මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.2.2. මහාසීහනාද සුත්තං

1.2.2. සිංහයෙකුගේ නාදයක් බඳු වූ විස්තරාත්මක දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා වේසාලියං විහරති බහිනගරේ අවරපුරේ වනසණ්ඩේ. තේන ඛෝ පන සමයේන සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ අචිරපක්කන්තෝ හෝති ඉමස්මා ධම්මවිනයා. සෝ වේසාලියං පරිසතිං ඒවං වාචං භාසති. “නත්ථි සමණස්ස ගෝතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ. තක්කපරියාහතං සමණෝ ගෝතමෝ ධම්මං දෙසේති වීමංසානුචරිතං සයම්පටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මේා් දෙසිතෝ, සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. විශාලා මහනුවරට ආසන්නයේ ‘බහි’ කියල නගරයක් තියෙනවා. ඒ නගරයට බටහිර පැත්තට වෙන්නට වනාන්තරයක් තිබුනා. අන්න ඒ වනාන්තරේ තමයි ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ. ඔය දවස් වන විට සුනක්ඛත්ත කියන ලිච්ඡවි කුමාරයා මේ බුද්ධ ශාසනයේ මහණ වෙලා ඉඳලා, සිවුරු ඇරල ගිහිල්ල ටික කලක් වෙනවා. දැන් ඔහු විශාලා මහනුවරට ඇවිත් පිරිස් මැද්දෙ මෙන්න මේ විදිහට කියන්න පටන් අරන්.

“ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂී අමුතු ඥානයක් නෑ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්නත් දන්නවා. හරි නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒවා පාවිච්චි කරල තමයි ඔහු ධර්මය දේශනා කරන්නේ. ඒත් හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා. ඒ කිව්වෙ, ඔහු යම් ඉලක්කයක් පිණිස ධර්මය දේශනා කළා නම් කවුරු හෝ වේවා ඒ ධර්මය ඔහු කියා දුන් විදිහට අනුගමනය කළොත්, එයාට දුකින් නිදහස් වෙන්න නම් පුළුවනි” කියලා.

2. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය වේසාලිං පිණ්ඩාය පාවිසි. අස්සෝසි ඛෝ ආයස්මා සාරිපුත්තෝ සුනක්ඛත්තස්ස ලිච්ඡවිපුත්තස්ස වේසාලියං පරිසති ඒවං වාචං භාසමානස්ස: “නත්ථි සමණස්ස ගෝතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ. තක්කපරියාහතං සමණෝ ගෝතමෝ ධම්මං දේසේති වීමංසානුචරිතං සයම්පටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මේා් දෙසිතෝ, සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති.

එදා උදේ වරුවේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සිවුරු පොරවා ගෙන, පාත්තරෙත්, සිවුරුත් අරගෙන විශාලා මහනුවර පිණ්ඩපාතෙ වැඩියා. ඒ වෙලාවෙ දී ත් මේ සුනක්ඛත්ත කියන ලිච්ඡවී පුත්‍රයා විශාලා මහනුවර මහ සෙනඟ මැද්දෙ මේ විදිහට කිය කියා හිටියා. “ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂී අමුතු ඥානයක් නෑ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්නත් දන්නවා. හරි නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒවා පාවිච්චි කරල තමයි ඔහු ධර්මය දේශනා කරන්නේ. ඒත් හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා. ඒ කිව්වෙ, ඔහු යම් ඉලක්කයක් පිණිස ධර්මය දේශනා කළා නම් කවුරු හෝ වේවා ඒ ධර්මය ඔහු කියා දුන් විදිහට අනුගමනය කළොත්, එයාට දුකින් නිදහස් වෙන්න නම් පුළුවනි” කියල. ඉතින් ඔන්න ඔය කතාව ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට අහන්න ලැබුනා.

3. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ වේසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: සුනක්ඛත්තෝ භන්තේ ලිච්ඡවිපුත්තෝ අචිරපක්කන්තෝ ඉමස්මා ධම්මවිනයා. සෝ වේසාලියං පරිසතිං ඒවං වාචං භාසති. “නත්ථි සමණස්ස ගෝතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ. තක්කපරියාහතං සමණෝ ගෝතමෝ ධම්මං දෙසේති වීමංසානුචරිතං සයම්පටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මේා් දෙසිතෝ, සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති.

ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ විශාලා මහනුවර පිණ්ඩපාතෙ කරගෙන දන් වළඳලා, හවස් වරුවෙ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල පැත්තකින් වාඩි වුනා. ඊට පස්සෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මේ සාසනේ මහණ වෙලා හිටපු අර සුනක්ඛත්ත කියන ලිච්ඡවී පුත්‍රයා දැන් සිවුරු ඇර ගිහින් ටික දවසක් වෙනවා නෙව. ඉතින් දැන් ඒ පුද්ගලයා විශාලා මහනුවර මහසෙනඟ මැද්දෙ මෙන්න මේ විදිහට කියන්න පටන් අරන්. ‘ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂී අමුතු ඥානයක් නෑ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්නත් දන්නවා. හරි නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒවා පාවිච්චි කරල තමයි ඔහු ධර්මය දේශනා කරන්නේ. ඒත් හැබැයි මෙහෙම දෙයක් නම් තියෙනවා. ඒ කිව්වෙ, ඔහු යම් ඉලක්කයක් පිණිස ධර්මය දේශනා කළා නම් කවුරු හෝ වේවා ඒ ධර්මය ඔහු කියා දුන් විදිහට අනුගමනය කළොත්, එයාට දුකින් නිදහස් වෙන්න නම් පුළුවනි’ කියලා.”

4. කෝධනෝ සාරිපුත්ත සුනක්ඛත්තෝ මෝඝපුරිසෝ. කෝධා ච පනස්ස ඒසා වාචා භාසිතා. ‘අවණ්ණං භාසිස්සාමී’ති. සෝ සාරිපුත්ත සුනක්ඛත්තෝ මෝඝපුරිසෝ වණ්ණංයේව තථාගතස්ස භාසති . වණ්ණෝ හේසෝ සාරිපුත්ත තථාගතස්ස, යෝ ඒවං වදෙය්‍ය: ‘යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මෝ දෙසිතෝ, සෝ නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති.

“පින්වත් සාරිපුත්ත, ඔය සුනක්ඛත්ත කියන හිස් පුද්ගලයා ක්‍රෝධ කරන කෙනෙක්. ඔය කතාව කියන්නෙත් ක්‍රෝධයෙන් ම යි. පින්වත් සාරිපුත්ත, ඔය සුනක්ඛත්ත කියන හිස් පුද්ගලයා ‘තථාගතයන් හට නින්දා කරන්න ඕන’ කියල හිතාගෙන කරන ඔය කතාවෙන් තථාගතයන් වහන්සේ ගැන වර්ණනාවක් ම යි කරන්නේ. පින්වත් සාරිපුත්ත, කවුරු හරි මෙහෙම කිව්වොත්, ‘තථාගතයන් වහන්සේ යම් ඉලක්කයක් පිණිස ධර්මය දේශනා කළා නම් කවුරු හෝ වේවා ඒ ධර්මය තථාගතයන් වහන්සේ කියා දුන් විදිහට අනුගමනය කළොත්, එයාට දුකින් නිදහස් වෙන්න නම් පුළුවනි’ කියල, ඒක තථාගතයන් වහන්සේට කරන වර්ණනාවක්.

5. අයම්පි හි නාම සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මන්වයෝ න භවිස්සති: “ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධෝ භගවා”ති.

පින්වත් සාරිපුත්ත, ඔය සුනක්ඛත්ත කියන හිස් පුද්ගලයාට මා තුළ තියෙන මේ ගුණධර්ම සමූහය ගැන අවබෝධයක් හෙවත් ධර්මාන්වයක් ඇති කරගන්න බැරි වුනා නෙව. ඒ කියන්නෙ ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්, සම්මාසම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි, සුගතයි, උතුම් වූ ලෝකවිදූ ගුණයෙන් යුක්තයි, අනුත්තරෝ පුරිසදම්ම සාරථීයි, දෙව් මිනිසුන්ටත් ශාස්තෘන් වහන්සේයි, බුද්ධයි, භගවත්’ය කියල.

6. අයම්පි හි නාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මන්වයෝ න භවිස්සති: “ඉතිපි සෝ භගවා අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝති ඒකෝපි හුත්වා බහුධා හෝති. බහුධාපි හුත්වා ඒකෝ හෝති. ආවිභාවං තිරෝභාවං තිරෝකුට්ටං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති. සෙය්‍යථාපි ආකාසේ. පඨවියම්පි උම්මුජ්ජනිමුජ්ජං කරෝති. සෙය්‍යථාපි උදකේ. උදකේපි අභිජ්ජමානේ ගච්ඡති සෙය්‍යථාපි පඨවියං. ආකාසේපි පල්ලංකේන කමති සෙය්‍යථාපි පක්ඛී සකුණෝ. ඉමේපි චන්දිමසූරියේ ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තේතී”ති.

ඒ වගේ ම පින්වත් සාරිපුත්ත, ඔය සුනක්ඛත්ත කියන හිස් පුද්ගලයාට මා තුළ තියෙන මේ ගුණධර්මත් හඳුනාගන්න බැරි වුනා නෙව. ඒ කියන්නෙ ‘ඒ භාග්‍යවතුන් වහන්සේට නොයෙක් ආකාරයේ ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්නත් පුළුවනි. තනි කෙනෙක් හැටියට ඉඳගෙන, බොහෝ දෙනෙක් වගේ පෙනී ඉන්නත් පුළුවනි. බොහෝ දෙනෙක් වගේ ඉඳගෙන, තනි කෙනෙක් වගේ පෙනී සිටින්නත් පුළුවනි. නොපෙනී ඉඳල පෙනී ඉන්නත් පුළුවනි. පෙනී ඉඳල නොපෙනී සිටින්නත් පුළුවනි. කිසි බාධාවක් නැතුව බිත්තිවලින් එහා පැත්තට, ප්‍රාකාරවලින් එහා පැත්තට, පර්වතවලින් එහා පැත්තට යන්නත් පුළුවනි. හරියට ආකාසේ යනවා වගේ. මහ පොළොවේ කිමිදෙන්නත්, උඩට මතු වෙන්නත් පුළුවනි. හරියට ජලාශයක කිමිදෙනවා වගේ. පළඟක් බැඳගෙන අහසින් යන්නත් පුළුවනි. හරියට කුරුල්ලෙක් යනවා වගේ. කොටින් ම මේ සා මහා බල සම්පන්න හිරු සඳු දෙකත් අතින් පිරිමදින්න පුළුවනි. බඹලොව දක්වා ම හිතු මනාපෙට ඕන දෙයක් කරන්නත් පුළුවනි’ කියලා.

7. අයම්පි හි නාම සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මන්වයෝ න භවිස්සති: “ඉතිපි සෝ භගවා දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභෝ සද්දේ සුණාති දිබ්බේ ච මානුසේ ච යේ දූරේ සන්තිකේ චා”ති.

පින්වත් සාරිපුත්ත, ඔය සුනක්ඛත්ත කියන හිස් පුද්ගලයාට මා තුළ තියෙන මේ ගුණ ධර්මයත් තේරුම් ගන්න බැරි වුනා නෙව. ඒ කියන්නෙ, ‘ඒ භාග්‍යවතුන් වහන්සේට දිව්‍ය කන් තියෙනවා. ඒක මිනිස් හැකියාව ඉක්මවා ගිය එකක්. ඒ දිව්‍ය කනෙන් උන්වහන්සේට දුර හෝ වේවා, ළඟ හෝ වේවා, දෙවියන්ගේ හෝ වේවා, මනුස්සයන්ගේ හෝ වේවා යම් කතා බහක් ඇද්ද, එය අහන්නත් පුළුවනි’ කියල.

8. අයම්පි හි නාම සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මෝඝපුරිසස්ස මයි ධම්මන්වයෝ න භවිස්සති: “ඉතිපි සෝ භගවා පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති”.

පින්වත් සාරිපුත්ත, ඔය සුනක්ඛත්ත කියන හිස් පුද්ගලයාට මා තුළ තියෙන මේ ගුණධර්මයත් අවබෝධ කරගන්න බැරි වුනා නෙව. ඒ කියන්නෙ ‘ඒ භාග්‍යවතුන් වහන්සේට ඕනෑ ම සත්වයෙකුගේ, ඕනෑම පුද්ගලයකුගේ සිත ගැන තම සිතින් දැනගන්න පුළුවන්’ කියලා. ඒ කියන්නේ රාග සිතක් නම් තියෙන්නෙ රාග සිතක් ය කියල දැනගන්නවා. වීතරාගී සිතක් නම් තියෙන්නෙ, වීතරාගී සිතක් ය කියල දැනගන්නවා. ද්වේෂ සිතක් නම් තියෙන්නෙ, ද්වේෂ සිතක් ය කියල දැනගන්නවා. ද්වේෂ රහිත සිතක් නම් තියෙන්නේ, ද්වේෂ රහිත සිතක් ය කියල දැනගන්නවා. මෝහ සිතක් නම් තියෙන්නෙ, මෝහ සිතක් ය කියල දැනගන්නවා. මෝහ රහිත සිතක් නම් තියෙන්නෙ, මෝහ රහිත සිතක් ය කියල දැනගන්නවා. හැකිලුන සිතක් නම් තියෙන්නෙ, හැකිලුන සිතක් ය කියල දැනගන්නවා. විසිරුණු සිතක් නම් තියෙන්නෙ, විසිරුණු සිතක් ය කියල දැනගන්නවා. ධ්‍යාන සහිත සිතක් නම් තියෙන්නෙ, ධ්‍යාන සහිත සිතක් ය කියල දැනගන්නවා. ධ්‍යාන රහිත සිතක් නම් තියෙන්නෙ, ධ්‍යාන රහිත සිතක් ය කියල දැනගන්නවා. ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිතක් නම් තියෙන්නෙ, ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිතක් ය කියල දැනගන්නවා. සමාධියෙන් උසස් බවට පත් වූ සිතක් නම් තියෙන්නෙ, සමාධියෙන් උසස් බවට පත් වූ සිතක් ය කියල දැනගන්නවා. සමාධිගත සිතක් නම් තියෙන්නෙ, සමාධිගත සිතක් ය කියල දැනගන්නවා. එකඟ නැති සිතක් නම් තියෙන්නෙ, එකඟ නැති සිතක් ය කියල දැනගන්නවා. කෙලෙස් වලින් නිදහස් වූ සිතක් නම් තියෙන්නෙ, කෙලෙස් වලින් නිදහස් වූ සිතක් කියල දැනගන්නවා. කෙලෙස්වලින් නිදහස් නොවූ සිතක් නම් තියෙන්නෙ, කෙලෙස්වලින් නිදහස් නොවූ සිතක් ය කියල දැනගන්නවා’ කියල.

9. දස ඛෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති. කතමානි දස? ඉධ සාරිපුත්ත, තථාගතෝ ඨානඤ්ච ඨානතෝ අට්ඨානඤ්ච අට්ඨානතෝ යථාහූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතෝ ඨානඤ්ච ඨානතෝ අට්ඨානඤ්ච අට්ඨානතෝ යථාහූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති.

පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේට මෙන්න මේ තථාගත බල දහය තියෙනවා. තථාගතයන් වහන්සේ ඔය දස තථාගත බලයන්ගෙන් යුක්තවයි ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. ඔය බලයන්ගෙන් යුක්තව ම යි උතුම් ධර්මචක්‍රය පවත්වන්නෙ. මොනවද ඒ බල දහය?

