං අතිවේලං සංසට්ඨෝ විහරසි? ඒවං සංසට්ඨෝ කිර ත්වං ඵග්ගුන භික්ඛුනීහි සද්ධිං විහරසි: “සචේ කෝ චි භික්ඛු තුය්හං සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තේන ත්වං කුපිතෝ අනත්තමනෝ අධිකරණම්පි කරෝසි. සචේ පන කෝචි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා තුය්හං අවණ්ණං භාසති, තේන තා භික්ඛුනියෝ කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. ඒවං සංසට්ඨෝ කිර ත්වං ඵග්ගුන භික්ඛුනීහි සද්ධිං විහරසී”ති. ‘ඒවං භන්තේ’.නනු ත්වං ඵග්ගුන කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝති? ‘ඒවං භන්තේ’.

“පින්වත්, ඵග්ගුන ඔබ භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වෙලා ඉන්නවා කියන්නේ හැබෑද? ඔබ ඒ විදියට භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වෙලා සිටිද්දි, යම් විදිහකින් යම්කිසි භික්ෂුවක් ඔබ ඉදිරියේ අර භික්ෂුණීන්ට දොස් කිව්වොත්, ඔබට කේන්ති යනවා කියන්නෙ, නොසතුටු සිත් ඇතිවෙනවා කියන්නෙ, රණ්ඩු අල්ලනවා කියන්නේ හැබෑද? යම් විදිහකින් යම්කිසි භික්ෂුවක් අර භික්ෂුණීන් ඉදිරියේ ඔබට දොස් කිව්වොත්, ඒ භික්ෂුණීන්ටත් කේන්ති යනවා කියන්නෙ, නොසතුටු සිත් ඇතිවෙනවා කියන්නෙ, රණ්ඩු අල්ලනවා කියන්නෙ හැබෑද? ඵග්ගුන, ඔබ එතකොට භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වෙලා ඉන්නවායි කියන්නේ හැබෑවක්ද?”

“එසේය, ස්වාමීනී.”

“පින්වත් ඵග්ගුන, ඔබ ගිහි ජීවිතය අත්හැරල ශ්‍රද්ධාවෙන් ම පැවිදි වෙච්ච කෙනෙක් නේද?”

“එසේය, ස්වාමීනී.”

5. න ඛෝ තේ ඒතං ඵග්ගුන පතිරූපං, කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස, යං ත්වං භික්ඛුනීහි සද්ධිං අතිවේලං සංසට්ඨෝ විහරෙය්‍යාසි. තස්මාතිහ ඵග්ගුන තව චේපි කෝ චි සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසෙය්‍ය, තත්‍රාපි ත්වං ඵග්ගුන යේ ගේහසිතා ඡන්දා යේ ගේහසිතා විතක්කා තේ පජහෙය්‍යාසි. තත්‍රාපි තේ ඵග්ගුන ඒවං සික්ඛිතබ්බං: “න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි, හිතානුකම්පි ච විහරිස්සාමි, මෙත්තචිත්තෝ න දෝසන්තරෝ”ති ඒවං හි තේ ඵග්ගුන සික්ඛිතබ්බං.

“ඉතින් පින්වත් ඵග්ගුන, ශ්‍රද්ධාවෙන් ගිහි ගෙය අත්හැරලා සසුන්ගත වෙච්ච කුල පුත්‍රයෙක් වන ඔබට භික්ෂුණීන් සමඟ පමණට වඩා එකතු වෙලා ඉන්නවා කියන එක ගැලපෙන දෙයක් නොවෙයි. ඒ නිසා පින්වත් ඵග්ගුන, යම් විදිහකින් යම්කිසි කෙනෙක් ඔබ ඉදිරියේ ඒ භික්ෂුණීන්ට දොස් කිව්වොත්, පින්වත් ඵග්ගුන, ඔබ තුළ ඒ භික්ෂුණීන් ගැන යම්කිසි බැඳීමක් හෝ බැඳීම් සහිත සිතුවිලි ඇතිවුණොත් ඒවා දුරු කර දමන්න ඕන. පින්වත් ඵග්ගුන, ඔබ ඒ ගැන මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා’ කියල. පින්වත් ඵග්ගුන, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

6. තස්මාතිහ ඵග්ගුන තව චේපි කෝ චි සම්මුඛා තාසං භික්ඛුනීනං පාණිනා පහාරං දදෙය්‍ය, ලෙඩ්ඩුනා පහාරං දදෙය්‍ය, දණ්ඩේන පහාරං දදෙය්‍ය, සත්ථේන පහාරං දදෙය්‍ය, තත්‍රාපි ත්වං ඵග්ගුන යේ ගේහසිතා ඡන්දා යේ ගේහසිතා විතක්කා තේ පජහෙය්‍යාසි. තත්‍රාපි තේ ඵග්ගුන ඒවං සික්ඛිතබ්බං: න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තෝ න දෝසන්තරෝති. ඒවං හි තේ ඵග්ගුන සික්ඛිතබ්බං.

පින්වත් ඵග්ගුන, ඔබ ඉදිරියේ යම්කිසි කෙනෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහර දුන්නොත්, ගල්වලින් ගැසුවොත්, පොලුවලින් ගැසුවොත්, ආයුධයකින් පහර දුන්නොත්, එතකොටත් පින්වත් ඵග්ගුන, ඔබ තුළ ඒ භික්ෂුණීන් ගැන යම්කිසි බැඳීමක් ඇතිවුනොත්, බැඳීම් සහිත සිතුවිලි ඇතිවුනොත් ඒවා දුරු කරන්න. එතකොටත් පින්වත් ඵග්ගුන, ඔබ මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා’ කියල. පින්වත් ඵග්ගුන, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

7. තස්මාතිහ ඵග්ගුන තව චේපි කෝචි සම්මුඛා අවණ්ණං භාසෙය්‍ය, තත්‍රාපි ත්වං ඵග්ගුන යේ ගේහසිතා ඡන්දා යේ ගේහසිතා විතක්කා තේ පජහෙය්‍යාසි. තත්‍රාපි තේ ඵග්ගුන ඒවං සික්ඛිතබ්බං: න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තෝ න දෝසන්තරෝති, ඒවං හි තේ ඵග්ගුන සික්ඛිතබ්බං.

එමෙන්ම පින්වත් ඵග්ගුන, කවුරුන් හෝ ඔබ ඉදිරියේ ඔබට දොස් කිව්වොත්, එතකොටත් පින්වත් ඵග්ගුන, ඔබ තුළ යම්කිසි බැඳීමක්, යම් බැඳීම් සහගත සිතුවිලි ඇතිවුනොත් ඒවා දුරු කරන්න ඕන. එතකොටත් පින්වත් ඵග්ගුන, ඔබ මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා’ කියල. පින්වත් ඵග්ගුන, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.