(1). පින්වත් සාරිපුත්ත, මෙහිලා තථාගතයන් වහන්සේ සිද්ධ වෙන්න පුළුවන් දේ සිද්ධ වෙන්න පුළුවන් දේ හැටියටත්, සිද්ධ වෙන්න බැරි දේ සිද්ධ වෙන්න බැරි දේ හැටියටත් ඒ ආකාරයෙන් ම යථාර්ථයක් හැටියට ම අවබෝධ කරලයි ඉන්නෙ. ඉතින් පින්වත් සාරිපුත්ත, සිද්ධ වෙන්න පුළුවන් දේ සිද්ධ වෙන්න පුළුවන් දේ හැටියටත්, සිද්ධ වෙන්න බැරි දේ සිද්ධ වෙන්න බැරි දේ හැටියටත් තථාගතයන් වහන්සේ තුළ, ඒ ආකාරයෙන් ම යථාර්ථයෙන් ම ඇති වූ යම් අවබෝධයක් තියෙනවා ද, පින්වත් සාරිපුත්ත, අන්න ඒ අවබෝධයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

10. පුන ච පරං සාරිපුත්ත තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාහූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාහූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

(2). පින්වත් සාරිපුත්ත, මෙන්න මේක තමයි ඊළඟ තථාගත බලය. පින්වත් සාරිපුත්ත, අතීත – අනාගත – වර්තමාන කාලයන්ට අයත්ව කෙරෙන කර්මයන්ට ලැබෙන විපාක ගැන හේතු වශයෙනුත්, තැන් වශයෙනුත් ඒ ආකාරයට ම යථාර්ථයක් හැටියට ම අවබෝධයක් තථාගතයන් වහන්සේට තියෙනවා. පින්වත් සාරිපුත්ත, අතීත – අනාගත – වර්තමාන කාලයන්ට අයත්ව කෙරෙන කර්මයන්ට ලැබෙන විපාක ගැන හේතු වශයෙනුත්, තැන් වශයෙනුත් ඒ ආකාරයෙන් ම තථාගතයන් වහන්සේ තුළ යම් අවබෝධයක් ඇද්ද, පින්වත් සාරිපුත්ත, අන්න ඒ අවබෝධයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

11. පුන ච පරං සාරිපුත්ත, තථාගතෝ සබ්බත්ථගාමිනිං පටිපදං යථාහූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතෝ සබ්බත්ථගාමිනිං පටිපදං යථාහූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

(3). පින්වත් සාරිපුත්ත, ඊළඟට තවත් තථාගත බලයක් තියෙනවා. ඕනෑ ම ආකාරයේ උපතක් කරා යෑමට හේතු වන සෑම වැඩපිළිවෙලක් ගැන ම තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඉතින් පින්වත් සාරිපුත්ත, ඕනෑම ආකාරයේ උපතක් කරා යෑමට හේතු වන ඒ සියලු වැඩපිළිවෙලවල් ගැන තථාගතයන් වහන්සේ තුළ යම් අවබෝධයක් ඇද්ද, පින්වත් සාරිපුත්ත, අන්න ඒ අවබෝධයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

12. පුන ච පරං සාරිපුත්ත, තථාගතෝ අනේකධාතුනානාධාතුලෝකං යථාහූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතෝ අනේකධාතුනානාධාතුලෝකං යථාහූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

(4). පින්වත් සාරිපුත්ත, ඊළඟට තවත් තථාගත බලයක් තියෙනවා. නොයෙක් ස්වභාවයෙන් යුතු, විවිධාකාර ස්වභාවයෙන් යුතු මේ ලෝකය ගැන තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඉතින් පින්වත් සාරිපුත්ත, නොයෙක් ස්වභාවයෙන් යුතු, විවිධාකාර ස්වභාවයෙන් යුතු මේ ලෝකය ගැන තථාගතයන් වහන්සේ තුළ යම් අවබෝධයක් ඇද්ද, පින්වත් සාරිපුත්ත, අන්න ඒ අවබෝධයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

13. පුන ච පරං සාරිපුත්ත, තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාහූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාහූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

(5). පින්වත් සාරිපුත්ත, ඊළඟට තවත් තථාගත බලයක් තියෙනවා. නොයෙක් ආකාරයේ ජීවිතවලට මේ සත්වයන් සකස් වෙවී යන ආකාරය ගැන තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඉතින් පින්වත් සාරිපුත්ත, නොයෙක් ආකාරයේ ජීවිතවලට මේ සත්වයන් සකස් වෙවී යන ආකාරය ගැන තථාගතයන් වහන්සේට යම් අවබෝධයක් ඇද්ද, පින්වත් සාරිපුත්ත, අන්න ඒ අවබෝධයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

14. පුන ච පරං සාරිපුත්ත, තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාහූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාහූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති.

(6). පින්වත් සාරිපුත්ත, ඊළඟට තවත් තථාගත බලයක් තියෙනවා. ඕනෑ ම සත්වයෙකුගේ, ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතාභ්‍යන්තරයේ සැඟවී තියෙන හැබෑම හැකියාව දියුණු වෙන හැටිත්, පිරිහෙන හැටිත් ගැන තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඉතින් පින්වත් සාරිපුත්ත, ඕනෑම සත්වයෙකුගේ, ඕනෑම පුද්ගලයෙකු ගේ ජීවිතාභ්‍යන්තරයේ සැඟවී තියෙන හැබෑම හැකියාව දියුණු වෙන හැටිත්, පිරිහෙන හැටිත් ගැන තථාගතයන් වහන්සේට යම් පරිපූර්ණ අවබෝධයක් ඇද්ද, පින්වත් සාරිපුත්ත, අන්න ඒ අවබෝධයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද්දෙ සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

15. පුන ච පරං සාරිපුත්ත, තථාගතෝ ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ඨානං යථාහූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතෝ ඣානවිමෝක්ඛසමාධිසමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ඨානං යථාහූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

(7). පින්වත් සාරිපුත්ත, ඊළඟට තවත් තථාගත බලයක් තියෙනවා. ධ්‍යාන ගැන, හිත කෙලෙස්වලින් නිදහස් කරගන්න ක්‍රම ගැන, සමාධි ගැන, සමාපත්ති ගැන, ඒවා පිරිහෙන්නෙ කොහොමද කියන එක ගැන, ඒවා පිරිසිදු කරගන්නෙ කොහොමද කියන එක ගැන, ඒ සමාපත්තිවලින් නැගී සිටීම ගැන පරිපූර්ණ අවබෝධයක් තථාගතයන් වහන්සේට තියෙනවා. ඉතින් පින්වත් සාරිපුත්ත, ධ්‍යාන ගැන, හිත කෙලෙස්වලින් නිදහස් කරගන්න ක්‍රම ගැන, සමාධි ගැන, සමාපත්ති ගැන, ඒවා පිරිහෙන්නේ කොහොමද කියන එක ගැන, ඒවා පිරිසිදු කරගන්නෙ කොහොමද කියන එක ගැන, ඒ සමාපත්ති වලින් නැගී සිටීම ගැන, තථාගතයන් වහන්සේ තුළ යම් අවබෝධයක් ඇද්ද, පින්වත් සාරිපුත්ත, අන්න ඒ අවබෝධයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

16. පුන ච පරං සාරිපුත්ත, තථාගතෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පඤ්චපි ජාතියෝ දසපි ජාතියෝ වීසම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාලරීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනේකේපි සංවට්ටකප්පේ අනේකේපි විවට්ටකප්පේ අනේකේපි සංවට්ටවිවට්ටකප්පේ, “අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවෙදී ඒවමායුපරියන්තෝ, සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගෝත්තෝ ඒවංවණ්ණෝ එවමාහාරෝ ඒවංසුඛදුක්ඛප්පටිසංවෙදී ඒවමායුපරියන්තෝ: සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ”ති. ඉති සාකාරං සඋද්දෙසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. යම්පි සාරිපුත්ත, තථාගතෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ…පෙ…. ඉති සාකාරං සඋද්දෙසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හෝති, යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

(8). පින්වත් සාරිපුත්ත, ඊළඟට තවත් තථාගත බලයක් තියෙනවා. තමන් කලින් ගත කළ අනේක වූ ජීවිත ගැන තථාගතයන් වහන්සේට කැමති තරමක් සිහි කරන්න පුළුවනි. ඒ කියන්නෙ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සීයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක් වුනත් සිහිකරන්න පුළුවනි. නොයෙක් ආකාරයෙන් නැසී යන කල්පයන්, නොයෙක් ආකාරයෙන් සකස් වෙවී යන කල්පයන්, නොයෙක් ආකාරයෙන් සකස් වෙවී නැසී යන කල්පයන් ගැන සිහි කරන්න පුළුවනි. “ඒ කාලෙ මෙන්න මේකයි මගේ නම. මෙන්න මේ ගෝත්‍රයේ තමයි මං ඉපදුනේ. මගේ හැඩරුව මෙන්න මේ වගෙයි. මේවා තමයි මම කෑවේ බීවෙ. මේ විදිහටයි මම සැප දුක් වින්දෙ. මෙන්න මේ විදිහටයි මං මැරිල ගියේ. ඉතින් මං එතනින් චුත වෙලා, අසවල් තැන උපන්නා. එහිදී මට ලැබුනෙ මෙන්න මේ නම. මං ඉපදුනේ මේ වංශෙ. මගෙ හැඩරුව මෙන්න මේ වගේ. මං කෑවෙ බිව්වෙ මේවා. මං සැප දුක් වින්දෙ මේ විදිහට. මේ විදිහට තමයි මම මැරිල ගියේ. ඉතින්, මම එතනින් චුත වෙලා අසවල් තැන උපන්නා” කියල. ඔන්න ඔය විදිහට, හොඳ හැටියට විස්තර ඇතිව, තථාගතයන් වහන්සේට පුළුවනි කැමතිතරම් කාලයක් තමන් ගතකරපු අනේක ජීවිත ගැන ආපස්සට සිහි කරන්න. ඉතින් පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේට කැමති කරම් කාලයක් තමන් ගතකරපු ජීවිත ගැන ආපස්සට සිහි කරන්න පුළුවනි. ඒ කියන්නෙ එක ජීවිතයක්. ජීවිත දෙකක් ….(පෙ)…. සිහිකරන්න පුළුවනි. ඔය විදිහට හොඳ හැටියට විස්තර ඇතිව කැමති තරම් කාලයක් තමන් ගතකරපු ජීවිත ගැන ආපස්සට සිහිකරන්න පුළුවන්කමක් ඇද්ද, පින්වත් සාරිපුත්ත, අන්න ඒ සිහිකිරීමත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද්දෙ සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

17. පුන ච පරං සාරිපුත්ත, තථාගතෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති. චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ. යථාකම්මූපගේ සත්තේ පජානාති: “ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා”ති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ. යථාකම්මූපගේ සත්තේ පජානාති. යම්පි සාරිපුත්ත තථාගතෝ …පෙ… යථාකම්මූපගේ සත්තේ පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හෝති. යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

(9). පින්වත් සාරිපුත්ත, ඊළඟට තවත් තථාගත බලයක් තියෙනවා. තථාගතයන් වහන්සේට දිවැස් තියෙනවා. ඒක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය ඉතාම පිරිසිදු එකක්. අන්න ඒ දිවැසින් සත්වයන් දකින්න පුළුවනි. චුත වෙන හැටි, ආයෙමත් උපදින හැටි, පහත් උපතක් කරා යන හැටි, උසස් උපතක් කරා යන හැටි, ලස්සන කැත, සුගති දුගති වලට යන හැටිත් දකින්න පුළුවනි. කර්මානුරූපව මේ සත්වයන් උපදින හැටිත් දකින්න පුළුවනි. ඒ කියන්නෙ මෙන්න මේ විදිහට. “අනේ මේ භවත් සත්වයන් කයින් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, සිතින් වැරදි කරලා, ආර්ය උපවාද කර්ම කරලා, මිථ්‍යා දෘෂ්ටික ආගම් අදහලා, මිථ්‍යා දෘෂ්ටික විදිහට ජීවත් වෙලා ඒ උදවිය මැරුණට පස්සේ අපාය නම් වූ, දුගතිය නම් වූ, සැප නැති නිරයේ තමයි උපදින්නෙ. නමුත් මේ භවත් සත්වයන් නම් කයින් යහපත කරලා, වචනයෙන් යහපත කරලා, සිතින් යහපත කරලා, ආර්ය උපවාද කර්ම කරන්නෙ නැතිව, සම්මා දිට්ඨියෙන් යුතුව ජීවත් වෙලා මරණයට පත්වුනාට පස්සෙ සුගතිය කියන ස්වර්ග ලෝකෙ උපදිනවා” කියල. මේ විදිහට සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය ඉතා පිරිසිදු දිවැසින් සත්වයන් දකින්න පුළුවනි. ඒ කියන්නේ චුත වෙන, ආයෙමත් උපදින, හීන උසස්, ලස්සන කැත, සුගති දුගතිවල උපදින, කර්මානුරූපව උපතක් කරා යන සත්වයන් ගැන දකින්න පුළුවන්. පින්වත් සාරිපුත්ත, ඒ විදිහට දකින්න පුලුවන්කමත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නෙ.

18. පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හෝති යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

(10). පින්වත් සාරිපුත්ත, ඊළඟට තවත් තථාගත බලයක් තියෙනවා. තවද තථාගතයන් වහන්සේ ආශ්‍රව නැති කරලා, ආශ්‍රව රහිතව මේ ජීවිතේ දී ම ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, තමන්ගේ ම දියුණු කරපු ඥානයෙන් අවබෝධ කරගෙන එය සාක්ෂාත් කරගෙනයි ඉන්නෙ. ඉතින් පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ ආශ්‍රව ක්ෂය කිරීම තුළින් අනාශ්‍රව බවට පත්වෙලා, ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළ දී තමන් විසින් ම දියුණු කරගත් ඥානයෙන් ම අවබෝධ කරගෙන, සාක්ෂාත් කරගෙන ඉන්නවා නම් පින්වත් සාරිපුත්ත, අන්න ඒ ආසවක්ඛය ඤාණයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ බලයට පැමිණිලා තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්මචක්‍රය පවත්වන්නෙ.

19. ඉමානි ඛෝ සාරිපුත්ත දස තථාගතස්ස තථාගතබලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති.

පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේගේ තථාගත බල දහය කියල කියන්නෙ මේවාට තමයි. තථාගතයන් වහන්සේ ඔය බල වලින් යුක්ත වෙලා තමයි ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්මචක්‍රය පවත්වන්නෙ.

20. යෝ ඛෝ මං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදෙය්‍ය: “නත්ථි සමණස්ස ගෝතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ, තක්කපරියාහතං සමණෝ ගෝතමෝ ධම්මං දෙසේති වීමංසානුචරිතං සයංපටිභාන”න්ති. තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නෝ සමාධිසම්පන්නෝ පඤ්ඤාසම්පන්නෝ දිට්ඨේව ධම්මේ අඤ්ඤං ආරාධෙය්‍ය, ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

ඉතින් පින්වත් සාරිපුත්ත, මේ ආකාරයෙන් සම්පූර්ණ කරගත් ගුණ දහම් තමා තුළ තිබෙන බව දන්නා, මේ විදිහට සම්පූර්ණ කරගත් ගුණ දහම් තමා තුළ තියෙන බව දකින මා ගැන, කවුරු හරි මෙහෙම කිව්වොත්, “ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුස්ස ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂී වූ අමුතු ඥානයක් නෑ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්නත් දන්නවා. හරි නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒව පාවිච්චි කරල තමයි ඔහු ධර්මය දේශනා කරන්නෙ” කියලා. පින්වත් සාරිපුත්ත, ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය ඇත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. සීල සම්පන්න වූ, සමාධි සම්පන්න වූ, ප්‍රඥා සම්පන්න වූ භික්ෂුව මේ ජීවිතේ දී ම රහත් වෙනවා වගේ. පින්වත් සාරිපුත්ත, මේ ගැන මට කියන්න තියෙන්නෙත් ඒ විදිහට ම යි. ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, එය දෘෂ්ටිය ඇත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

21. චත්තාරිමානි සාරිපුත්ත තථාගතස්ස වේසාරජ්ජානි යේහි වේසාරජ්ජෙහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති, කතමානි චත්තාරි?

පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේට විශාරද ඥාන හතරක් තියෙනවා. ඒ විශාරද ඥාන හතරෙන් යුතුව තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්මචක්‍රය පවත්වන්නෙ. මොනවද ඒ විශාරද ඥාන හතර?

22. “සම්මාසම්බුද්ධස්ස තේ පටිජානතෝ ඉමේ ධම්මා අනභිසම්බුද්ධා”ති, තත්‍ර වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දෙවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත න සමනුපස්සාමි. ඒතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

(1). ‘ඔබවහන්සේ සම්මා සම්බුද්ධයි කියල ප්‍රතිඥා දෙනවා. නමුත් ඔබවහන්සේ මේ මේ ධර්මයන් අවබෝධ කොට නැහැ නෙව දැ’ යි කියල මේ ලෝකෙ කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රහ්මණයෙකුට, කිසිම කෙනෙකුට සම්බුද්ධත්වය අරභයා කරුණු සහිතව මට කිසිම අභියෝගයක් කරන්න බෑ. පින්වත් සාරිපුත්ත, කොටින් ම කියනවා නම් ඒ ගැන අල්පමාත්‍ර වූ සිදුරක්වත් මං දකින්නෙ නෑ. ඉතින් පින්වත් සාරිපුත්ත, මේ කාරණය ගැන අල්පමාත්‍ර සිදුරක්වත් නොදකින නිසා ම මම ඉන්නෙ හරිම නිදහස් සිතින්. කිසිම බයක් නැති සිතින්. විශාරද බවට පත්වෙලයි මම ඉන්නෙ.

23. “ඛීණාසවස්ස තේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීණා”ති, තත්‍ර වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දෙවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත න සමනුපස්සාමි. ඒතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

(2). ‘සියලු ආශ්‍රවයන් ක්ෂය වුණු කෙනෙක් කියල ඔබවහන්සේ ප්‍රතිඥා දෙනවා. නමුත් ඔබවහන්සේ තුළ මේ මේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා නැහැ නෙව’ කියල මේ ලෝකෙ කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, කිසිම කෙනෙකුට අරහත්වය අරභයා කරුණු සහිතව මට කිසිම අභියෝගයක් කරන්න බෑ. පින්වත් සාරිපුත්ත, කොටින් ම කියනවා නම් ඒ ගැන අල්පමාත්‍ර වූ සිදුරක්වත් මං දකින්නෙ නෑ. ඉතින් පින්වත් සාරිපුත්ත, මේ කාරණය ගැන අල්පමාත්‍ර සිදුරක්වත් නොදකින නිසා ම, මම ඉන්නෙ හරිම නිදහස් සිතින්. කිසිම බයක් නැති සිතින්. විශාරද බවට පත්වෙලයි මම ඉන්නෙ.

24. “යේ ඛෝ පන තේ අන්තරායිකා ධම්මා වුත්තා තේ පටිසෙවතෝ නාලං අන්තරායායා”ති, තත්‍ර වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දෙවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත න සමනුපස්සාමි. ඒතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

(3). ‘ඉතින් ඔබවහන්සේ ප්‍රකාශ කොට තියෙනවා ධර්මාවබෝධ කරන කෙනෙකුට මේ මේ දේවල් අනතුරුදායකයි කියල. නමුත් එසේ අනතුරුදායක යැයි පවසන ලද දේ කළාට කිසි අනතුරක් නැහැ නෙව දැ’යි කියල මේ ලෝකයේ කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රාහ්මයෙකුට, කිසිම කෙනෙකුට නිවන් මගට අන්තරායකර කරුණු අරභයා කරුණු සහිතව මට කිසිම අභියෝගයක් කරන්න බෑ. පින්වත් සාරිපුත්ත, කොටින් ම ඒ ගැන අල්පමාත්‍ර වූ සිදුරක්වත් මං දකින්නෙ නෑ. ඉතින් පින්වත් සාරිපුත්ත, මේ කාරණය ගැන අල්පමාත්‍ර සිදුරක්වත් නොදකින නිසා, මම ඉන්නෙ හරිම නිදහස් සිතින්. කිසිම බයක් නැති සිතින්. විශාරද බවට පත්වෙලයි මම ඉන්නෙ.

25. “යස්ස ඛෝ පන තේ අත්ථාය ධම්මෝ දෙසිතෝ සෝ න නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති, තත්‍ර වත මං සමණෝ වා බ්‍රාහ්මණෝ වා දෙවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මිං සහධම්මේන පටිචෝදෙස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත න සමනුපස්සාමි. ඒතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

(4). ‘ඔබවහන්සේ යම් ඉලක්කයක් පිණිස නම් ධර්මය දේශනා කරල තියෙන්නෙ, එසේ දෙසන ලද ධර්මයට අනුව පිළිපදින තැනැත්තාගේ දුක් කෙළවර කිරීමට එය මැනැවින් උපකාර වෙන්නේ නැත’ කියල මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රාහ්මයෙකුට, කිසිම කෙනෙකුට ධර්ම මාර්ගය අරභයා කරුණු සහිතව මට කිසිම අභියෝගයක් කරන්න බෑ. පින්වත් සාරිපුත්ත, කොටින් ම කියනවා නම් ඒ ගැන අල්පමාත්‍ර වූ සිදුරක්වත් මං දකින්නෙ නෑ. ඉතින් පින්වත් සාරිපුත්ත, මේ කාරණය ගැන අල්පමාත්‍ර සිදුරක්වත් නොදකින නිසා හරි ම නිදහස් සිතින් තමයි මං ඉන්නෙ. කිසිම බයක් නැති සිතින්, විශාරද බවට පත්වෙලයි මම ඉන්නෙ.

26. ඉමානි ඛෝ සාරිපුත්ත චත්තාරි තථාගතස්ස වේසාරජ්ජානි යේහි වෙසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තේති.

පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේට මෙන්න මේ විශාරද ඥාන හතර තියෙනවා. ඔය විශාරද ඥාන හතරෙන් යුක්තව තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නෙ. පිරිස් මැද සිංහනාද කරන්නෙ. උතුම් ධර්මචක්‍රය පවත්වන්නෙ.

27. යෝ ඛෝ මං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදෙය්‍ය: “නත්ථි සමණස්ස ගෝතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ, තක්කපරියාහතං සමණෝ ගෝතමෝ ධම්මං දෙසේති වීමංසානුචරිතං සයම්පටිභාන”න්ති, තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නෝ සමාධිසම්පන්නෝ පඤ්ඤාසම්පන්නෝ දිට්ඨේව ධම්මේ අඤ්ඤං ආරාධෙය්‍ය, ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඉතින් මේ විදිහේ අවබෝධ ඥානයෙන් යුක්ත බව දන්නා වූ, දක්නා වූ මට කවුරු හරි මෙහෙම කිව්වොත්, ‘ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂ වූ අමුතු ඥානයක් නෑ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්නත් දන්නවා. හරි ම නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒවා පාවිච්චි කරල තමයි ඔහු ධර්මය දේශනා කරන්නෙ’ කියල. පින්වත් සාරිපුත්ත, ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය අත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. සීල සම්පන්න වූ, සමාධි සම්පන්න වූ, ප්‍රඥා සම්පන්න වූ භික්ෂුව මේ ජීවිතේ දී ම රහත් වෙනවා වගේ. පින්වත් සාරිපුත්ත, මේ ගැන මට කියන්ට තියෙන්නෙත් ඒ විදිහට ම යි. ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය අත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

28. අට්ඨ ඛෝ ඉමා සාරිපුත්ත පරිසා: කතමා අට්ඨ? ඛත්තියපරිසා බ්‍රාහ්මණපරිසා ගහපතිපරිසා සමණපරිසා චාතුමහාරාජිකපරිසා තාවතිංසපරිසා මාරපරිසා බ්‍රහ්මපරිසා. ඉමා ඛෝ සාරිපුත්ත අට්ඨ පරිසා. ඉමේහි ඛෝ සාරිපුත්ත චතූහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ඉමා අට්ඨ පරිසා උපසංකමති අජ්ඣෝගාහති.

පින්වත් සාරිපුත්ත, මේ ලෝකෙ පිරිස් අටක් ඉන්නවා. කවුද ඒ පිරිස් අට? රජ කුලයේ පිරිස, බමුණු කුලයේ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුම්මහාරාජික දෙව් පිරිස, තාවතිංස දෙව් පිරිස, මාර පිරිස සහ බ්‍රහ්ම පිරිස. පින්වත් සාරිපුත්ත, මේ තමයි ඒ පිරිස් අට. පින්වත් සාරිපුත්ත, මේ විශාරද ඥාන හතරෙන් යුතු තථාගතයන් වහන්සේ ඔය අට පිරිස වෙත එළඹෙනවා. ඔවුන් අතරට පිවිසෙනවා.

29. අභිජානාමි ඛෝ පනාහං සාරිපුත්ත අනේකසතං ඛත්තියපරිසං උපසංකමිතා. තත්‍රපි මයා සන්නිසින්නපුබ්බඤ්චේව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්‍ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත න සමනුපස්සාමි. ඒතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

පින්වත් සාරිපුත්ත, මට මතකයි නොයෙක් සිය ගණන් රාජවංශික පිරිස් ළඟට ගිහින් තියෙන බව. එහිදී ඒ පිරිස් අතර මං වාඩිවෙලත් ඉන්නවා. කතා බහත් කරනවා. සාකච්ඡාත් කරල තියෙනවා. පින්වත් සාරිපුත්ත, නමුත් මට එහිදී කිසිම විදිහේ භයක්වත්, තැති ගැනීමක්වත් ඇති වීම පිණිස, කොටින් ම අල්පමාත්‍ර වූ නිමිත්තක්වත් මා තුළ දකින්නේ නෑ. පින්වත් සාරිපුත්ත, එසේ අල්පමාත්‍ර වූ නිමිත්තක්වත් නොදකින නිසා මං ඉන්නෙ හරිම නිදහස් සිතින්. බිය රහිත සිතින්. විශාරද බවට පත්වෙච්ච සිතින්.

30. අභිජානාමි ඛෝ පනාහං සාරිපුත්ත අනේකසතං බ්‍රාහ්මණපරිසං…පෙ…. ගහපතිපරිසං…පෙ….සමණපරිසං…පෙ…. චාතුමහාරාජිකපරිසං…පෙ…. තාවතිංසපරිසං…පෙ…. මාරපරිසං…පෙ…. බ්‍රහ්මපරිසං උපසංකමිතා. තත්‍රපි මයා සන්නිසින්න පුබ්බඤ්චේව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා තත්‍ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සතීති නිමිත්තමේතං සාරිපුත්ත න සමනුපස්සාමි. ඒතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ ඛේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි.

පින්වත් සාරිපුත්ත, මට මතකයි, නොයෙක් සිය ගණන් බමුණු කුලයේ පිරිස් ළඟට මම ගිහින් තියෙනවා. ….(පෙ)…. ගෘහපති පිරිස් ළඟට ….(පෙ)…. ශ්‍රමණ පිරිස් ළඟට ….(පෙ)…. චාතුම්මහාරාජික පිරිස් ළඟට ….(පෙ)…. තව්තිසා දෙවි පිරිස් ළඟට ….(පෙ)…. මාර පිරිස් ළඟට ….(පෙ)…. මට මතකයි නොයෙක් සිය ගණන් බ්‍රහ්ම පිරිස් ළඟට ගිහින් තියෙන බව. එහිදී ඒ පිරිස් අතර මං වාඩිවෙලත් ඉන්නවා. කතා බහත් කරනවා. සාකච්ඡාත් කරල තියෙනවා. පින්වත් සාරිපුත්ත, නමුත් මට එහිදී කිසිම විදිහේ භයක්වත්, තැති ගැනීමක්වත් ඇති වීම පිණිස, කොටින් ම අල්පමාත්‍ර වූ නිමිත්තක්වත් මා තුළ දකින්නේ නෑ. පින්වත් සාරිපුත්ත, එසේ අල්පමාත්‍ර වූ නිමිත්තක්වත් නොදකින මං ඉන්නෙ හරිම නිදහස් සිතින්. බිය රහිත සිතින්. විශාරද බවට පත්වෙච්ච සිතින්.

31. යෝ ඛෝ මං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදෙය්‍ය: “නත්ථි සමණස්ස ගෝතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ, තක්කපරියාහතං සමණෝ ගෝතමෝ ධම්මං දෙසේති වීමංසානුචරිතං සයම්පටිභාන”න්ති තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නෝ සමාධිසම්පන්නෝ පඤ්ඤාසම්පන්නෝ දිට්ඨේව ධම්මේ අඤ්ඤං ආරාධෙය්‍ය, ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඉතින් මේ විදිහේ අවබෝධ ඥානයෙන් යුක්ත බව දන්නා වූ, දක්නා වූ මට කවුරු හරි මෙහෙම කිව්වොත්, ‘ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂ වූ අමුතු ඥානයක් නෑ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්නත් දන්නවා. හරිම නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒවා පාවිච්චි කරල තමයි ඔහු ධර්මය දේශනා කරන්නෙ’ කියල. පින්වත් සාරිපුත්ත, ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය අත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. සීල සම්පන්න වූ, සමාධි සම්පන්න වූ, ප්‍රඥා සම්පන්න වූ භික්ෂුව මේ ජීවිතේ දී ම රහත් වෙනවා වගේ. පින්වත් සාරිපුත්ත, මේ ගැන මට කියන්ට තියෙන්නෙත් ඒ විදිහට ම යි. ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය අත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

32. චතස්සෝ ඛෝ ඉමා සාරිපුත්ත යෝනියො. කතමා චතස්සෝ? අණ්ඩජා යෝනි, ජලාබුජා යෝනි, සංසේදජා යෝනි, ඕපපාතිකා යෝනි. කතමා ච සාරිපුත්ත අණ්ඩජා යෝනි? යේ ඛෝ තේ සාරිපුත්ත සත්තා අණ්ඩකෝසං අභිනිබ්භිජ්ජ ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත අණ්ඩජා යෝනි. කතමා ච සාරිපුත්ත ජලාබුජා යෝනි? යේ ඛෝ තේ සාරිපුත්ත සත්තා වත්ථිකෝසං අභිනිබ්භිජ්ජ ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත ජලාබුජා යෝනි. කතමාච සාරිපුත්ත සංසේදජා යෝනි? යේ ඛෝ තේ සාරිපුත්ත සත්තා පූතිමච්ඡේ වා ජායන්ති පූතිකුණපේ වා පූතිකුම්මාසේ වා චන්දනිකායේ වා ඔළිගල්ලේ වා ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත සංසේදජා යෝනි. කතමා ච සාරිපුත්ත ඕපපාතිකා යෝනි? දේවා නේරයිකා ඒකච්චේ ච මනුස්සා ඒකච්චේ ච විනිපාතිකා. අයං වුච්චති සාරිපුත්ත ඕපපාතිකා යෝනි. ඉමා ඛෝ සාරිපුත්ත චතස්සෝ යෝනියෝ.

පින්වත් සාරිපුත්ත, උපත ලබන ක්‍රම හතරක් තියෙනවා. මොනවද ඒ හතර? බිත්තර ඇතුළෙ සතුන් උපදිනවා (අණ්ඩජ). මව් කුසේ සතුන් උපදිනවා (ජලාබුජ). තෙත් පරිසරයේ සතුන් උපදිනවා (සංසේදජ). මේ ක්‍රම වලින් තොරව ඕපපාතිකවත් පහළ වෙනවා (ඕපපාතික).

පින්වත් සාරිපුත්ත, අණ්ඩජ යෝනි කියල කියන්නෙ මොකක්ද? පින්වත් සාරිපුත්ත, සමහර සත්වයන් ඉන්නවා බිත්තර ඇතුළෙ වැඩිලා ඉපදෙනවා. අන්න ඒකට තමයි පින්වත් සාරිපුත්ත, ‘අණ්ඩජ යෝනි’ කියල කියන්නෙ.

පින්වත් සාරිපුත්ත, ජලාබුජ යෝනි කියල කියන්නෙ මොකක්ද? පින්වත් සාරිපුත්ත, සමහර සත්වයන් ඉන්නවා ගර්භාෂයක් ඇතුළෙ වැඩිලා, ඒකෙන් ඉපදෙන විදිහේ. අන්න ඒකට තමයි කියන්නේ ‘ජලාබුජ යෝනි’ කියලා.

පින්වත් සාරිපුත්ත, සංසේදජ යෝනි කියල කියන්නෙ මොකක්ද? කුණු වෙච්ච මස්වලත් සතුන් උපදිනවා. කුණු වෙච්ච ආහාරවලත් සතුන් උපදිනවා. අසූචිවලත් සතුන් උපදිනවා. කුණු වතුර පිරුන වළවල්වලත් සතුන් උපදිනවා. පින්වත් සාරිපුත්ත, අන්න ඒකට තමයි කියන්නේ ‘සංසේදජ යෝනි’ කියලා.

පින්වත් සාරිපුත්ත, ඕපපාතික යෝනි කියන්නෙ මොකක්ද? (ඉහත ක්‍රම වලින් තොරව) පහළ වෙන දෙවියන්, නිරයේ උපදින සතුන්, ඇතැම් මිනිසුන්, ඇතැම් ප්‍රේත කොටස් ඉන්නවා. පින්වත් සාරිපුත්ත, අන්න ඒකට තමයි කියන්නෙ ‘ඕපපාතික යෝනි’ කියලා. පින්වත් සාරිපුත්ත, මේ හතරට තමයි ‘යෝනි’ (සත්වයින් උපදින ක්‍රම) කියල කියන්නෙ.