8. තස්මාතිහ ඵග්ගුන තව චේපි කෝචි පාණිනා පහාරං දදෙය්‍ය, ලෙඩ්ඩුනා පහාරං දදෙය්‍ය, දණ්ඩේන පහාරං දදෙය්‍ය, සත්ථේන පහාරං දදෙය්‍ය තත්‍රාපි ත්වං ඵග්ගුන යේ ගේහසිතා ඡන්දා යේ ගේහසිතා විතක්කා තේ පජහෙය්‍යාසි තත්‍රාපි තේ ඵග්ගුන ඒවං සික්ඛිතබ්බං: න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තෝ න දෝසන්තරෝති. ඒවං හි තේ ඵග්ගුන සික්ඛිතබ්බන්ති.

එමෙන් ම පින්වත් ඵග්ගුන, කවුරුන් හෝ ඔබට වුනත් අතින් පහර දුන්නොත්, ගල් ගැහුවොත්, පොලුවලින් ගැහුවොත්, ආයුධයකින් පහර දුන්නොත් එතකොටත් පින්වත් ඵග්ගුන, ඔබ ගැන යම්කිසි බැඳීමක්, යම් බැඳීම් සහිත සිතුවිලි ඇතිවුනොත් ඒවා දුරු කරන්න ඕන. එතකොටත් පින්වත් ඵග්ගුන, ඔබ මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා’ කියල. පින්වත් ඵග්ගුන, ඔබ ඔය විදිහටයි හික්මිය යුත්තේ.”

9. අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: ආරාධයිංසු වත මේ භික්ඛවේ භික්ඛූ ඒකං සමයං චිත්තං. ඉධාහං භික්ඛවේ භික්ඛූ ආමන්තේසිං: ‘අහං ඛෝ භික්ඛවේ ඒකාසනභෝජනං භුඤ්ජාමි. ඒකාසනභෝජනං ඛෝ අහං භික්ඛවේ භුඤ්ජමානෝ අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. ඒථ තුම්හේපි භික්ඛවේ ඒකාසනභෝජනං භුඤ්ජථ. ඒකාසනභෝජනං ඛෝ භික්ඛවේ තුම්හේපි භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතංකතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. න මේ භික්ඛවේ තේසු භික්ඛූසු අනුසාසනී කරණීයා අහෝසි. සතුප්පාදකරණීයමේව මේ භික්ඛවේ තේසු භික්ඛූසු අහෝසි.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වත් මහණෙනි, ඇත්තෙන් ම භික්ෂූන් වහන්සේලා මගේ සිත සතුටු කරපු කාලයකුත් තිබුණා. පින්වත් මහණෙනි, මෙහිලා මම භික්ෂූන් අමතලා මෙහෙම කිව්වා. ‘පින්වත් මහණෙනි, මම නම් එක වේලක් විතරයි වළඳන්නෙ. එක වේලක් වළඳන මට ලෙඩත් අඩුයි. කරදරත් අඩුයි. ඇඟටත් පහසුයි. ශරීර ශක්තියත් තියෙනවා. ජීවිතයත් පහසුයි. ඉතින් පින්වත් මහණෙනි, මෙහෙ එන්න. ඔබත් එක වේලක් වළඳන්න. එතකොට පින්වත් මහෙණනි, එක වේලක් වළඳන ඔබට ම තේරුම් යාවි, ලෙඩ අඩු බව, කරදර අඩු බව, සැහැල්ලු බව, ශරීර ශක්තියත් පහසු ජීවිතයත් ඇතිවෙන බව’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, ඒ දවස්වල භික්ෂූන්ට එච්චර අනුශාසනා කරන්න ඕන වුනේ නෑ. පින්වත් මහණෙනි, මම ඒ දවස්වල කරන්නෙ ඒ භික්ෂූන්ට සිහි උපද්දවලා දෙන එක විතරයි.

10. සෙය්‍යථාපි භික්ඛවේ සුභූමියං චතුම්මහාපථේ ආජඤ්ඤරථෝ යුත්තෝ අස්ස ඨිතෝ ඕධස්තපතෝදෝ, තමේනං දක්ඛෝ යොග්ගාචරියෝ අස්සදම්මසාරථි අභිරූහිත්වා වාමේන හත්ථේන රස්මියෝ ගහෙත්වා දක්ඛිණේන හත්ථේන පතෝදං ගහෙත්වා යේනිච්ඡකං යදිච්ඡකං සාරෙය්‍යාපි පච්චාසාරෙය්‍යාපි, ඒවමේව ඛෝ භික්ඛවේ න මේ තේසු භික්ඛූසු අනුසාසනී කරණීයා අහෝසි. සතුප්පාදකරණීයමේව මේ භික්ඛවේ තේසු භික්ඛූසු අහෝසි. තස්මාතිහ භික්ඛවේ තුම්හේපි අකුසලං පජහථ. කුසලේසු ධම්මේසු ආයෝගං කරෝථ. ඒවං හි තුම්හේපි ඉමස්මිං ධම්මවිනයේ වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සථ.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. තැනිතලා බිමක හතරමං හන්දියක අශ්ව රථයක් තියෙනවා. ඒ අශ්ව රථයේ හොඳින් හික්මුණු ශ්‍රේෂ්ඨ අශ්වයන්ව යොදල තියෙනවා. ගමනට හොඳට සූදානම් කරලා තියෙන්නෙ. අශ්ව කෙවිටත් සූදානම් කරල තියෙන්නෙ. ඉතින් ඔතනට එනවා අශ්වයන් දමනය කරගෙන ගමන යන්න පුළුවන් දක්ෂ ආචාර්යවරයෙක්. ඔහු ඒ අශ්ව කරත්තයට නඟිනවා. වම් අතින් රැහැන් පට අල්ලගන්නවා. දකුණු අතින් කෙවිට ගන්නවා. තමන් යන්න කැමති ඕනෑ ම තැනකට ඒ අශ්ව රථය හසුරුවාගෙන යනවා. පින්වත් මහණෙනි, ඒ කාලෙ භික්ෂූනුත් ඔන්න ඔය වගෙයි. මම ඒ භික්ෂූන්ට හැම තිස්සේ ම අනුශාසනා කළ යුතු නෑ. මම ඒ භික්ෂූන්ට කරන්නෙ සිහිය උපද්දවලා දෙන එක විතරයි.

පින්වත් මහණෙනි, අන්න ඒ නිසා ඔබත් අකුසල් දුරුකරන්න ඕන. කුසල් දහම් දියුණු කරන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. අන්න එතකොටයි ඔබටත් මේ බුද්ධ ශාසනයේදී දියුණුවක්, විශේෂ දියුණුවක්, මහත් දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ.