33. යෝ ඛෝ මං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදෙය්‍ය: නත්ථි සමණස්ස ගෝතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ, තක්කපරියාහතං සමණෝ ගෝතමෝ ධම්මං දෙසේති වීමංසානුචරිතං සයම්පටිභානන්ති තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නෝ සමාධිසම්පන්නෝ පඤ්ඤාසම්පන්නෝ දිට්ඨේව ධම්මේ අඤ්ඤං ආරාධෙය්‍ය, ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඉතින් මේ විදිහේ අවබෝධ ඥානයෙන් යුක්ත බව දන්නා වූ, දක්නා වූ මට කවුරු හරි මෙහෙම කිව්වොත්, ‘ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂ වූ අමුතු ඥානයක් නෑ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්නත් දන්නවා. හරිම නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒවා පාවිච්චි කරල තමයි ඔහු ධර්මය දේශනා කරන්නෙ’ කියලා. පින්වත් සාරිපුත්ත, ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය අත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. සීල සම්පන්න වූ, සමාධි සම්පන්න වූ, ප්‍රඥා සම්පන්න වූ භික්ෂුව මේ ජීවිතේ දී ම රහත් වෙනවා වගේ. පින්වත් සාරිපුත්ත, මේ ගැන මට කියන්ට තියෙන්නෙත් ඒ විදිහට ම යි. ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය අත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

34. පඤ්ච ඛෝ ඉමා සාරිපුත්ත ගතියෝ. කතමා පඤ්ච? නිරයෝ තිරච්ඡානයෝනි පෙත්තිවිසයෝ මනුස්සා දේවා. නිරයඤ්චාහං සාරිපුත්ත පජානාමි, නිරයගාමිඤ්ච මග්ගං, නිරයගාමිනිඤ්ච පටිපදං. යථාපටිපන්නෝ ච කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි. තිරච්ඡානයෝනිඤ්චාහං සාරිපුත්ත පජානාමි තිරච්ඡානයෝනිගාමිඤ්ච මග්ගං, තිරච්ඡානයෝනිගාමිනිඤ්ච පටිපදං යථා පටිපන්නෝච කායස්ස භේදා පරම්මරණා තිරච්ඡානයෝනිං උපපජ්ජති, තඤ්ච පජානාමි. පෙත්තිවිසයඤ්චාහං සාරිපුත්ත පජානාමි පෙත්තිවිසයගාමිඤ්ච මග්ගං පෙත්තිවිසයගාමිනිඤ්ච පටිපදං. යථාපටිපන්නෝ ච කායස්ස භේදා පරම්මරණා පෙත්තිවිසයං උපපජ්ජති, තඤ්ච පජානාමි. මනුස්සේචාහං සාරිපුත්ත පජානාමි, මනුස්සලෝකගාමිඤ්ච මග්ගං, මනුස්සලෝකගාමිනිඤ්ච පටිපදං යථාපටිපන්නෝ ච කායස්ස භේදා පරම්මරණා මනුස්සේසු උපපජ්ජති, තඤ්ච පජානාමි. දේවේ චාහං සාරිපුත්ත පජානාමි දේවලෝකගාමිඤ්ච මග්ගං, දේවලෝකගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නෝච කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති, තඤ්ච පජානාමි. නිබ්බානඤ්චාහං සාරිපුත්ත පජානාමි නිබ්බානගාමිඤ්ච මග්ගං නිබ්බානගාමිනිඤ්ච පටිපදං. යථාපටිපන්නෝච ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, තඤ්ච පජානාමි.

පින්වත් සාරිපුත්ත, ගති පහක් තියෙනවා. ඒ පහ මොනවාද? නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත ජීවිත, මිනිස් ජීවිත, දිව්‍ය ජීවිත යන මේවා තමයි. පින්වත් සාරිපුත්ත නිරය ගැනත් මම දන්නවා. නිරයේ උපදින්න හේතු වන මගත්, නිරයේ උපදින්න හේතු වන වැඩපිළිවෙලත් මම දන්නවා. නිරයේ යන විදිහට ජීවිතේ ගත කරලා මරණින් පස්සේ සැප නැති දුගතිය කියල කියන නිරයේ උපත ලබනවා නම්, මං ඒකත් දන්නවා.

පින්වත් සාරිපුත්ත, තිරිසන් යෝනිය (තිරිසනුන්ව ඉපදීම) ගැනත් මම දන්නවා. තිරිසන් යෝනියෙ උපදින්න හේතු වන මගත් මම දන්නවා. තිරිසන් යෝනියේ උපදින්න හේතු වන වැඩපිළිවෙලත් මම දන්නවා. තිරිසන් යෝනියේ උපදින විදිහට ජීවත් වෙලා මරණින් පස්සෙ තිරිසන් යෝනියේ උපත ලබනවා නම්, මම ඒකත් දන්නවා.

පින්වත් සාරිපුත්ත, ප්‍රේත ජීවිත ගැනත් මම දන්නවා. ප්‍රේත ලෝකෙ උපදින්න හේතු වන මාර්ගයත් මම දන්නවා. ප්‍රේත ලෝකෙ උපදින්න හේතු වන වැඩපිළිවෙලත් මම දන්නවා. ප්‍රේත ලෝකෙ උපදින විදිහට ජීවත් වෙලා මරණින් පස්සෙ ප්‍රේත ලෝකෙ උපත ලබනවා නම්, මං ඒකත් දන්නවා.

පින්වත් සාරිපුත්ත, මම මනුස්ස ජීවිතය ගැනත් දන්නවා. මනුස්ස ලෝකෙ උපදින්න හේතු වන මාර්ගයත්, මනුස්ස ලෝකෙ උපදින්න හේතු වන වැඩපිළිවෙලත් මං දන්නවා. මනුස්ස ලෝකෙ උපදින විදිහට ජීවත් වෙලා මරණින් පස්සෙ මනුස්ස ලෝකෙ උපත ලබනවා නම්, මං ඒකත් දන්නවා.

පින්වත් සාරිපුත්ත, මම දෙවියන් ගැනත් දන්නවා. දිව්‍යලෝකෙ උපදින්න හේතු වන මාර්ගයත් දන්නවා. දිව්‍යලෝකෙ උපදින්න හේතු වන වැඩපිළිවෙලත් මම දන්නවා. දිව්‍යලෝකෙ උපදින විදිහට ජීවත් වෙලා මරණින් පස්සෙ ඉතා යහපත් ඉපදීම නම් වූ ස්වර්ග ලෝකෙ උපදිනවා නම්, මං ඒකත් දන්නවා.

පින්වත් සාරිපුත්ත, මම ගතිවලින් නිදහස් වූ ‘නිවන’ ගැනත් දන්නවා. නිවන් අවබෝධයට හේතු වන මාර්ගයත් දන්නවා. නිවන් අවබෝධයට හේතු වන වැඩපිළිවෙලත් දන්නවා. නිවන් අවබෝධය වෙන විදිහට උවමනා කරන වැඩකටයුතු සම්පූර්ණ කරලා, ආශ්‍රවයන් ක්ෂය කරල දාලා, ආශ්‍රව රහිත වෙලා, චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, තමන්ගේ ම අවබෝධ ඥානයෙන් මේ ජීවිතේ දී ම අවබෝධ කරගෙන වාසය කරනවා නම් මම ඒකත් දන්නවා.

35. ඉදාහං සාරිපුත්ත ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං ඒකන්තදුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත අංගාරකාසු සාධිකපෝරිසා පූරාංගාරානං වීතච්චිකානං වීතධූමානං, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තෝ ඝම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව අංගාරකාසුං පණිධාය. තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා ඒවං වදෙය්‍ය: තථායං භවං පුරිසෝ පටිපන්නෝ තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා ඉමං යේව අංගාරකාසුං ආගමිස්සතීති. තමේනං පස්සෙය්‍ය අපරේන සමයේන තස්සා අංගාරකාසුයා පතිතං ඒකන්තදුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියමානං. ඒවමේව ඛෝ අහං සාරිපුත්ත ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථාච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං ඒකන්තදුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියමානං.

පින්වත් සාරිපුත්ත, මම සමහර පුද්ගලයන්ගේ සිත ගැන මගේ සිතින් විමසල හඳුනාගන්නවා. මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුනොත් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙලේ හිටියොත් නම්, මැරුණට පස්සේ සැප රහිත දුගතිය නම් වූ නිරයේ තමයි උපදින්න සිද්ධ වෙන්නෙ. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය ඉතා පිරිසිදු දිවැස් නුවණින් බලද්දි, අර පුද්ගලයා මැරිල ගිහින් සැප නැති දුගතිය වන නිරයේ ඉපදිලා ගොඩාක් දුක් විඳ විඳ, වේදනා විඳ විඳ ඉන්නවා දකින්න ලැබෙනවා.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. මිනිහෙකුගේ ප්‍රමාණයට වඩා ගැඹුරු ගිනි අඟුරු වළක් තියෙනවා කියල හිතන්න. ඒක ගිනි දැල් නැතිව, දුම් නැතිව තියෙන ගිනි අඟුරු වළක්. ඒ වළට එන්න පාරකුත් තියෙනවා. ඔය පාර දිගේ මනුස්සයෙක් එනවා. හැබැයි ඒ මනුස්සය හොඳට ම පෑවිල්ලට අහුවෙලා දුක් විඳිමින්, ක්ලාන්ත ගතියෙන් වතුර පිපාසෙ හැදිලා එන කෙනෙක්. ඉතින් හොඳින් ඇස් තියෙන කෙනෙකුට මේ පුද්ගලයාව දකින්න ලැබෙනවා. එතකොට එයා මෙහෙම හිතනවා. ‘අනේ! මේ පුද්ගලයා ඔය විදිහට ඔය පාරෙන් ම ආවොත් නම්, ඔය එන පාර වෙනස් නොකළොත් නම්, මේ ගිනි අඟුරු වළටයි මේ කෙනා වැටෙන්නෙ’ කියල. ඉතින් ඒ ආපු පුද්ගලයා අර ගිනි අඟුරු වළේ වැටිල දරුණු විදිහට දුක් විඳ විඳ ඉන්න හැටි පස්සෙ වෙලාවක දකින්න ලැබෙනවා. පින්වත් සාරිපුත්ත, අන්න ඒ විදිහ ම යි සමහර පුද්ගලයන් ගේ සිත ගැන මං මගේ සිතින් විමසල හඳුනාගන්නවා. ‘මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුනොත් නම්, ඔය වැඩපිළිවෙල තුළ දිගින් දිගට ම හිටියොත් නම්, මැරුණට පස්සෙ ඒ ඇත්තට උපදින්න සිද්ධ වෙන්නෙ සැප නැති දුගතිය නම් වූ නිරයේ තමයි කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් බලද්දී, අර පුද්ගලයා මැරිල ගිහින් සැප නැති දුගතිය කියල කියන නිරයේ ඉපදිලා ගොඩාක් දුක් විඳ විඳ, වේදනා විඳ විඳ ඉන්නවා දකින්න ලැබෙනවා.

36. ඉධ පනාහං සාරිපුත්ත ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: ‘තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා කායස්ස භේදා පරම්මරණා තිරච්ඡානයෝනිං උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා තිරච්ඡානයෝනිං උපපන්නං දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත ගූථකූපෝ සාධිකපෝරිසෝ පූරෝ ගූථස්ස, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තෝ ඝම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව ගූථකූපං පණිධාය. තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා ඒවං වදෙය්‍ය: තථායං භවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා ඉමංයේව ගූථකූපං ආගමිස්සතීති. තමේනං පස්සෙය්‍ය අපරේන සමයේන තස්මිං ගූථකූපේ පතිතං දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියමානං. ඒවමේව ඛෝ අහං සාරිපුත්ත ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථාච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හෝ, යථා කායස්ස භේදා පරම්මරණා තිරච්ඡානයෝනිං උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා තිරච්ඡානයෝනිං උපපන්නං දුක්ඛා තිබ්බා කටුකා වේදනා වේදියමානං.

පින්වත් සාරිපුත්ත, සමහර පුද්ගලයන්ගේ සිත ගැනත් මම මගේ සිතින් මේ විදිහට විමසල හඳුනාගන්නවා. ‘මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුනොත් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙලේ හිටියොත් නම්, මැරුණට පස්සේ තිරිසනුන් අතරෙ තමයි උපදින්න සිද්ධ වෙන්නෙ’ කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය දිවැස් නුවණින් බලද්දි, අර පුද්ගලයා මැරිල ගිහිල්ල තිරිසනුන් අතරෙ ඉපදිලා නොයෙක් විදිහේ දරුණු දුක් කම්කටොළු විඳිමින් ඉන්නවා දකින්න ලැබෙනවා.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. මිනිහෙකුගේ ප්‍රමාණයට වඩා ගැඹුරු අසූචි වළක් තියෙනවා. ඒ වල අසූචි වලින් පිරිලයි තියෙන්නෙ. ඒ වළ දිහාවට යන පාරකුත් තියෙනවා. ඉතින් ඔය පාර දිගේ එනවා පෑවිල්ලට අහුවෙලා ක්ලාන්තය හැදිලා වතුර පිපාසයෙන් දුක් විඳින කෙනෙක්. එතකොට හොඳට ඇස් තියෙන පුරුෂයෙක් අර මනුස්සයාව දැකලා මෙන්න මෙහෙම කියනවා, ‘අනේ! මේ මනුස්සයා ඔය පාරෙන් ම ආවොත් නම්, ඔය එන මාර්ගය වෙනස් නොකළොත් නම් මේ අසූචි වළට තමයි වැටෙන්න වෙන්නෙ’ කියලා. ඉතින් පස්සෙ දවසක අර හොඳින් ඇස් තියෙන කෙනාට දකින්න ලැබෙනවා අර මනුස්සය අසූචි වළේ වැටිල දරුණු විදිහට දුක් විඳ විඳ ඉන්නවා. පින්වත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහ ම යි සමහර පුද්ගලයන්ගේ සිත ගැන මං මගේ සිතින් විමසල මෙන්න මේ විදිහට හඳුනාගන්නවා. ‘මේ ඇත්තා ඔය විදිහට ජීවත් වුනොත් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙල තුළ ම හිටියොත් නම්, මැරුණට පස්සෙ ගිහිං උපදින්න සිද්ධ වෙන්නෙ තිරිසන් ලෝකෙ තමයි’ කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය ඉතා පිරිසිදු දිවැස් නුවණින් බලද්දි මට දකින්න ලැබෙනවා, අර පුද්ගලයා මැරිල තිරිසනුන් අතර ඉපදිලා ගොඩක් දුක් විඳ විඳ, වේදනා විඳ විඳ ඉන්න හැටි.

37. ඉධ පනාහං සාරිපුත්ත ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති. තඤ්ච මග්ගං සමාරූළ්හෝ, යථා කායස්ස භේදා පරම්මරණා පෙත්තිවිසයං උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා පෙත්තිවිසයං උපපන්නං දුක්ඛබහුලා වේදනා වේදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත රුක්ඛෝ විසමේ භූමිභාගේ ජාතෝ තනුපත්තපලාසෝ කබරච්ඡායෝ, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තෝ ඝම්මපරෙතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව රුක්ඛං පණිධාය. තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා ඒවං වදෙය්‍ය: තථායං භවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හෝ, යථා ඉමංයේව රුක්ඛං ආගමිස්සතීති. තමේනං පස්සෙය්‍ය අපරේන සමයේන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නං වා නිපන්නං වා දුක්ඛබහුලා වේදනා වේදියමානං. ඒවමේව ඛෝ අහං සාරිපුත්ත ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හෝ, යථා කායස්ස භේදා පරම්මරණා පෙත්තිවිසයං උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා පෙත්තිවිසයං උපපන්නං දුක්ඛබහුලා වේදනා වේදියමානං.

පින්වත් සාරිපුත්ත, සමහර ඇත්තන්ගේ සිත ගැනත් මං මගේ සිතින් මේ විදියට හඳුනාගන්නවා. ‘මේ පුද්ගලයා ඔය විදියට ජීවත් වුනොත් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙල තුළ ම හිටියොත් නම්, මැරුණට පස්සෙ පෙරේත ලෝකෙ තමයි උපදින්න සිද්ධ වෙන්නෙ’ කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය දිවැස් නුවණින් බලද්දි, අර පුද්ගලයා පෙරේත ලෝකෙ ඉපදිලා ගොඩක් දුක් විඳ විඳ ඉන්නවා දකින්න ලැබෙනවා.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. කර්කශ පොළොවක හැදිච්ච ගහක් තියෙනවා. ඒ ගහේ පිළිවෙලකට කොළ හැදිලත් නෑ. ඒ නිසා සෙවණැල්ලත් පිළිවෙලකට නෑ. ඉතින් ඔය ගහ තියෙන පාර දිගේ එනවා පෑවිල්ලකට අහුවෙච්ච, ක්ලාන්තය හැදිච්ච, හොඳට ම වතුර පිපාසය තියෙන කෙනෙක්. ඉතින් ඔය සිද්ධිය දකිනවා හොඳට ඇස් තියෙන පුරුෂයෙක්. දැකල මෙන්න මෙහෙම හිතනවා. ‘මේ පුද්ගලයා ඔය පාරෙන් ආවොත්, දිගින් දිගට ම ආවොත්, මේ ගහ ලඟට තමයි එන්න තියෙන්නෙ’ කියලා.

ඉතින් පස්සෙ දවසක අර ඇස් ඇති පුරුෂයාට දකින්න ලැබෙනවා ඒ ආපු පුද්ගලයා අර ගහ යට යාන්තමින් ඇති සෙවණෙ ඉඳගෙන හරි, හාන්සි වෙලා හරි ඉන්නවා. පින්වත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහ ම යි සමහර පුද්ගලයන්ගේ සිත ගැන මම මගේ සිතින් විමසලා මෙහෙම දැනගන්නවා, ‘මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුනොත් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙල තුළ හිටියොත් නම්, පෙරේත ලෝකෙ තමයි උපදින්න සිද්ධ වෙන්නෙ’ කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් බලද්දි දකින්න ලැබෙනවා, අර පුද්ගලයා මැරිල ගිහිල්ලා පෙරේත ලෝකෙ ඉපදිලා ගොඩක් දුක් විඳ විඳ ඉන්නවා.

38. ඉධ පනාහං සාරිපුත්ත ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හෝ, යථා කායස්ස භේදා පරම්මරණා මනුස්සේසු උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා මනුස්සේසු උපපන්නං සුඛබහුලා වේදනා වේදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත රුක්ඛෝ සමේ භූමිභාගේ ජාතෝ බහලපත්තපලාසෝ සන්දච්ඡායෝ, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තෝ ඝම්මපරෙතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව රුක්ඛං පණිධාය. තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා ඒවං වදෙය්‍ය: තථායං භවං පුරිසෝ පටිපන්නෝ තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හෝ, යථා ඉමං යේව රුක්ඛං ආගමිස්සතීති. තමේනං පස්සෙය්‍ය අපරේන සමයේන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නං වා නිපන්නං වා සුඛබහුලා වේදනා වේදියමානං. ඒවමේව ඛෝ අහං සාරිපුත්ත ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා කායස්ස භේදා පරම්මරණා මනුස්සේසු උපපජ්ජිස්සතීති, තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා මනුස්සේසු උපපන්නං සුඛබහුලා වේදනා වේදියමානං.

පින්වත් සාරිපුත්ත, සමහර පුද්ගලයන්ගේ සිත ගැනත් මම මගේ සිතින් මේ විදිහට හඳුනාගන්නවා. ‘මේ පුද්ගලයා ඔය විදියට ජීවත් වුනොත් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙල තුළ හිටියොත් නම්, මැරුණට පස්සෙ මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්කම ලැබෙනවා’ කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් බලද්දි අර මනුස්සයා මිනිසුන් අතර ඉපදිලා, සැප බහුල විඳීම් විඳ විඳ ඉන්නවා දකින්න ලැබෙනවා.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. හොඳ ලස්සන බිමක හැදිච්ච ගහක් තියෙනවා. ඒ ගහ පුරාවට හොඳට කොළ පිරිල තියෙනවා. ඒ නිසා ම හොඳ සෙවණැල්ලකුත් තියෙනවා. ඉතින් ඔය ගහ පිහිටල තියෙන පාර දිගේ එනව පෑවිල්ලට අහුවෙලා, ක්ලාන්තය හැදිලා වතුර පිපාසෙන් ඉන්න කෙනෙක්. ඔය වෙලාවෙ හොඳට ඇස් තියෙන කෙනෙක් අර මනුස්සයව දකිනවා. දැකල මෙන්න මෙහෙම හිතනවා. ‘මේ පුද්ගලයා ඔය පාර දිගේ ම ආවොත් නම්, දිගින් දිගට ම ආවොත්, මේ ගහ ලඟට එන්න පුළුවනි’ කියලා. ඉතින් පස්සෙ වෙලාවක අර ඇස් ඇති පුරුෂයාට දකින්න ලැබෙනවා අර පුද්ගලයා ඒ ගහ යට ට ගිහින්, ඒ ගස් සෙවණෙ වාඩිවෙලා හරි, හාන්සි වෙලා හරි, සැප බහුල විඳීම් විඳ විඳ ඉන්නවා.

පින්වත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහමයි මම සමහර පුද්ගලයන්ගේ සිත ගැන මම මගේ සිතින් විමසල හඳුනාගන්නවා, ‘මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුනොත් නම්, ඔය වැඩපිළිවෙල තුළ දිගින් දිගට ම හිටියොත් නම්, මැරුණට පස්සේ මනුස්ස ලෝකෙ උපදින්න ලැබෙනවා’ කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් බලද්දි, දකින්න ලැබෙනවා අර පුද්ගලයා මැරිල ගිහින් මිනිසුන් අතර ඉපදිලා ඉතාමත් හොඳින් සැප විඳ විඳ ඉන්නවා.

39. ඉධ පනාහං සාරිපුත්ත ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නං ඒකන්තසුඛා වේදනා වේදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත පාසාදෝ, තත්‍රස්ස කූටාගාරං උල්ලිත්තාවලිත්තං නිවාතං ඵුස්සිතග්ගළං පිහිතවාතපානං. තත්‍රස්ස පල්ලංඛෝ ගොනකත්ථතෝ පටිකත්ථතෝ පටලිකත්ථතෝ කදලිමිගපවරපච්චත්ථරණෝ සඋත්තරච්ඡදෝ උභතෝලෝහිත කූපධානෝ. අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තෝ ඝම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව පාසාදං පණිධාය. තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා ඒවං වදෙය්‍ය: තථායං භවං පුරිසෝ පටිපන්නෝ තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා ඉමංයේව පාසාදං ආගමිස්සතීති. තමේනං පස්සෙය්‍ය, අපරේන සමයේන තස්මිං පාසාදේ තස්මිං කූටාගාරේ තස්මිං පල්ලංකේ නිසින්නං වා නිපන්නං වා ඒකන්තසුඛා වේදනා වේදියමානං. ඒවමේව ඛෝ අහං සාරිපුත්ත ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති. තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නං ඒකන්තසුඛා වේදනා වේදියමානං.

පින්වත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහමයි මම සමහර පුද්ගලයන්ගේ සිත ගැන මම මගේ සිතින් විමසල හඳුනාගන්නවා, ‘මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුනොත් නම්, ඔය වැඩපිළිවෙල තුළ දිගින් දිගට ම හිටියොත් නම්, මැරුණට පස්සේ ඉතා යහපත් ඉපදීමකින් යුතු ස්වර්ග ලෝකෙ උපදින්න ලැබෙනවා’ කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් බලද්දි, දකින්න ලැබෙනවා අර පුද්ගලයා මැරිල ගිහින් ඉතා යහපත් උපතකින් යුතු ස්වර්ග ලෝකයේ ඉපදිලා ඉතාමත් හොඳින් සැප විඳ විඳ ඉන්නවා.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. ලස්සන මාළිගාවක් තියෙනවා. ඒ මාළිගාව හොඳ ජනෙල් දොරවල් තියෙන ලස්සන එකක්. ඒක ඇතුළෙ පලස් අතුරලත් තියෙනවා. ඒ පලස් මත හොඳ ලස්සන ආසනයකුත් තියෙනවා. ඒ ආසනයේ දෙපැත්තේ රතු පාට විල්ලුද වලින් හදපු කොට්ට දෙකකුත් තියෙනවා. උඩින් ලස්සන රතු වියනක් බැඳලත් තියෙනවා. ඒ

මාළිගාවට එන්න පාරකුත් තියෙනවා. ඉතින් පෑවිල්ලට අහුවෙලා, ක්ලාන්තය හැදිලා, වතුර පිපාසෙ හැදිල ඉන්න කෙනෙක් ඒ පාර දිගේ එනවා. ඉතින් හොඳින් ඇස් තියෙන පුරුෂයෙකුට අර පුද්ගලයාව දකින්න ලැබෙනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘මේ පුද්ගලයා ඔය විදිහට ම ඔය පාරෙන් ම ආවොත් ඔය මාර්ගය වෙනස් නොකළොත් මේ මාළිගාවට ම යි මෙයාට එන්න වෙන්නෙ’ කියලා. ඉතින් අර පුද්ගලයා අර මාළිගාවට ගිහින් ඒ ආසනේ වාඩිවෙලා හරි, හාන්සි වෙලා හරි අතිශයින් ම සැප විඳ විඳ ඉන්නවා පස්සෙ කාලෙක දකින්න ලැබෙනවා.

පින්වත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහට ම සමහර පුද්ගලයන් ගේ සිත ගැන මං මගේ සිතින් විමසල හඳුනාගන්නවා ‘මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුනෝතින් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙල තුළ හිටියොත් නම්, මැරුණට පස්සේ ඉතා යහපත් උපතකින් යුතු ස්වර්ග ලෝකෙ උපදින්න ලැබෙනවා’ කියලා. ඉතින් මම පස්සෙ දවසක සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් බලද්දි, දකින්න ලැබෙනවා අර පුද්ගලයා මැරිල ගිහින් ඉතා යහපත් උපතකින් යුතු ස්වර්ග ලෝකයේ ඉපදිලා අතිශයින් ම සැප විඳ විඳ ඉන්නවා.

40. ඉධ පනාහං සාරිපුත්ත ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හෝ යථා ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තං ඒකන්තසුඛා වේදනා වේදියමානං. සෙය්‍යථාපි සාරිපුත්ත පොක්ඛරණී අච්ඡෝදිකා සාතෝදිකා සීතෝදිකා සේතකා සුපතිත්ථා රමණීයා, අවිදූරේ චස්සා තීරේ වනසණ්ඩෝ, අථ පුරිසෝ ආගච්ඡෙය්‍ය ඝම්මාභිතත්තෝ ඝම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව පොක්ඛරණිං පණිධාය. තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා ඒවං වදෙය්‍ය: තථායං භවං පුරිසෝ පටිපන්නෝ තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හෝ, යථා ඉමංයේව පොක්ඛරණිං ආගමිස්සතීති. තමේනං පස්සෙය්‍ය අපරේන සමයේන තං පොක්ඛරණිං ඔගාහෙත්වා නහායිත්වා ච පීත්වා ච සබ්බදරථකිලමථපරිළාහං පටිප්පස්සම්භෙත්වා පච්චුත්තරිත්වා තස්මිං වනසණ්ඩේ නිසින්නං වා නිපන්නං වා ඒකන්තසුඛා වේදනා වේදියමානං. ඒවමේව ඛෝ අහං සාරිපුත්ත ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: තථායං පුග්ගලෝ පටිපන්නෝ තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හෝ, යථා ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති. තමේනං පස්සාමි අපරේන සමයේන ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තං ඒකන්තසුඛා වේදනා වේදියමානං. ඉමා ඛෝ සාරිපුත්ත පඤ්ච ගතියෝ.

පින්වත් සාරිපුත්ත, සමහර පුද්ගලයන්ගේ සිත ගැන මම මගේ සිතින් විමසලා මෙහෙම දැනගන්නවා, ‘මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුනෝතින් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙල තුළ හිටියොත් නම්, ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වෙලා, මේ ජීවිතේදී තමන්ගේ ම නුවණින් චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරනවා’ කියලා. පස්සෙ කාලෙකදී ඒ පුද්ගලයා ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වෙලා, මේ ජීවිතේ දී තමන්ගේ ම විශේෂ ඥානයෙන් චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරල වාසය කරමින් පුදුමාකාර සැපයක් විඳ විඳ ඉන්න අයුරු දකින්න ලැබෙනවා.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. සීතල වතුර තියෙන හොඳට පෑදුන, නිල් කැටේ වගේ වතුර තියෙන පොකුණක් තියෙනවා. මේ පොකුණ වටේට ලස්සන සුදු වැලිතලාවකුත් තියෙනවා. ඔය පොකුණ ලඟින් ම ලස්සන කැලෑ පොඩ්ඩකුත් තියෙනවා. ඔතනට එන්න පාරකුත් තියෙනවා. ඉතින් ඔය පාර දිගේ එනවා පෑවිල්ලට අහුවෙලා, ක්ලාන්තය හැදිලා, වතුර පිපාසය තියෙන මනුස්සයෙක්. ඉතින් හොඳින් ඇස් තියෙන කෙනෙකුට ඔය පුද්ගලයාව දකින්න ලැබෙනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘හරි! මේ පුද්ගලයා ඔය විදිහට ම ආවොත්, ඔය පාරෙන් ම ආවොත්, ඔය එන මාර්ගය වෙනස් කළේ නැත්නම් මේ පොකුණට තමයි මෙයා එන්නෙ’ කියලා. ඉතින් පස්සෙ වෙලාවක ඒ ඇස් ඇති පුරුෂයාට දකින්න ලැබෙනවා අර මනුස්සයා ඒ පොකුණට බැහැලා, හොඳට වතුර නාලා, සීතල වතුර බීලා, ඇඟේ පතේ ඔක්කොම අමාරු සංසිඳුවාගෙන, ඒ පොකුණෙන් ගොඩ වෙලා, අර කැලේ තියෙන ගස් සෙවණෙ වාඩි වෙලා හරි, හාන්සි වෙලා හරි පුදුමාකාර සැපයක් විඳ විඳ ඉන්නවා.

පින්වත් සාරිපුත්ත, ඔන්න ඔය විදිහට සමහර පුද්ගලයන්ගේ සිත ගැන මම මගේ සිතින් විමසලා මෙහෙම දැනගන්නවා, ‘මේ පුද්ගලයා ඔය විදිහට ජීවත් වුණෝතින් නම්, දිගින් දිගට ම ඔය වැඩපිළිවෙල තුළ හිටියොත් නම්, ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වෙලා, මේ ජීවිතේදී තමන්ගේ ම විශේෂ ඥානයෙන් චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, සාක්ෂාත් කරගෙන වාසය කරනවා’ කියලා. ඉතින් පස්සෙ දවසක මට අර පුද්ගලයාව දකින්න ලැබෙනවා. ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වෙලා, මේ ජීවිතේදී තමන්ගේ ම විශේෂ ඥානයෙන් චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරගෙන වාසය කරමින් පුදුමාකාර සැපයක් විඳ විඳ ඉන්න හැටි. පින්වත් සාරිපුත්ත, පස් ආකාරයක ගති කියල කිව්වෙ මේවට තමයි.

41. යෝ ඛෝ මං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදෙය්‍ය: “නත්ථි සමණස්ස ගෝතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසෝ. තක්කපරියාහතං සමණෝ ගෝතමෝ ධම්මං දේසේති වීමංසානුචරිතං සයම්පටිභානන්ති.” තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. සෙය්‍යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නෝ සමාධිසම්පන්නෝ පඤ්ඤාසම්පන්නෝ දිට්ඨේව ධම්මේ අඤ්ඤං ආරාධෙය්‍ය, ඒවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඉතින් මේ විදිහේ අවබෝධ ඥානයෙන් යුක්ත බව දන්නා වූ, දක්නා වූ මට කවුරු හරි මෙහෙම කිව්වොත්, ‘ඔය ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ජීවිතේට ඉහළින් දියුණු කරපු සුවිශේෂ වූ අමුතු ඥානයක් නෑ. ශ්‍රමණ ගෞතමයන් තර්කානුකූලව කතා කරන්න දන්නවා. හොඳට විමසන්නත් දන්නවා. හරි ම නිර්මාණශීලී පුද්ගලයෙක්. ඒවා පාවිච්චි කරල තමයි ඔහු ධර්මය දේශනා කරන්නෙ’ කියලා. පින්වත් සාරිපුත්ත, ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය අත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. සීල සම්පන්න වූ, සමාධි සම්පන්න වූ, ප්‍රඥා සම්පන්න වූ භික්ෂුව මේ ජීවිතේදී ම රහත් වෙනවා වගේ. පින්වත් සාරිපුත්ත, මේ ගැන මට කියන්ට තියෙන්නෙත් ඒ විදිහට ම යි. ඒ තැනැත්තා ඔය වචනය අත්හැරියේ නැත්නම්, ඔය සිත අත්හැරියේ නැත්නම්, ඔය දෘෂ්ටිය අත්හැරියේ නැත්නම්, හිසෙන් ඔසවාගෙන ආ බරක් බිමින් තියනවා වගේ ඔහුට උපදින්න සිද්ධ වෙන්නේ නිරයේ.

42. අභිජානාමි ඛෝ පනාහං සාරිපුත්ත චතුරංගසමන්නාගතං බ්‍රහ්මචරියං චරිතා: තපස්සිස්සුදං හෝමි පරමතපස්සී. ලූකස්සුදං හෝති පරමලූඛෝ. ජේගුච්ඡී සුදං හෝමි පරමජෙගුච්ඡී පවිවිත්තසුදං හෝමි පරමපවිවිත්තෝ.

පින්වත් සාරිපුත්ත, (දුෂ්කරක්‍රියා කරන කාලෙ) ආකාර හතරකින් සමන්විත බ්‍රහ්මචාරී ජීවිතයක් මම ගතකළ බව මට මතකයි. මමත් ඒ කාලෙ තපස් රකින පුද්ගලයන් අතර ඉහළින් ම තපස් රැකපු කෙනෙක්. කටුක විදිහට ම තපස් රකින පුද්ගලයන්ට අතර මම උග්‍ර විදිහට ම කටුක තපස් රැකපු කෙනෙක්. පව් පිළිකුල් කරමින් තපස් රකින පුද්ගලයන් අතර ඉහළින් ම පව් පිළිකුල් කරපු කෙනෙක්. හුදෙකලා විවේකයෙන් තපස් රකින පුද්ගලයන් අතර මම ඉහළින් ම හුදෙකලා විවේකීව තපස් රැකපු කෙනෙක්.