11. සෙය්‍යථාපි භික්ඛවේ ගාමස්ස වා නිගමස්ස අවිදූරේ මහන්තං සාලවනං, තඤ්චස්ස ඒළණ්ඩේහි සඤ්ඡන්නං, තස්ස කෝචිදේව පුරිසෝ උප්පජ්ජෙය්‍ය අත්ථකාමෝ හිතකාමෝ යෝගක්ඛේමකාමෝ, සෝ යා තා සාලලට්ඨියෝ කුටිලා ඕජාපහරණියෝ තා තඡෙත්වා බහිද්ධා නීහරෙය්‍ය, අන්තෝවනං සුවිසෝධිතං විසෝධෙය්‍ය, යා පන තා සාලලට්ඨියෝ උජුකා තා සම්මා පරිහරෙය්‍ය, ඒවං හේතං භික්ඛවේ සාලවනං අපරේන සමයේන වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජෙය්‍ය. ඒවමේව ඛෝ භික්ඛවේ තුම්හේපි අකුසලං පජහථ. කුසලේසු ධම්මේසු ආයෝගං කරෝථ. ඒවං හි තුම්හේපි ඉමස්මිං ධම්මවිනයේ වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සථ.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. ගමකට හෝ පුංචි නගරයකට නුදුරින් විශාල සල් වනයක් තියෙනවා කියල හිතන්න. හැබැයි ඒ සල්ගස් පිළිලවලින් වැහිල තියෙන්නෙ. ඔතනට එනවා සල්වනයේ යහපත කැමති, හිත කැමති, යහපත උදාකරනු කැමති යම්කිසි මනුස්සයෙක්. ඔහු ඒ පිළිල හැදිල ඇද වෙච්ච අතු ටික රැහැල ඉවත් කරනවා. සල්වනයේ ඇතුළ හොඳට පිරිසිදු කරනවා. හොඳට වැඩෙන සල් ගස්වලට පෝර දාලා හරිගස්සනවා. පින්වත් මහණෙනි, කලක් යනකොට ඒ සල්වනය හරි අපූරුවට හැදිල හොඳ විශාල වනාන්තරයක් හැදෙනවා. ඔන්න ඔය වගේම යි පින්වත් මහණෙනි, අකුසල් ඉවත් කරන්න ඕන. කුසල් දහම් වඩාගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන. එතකොට ඔබටත්, මේ බුද්ධ ශාසනයේ දී ම දියුණුවක්, විශේෂ දියුණුවක්, මහත් දියුණුවක් ලබාගන්න පුළුවන් වේවි.

12. භූතපුබ්බං භික්ඛවේ ඉමිස්සායේව සාවත්ථියා වේදේහිකා නාම ගහපතානී අහෝසි. වේදේහිකාය භික්ඛවේ ගහපතානියා ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: සෝරතා වේදේහිකා ගහපතානී, නිවාතා වේදේහිකා ගහපතානී, උපසන්තා වේදේහිකා ගහපතානීති. වේදේහිකාය ඛෝ පන භික්ඛවේ ගහපතානියා කාළී නාම දාසී අහෝසි, දක්ඛා අනලසා සුසංවිහිතකම්මන්තා.

පින්වත් මහණෙනි, ඉස්සර වෙච්ච දෙයක් මේ කියන්න යන්නෙ. සැවැත් නුවර හිටියා වේදේහිකා කියලා ගෘහණියක්. ඉතින් පින්වත් මහණෙනි, ඔය ගෘහණිය ගැන මේ විදිහේ සුන්දර කීර්ති රාවයක් පැතිර තිබුනා. ‘වේදේහිකා ගෘහණිය හරිම කීකරු තැනැත්තියක්. වේදේහිකා ගෘහණිය යටහත් පැවතුම් ඇත්තියක්. වේදේහිකා ගෘහණිය උපශාන්ත තැනැත්තියක්’ කියල. පින්වත් මහණෙනි, වේදේහිකා ගෘහණියට ‘කාළී’ කියල දාසියක් හිටියා. ඈ හරිම දක්ෂයි. කම්මැලි නෑ. හැම දෙයක් ම හොයල බලල කරනවා.

13. අථ ඛෝ භික්ඛවේ කාළියා දාසියා ඒතදහෝසි: මය්හං ඛෝ අය්‍යාය ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: සෝරතා වේදේහිකා ගහපතානී, නිවාතා වේදේහිකා ගහපතානී, උපසන්තා වේදේහිකා ගහපතානීති. කිං නු ඛෝ මේ අය්‍යා සන්තංයේව නු ඛෝ අජ්ඣත්තං කෝපං න පාතුකරෝති? උදාහු අසන්තං? උදාහු මය්හවේතේ කම්මන්තා සුසංවිහිතා, යේන මේ අය්‍යා සන්තංයේව අජ්ඣත්තං කෝපං න පාතුකරෝති? නෝ අසන්තං? යංනූනාහං අය්‍යං වීමංසෙය්‍යන්ති. අථ ඛෝ භික්ඛවේ කාළී දාසී දිවා උට්ඨාසි. අථ ඛෝ භික්ඛවේ වේදේහිකා ගහපතානී කාළිං දාසිං ඒතදවෝච: හේ ජේ කාළීති. කිං අය්‍යේති? කිං ජේ දිවා උට්ඨාසීති? ‘න ඛෝ අය්‍යේ කිඤ්චීති’. නෝ වත රේ කිඤ්චි පාපි දාසි දිවා උට්ඨාසී’ති කුපිතා අනත්තමනා භාකුටිං අකාසි.

පින්වත් මහණෙනි, දවසක් ඔය කාළී දාසියට මෙහෙම හිතුණා. ‘මගේ ස්වාමිදියණිය ගැන මේ විදිහේ සුන්දර කීර්ති රාවයක් පැතිරිලා තියෙනවා. ‘වේදේහිකා ගෘහණිය හරිම කීකරු තැනැත්තියක්. වේදේහිකා ගෘහණිය යටහත් පැවතුම් ඇත්තියක්. වේදේහිකා ගෘහණිය උපශාන්ත තැනැත්තියක්’ කියල. ඇත්තෙන් ම මගේ ස්වාමිදියණියගෙ හිතේ තිබෙන්නා වූ ම කෝපය මතුකරන්නේ නැතිව ඉන්නවාද? එහෙම නැත්නම්, ඇත්තට ම කෝපයක් නැද්ද? එහෙමත් නැත්නම්, මම මේ හොයල බලල හොඳට වැඩපළ කරන නිසා මගේ ස්වාමිදියණිය, තමන් තුළ තිබෙන්නා වූ ම කෝපය මතු නොකර ඉන්නවා ද? නැත්නම් ඇත්තට ම කෝපය නැද්ද? මම මේ ස්වාමිදියණියගේ ස්වභාවය විමසල බලන්න ඕන’ කියල. පින්වත් මහණෙනි, ඉතින් ඒ කාළී මෙහෙකාරිය එදා දවල් වෙලා නැගිට්ටා. ඉතින් පින්වත් මහණෙනි, එදා වේදේහිකා ගෘහපතිනිය කාළි මෙහෙකාරියට මෙහෙම කිව්වා.