43. තත්‍රස්සු මේ ඉදං සාරිපුත්ත තපස්සිතාය හෝති: අචේලකෝ හෝමි මුත්තාචාරෝ හත්ථාපලේඛනෝ, න ඒහිභද්දන්තිකෝ න තිට්ඨභද්දන්තිකෝ. න අභිහටං න උද්දිස්ස කටං න නිමන්තනං සාදියාමි. සෝ න කුම්භිමුඛා පතිග්ගණ්හාමි, න කළෝපිමුඛා පතිග්ගණ්හාමි, න ඒළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සංකිත්තීසු, න යත්ථ සා උපට්ඨිතෝ හෝති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං න මංසං, න සුරං න මෙරයං න ථුසෝදකං පිවාමි.

පින්වත් සාරිපුත්ත, ඒ කාලෙ මගේ තපස් රැකීම මෙන්න මේ වගේ දෙයක්. මම නිර්වස්ත්‍රව හිටියා. ශිෂ්ට බව අත්හැරියා. අතින් තමයි ආහාර පිළිගත්තේ. ‘එන්න ස්වාමීනී’ කියල දෙන දානය මම පිළිගත්තෙ නෑ. ‘සිටින්න ස්වාමීනී’ කියල දෙන දානය මං පිළිගත්තෙ නෑ. මා වෙනුවෙන් සැකසූ දානය මම පිළිගත්තෙ නෑ. ආරාධනා කරල දෙන දානය මම පිළිගත්තේ නෑ. හැළියේ උඩින් දෙන දානය මම පිළිගත්තේ නෑ. එළිපත්තේ ඉඳන් දෙන දානෙ මං පිළිගත්තේ නෑ. කණු දෙකක් අතරෙ ඉඳන් දෙන දානය මං පිළිගත්තෙ නෑ. මෝල්ගසක් අතර හිටගෙන දෙන දානය මම පිළිගත්තෙ නෑ. දෙන්නෙක් කෑම කකා සිටිද්දි එක්කෙනෙක් ඇවිත් දෙන දානය මම පිළිගත්තෙ නෑ. ගර්භනී මව්වරුන් දෙන දානය මම පිළිගත්තෙ නෑ. දරුවන්ට කිරිපොවන තැනැත්තිය විසින් දෙන දානය මම පිළිගත්තෙ නෑ. පුරුෂයෙක් ලඟට ගිය ස්ත්‍රියක් දෙන දානය මම පිළිගත්තෙ නෑ. සම්මාදම් කරල දෙන දෙයින් හදන දානය මං පිළිගත්තෙ නෑ. දානෙ දෙන තැන බල්ලෙක්වත් හිටියොත්, ඌට නොදී මට දෙන දානය මං පිළිගත්තෙ නෑ. මැස්සො කැටිගැහිල පිරිලා ඉන්න තැන්වල ඉඳන් දෙන දානය මම පිළිගත්තෙ නෑ. මස් වැළඳුවෙත් නෑ. මාළු වැළඳුවෙත් නෑ. සුරා බිව්වෙත් නෑ. රා බිව්වෙත් නෑ. ලෝණසෝවීරක කියන මත්පැන් ජාතිය පිළිගත්තෙත් නෑ.

සෝ ඒකාගාරිකෝ වා හෝමි ඒකාලෝපිකෝ, ද්වාගාරිකෝ වා හෝමි ද්වාලෝපිකෝ, සත්තාගාරිකෝ වා හෝමි සත්තාලෝපිකෝ, ඒකිස්සාපි දත්තියා යාපේමි. ද්වීහිපි දත්තීහි යාපේමි. සත්තහිපි දත්තීහි යාපේමි. ඒකාහිකම්පි ආහාරං ආහාරේමි. ද්වීහිකම්පි ආහාරං ආහාරේමි. සත්තාහිකම්පි ආහාරං ආහාරේමි. ඉති ඒවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභෝජනානුයෝගමනුයුත්තෝ විහරාමි.

සමහර දවස්වලට එක ගෙදරකින් එක බත් පිඬක් පමණක් අරගෙන යැපුණා. ගෙවල් දෙකකින් බත් පිඬු දෙකක් අරගෙන යැපුනා. ගෙවල් සතකින් බත් පිඬු සතක් අරගෙන යැපුනා. ඉතා කුඩා එක බත් හැන්දෙනුත් යැපුනා. ඉතා කුඩා බත් හැඳි දෙකකිනුත් යැපුනා. ඉතා කුඩා බත් හැඳි හතකිනුත් යැපුනා. ඇතැම් දවස්වලට මම දවසට එක් වරක් පමණක් දානෙ ගත්තා. දවස් දෙකකට වරක් දානෙ ගත්තා. දවස් හතකට ම එක වේලක් දානෙ ගත්තා. සති දෙකකටම එක වේලක් දානෙ ගත්තා. මේ විදිහටයි මම ඒ කාලෙ දානෙ ගත්තෙ.

සෝ සාකභක්ඛෝ වා හෝමි, සාමාකභක්ඛෝ වා හෝමි, නීවාරභක්ඛෝ වා හෝමි, දද්දුලභක්ඛෝ වා හෝමි, හටභක්ඛෝ වා හෝමි, කණභක්ඛෝ වා හෝමි, ආචාමභක්ඛෝ වා හෝමි, පිඤ්ඤාකභක්ඛෝ වා හෝමි, තිණභක්ඛෝ වා හෝමි, ගෝමයභක්ඛෝ වා හෝමි. වනමූලඵලාහාරෝ යාපේමි පවත්තඵලභෝජී.

මම ඒ කාලෙ අමු කොළ විතරක් වැළඳුවා. තණ හාල් විතරක් වැළඳුවා. හාල් විතරක් වැළඳුවා. ගස් පොතුවල කහට විතරක් වැළඳුවා. ගස්වල ලාටු විතරක් වැළඳුවා. සුණු සහල් විතරක් වැළඳුවා. බත් ඉව්වම හැදෙන පෙණ විතරක් වැළඳුවා. තල ඇට විතරක් වැළඳුවා. තණකොළ විතරක් වැළඳුවා. ගොම විතරක් වැළඳුවා. ගස්වල මුලුයි ගෙඩියි විතරක් වැළඳුවා. ගස් මුලට වැටිච්ච ගෙඩි විතරක් වැළඳුවා.

සෝ සාණානිපි ධාරේමි, මසාණානිපි ධාරේමි, ඡවදුස්සානිපි ධාරේමි, පංසුකූලානිපි ධාරේමි, තිරීටානිපි ධාරේමි, අජිනම්පි ධාරේමි, අජිනක්ඛිපම්පි ධාරේමි, කුසචීරම්පි ධාරේමි, වාකචීරම්පි ධාරේමි, ඵලකචීරම්පි ධාරේමි, කේසකම්බලම්පි ධාරේමි, වාළකම්බලම්පි ධාරේමි, උලුකපක්ඛම්පි ධාරේමි.

මම ඒ කාලෙ හණ වැහැරි විතරක් පොරෝගෙන හිටියෙ. නොයෙක් නූල් වලින් වියපු රෙදි පෙරෙව්වා. මිනී ඔතපු රෙදිත් පෙරෙව්වා. ගස්වල පොතු වලින් හදපු රෙදිත් පොරවලා තියෙනවා. අඳුන් දිවියන්ගේ හමත් පොරෝල තියෙනවා. අඳුන් මුවාගේ හමත් පොරෝල තියෙනවා. කුස තණ වලින් හදපු ගෝනිත් පොරෝගෙන හිටියා. එළුවන්ගේ හමත් පොරෝල තියෙනවා. කෙස් වලින් හදපු කබායත් පොරෝල තියෙනවා. අශ්ව ලෝම වලින් හදපු කබායත් පොරෝල තියෙනවා. බකමූණූ පිහාටු වලින් හදපු කබායත් පොරෝල තියෙනවා.

සෝ කේසමස්සුලෝචකෝපි හෝමි, කේසමස්සුලෝචනානුයෝගමනුයුත්තෝ. උබ්භට්ඨකෝපි හෝමි ආසනපටික්ඛිත්තෝ. උක්කුටිකෝපි හෝමි උක්කුටිකප්පධානමනුයුත්තෝ. කණ්ටකාපස්සයිකෝපි හෝමි කණ්ටකාපස්සයේසෙය්‍යං කප්පේමි. සායතතියකම්පි උදකෝරෝහනානුයෝගමනුයුත්තෝ විහරාමි.

ඒ කාලෙ මම කෙස් රැවුල් උදුරන්නයි පුරුදු වෙලා හිටියේ. ආසනවල වාඩිවීම ප්‍රතික්ෂේප කළා. මම හිටියේ උඩුබැලි අතට. මම උක්කුටිකයෙන් (කකුලේ ඇඟිලි තුඩු වලින්) වාඩිවෙලා තමයි භාවනා කළේ. කටු ගහපු ලෑලි උඩ මම සක්මන් කළා. කටු ගහපු ලෑලි උඩ මං හාන්සි වෙලා හිටියා. දවසට තුන් වතාවක් වතුරෙ බැහැල කිමිදිලා තපස් රැක්කා.

ඉති ඒවරූපං අනේකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයෝගමනුයුත්තෝ විහරාමි. ඉදංසු මේ සාරිපුත්ත තපස්සිතාය හෝති.

මම ඔය විදිහට නොයෙක් ආකාරයට මේ ශරීරය බලවත්ව තැලෙන පොඩිවෙන, දැවෙන තැවෙන විදිහේ තපස් රැක්කා. පින්වත් සාරිපුත්ත, ඔන්න ඔය වගේ තාපස ජීවිතයක් තමයි මං ගත කළේ.

44. තත්‍රස්සු මේ ඉදං සාරිපුත්ත ලුඛස්මිං හෝති: නේකවස්සගණිකං රජෝජල්ලං කායේ සන්නිචිතං හෝති පපටිකජාතං. සෙය්‍යථාපි සාරිපුත්ත තින්දුඛාණු නේකවස්සගණිකෝ සන්නිචිතෝ හෝති පපටිකජාතෝ ඒවමේවස්සු මේ සාරිපුත්ත නේකවස්සගණිකං රජෝජල්ලං කායේ සන්නිචිතං හෝති පපටිකජාතං. තස්ස මය්හං සාරිපුත්ත න ඒවං හෝති: අහෝවතාහං ඉමං රජෝජල්ලං පාණිනා පරිමජ්ජෙය්‍යං, අඤ්ඤේ වා පන මේ ඉමං රජෝජල්ලං පාණිනා පරිමජ්ජෙය්‍යුන්ති. ඒවම්පි මේ සාරිපුත්ත න හෝති. ඉදං සු මේ සාරිපුත්ත ලුඛස්මිං හෝති.

පින්වත් සාරිපුත්ත, මම ගත කරපු කටුක ජීවිතේ මෙන්න මේ විදිහයි. මම අවුරුදු ගාණක් ඇඟ පුරා දූවිලි එකතුවෙන්න හැරියා. ඇඟේ දූවිලි තට්ටු බැඳිල පතුරු ගැලවුණා. පින්වත් සාරිපුත්ත, අවුරුදු ගණනක් පරණ තිඹිරි කණුවක හැදිච්ච පතුරු වගෙයි. ඒ විදිහට ම මගේ ශරීරයේ අවුරුදු ගාණක් තිස්සේ දූවිලි බැඳිලා, පතුරු හැදිල තමයි තිබුනේ. නමුත් මට මගේ මේ දූවිලි පතුරු ‘අතින් පිහදාල දාන්න ඕන කියල හරි, කවුරු හරි ඇවිදින් මේ දූවිලි පතුරු පිහදාල දානවා නම් හොඳයි’ කියල හරි කවදාවත් හිතුනෙ නෑ. පින්වත් සාරිපුත්ත, ඔය වගේ රූක්ෂ, කටුක තපස් ජීවිතයක් තමයි මම ගත කළේ.

45. තත්‍රස්සු මේ ඉදං සාරිපුත්ත ජේගුච්ඡිස්මිං හෝති: සෝ ඛෝ අහං සාරිපුත්ත සතෝව අභික්කමාමි සතෝව පටික්කමාමි. යාව උදකබින්දුම්හිපි මේ දයා පච්චුපට්ඨිතා හෝති: මාහං ඛුද්දකේ පාණේ විසමගතේ සංඝාතං ආපාදෙස්සන්ති. ඉදංසු මේ සාරිපුත්ත ජෙගුච්ඡිස්මිං හෝති.

පින්වත් සාරිපුත්ත, පව පිළිකුල් කරන තාපස ජීවිතේ මම ගත කළේ මෙන්න මේ විදිහටයි. පින්වත් සාරිපුත්ත, හොඳට සිහිය පිහිටුවාගෙන ම යි ඉස්සරහට යන්නෙ. ආපස්සට එන්නෙත් සිහිය පිහිටුවාගෙන ම යි. පුංචි වතුර බිංදුවක් කෙරෙහිත් මගේ හිතේ දයාව පිහිටලා තිබුනා. ‘මේ වැටන්න යන වතුර බිංදුවේ ඉන්න ක්ෂුද්‍ර ජීවියෙකුටවත් හිංසා වෙන්න එපා!’ කියලා. පින්වත් සාරිපුත්ත, පවට පිළිකුල් කිරීම ඔන්න ඔය විදිහටයි මං තුළ තිබුනේ.

46. තත්‍රස්සු මේ ඉදං සාරිපුත්ත පවිවිත්තස්මිං හෝති: සෝ ඛෝ අහං සාරිපුත්ත අඤ්ඤතරං අරඤ්ඤායතනං අජ්ඣෝගාහෙත්වා විහරාමි, යදා පස්සාමි ගෝපාලකං වා පසුපාලකං වා තිණහාරකං වා කට්ඨහාරකං වා වනකම්මිකං වා, වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං ථලේන ථලං පපතාමි. තං කිස්ස හේතු: මා මං තේ අද්දසංසු, අහඤ්ච වා තේ අද්දසන්ති. සෙය්‍යථාපි සාරිපුත්ත ආරඤ්ඤකෝ මිගෝ මනුස්සේ දිස්වා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං ථලේන ථලං පපතති, ඒවමේව ඛෝ අහං සාරිපුත්ත යදා පස්සාමි ගෝපාලකං වා පසුපාලකං වා තිණහාරකං වා කට්ඨහාරකං වා වනකම්මිකං වා, වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං ථලේන ථලං පපතාමි. තං කිස්ස හේතු: මා මං තේ අද්දසංසු, අහඤ්ච වා තේ අද්දසන්ති. ඉදං සු මේ සාරිපුත්ත පවිවිත්තස්මිං හෝති.

පින්වත් සාරිපුත්ත, මම විවේකයෙන් හුදෙකලා ජීවිතේ ගත කළේ මෙන්න මේ විදිහටයි. පින්වත් සාරිපුත්ත, මම සමහර වනාන්තරවල ඇතුළට ම ගිහිල්ල ඉන්නවා. එතකොට මට ගොපල්ලෙක්ව, සතුන් ඇතිකරන කෙනෙක්ව, තණකොළ ගෙනියන්ට එන කෙනෙක්ව, දර ගෙනියන්ට ආපු කෙනෙක්ව, කැලෑ මුරකරුවෙක්ව හරි දකින්න ලැබුනොත්, මම වනාන්තරෙන් වනාන්තරේට, වන ලැහැබෙන් වන ලැහැබට, මිටියාවතෙන් මිටියාවතට, කඳු ගැටෙන් කඳු ගැටේට පැනල දුවනවා. ඇයි මම එහෙම කරන්නෙ? ‘ඒ උදවියට මාව දකින්නට නොලැබේවා!’ කියල. ‘මටත් ඒ උදවිය මුණ නොගැසේවා!’ කියලයි. පින්වත් සාරිපුත්ත, ඒක මෙන්න මේ වගේ දෙයක්. වනාන්තරේ මුවෙක් ඉන්නවා. ඉතින් ඔය මුවා මිනිස්සු දැක්කා ම වනාන්තරෙන් වනාන්තරේට, වන ලැහැබෙන් වන ලැහැබට, මිටියාවතෙන් මිටියාවතට, කඳු ගැටෙන් කඳු ගැටේට පැනල දුවනවා. පින්වත් සාරිපුත්ත, අන්න ඒ විදිහට ම යි ගොපල්ලෙක් හරි, සතුන් ඇතිකරන කෙනෙක් හරි, තණකොළ ගෙනියන්න එන කෙනෙක් හරි, දර ගෙනියන්න ආපු කෙනෙක් හරි, කැලෑ මුරකාරයෙක් හරි මට දකින්න ලැබුනොත්, මම වනාන්තරෙන් වනාන්තරේට, වන ලැහැබෙන් වන ලැහැබට, මිටියාවතෙන් මිටියාවතට, කඳු ගැටෙන් කඳු ගැටේට පැනල ගියා. ඇයි එහෙම කළේ? ‘ඒ උදවියට මාව දකින්නට නොලැබේවා!’ කියලා. ‘මටත් ඒ උදවියව දකින්න නො ලැබේවා!’ කියලයි. පින්වත් සාරිපුත්ත, මං ගතකළ හුදෙකලා ජීවිතය ඔය වගේ එකක්.