“ඒයි කෙල්ල කාළි”

“ඇයි ස්වාමිදියණියනි?”

“කෙල්ලෙ, මොකද උඹ දවල් වෙලා නැගිට්ටෙ?”

“ස්වාමි දියණියනි, මොකවත් නෑ.”

“එහෙම ද? මේ පව්කාර වැඩකාරී එතකොට මොකවත් නැතුවයි දවල් වෙලා නැගිට්ටේ නේ?” කියල, කෝප වෙලා, නොසතුටු වෙලා, ඇහි බැම හකුලගත්තා.

14. අථ ඛෝ භික්ඛවේ කාළියා දාසියා ඒතදහෝසි: සන්තංයේව ඛෝ මේ අය්‍යා අජ්ඣත්තං කෝපං න පාතුකරෝති නෝ අසන්තං. මය්හේවේතේ කම්මන්තා සුසංවිහිතා, යේන මේ අය්‍යා සන්තංයේව අජ්ඣත්තං කෝපං න පාතුකරෝති නෝ අසන්තං. යංනූනාහං භිය්‍යෝසෝමත්තාය අය්‍යං වීමංසෙය්‍යන්ති. අථ ඛෝ භික්ඛවේ කාළී දාසී දිවාතරං උට්ඨාසි.

පින්වත් මහණෙනි, එතකොට කාළී මෙහෙකාරිය මෙහෙම හිතුවා. ‘හරි! මගේ ස්වාමිදියණිය තිබෙන්නා වූ ම කෝපය තමයි මතු කරන්නෙ නැතුව ඉන්නෙ. නොතිබෙන දෙයක් නොවෙයි. මං හොඳට හොයල බලල වැඩ කරන නිසා තමයි මගේ ස්වාමිදියණිය තමා තුළ තිබෙන්නා වූ ම කෝපය මතුකරන්නෙ නැතුව ඉන්නෙ. නොතිබිලා නොවෙයි. එහෙම නම්, මම තවදුරටත් මේ ස්වාමි දියණිය ගැන විමසන එක තමයි හොඳ’ කියල. පින්වත් මහණෙනි, කාළී දාසිය එදාත් ගොඩක් දවල් වෙලා නින්දෙන් නැගිට්ටා.

15. අථ ඛෝ භික්ඛවේ වේදේහිකා ගහපතානී කාළිං දාසිං ඒතදවෝච: හේ ජේ කාළීති. ‘කිං අය්‍යේ’ති? කිං ජේ දිවාතරං උට්ඨාසීති? ‘න ඛෝ අය්‍යේ කිඤ්චී’ති. නෝ වත රේ කිඤ්චි පාපි දාසි, දිවාතරං උට්ඨාසීති කුපිතා අනත්තමනා අනත්තමනවාචං නිච්ඡාරේසි. අථ ඛෝ භික්ඛවේ කාළියා දාසියා ඒතදහෝසි: සන්තංයේව ඛෝ මේ අය්‍යා අජ්ඣත්තං කෝපං න පාතුකරෝති නෝ අසන්තං, මය්හේවේතේ කම්මන්තා සුසංවිහිතා යේන මේ අය්‍යා සන්තංයේව අජ්ඣත්තං කෝපං න පාතුකරෝති නෝ අසන්තං; යංනූනාහං භිය්‍යෝසෝමත්තාය අය්‍යං වීමංසෙය්‍යන්ති අථ ඛෝ භික්ඛවේ කාළී දාසී දිවාතරංයේව උට්ඨාසි. අථ ඛෝ භික්ඛවේ වේදේහිකා ගහපතානී කාළිං දාසිං ඒතදවෝච: හේ ජේ කාළීති. ‘කිං අය්‍යේති? කිං ජේ දිවාතරං උට්ඨාසීති? න ඛෝ අය්‍යේ කිඤ්චීති. නෝ වත රේ කිඤ්චි පාපී දාසි දිවාතරං උට්ඨාසීති කුපිතා අනත්තමනා අග්ගළසූචිං ගහෙත්වා සීසේ පහාරං අදාසි. සීසං වෝභින්දි. අථ ඛෝ භික්ඛවේ කාළී දාසී භින්නේන සීසේන ලෝහිතේන ගලන්තේන පටිවිස්සකානං උජ්ඣාපේසි: ‘පස්සථය්‍යා, සෝරතාය කම්මං පස්සථය්‍යා, නිවාතාය කම්මං. පස්සථය්‍යා, උපසන්තාය කම්මං කථං හි නාම ඒකදාසිකාය ‘දිවා උට්ඨාසී’ති කුපිතා අනත්තමනා අග්ගළසූචිං ගහෙත්වා සීසේ පහාරං දස්සති, සීසං වෝභින්දිස්සතීති?

අථ ඛෝ භික්ඛවේ වේදේහිකාය ගහපතානියා අපරේන සමයේන ඒවං පාපකෝ කිත්තිසද්දෝ අබ්හුග්ගච්ඡි: චණ්ඩී වේදේහිකා ගහපතානී, අනිවාතා වේදේහිකා ගහපතානී, අනුපසන්තා වේදේහිකා ගහපතානීති.

පින්වත් මහණෙනි, වේදේහිකා ගෘහපතිනිය, කාළී දාසියගෙන් මෙහෙම ඇහුවා.

“ඒයි කෙල්ල කාළී”

“ඇයි ස්වාමිදියණියනි?”

“කෙල්ලෙ, උඹ මොකද අද ගොඩක් දවල් වෙලා නැගිට්ටෙ?”

“ස්වාමිදියණියනි, මොකවත් නෑ.”

“එහෙමද? එතකොට පාපී වැඩකාරී, උඹ ගොඩාක් දවල් වෙලා නැගිට්ටෙ මොකවත් නැතුව නේද?” කියල, කේන්ති ගත්තා, නොසතුටු වචන පිට කළා.

එතකොට පින්වත් මහණෙනි, කාළී දාසියට මෙහෙම හිතුනා. ‘හරි! මගේ ස්වාමිදියණිය තමා තුළ තිබෙන්නා වූ ම කෝපයයි පිට නොකර ඉන්නෙ. නොතිබෙන්නා වූ දෙයක් නොවෙයි. මම මේ හොඳට හොයල බලල වැඩපල කරන නිසයි මගේ ස්වාමිදියණිය තමා තුළ තිබෙන කෝපය මතු නොකරන්නෙ. නොතිබිලා නෙවෙයි. ඒ නිසා මම තවදුරටත් ස්වාමිදියණිය ගැන විමසල බලන එක තමයි හොඳ’ කියල.

පින්වත් මහණෙනි, ඉතින් ඒ කාළී දාසිය එදාත් හොඳට ම දවල් වෙනකල් නිදියගෙන ඉඳලයි නැඟිට්ටේ. එතකොට පින්වත් මහණෙනි, වේදේහිකා ගෘහණිය කාළී දාසියට මෙහෙම කිව්වා.

“ඒයි කෙල්ල කාළී”

“ඇයි ස්වාමිදියණියනි?”

“කෙල්ලෙ, මොකද උඹ අද හොඳට ම දවල් වෙනකල් ඉඳල නැගිට්ටෙ?“

“මොකවත් නෑ ස්වාමිදියණියනි”

“එහෙම ද පාපී වැඩකාරිය, උඹ මොකවත් නැතුවයි එහෙනම් හොඳට ම දවල් වෙනකල් බුදියගෙන ඉඳලා නැගිට්ටෙ නේ?” කියල කේන්ති ගත්තා, නොසතුටු සිත් ඇති කරගත්තා. අන්තිමේදී දොර පොල්ල අරගෙන දාසියගෙ ඔළුවට ගැහුවා, ඔළුව පැලුනා!

එතකොට පින්වත් මහණෙනි, ඒ කාළී දාසිය ඔළුව පැලිලා ලේ ගලද්දි, ගෙදරින් එළියට පැනල අහල පහළ උදවියට කෑගහල කිව්වා

“ස්වාමි දියණිවරුනේ! මෙන්න බලන්න! කීකරු තැනැත්තියගේ වැඩේ. ස්වාමිදියණිවරුනේ! මෙන්න බලන්න! යටහත් පැවතුම් ඇත්තියගේ වැඩේ. ස්වාමිදියණිවරුනේ! මෙන්න බලන්න! උපශාන්ත තැනැත්තියගේ වැඩේ. තමන්ගෙ එක ම දාසිය දවල් වෙලා නැගිට්ටා කියල කේන්ති ගිහින් අසතුටු වෙලා දොර පොල්ලෙන් ඔළුවට ගහල ඔළුව පලන්නෙ කොහොමද?” කියල.

එතකොට පින්වත් මහණෙනි, කලක් යනකොට වේදේහිකා ගෘහපතිනිය ගැන ලාමක අපකීර්තියක් පැතිරිලා ගියා. ‘වේදේහිකා ගෘහපතිනිය නපුරුයි. වේදේහිකා ගෘහපතිනිය දරුණුයි. වේදේහිකා ගෘහපතිනිය නොසන්සුන්’ කියල.

16. ඒවමේව ඛෝ භික්ඛවේ ඉධේකච්චෝ භික්ඛු තාවදේව සෝරතසෝරතෝ හෝති නිවාතනිවාතෝ හෝති උපසන්තූපසන්තෝ හෝති යාව න නං අමනාපා වචනපථා ඵුසන්ති. යතෝ ච ඛෝ භික්ඛවේ භික්ඛුං අමනාපා වචනපථා ඵුසන්ති, අථ භික්ඛු සෝරතෝ’ති වේදිතබ්බෝ නිවාතෝ’ති වේදිතබ්බෝ. උපසන්තෝති වේදිතබ්බෝ. නාහං තං භික්ඛවේ භික්ඛුං සුවචෝති වදාමි, යෝ චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරහේතු සුවචෝ හෝති. සෝවචස්සතං ආපජ්ජති. තං කිස්ස හේතු: තං හි සෝ භික්ඛවේ භික්ඛු චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරං අලභමානෝ න සුවචෝ හෝති. න සෝවචස්සතං ආපජ්ජති. යෝ ච ඛෝ භික්ඛවේ භික්ඛු ධම්මංයේව සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානෝ සුවචෝ හෝති සෝවචස්සතං ආපජ්ජති, තමහං සුවචෝති වදාමි. තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: ධම්මංයේව සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං අපචායමානා සුවචා භවිස්සාම, සෝවචස්සතං ආපජ්ජිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං.

ඔන්න ඔය විදිහම යි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් භික්ෂුවක් තුළ කීකරුකම තියෙන්නෙ, යටහත් පැවතුම් ඇතිකම තියෙන්නෙ, උපශාන්තකම තියෙන්නෙ, තමන් අකමැති වචන අහන්න නොලැබෙනකම් විතරයි. යම් දවසක ඒ භික්ෂුවට තමන් අකමැති වචන අහන්න ලැබෙන කොට තමයි ඒ භික්ෂුවගේ කීකරුකම බලන්න තියෙන්නෙ. යටහත් පැවතුම් බලන්න තියෙන්නෙ. උපශාන්තකම බලන්න තියෙන්නෙ.

පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත් හේත් ලැබෙන කොට විතරක් කීකරු වෙනවා නම් එකරුණින් ඒ භික්ෂුව කීකරුයි කියලා, කීකරු බවට පත්වෙනවා කියලා මම කියන්නෙ නෑ. ඇයි එහෙම මම නොකියන්නේ? පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත්හේත් නොලැබී ගියොත් අකීකරු වෙනවා, අකීකරු බවට පත්වෙනවා.

පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් ධර්මයට ම සත්කාර කරමින්, ධර්මයට ම ගෞරව කරමින්, ධර්මයට සැළකිලි දක්වමින් කීකරු වෙනවා නම්, කීකරු බවට පත්වෙනවා නම්, අන්න ඒ භික්ෂුවටයි මම කියන්නෙ කීකරුයි කියල, කීකරු බවට පත්වෙනවා කියලා. එමනිසා පින්වත් මහණෙනි, මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘ධර්මයට ම සත්කාර කරමින්, ධර්මයට ම ගෞරව කරමින්, ධර්මයට ම සැළකිලි දක්වමින් කීකරුව ඉන්නවා, කීකරු බවට පත්වෙනවා’ කියලා.

17. පඤ්චිමේ භික්ඛවේ වචනපථා යේහි වෝ පරේ වදමානා වදෙය්‍යුං: කාලේන වා අකාලේන වා, භූතේන වා අභූතේන වා, සණ්හේන වා ඵරුසේන වා, අත්ථසංහිතේන වා අනත්ථසංහිතේන වා, මෙත්තචිත්තා වා දෝසන්තරා වා. කාලේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අකාලේන වා. භූතේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අභූතේන වා. සණ්හේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං ඵරුසේන වා. අත්ථසංහිතේන වා භික්ඛවේ පරේ වදමානා, වදෙය්‍යුං අනත්ථසංහිතේන වා; මෙත්තචිත්තා වා භික්ඛවේ පරේ වදමානා. වදෙය්‍යුං දෝසන්තරා වා. තත්‍රාපි වෝ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: න චේව නෝ චිත්තං විපරිණතං භවිස්සති. න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම. හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දෝසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතේන චේතසා ඵරිත්වා විහරිස්සාම. තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං.

පින්වත් මහණෙනි, අනුන් විසින් ඔබට කියන වචන ක්‍රම පහකින් අසන්න ලැබෙනවා.

(1). කලටත්, අකලටත් අසන්න ලැබෙනවා.