47. (තත්‍රස්සු මේ ඉදං සාරිපුත්ත මහාවිකට භෝජනස්මිං හෝති:) සෝ ඛෝ අහං සාරිපුත්ත යේ තේ ගොට්ඨා පට්ඨිතගාවෝ අපගතගෝපාලා තත්ථ චතුක්කුණ්ඩිඛෝ උපසංකමිත්වා යානි තානි වච්ඡකානං තරුණකානං ධේනුපකානං ගෝමයානි, තානි සුදං ආහාරේමි යාවකීවඤ්ච මේ සාරිපුත්ත සකං මුත්තකරීසං අපරියාදිණ්ණං හෝති, සකං යේව සුදං මුත්තකරීසං ආහාරේමි. ඉදං සු මේ සාරිපුත්ත මහාවිකටභොජනස්මිං හෝති.

පින්වත් සාරිපුත්ත, ඒ කාලෙ මම අපවිත්‍ර දේවල් පවා ආහාරයට ගත්තා. ගවයන් නැති වෙලාවට, ගොපල්ලන් පිටත්ව ගිය වෙලාවට මම ගව ගාල්වලට යනවා. කිරි බොන පැටවුන්ගේ ගොම අනුභව කරන්නෙ වැළමිටයි, දණිස් දෙකයි බිම තියාගෙන. ඒ වගේ ම පින්වත් සාරිපුත්ත, මම මගේ ම මළ මූත්‍රා ආහාරයට ගත්තා. ඒ මළ මූත්‍රා හැදෙන එක ඉවර වෙනකල් ම මම ආහාරයට ගන්නෙ ඒවා විතරයි. පින්වත් සාරිපුත්ත, මම ගන්න ඒ ආහාරයට කියන්නෙ ‘මහා විකට භෝජනය’ කියලා.

48. සෝ ඛෝ අහං සාරිපුත්ත අඤ්ඤතරං භිංසනකං වනසණ්ඩං අජ්ඣෝගාහෙත්වා විහරාමි. තත්‍ර සුදං සාරිපුත්ත භිංසනකස්ස වනසණ්ඩස්ස භිංසනකතස්මිං හෝති: යෝ ඛෝචි අවීතරාගෝ තං වනසණ්ඩං පවිසති යේභුය්‍යේන ලෝමානි හංසන්ති. සෝ ඛෝ අහං සාරිපුත්ත යා තා රත්තියෝ සීතා හේමන්තිකා අන්තරට්ඨකා හිමපාතසමයේ, තථාරූපාසු රත්තීසු රත්තිං අබ්භෝකාසේ විහරාමි දිවා වනසණ්ඩේ. ගිම්හානං පච්ඡිමේ මාසේ දිවා අබ්භෝකාසේ විහරාමි රත්තිං වනසණ්ඩේ. අපිස්සු මං සාරිපුත්ත අයං අනච්ඡරියා ගාථා පටිභාසි පුබ්බේ අස්සුතපුබ්බා:

පින්වත් සාරිපුත්ත, මම භයානක වනාන්තර ඇතුළට ම ගිහින් ඉන්නවා. ඒ වනාන්තරවල බිහිසුණු බව මේ විදිහයි. රාගය දුරු නොකළ කෙනෙක් ඒ වනාන්තර ඇතුළට ගියොත් පුදුම විදිහට භයට පත්වෙනවා. ඇඟේ මවිල් කෙලින් හිටිනවා. පින්වත් සාරිපුත්ත, මම ඒ වනාන්තරයට ගිහින් හිම වැටෙන සීතල රාත්‍රියට එළිමහනේ සක්මන් කර කර ඉන්නවා. මම දවල් කාලෙ වන ලැහැබක් ඇතුළෙ ඉන්නවා. ග්‍රීස්ම කාලෙ අන්තිම මාසෙ දවල්ට එළිමහනෙ තමයි ඉන්නේ. රෑට වන ලැහැබකට යනවා. ඉතින් පින්වත් සාරිපුත්ත, මම එහෙම ඉන්න කොට මම කවදාවත් අහල නැති මෙන්න මේ ආශ්චර්යමත් ගාථාව මගේ හිතට වැටහුනා.

සෝතත්තෝ සෝසීනෝ එකෝ භිංසනකේ වනේ
නග්ගෝ න චග්ගිමාසීනෝ එසනා පසුතෝ මුනීති.”

‘පාරිශුද්ධ ජීවිතයක් සොයමින් යන මුනිවරයෙක් වන මම නිර්වස්ත්‍රවයි ඉන්නෙ. පායන කාලෙට අව්වෙන් පිච්චි පිච්චි ඉන්නවා. හිම වැටෙන කාලෙට අධික සීතලේ තෙමි තෙමි ඉන්නවා. බිහිසුණු වනාන්තරයේ තනියම ඉන්නවා. සීතල නැති කරගන්න ගිනි ගොඩක් ලඟටවත් ගියේ නෑ.’

49. සෝ ඛෝ අහං සාරිපුත්ත, සුසානේ සෙය්‍යං කප්පෙමි ඡවට්ඨිකානි උපධාය. අපිස්සු මං සාරිපුත්ත ගොමණ්ඩලා උපසංකමිත්වා ඔට්ඨුභන්තිපි ඔමුත්තෙන්තිපි, පංසුකේනපි ඔකිරන්ති. කණ්ණසෝතේසු’පි සලාකං පවේසෙන්ති. න ඛෝ පනාහං සාරිපුත්ත අභිජානාමි තේසු පාපකං චිත්තං උප්පාදේතා. ඉදං සු මේ සාරිපුත්ත උපෙක්ඛාවිහාරස්මිං හෝති.

පින්වත් සාරිපුත්ත, මම සොහොනට ගිහිල්ලත් නිදාගන්නවා. කොට්ටෙට තියාගන්නෙ මිනී ඇට. පින්වත් සාරිපුත්ත, එතකොට ගොපලු කොලුපැටව් මා ලඟට ඇවිදින් මට කෙළ ගහනවා. මගේ ඇඟට මුත්‍රා කරනවා. පස් වලිනුත් ගහනවා. මගේ කන්වලට ඉරටුත් ගහනවා. පින්වත් සාරිපුත්ත, මට ඒ දරුවන් ගැන තරහ සිතක් නම් ඇතිවුනේ නෑ. පින්වත් සාරිපුත්ත, මේ විදිහයි මම ගතකරපු උපේක්ෂා සහගත තපස් ජීවිතය.

50. සන්ති ඛෝ පන සාරිපුත්ත එකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ආහාරේන සුද්ධීති. තේ ඒවමාහංසු: කෝලේහි යාපේමාති. තේ කෝලම්පි ඛාදන්ති, කෝලචුණ්ණම්පි ඛාදන්ති, කෝලෝදකම්පි පිවන්ති, අනේකවිහිතම්පි කෝලවිකතිං පරිහුඤ්ජන්ති. අභිජානාමි ඛෝ පනාහං සාරිපුත්ත ඒකංයේව කෝලං ආහාරං ආහරිතා. සියා ඛෝ පන තේ සාරිපුත්ත ඒවමස්ස: මහා නූන තේන සමයේන කෝලෝ අහොසීති. න ඛෝ පනේතං සාරිපුත්ත ඒවං දට්ඨබ්බං. තදාපි ඒත පරමොයේව ඛෝලෝ අහෝසි, සෙය්‍යථාපි ඒතරහි. තස්ස මය්හං සාරිපුත්ත ඒකංයේව කෝලං ආහාරං ආහාරයතෝ අධිමත්තකසිමානං පත්තෝ කායෝ හෝති: සෙය්‍යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, ඒවමේවස්සු මේ අංගපච්චංගානි භවන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨපදං, ඒවමේවස්සු මේ ආනිසදං හෝති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට්ටනාවළී ඒවමේවස්සු මේ පිට්ඨිකණ්ටකෝ උන්නතාවනතෝ හෝති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ජරසාලාය ගෝපානසියෝ ඔලුග්ගවිලුග්ගා භවන්ති, ඒවමේවස්සු මේ ඵාසුළියෝ ඔලුග්ගවිලුග්ගා භවන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, ඒවමේවස්සු මේ අක්ඛිකූපේසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නෝ වාතාතපේන සම්ඵුටිතෝ හෝති සම්මිලාතෝ, ඒවමේවස්සු මේ සීසච්ඡවි සංඵුටිතා හෝති සම්මිලාතා, තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං සාරිපුත්ත උදරච්ඡවිං පරිමසිස්සාමීති පිට්ඨිකණ්ටකං යේව පරිග්ගණ්හාමි. පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමීති උදරච්ඡවිංයේව පරිග්ගණ්හාමි. යාවස්සු මේ සාරිපුත්ත උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හෝති තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං සාරිපුත්ත, වච්චං වා මුත්තං වා කරිස්සාමීති තත්ථේව අවකුජ්ජෝ පපතාමි. තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං සාරිපුත්ත තමේව කායං අස්සාසෙන්තෝ පාණිනා ගත්තානි අනෝමජ්ජාමි. තස්ස මය්හං සාරිපුත්ත පාණිනා ගත්තානි අනෝමජ්ජතෝ පූතිමූලානි ලෝමානි කායස්මා පපතන්ති තායේවප්පාහාරතාය.

පින්වත් සාරිපුත්ත, මේ විදිහට කියන, මේ වගේ මත දරණ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ‘ආහාරයෙන් පිරිසිදු වෙන්න පුළුවන්’ය කියලා. ඉතින් ඒ උදවිය මෙහෙම කියනවා. “අපි ජීවත් වෙන්නෙ මසං ගෙඩි වලින් විතරයි” කියලා. නමුත් ඔවුන් මසං ගෙඩිත් කනවා. මසං වේලලා පිටි කරගෙනත් කනවා. වතුරෙ දාල මිරිකල ඉස්මත් බොනවා. මසංවලින් හදන එක එක කැවිලි ජාති තියෙනවා. ඒවත් කනවා. ඒත් පින්වත් සාරිපුත්ත, මම නම් ඒ කාලෙ එක ම එක මසං ගෙඩියක් විතරයි ආහාරයට ගත්තෙ. පින්වත් සාරිපුත්ත, ඔබට හිතෙන්න පුළුවනි, “ඇත්තෙන් ම ඒ දවස්වල මසං ගෙඩි ලොකුවට තිබුනවත් ද” කියල. නෑ පින්වත් සාරිපුත්ත එහෙම වුනේ නෑ. ඔය අද දකින මසං ගෙඩියේ ප්‍රමාණය ම යි එදත් තිබුනේ. ඉතින් පින්වත් සාරිපුත්ත, මම එක ම එක මසං ගෙඩියකින් ජීවත් වෙනකොට මගේ මේ ශරීරය පුදුම විදිහට කෙට්ටු වෙලා ගියා. කළු වැල් පුරුක් වගෙයි පෙනුනෙ. ආසීතික වැල් පුරුක් වගෙයි පෙනුනෙ. මම ඔය විදිහට ඉතාමත් යාන්තමින් ආහාර ගත්තු නිසා මගේ ඇඟ පත හොඳට ම කෙට්ටු වෙලා ගියා. මම ආහාර කොයිතරම් අඩුවෙන් ගත්තද කිව්වොත්, මගේ තට්ටම් කෙට්ටු වෙලා ගියේ ඔටුවෙකුගේ පියසටහන් වගෙයි. වට්ටනාවලි කියල ගැට හැදිච්ච වැලි ජාතියක් තියෙනවා. මගේ කොඳු ඇට පේළියත් ඒ වගේ වුනා. ආහාර අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. ඒ වගේ ම ගොඩාක් දිරපු ශාලාවක වහලෙ පරාල තියෙන්නෙ එහාට මෙහාට උස් පහත් වෙලා. ආහාර අඩුවෙන් ගැනීම කොච්චර ද කිව්වොත් මගේ පපුවෙ ඇට පෙනුනෙත් ඒ විදිහට ම යි. ඒ වගේ ම ගැඹුරු ලිඳක් තියෙනවා කියල හිතන්න. ඒ ලිඳ කොච්චර ගැඹුරු ද කිව්වොත් වතුර ටික යාන්තමට දිලිසෙනවා විතරයි පේන්නෙ. ඔය විදිහට ම මගේ ඇස් දෙක ඇස් වලේ යටට ම ගිලිල යාන්තමට දිළිසුනා. ආහාර අඩුවෙන් ගත්තු නිසා තමයි එහෙම වුනේ. ඒ වගේ ම අමුවෙන් කඩලා අව්වට වේලිලා මැලවිලා ගිය ලබු ගෙඩියක් ගැන හිතන්න. මගේ හිසේ හමත් අන්න ඒ විදිහට මැලවිලා, රැලි වැටිලා ගියා. ආහාර අඩුවෙන් ගත්තු නිසා තමයි එහෙම වුනේ.

පින්වත් සාරිපුත්ත, මම බඩේ හම අතින් පිරිමදින කොට, කොඳු ඇට පේළිය අතට අහුවෙනවා. කොඳු ඇට පේළිය පිරිමදින කොට බඩේ හම තමයි අතට අහු වුනේ. පින්වත් සාරිපුත්ත, ආහාර අඩුවෙන් ගත්තු නිසා ම තමයි බඩේ හමයි කොඳු ඇට පේළියයි එකට ඇලිලා ගියේ. මම වැසිකිළි කැසිකිළි යන්න හදන කොට එතන ම යටිකුරුව වැටුනා. පින්වත් සාරිපුත්ත, ආහාර අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. පින්වත් සාරිපුත්ත, මේ ශරීරයේ අතපය මම පිරිමදින කොට ඇඟේ මවිල්වල මුල් ඉදිරිලා ඒ මවිල් ගැලවිලා වැටෙනවා. ආහාර අඩුවෙන් ගැනීම කොච්චර ද කිව්වොත් ඒ නිසා ම යි එහෙම වුනේ.

52. සන්ති ඛෝ පන සාරිපුත්ත එකේ සමණබ්‍රාහ්මණා ඒවං වාදිනෝ ඒවංදිට්ඨිනෝ: ආහාරේන සුද්ධීති. තේ ඒවමාහංසු: මුග්ගේහි යාපේම…පෙ…. තිලෙහි යාපේම…පෙ…. තණ්ඩුලෙහි යාපෙමාති. තේ තණ්ඩුලම්පි ඛාදන්ති, තණ්ඩුලචුණ්ණම්පි ඛාදන්ති, තණ්ඩුලෝදකම්පි පිවන්ති, අනේකවිහිතම්පි තණ්ඩුලවිකතිං පරිහුඤ්ජන්ති. අභිජානාමි ඛෝ පනාහං සාරිපුත්ත ඒකංයෙව තණ්ඩුලං ආහාරං ආහාරිතා. සියා ඛෝ පන තේ සාරිපුත්ත ඒවමස්ස: මහා නූන තේන සමයේන තණ්ඩුලෝ අහෝසීති. න ඛෝ පනේතං සාරිපුත්ත ඒවං දට්ඨබ්බං. තදාපි ඒතපරමායේව තණ්ඩුලෝ අහෝසි සෙය්‍යථාපි ඒතරහි.

පින්වත් සාරිපුත්ත, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවිය මෙහෙමයි කියන්නෙ. මේ වගේ මතයක් තමයි දරන්නෙ. ‘ආහාරයෙන් සත්වයන් පිරිසිදු වෙනවා’ය කියල. ඉතින් ඒ උදවිය මෙහෙම කියනවා. ‘අපි නම් ජීවත් වෙන්නෙ මුං ඇට වලින් විතරයි’ කියලා ….(පෙ)…. ‘අපි නම් ජීවත් වෙන්නෙ තල ඇටවලින් විතරයි’ කියලා ….(පෙ)…. ‘අපි නම් ජීවත් වෙන්නෙ හාල් වලින් විතරයි’ කියලා. ඒත් ඔවුන් හාලුත් කනවා. හාල් පිටිත් කනවා. හාල් කැඳත් බොනවා. හාල්වලින් හදන එක එක කැවිලි ජාති තියෙනවා. ඒවාත් කනවා. පින්වත් සාරිපුත්ත, මම නම් අනුභව කළේ එක ම එක හාල් ඇටයක් විතරයි. පින්වත් සාරිපුත්ත, ඔබට හිතෙන්න පුළුවනි ඒ දවස්වල හාල් ඇට මෙයිට වඩා ලොකුවට තිබුනවත් ද කියල. නෑ පින්වත් සාරිපුත්ත, එහෙම දෙයක් වුනේ නෑ. මේ දවස්වල තියෙන හාල් ඇටේක ප්‍රමාණය ම යි ඒ දවස්වල තිබුනෙත්.