(2). සත්‍ය වචනයෙනුත්, අසත්‍ය වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(3). මොළොක් වචනයෙනුත්, දරුණු වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(4). යහපත ඇති කරන වචනයෙනුත්, අයහපත ඇති කරන වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(5). මෙත් සිතින් යුතු වචනත්, ද්වේෂ සහගත වචනත් අසන්න ලැබෙනවා.

මෙසේ පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී කිවයුතු වෙලාවටත්, නොකිවයුතු වෙලාවටත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී සත්‍යයෙනුත්, අසත්‍යයෙනුත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී මොළොක් ලෙසත්, දරුණු ලෙසත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී යහපත පිණිසත්, අයහපත පිණිසත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී මෛත්‍රී සිතිනුත්, ද්වේෂ සිතිනුත් වචන කියාවි.

එතකොටත් පින්වත් මහණෙනි, ඔබ මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා’ කියල. ‘ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයට ම වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.

18. සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ ආගච්ඡෙය්‍ය කුදාලපිටකං ආදාය, සෝ ඒවං වදෙය්‍ය: අහං ඉමං මහාපථවිං අපථවිං කරිස්සාමීති, සෝ තත්‍ර තත්‍ර ඛණෙය්‍ය, තත්‍ර තත්‍ර විකිරෙය්‍ය, තත්‍ර තත්‍ර ඔට්ඨුභෙය්‍ය, තත්‍ර තත්‍ර ඕමුත්තෙය්‍ය: අපථවී භවසි අපථවී භවසීති. තං කිං මඤ්ඤථ භික්ඛවේ: අපි නු සෝ පුරිසෝ ඉමං මහාපථවිං අපථවියං කරෙය්‍යාති? ‘නෝ හේතං භන්තේ’. තං කිස්ස හේතු? අයං හි භන්තේ මහාපථවී ගම්භීරා අප්පමෙය්‍යා. සා න සුකරා අපථවිං කාතුං. යාවදේව ච පන සෝ පුරිසෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ පඤ්චිමේ වචනපථා, යේහි වෝ පරේ වදමානා වදෙය්‍යුං: කාලේන වා අකාලේන වා, භූතේන වා අභූතේන වා, සණ්හේන වා ඵරුසේන වා, අත්ථසංහිතේන වා අනත්ථසංහිතේන වා, මෙත්තචිත්තා වා දෝසන්තරා වා. කාලේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අකාලේන වා භූතේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අභූතේන වා. සණ්හේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං ඵරුසේන වා. අත්ථසංහිතේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අනත්ථසංහිතේන වා. මෙත්තචිත්තා වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං දෝසන්තරා වා. තත්‍රාපි වෝ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: න චේව නෝ චිත්තං විපරිණතං භවිස්සති. න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම. හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දෝසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතේන චේතසා ඵරිත්වා විහරිස්සාම තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං පථවිසමේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. ඔන්න එක පුරුෂයෙක් උදැල්ලකුයි, කූඩයකුයි අරගෙන එනවා කියල හිතමු. එයා මෙහෙම කියනවා. ‘මම මේ මහ පොළොව නොපොළොවක් බවට පත්කරනවා’ කියලා. එයා ඒ ඒ තැන හාරනවා. ඒ ඒ තැන පස් විසිරුවල දානවා. ඒ ඒ තැන කෙළ ගහනවා. එයා ඒ ඒ තැන මුත්‍රා කරනවා. ‘මේ පොළොව නැති වෙයං, පොළොව නැති වෙයං’ කියලා.

පින්වත් මහණෙනි, ඔබ මොකක්ද මේ ගැන හිතන්නෙ? අර මනුස්සයාට පුළුවන් ද, මේ මහ පොළොව, නොපොළොවක් කරන්න?”

“ස්වාමීනි, ඔහුට ඒක කරන්න බෑ.”

“ඇයි එහෙම කරන්න බැරි?”

“ස්වාමීනී, මේ මහ පොළොව ගැඹුරුයි. මැනලා ඉවර කරන්න බෑ. ඒ නිසා මහ පොළොව නොපොළොවක් කරන එක ලේසි වැඩක් නොවෙයි. එහෙම කරන්න ගියොත්, ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නෙ කලන්තෙ හැදිලා, වෙහෙසට පත්වෙන එක විතරයි.”

පින්වත් මහණෙනි, අනුන් විසින් ඔබට කියන වචන ක්‍රම පහකින් අසන්න ලැබෙනවා.

(1). කලටත්, අකලටත් අසන්න ලැබෙනවා.

(2). සත්‍ය වචනයෙනුත්, අසත්‍ය වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(3). මොළොක් වචනයෙනුත්, දරුණු වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(4). යහපත ඇතිකරන වචනයෙනුත්, අයහපත ඇතිකරන වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(5). මෙත් සිතින් යුතු වචනත්, ද්වේෂ සහගත වචනත් අසන්න ලැබෙනවා.

මෙසේ පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී කිවයුතු වෙලාවටත්, නොකිවයුතු වෙලාවටත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී සත්‍යයෙනුත්, අසත්‍යයෙනුත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී මොළොක් ලෙසත්, දරුණු ලෙසත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී යහපත පිණිසත්, අයහපත පිණිසත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී මෛත්‍රී සිතිනුත්, ද්වේෂ සිතිනුත් වචන කියාවි.

එතකොටත් පින්වත් මහණෙනි, ඔබ මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා’ කියල. ‘ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා. ඒ වගේ ම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයට ම පොළොව හා සමාන සිතින් වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.

19. සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ ආගච්ඡෙය්‍ය ලාඛං වා හලිද්දිං වා නීලං වා මඤ්ජිට්ඨං වා ආදාය. සෝ ඒවං වදෙය්‍ය: අහං ඉමස්මිං ආකාසේ රූපානි ලිඛිස්සාමි රූපපාතුභාවං කරිස්සාමීති. තං කිං මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ ඉමස්මිං ආකාසේ රූපානි ලිඛෙය්‍ය රූපපාතුභාවං කරෙය්‍යාති? ‘නෝ හේතං භන්තේ’ තං කිස්ස හේතු? ‘අයං හි භන්තේ ආකාසෝ අරූපී අනිදස්සනෝ. තත්ථ න සුකරං රූපං ලිඛිතුං රූපපාතුභාවං කාතුං. යාවදේව ච පන සෝ පුරිසෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ පඤ්චිමේ වචනපථා යේහි වෝ පරේ වදමානා වදෙය්‍යුං: කාලේන වා අකාලේන වා ….(පෙ)…. තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං ආකාසසමේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරිස්සාමා’ති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං.

එමෙන්ම පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. ඔන්න පුරුෂයෙක් එනවා කියල හිතමු. ඔහු එන්නේ කහ පාට හෝ නිල් පාට හෝ මදටිය පාට හෝ සායම් අරගෙන. ඉතින් ඔහු මෙහෙම කියනවා. ‘මං දැන් මේ ආකාසයේ පින්තූර අඳින්නයි හදන්නෙ. රූප පෙන්නන්නයි හදන්නෙ’ කියල.

පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද හිතන්නෙ? අර පුරුෂයාට පුළුවන් ද මේ ආකාසයේ පින්තූර අඳින්න? මේ ආකාසයේ පින්තූර ඇඳලා පෙන්නන්න?”

“ස්වාමීනී, ඔහුට ඒක කරන්න බෑ.”

“ඇයි එහෙම කරන්න බැරි?”

“ස්වාමීනී, මේ ආකාසය අරූපී දෙයක්. දැකගන්න බැරි දෙයක්. ඒ නිසා ආකාසයේ රූප අඳින එක, රූප ඇඳල පෙන්නන එක ලේසි වැඩක් නොවෙයි. ඒකෙන් සිද්ධ වෙන්නෙ ඒ මනුස්සයාට කලන්තෙ හැදෙන එක. වෙහෙසට පත්වෙන එක විතරයි.”

“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදියට ම යි ඔබට අනිත් උදවියගෙන් වචන අසන්න ලැබෙන ක්‍රම පහක් තියෙනවා.

කලටත්, අකලටත් ….(පෙ)…. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයට ම ආකාසය හා සමාන වූ සිතින් වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.

20 සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ ආගච්ඡෙය්‍ය ආදිත්තං තිණුක්කං ආදාය, සෝ ඒවං වදෙය්‍ය: අහං ඉමාය ආදිත්තාය තිණුක්කාය ගංගං නදිං සන්තාපෙස්සාමි සංපරිතාපෙස්සාමීති. තං කිං මඤ්ඤථ භික්ඛවේ: අපි නු සෝ පුරිසෝ ආදිත්තාය තිණුක්කාය ගංගං නදිං සන්තාපෙය්‍ය සංපරිතාපෙය්‍යාති? ‘නෝ හේතං භන්තේ’. තං කිස්ස හේතු? ‘ගංගා හි භන්තේ නදී ගම්භීරා අප්පමෙය්‍යා. සා න සුකරා ආදිත්තාය තිණුක්කාය සන්තාපේතුං සම්පරිතාපේතුං. යාවදේව ච පන සෝ පුරිසෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ පඤ්චිමේ වචනපථා, යේහි වෝ පරේ වදමානා වදෙය්‍යුං කාලේන වා අකාලේන වා ….(පෙ)…. තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං ගංගාසමේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං.

පින්වත් මහණෙනි, ඕක මෙන්න මේ වගේ දෙයක්. ඔන්න ඇවිලෙන හුළු අත්තක් අරගෙන මනුස්සයෙක් එනවා. ඉතින් ඔහු මෙහෙම කියනවා. ‘මං මේ ඇවිලෙන හුළුඅත්තෙන් ගංගා නදිය රත්කරනවා. හොඳට ම රත්කරනවා’ කියලා.

පින්වත් මහණෙනි, ඔබ මේ ගැන මොකක් ද හිතන්නෙ? ඒ මනුස්සයාට ඇවිලෙන හුළුඅත්තෙන් ගංගා නදිය රත්කරන්න පුළුවන්ද? හොඳට ම රත්කරන්න පුළුවන්ද?”

“ස්වාමීනී, ඔහුට ඒක කරන්න බෑ.”

“ඇයි ඔහුට ඒක කරන්න බැරි?”

“ස්වාමීනී, ගංගා නදිය කියන්නෙ ගැඹුරු එකක්. මැනල අවසන් කළ නොහැකි එකක්. ඉතින් ඇවිලුණු තණ හුලකින් ගංගා නදිය රත්කරන එක, හොඳට ම රත්කරන එක ලේසි වැඩක් නොවෙයි. ඒක කරන්න ගියොත් ඒ මනුස්සයාට කලන්තෙ හැදිල වෙහෙසට පත්වීම විතරයි සිද්ධ වෙන්නෙ.”

“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම යි ඔබට අනිත් උදවියගෙන් වචන අසන්න ලැබෙන ක්‍රම පහක් තියෙනවා.

කලටත්, අකලටත් ….(පෙ)…. ඒ වගේ ම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයට ම ගංගා නදිය හා සමාන වූ සිතින් වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.

21. සෙය්‍යථාපි භික්ඛවේ බිළාරභස්තා මද්දිතා සුමද්දිතා සුපරිමද්දිතා මුදුකා තූලිනි ඡින්නසස්සරා ඡින්නභබ්භරා. අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය කට්ඨං වා කථලං වා ආදාය, සෝ ඒවං වදෙය්‍ය: අහං ඉමං බිළාරභස්තං මද්දිතං සුමද්දිතං සුපරිමද්දිතං මුදුකං තූලිනිං, ඡින්නසස්සරං ඡින්නභබ්භරං කට්ඨේන වා කථලේන වා සරසරං කරිස්සාමි භරභරං කරිස්සාමීති.

පින්වත් මහණෙනි, මේක මෙන්න මේ වගේ දෙයක්. බළල් හමෙන් කරපු පසුම්බියක් තියෙනවා. ඒක හොඳට සිනිඳු කරලා තියෙන්නෙ. ගොඩාක් ම හොඳට සිනිඳු කරලා තියෙන්නෙ. හරි ම මෘදුයි. පුළුන් රොදක් වගේ. ‘සර සර’ ගාන සද්දෙ නෑ. ‘බර බර’ ගාන සද්දෙ නෑ. ඉතින්, පොල්ලක් හෝ ගලක් හෝ අරගෙන මිනිහෙක් එනවා. ඔහු මෙහෙම කියනවා. ‘බළල් හමෙන් කරපු මේ පසුම්බිය හොඳට සිනිඳු කරපු එකක් තමයි. ගොඩක් ම හොඳට සිනිඳු කරපු එකක් තමයි. මෘදු එකක් තමයි. පුළුන් රොදක් වගේ තමයි. ‘සර සර’ ගාන සද්දෙ නැහැ තමයි. ‘බර බර’ ගාන සද්දෙත් නැහැ තමයි. හැබැයි මට පුළුවනි මේ පොල්ලෙන් හරි මේ ගලෙන් හරි ‘සර සර’ ගාන සද්දෙ හදන්න. ‘බර බර’ ගාන සද්දෙ හදන්න’ කියලා.

22. තං කිං මඤ්ඤථ භික්ඛවේ, අපි නු සෝ පුරිසෝ අමුං බිළාරභස්තං මද්දිතං සුමද්දිතං සුපරිමද්දිතං මුදුකං තූලිනිං ඡින්නසස්සරං ඡින්නභබ්භරං කට්ඨේන වා කථලේන වා සරසරං කරෙය්‍ය භරභරං කරෙය්‍යාති? ‘නෝ හේතං භන්තේ’. තං කිස්ස හේතු? ‘අසු හි භන්තේ බිළාරභස්තා මද්දිතා සුමද්දිතා සුපරිමද්දිතා මුදුකා තූලිනි ඡින්නසස්සරා ඡින්නභබ්භරා, සා න සුකරා කට්ඨේන වා කඨලේන වා සරසරං කාතුං භරභරං කාතුං. යාවදේව ච පන සෝ පුරිසෝ කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ පඤ්චිමේ වචනපථා යේහි වෝ පරේ වදමානා වදෙය්‍යුං: කාලේන වා අකාලේන වා, භූතේන වා අභූතේන වා, සණ්හේන වා ඵරුසේන වා, අත්ථසංහිතේන වා අනත්ථසංහිතේන වා, මෙත්තචිත්තා වා දෝසන්තරා වා. කාලේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අකාලේන වා. භූතේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අභූතේන වා. අත්ථසංහිතේන වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං අනත්ථසංහිතේන වා. මෙත්තචිත්තා වා භික්ඛවේ පරේ වදමානා වදෙය්‍යුං දෝසන්තරා වා. තත්‍රාපි වෝ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: “න චේව නෝ චිත්තං විපරිණතං භවිස්සති. න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම. හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දෝසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතේන චේතසා ඵරිත්වා විහරිස්සාම. තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං බිළාරභස්තාසමේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරිස්සාමා”ති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං.

පින්වත් මහණෙනි, ඔබ ඒ ගැන හිතන්නෙ මොකක්ද? ඒ මනුස්සයාට ‘සර සර’ ගාන සද්දෙ නැති, ‘බර බර’ ගාන සද්දෙ නැති, පුළුන් රොදක් වගේ මෘදු වෙච්ච, හොඳට සිනිඳු කරපු, හොඳට ම සිනිඳු කරපු, බළල් හමෙන් කළ පසුම්බියට පොල්ලෙන් හරි ගලෙන් හරි ගහලා ‘සර සර’ ගාන සද්දෙ ඇතිකරන්න, ‘බර බර’ ගාන සද්දෙ ඇතිකරන්න පුළුවන්ද?”

“ස්වාමීනී, ඒ මනුස්සයාට ඒක කරන්න බෑ.”

“ඇයි ඒක කරන්න බැරි?”

“ස්වාමීනී, බළල් හමෙන් කරපු ඒ පසුම්බිය හොඳට ම සිනිඳු කරලා තියෙන නිසයි. ගොඩාක් හොඳට සිනිඳු කරල තියෙන නිසයි. පුළුන් රොදක් වගේ නිසයි. ‘සර සර’ ගාන සද්දෙ නැති නිසයි. ‘බර බර’ ගාන සද්දෙ නැති නිසයි. ඒ නිසා ඒ මනුස්සයාට පොල්ලකින් හරි ගලකින් හරි ගහලා ඒ පසුම්බිය ‘සර සර’ ගාන විදිහට හදන්න, ‘බර බර’ ගාන විදිහට හදන්න ලේසි නෑ. එහෙම කරන්න ගියොත් ඒ මනුස්සයාට සිද්ධ වෙන්නෙ කලන්තෙ හැදෙන එක, වෙහෙසට පත්වෙන එක විතරයි.”

“පින්වත් මහණෙනි, ඔය විදිහටමයි අනුන් විසින් ඔබට කියන වචන ක්‍රම පහකින් අසන්න ලැබෙනවා.

(1). කලටත්, අකලටත් අසන්න ලැබෙනවා.

(2). සත්‍ය වචනයෙනුත්, අසත්‍ය වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(3). මොළොක් වචනයෙනුත්, දරුණු වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(4). යහපත ඇතිකරන වචනයෙනුත්, අයහපත ඇතිකරන වචනයෙනුත් අසන්න ලැබෙනවා.

(5). මෙත් සිතින් යුතු වචනත්, ද්වේෂ සහගත වචනත් අසන්න ලැබෙනවා.

මෙසේ පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී කිවයුතු වෙලාවටත්, නොකිවයුතු වෙලාවටත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී සත්‍යයෙනුත්, අසත්‍යයෙනුත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී මොළොක් ලෙසත්, දරුණු ලෙසත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී යහපත පිණිසත්, අයහපත පිණිසත් වචන කියාවි. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී මෛත්‍රී සිතිනුත්, ද්වේෂ සිතිනුත් වචන කියාවි.

එතකොටත් පින්වත් මහණෙනි, ඔබ මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියල. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයට ම බළල් හමෙන් කරපු පසුම්බිය හා සමාන වූ සිතින් වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.

23. උභතෝදණ්ඩකේන පි චේ භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඕකන්තෙය්‍යුං, තත්‍රාපි යෝ මනෝ පදූසෙය්‍ය, න මේ සෝ තේන සාසනකරෝ. තත්‍රාපි වෝ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: “න චේව නෝ චිත්තං විපරිණතං භවිස්සති. න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම. හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දෝසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතේන චේතසා ඵරිත්වා විහරිස්සාම. තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරිස්සාමා”ති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං.

පින්වත් මහණෙනි, නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම්, එවැනි අවස්ථාවක පවා යමෙක් සිත කිලිටි කරගත්තොත්, එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නොවෙයි. එවැනි අවස්ථාවක වුනත් පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ මෙන්න මේ විදිහටයි. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියල. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා. ඒ වගේ ම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයට ම වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි.

24. ඉමඤ්ච තුම්හේ භික්ඛවේ කකචූපමං ඕවාදං අභික්ඛණං මනසිකරෙය්‍යාථ. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ තං වචනපථං අණුං වා ථූලං වා යං තුම්හේ නාධිවාසෙය්‍යථාති? ‘නෝ හේතං භන්තේ’. තස්මාතිහ භික්ඛවේ ඉමං කකචූපමං ඕවාදං අභික්ඛණං මනසිකරෝථ. තං වෝ භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති.

පින්වත් මහණෙනි, ඔබ විසින් මම මේ කියත උපමා කරගෙන කරපු අවවාදය ගැන නිතර සිහි කළොත්, පින්වත් මහණෙනි, යම් වචනයක් අහලා ඔබට ඉවසගන්න බැරිවෙනවා නම්, එබඳු වූ ස්වල්ප වචනයක් හෝ ගොඩාක් වචන හෝ තියේවි කියලා ඔබට දකින්න පුළුවන්ද?”

“ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ.”

“අන්න ඒ නිසා පින්වත් මහණෙනි, කියත උපමා කරගෙන මේ කියා දුන් අවවාදය ගැන නිරන්තරයෙන් ම සිහිපත් කරන්න. එය ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවි.”

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළා. ඒ භික්ෂු පිරිස ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මය සාදු නාද නංවමින් සතුටු සිතින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

කකචූපමසුත්තං පඨමං.

කියත උපමා කොට වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M