53. තස්ස මය්හං සාරිපුත්ත ඒකංයේව තණ්ඩුලං ආහාරං ආහාරයතෝ අධිමත්තකසිමානං පත්තෝ කායෝ හෝති. සෙය්‍යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, ඒවමේවස්සු මේ අංගපච්චංගානි භවන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට්ඨපදං ඒවමේවස්සු මේ ආනිසදං හෝති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට්ටනාවළී, ඒවමේවස්සු මේ පිට්ඨිකණ්ටකෝ උන්නතාවනතෝ හෝති තායේවප්පාහාරතායං සෙය්‍යථාපි නාම ජරසාලාය ගෝපානසියෝ ඕලුග්ගවිලුග්ගා භවන්ති, ඒවමේවස්සු මේ ඵාසුළියෝ ඔලුග්ගවිලුග්ගා භවන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, ඒවමේවස්සු මේ අක්ඛිකූපේසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායේවප්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නෝ වාතාතපේන සංඵුටිතෝ හෝති සම්මිලාතෝ, ඒවමේවස්සු මේ සීසච්ඡවි සංඵුටිතා හෝති සම්මිලාතා තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං සාරිපුත්ත, උදරච්ඡවිං පරිමසිස්සාමීති පිට්ඨිකණ්ටකංයේව පරිග්ගණ්හාමි. පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමීති උදරච්ඡවිංයේව පරිගණ්හාමි. යාවස්සු මේ සාරිපුත්ත උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හෝති තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං සාරිපුත්ත, වච්චං වා මුත්තං වා කරිස්සාමීති තත්වේව අවකුජ්ජෝ පපතාමි තායේවප්පාහාරතාය. සෝ ඛෝ අහං සාරිපුත්ත, තමේව කායං අස්සාසේන්තෝ පාණිනා ගත්තානි අනෝමජ්ජාමි. තස්ස මය්හං සාරිපුත්ත පාණිනා ගත්තානි අනෝමජ්ජතෝ පූතිමූලානි ලෝමානි කායස්මා පපතන්ති තායේවප්පාහාරතාය.

ඉතින් පින්වත් සාරිපුත්ත, එක ම එක හාල් ඇටයක් විතරක් මම ආහාරයට ගනිද්දි, මගේ මේ ශරීරය පුදුම විදිහට කෙට්ටු වෙලා ගියා. කළු වැල් පුරුක් වගෙයි පෙනුනෙ. ආසීතික වැල් පුරුක් වගෙයි පෙනුනේ. මම ඔය විදිහට ඉතාමත් යාන්තමින් ආහාර ගත්තු නිසා මගේ ඇඟ පත හොඳට ම කෙට්ටු වෙලා ගියා. මම ආහාර කොයිතරම් අඩුවෙන් ගත්තද කිව්වොත්, මගේ තට්ටම් කෙට්ටු වෙලා ගියේ ඔටුවෙකුගේ පියසටහන් වගෙයි. වට්ටනාවලි කියල ගැට හැදිච්ච වැලි ජාතියක් තියෙනවා. මගේ කොඳු ඇට පේළියත් ඒ වගේ වුනා. ආහාර අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. ඒ වගේ ම ගොඩාක් දිරපු ශාලාවක වහලෙ පරාල තියෙන්නෙ එහාට මෙහාට උස් පහත් වෙලා. ආහාර අඩුවෙන් ගැනීම කොච්චරද කිව්වොත් මගේ පපුවෙ ඇට පෙනුනෙත් ඒ විදිහට ම යි. ඒ වගේ ම ගැඹුරු ලිඳක් තියෙනවා කියල හිතන්න. ඒ ලිඳ කොච්චර ගැඹුරු ද කිව්වොත් වතුර ටික යාන්තමට දිලිසෙනවා විතරයි පේන්නෙ. ඔය විදිහට ම මගේ ඇස් දෙක ඇස් වලේ යටට ම ගිලිල යාන්තමට දිළිසුනා. ආහාර අඩුවෙන් ගත්තු නිසා තමයි එහෙම වුනේ. ඒ වගේ ම අමුවෙන් කඩලා අව්වට වේලිලා මැලවිලා ගිය ලබු ගෙඩියක් ගැන හිතන්න. මගේ හිසේ හමත් අන්න ඒ විදිහට මැලවිලා, රැලි වැටිලා ගියා. ආහාර අඩුවෙන් ගත්තු නිසා තමයි එහෙම වුනේ.

පින්වත් සාරිපුත්ත, මම බඩේ හම අතින් පිරිමදින කොට, කොඳු ඇට පේළිය අතට අහුවෙනවා. කොඳු ඇට පේළිය පිරිමදින කොට බඩේ හම තමයි අතට අහුවුනේ. පින්වත් සාරිපුත්ත, ආහාර අඩුවෙන් ගත්තු නිසා ම තමයි බඩේ හමයි කොඳු ඇට පේළියයි එකට ඇලිලා ගියේ. මම වැසිකිළි කැසිකිළි යන්න හදන කොට එතන ම යටිකුරුව වැටුනා. පින්වත් සාරිපුත්ත, ආහාර අඩුවෙන් ගත්තු නිසා තමයි ඒ විදිහට වුනේ. පින්වත් සාරිපුත්ත, මේ ශරීරයේ අතපය මම පිරිමදින කොට ඇඟේ මවිල්වල මුල් ඉදිරිලා ඒ මවිල් ගැලවිලා වැටෙනවා. ආහාර අඩුවෙන් ගැනීම කොච්චර ද කිව්වොත් ඒ නිසා ම යි එහෙම වුනේ.

54. තායපි ඛෝ අහං සාරිපුත්ත ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය න අජ්ඣගමං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං. තංකිස්සහේතු: ඉමිස්සායේව අරියාය පඤ්ඤාය අනධිගමා යායං අරියා පඤ්ඤා අධිගතා අරියා නිය්‍යානිකා නිය්‍යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය.

පින්වත් සාරිපුත්ත, ඒ විදිහට ජීවත් වෙලා, ඒ විදිහට ප්‍රතිපත්තියේ යෙදිලා, ඒ තරම් ම දුෂ්කර ක්‍රියාවක යෙදිලත් මට මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ වූ අවබෝධ ඥානයක් ලබාගන්න පුළුවන් වුනේ නෑ. ඒකට හේතුව මොකක් ද? චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන මේ ආර්ය වූ, නිවන පිණිස පවතින්නා වූ, ඒ ආර්ය මාර්ගයේ යෙදෙන තැනැත්තාගේ දුක් මනාකොට ක්ෂය වීමට පමුණුවන්නා වූ, යම් ආර්ය ප්‍රඥාවක් ඇද්ද, අන්න ඒ ආර්ය වූ ප්‍රඥාව අවබෝධ නොකිරීම ම යි.

55. සන්ති ඛෝ පන සාරිපුත්ත එකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: සංසාරේන සුද්ධීති. න ඛෝ පනේසෝ සාරිපුත්ත සංසාරෝ සුලභරූපෝ යෝ මයා අසංසරිතපුබ්බෝ ඉමිනා දීඝේන අද්ධුනා, අඤ්ඤත්‍ර සුද්ධාවාසෙහි දෙවේහි. සුද්ධාවාසේ චාහං සාරිපුත්ත දෙවේ සංසරෙය්‍යං, නයිමං ලෝකං පුනරාගච්ඡෙය්‍යං.

පින්වත් සාරිපුත්ත, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවිය මෙන්න මේ වගේ මතයක් දරාගෙන, මේ වගේ දෙයක් කියාගෙනයි යන්නෙ. ‘සංසාරෙ සැරිසැරීම නිසා තමයි ජීවිතයක් පිරිසිදු වෙන්නෙ’ කියලා. පින්වත් සාරිපුත්ත, ඉතින් ඒක එහෙම නම්, මම සංසාරෙ සැරිසරන්න පටන්ගත්තු ගමන තුළ මේ සා දීර්ඝ කාලයක් තිස්සේ යම් තැනක සැරිසැරුවේ නැත්නම්, ඒ වගේ තැන් තියෙන්නෙ ඉතා ම අඩුවෙන්. සුද්ධාවාස දිව්‍යලෝකෙ ඇරෙන්න, එහෙම තැනක් සොයාගන්නවත් නෑ. ඉතින් පින්වත් සාරිපුත්ත, මම සුද්ධාවාස දිව්‍යලෝකෙ සැරිසැරුවා නම් ආයෙ කවදාවත් මේ ලෝකෙට එන්නෙ නෑ.

56. සන්ති ඛෝ පන සාරිපුත්ත ඒකෙ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: උපපත්තියා සුද්ධීති. න ඛෝ පනේසා සාරිපුත්ත උපපත්ති සුලභරූපා යා මයා අනුපපන්නපුබ්බා ඉමිනා දීඝේන අද්ධුනා අඤ්ඤත්‍ර සුද්ධාවාසෙහි දෙවේහි. සුද්ධාවාසේ චාහං සාරිපුත්ත දෙවේ උපපජ්ජෙය්‍යං, නයිමං ලෝකං පුනරාගච්ඡෙය්‍යං.

පින්වත් සාරිපුත්ත, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවිය මෙන්න මේ වගේ මතයක් දරාගෙන, මේ වගේ දෙයක් කියාගෙනයි යන්නෙ. ‘මේ සත්වයන් පිරිසිදු වෙන්නේ ඉපදීම නිසා’ කියලා. පින්වත් සාරිපුත්ත, ඉතින් ඒ කාරණය එහෙම නම් මේ සා දීර්ඝ කාලයක් තිස්සෙ මං ඉපදුණු නැති තැනක් හොයාගන්නවා කියන එක ලේසි දෙයක් නොවෙයි. සුද්ධාවාස දෙවියන් අතර මම ඉපදුනේ නෑ. පින්වත් සාරිපුත්ත, සුද්ධාවාස දෙවියන් අතර මම ඉපදුණා නම්, ආයෙ කවදාවත් මේ ලෝකෙට එන්නෙ නෑ.

57. සන්ති ඛෝ පන සාරිපුත්ත ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: ආවාසේන සුද්ධීති. න ඛෝ පනසෝ සාරිපුත්ත ආවාසෝ සුලභරූපෝ යෝ මයා අනාවුට්ඨපුබ්බෝ ඉමිනා දීඝේන අද්ධුනා අඤ්ඤත්‍ර සුද්ධාවාසෙහි දෙවේහි. සුද්ධාවාසේ චාහං සාරිපුත්ත දෙවේ වසෙය්‍යං, නයිමං ලෝකං පුනරාගච්ඡෙය්‍යං.

පින්වත් සාරිපුත්ත, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවිය මෙන්න මේ වගේ මතයක් දරාගෙන, මේ වගේ දෙයක් කියාගෙනයි යන්නෙ. ‘මේ සත්වයන් පිරිසිදු වෙන්නේ ඒ ඒ භවයන්හි වාසය කිරීම නිසා’ කියලා. පින්වත් සාරිපුත්ත, ඉතින් ඒ කාරණය එහෙම නම් මේ සා දීර්ඝ කාලයක් තිස්සෙ මං වාසය කරපු නැති තැනක් හොයාගන්නවා කියන එක ලේසි දෙයක් නොවෙයි. සුද්ධාවාස දෙවියන් අතර මම වාසය කළේ නෑ. පින්වත් සාරිපුත්ත, සුද්ධාවාස දෙවියන් අතර මම වාසය කළා නම්, ආයෙ කවදාවත් මේ ලෝකෙට එන්නෙ නෑ.

58. සන්ති ඛෝ පන සාරිපුත්ත ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: යඤ්ඤේන සුද්ධීති. න ඛෝ පනේසෝ සාරිපුත්ත යඤ්ඤෝ සුලභරූපෝ යෝ මයා අයිට්ඨපුබ්බෝ ඉමිනා දීඝේන අද්ධුනා, තඤ්ච ඛෝ රඤ්ඤාව සතා ඛත්තියේන මුද්ධාවසිත්තේන, බ්‍රාහ්මණේන වා මහාසාලේන.

පින්වත් සාරිපුත්ත, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවිය මෙන්න මේ වගේ මතයක් දරාගෙන, මේ වගේ දෙයක් කියාගෙනයි යන්නෙ. ‘සත්වයන් පිරිසිදු බවට පත්වෙන්නෙ යාග කිරීමෙන්’ කියලා. ඒක එහෙම නම්, මේ සා දීර්ඝ සංසාරෙ මම නොකළ යාගයක් තියෙනවා නම්, එබඳු යාගයක් හොයාගන්නවා කියන එක ලේසි වැඩක් නොවෙයි. මම ඔටුනු පැළදූ රජෙක් හැටියට සිටිද්දි, ප්‍රභූ බ්‍රාහ්මණයෙක් වෙලා ඉන්දැද්දි, කොයිතරම් නම් යාග කන්දරාවක් කරල තියෙනවාද?

59. සන්ති ඛෝ පන සාරිපුත්ත ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: අග්ගිපරිචරියාය සුද්ධීති. න ඛෝ පනේසෝ සාරිපුත්ත අග්ගි සුලභරූපෝ යෝ මයා අපරිචිණ්ණපුබ්බෝ ඉමිනා දීඝේන අද්ධුනා, තඤ්ච ඛෝ රඤ්ඤාව සතා ඛත්තියේන මුද්ධාවසිත්තේන, බ්‍රාහ්මණේන වා මහාසාලේන.

පින්වත් සාරිපුත්ත, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ උදවිය මෙන්න මේ වගේ මතයක් දරාගෙන, මේ වගේ දෙයක් තමයි කියාගෙන යන්නෙ. ‘මේ සත්වයන් පිරිසිදු වෙන්නෙ ගිනි පූජා වලින්’ කියලා. පින්වත් සාරිපුත්ත, ඒක එහෙම නම් මේ සා දීර්ඝ සංසාරෙ මම නොකරපු ගිනි පූජාවක් සොයාගන්නවා කියන එක ලේසි වැඩක් නොවෙයි. ඔටුනු පැළඳූ රජෙක් හැටියටත්, බ්‍රාහ්මණ ප්‍රභූ වරයෙක් හැටියටත්, මම සංසාරෙ ගෙවපු අවස්ථාවලදී කරල තියෙන ගිනි පූජා කන්දරාව මොනතරම්ද?

60. සන්ති ඛෝ පන සාරිපුත්ත ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ: යාවදේවායං භවං පුරිසෝ දහරෝ හෝති යුවා සුසුකාළකෙසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා, තාවදේව පරමේන පඤ්ඤාවෙය්‍යත්තියේන සමන්නාගතෝ හෝති. යතෝ ච ඛෝ අයං භවං පුරිසෝ ජිණ්ණෝ හෝති වුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ: ආසීතිකෝ වා නාවුතිකෝ වා වස්සසතිකෝ වා ජාතියා, අථ තම්හා පඤ්ඤාවේය්‍යත්තියා පරිහායතීති. න ඛෝ පනේතං සාරිපුත්ත ඒවං දට්ඨබ්බං. අහං ඛෝ පන සාරිපුත්ත ඒතරහි ජිණ්ණෝ වුද්ධෝ මහල්ලඛෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ, ආසීතිකෝ මේ වයෝ වත්තති.

පින්වත් සාරිපුත්ත, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුන් මෙන්න මේ වගේ මතයක් දරාගෙන, මේ වගේ දෙයක් කියාගෙනයි යන්නෙ. ‘ඇත්තෙන් ම මේ පුද්ගලයා ගත කරන තරුණ කාලෙ නිසා, මේ කළු කෙස් තියෙන භද්‍ර යෞවන කාලෙ, ජීවිතේ මුල් අවදිය ගෙවන කාලෙ නිසා, ඥාන ශක්තිය බොහොම හොඳට තියෙනවා. ඒත් මෙයා වයසට යන කොට, ජරාජීර්ණ වෙලා මහළු වෙන කොට, අවුරුදු අසූවක්, අනූවක්, සීයක් විතර වෙන කොට ඔය ඥාන ශක්තිය පිරිහිලා යනවා කියලා. නමුත් පින්වත් සාරිපුත්ත, දැන් බලන්න මට අවුරුදු අසූවක් වෙනවා. මම දැන් ජරාජීර්ණ වෙලා මහළු වෙලා හොඳට ම වයසට ගිහින් ඉන්නෙ.

61. ඉධ මේ අස්සු සාරිපුත්ත චත්තාරෝ සාවකා වස්සසතායුකා වස්සසතජීවිනෝ පරමාය ගතියා සතියා ච ධිතියා ච සමන්නාගතා පරමේන ච පඤ්ඤාවෙය්‍යත්තියේන. සෙය්‍යථාපි සාරිපුත්ත දළ්හධම්මෝ ධනුග්ගහෝ සික්ඛිතෝ කතහත්ථෝ කතූපාසනෝ ලහුකේන අසනේන අප්පකසිරේනේව තිරියං තාලච්ඡායං අතිපාතෙය්‍ය, ඒවං අධිමත්තසතිමන්තෝ ඒවං අධිමත්තගතිමන්තෝ ඒවං අධිමත්තධිතිමන්තෝ ඒවං පරමේන පඤ්ඤාවෙය්‍යත්තියේන සමන්නාගතා. තේ මං චතුන්නං සතිපට්ඨානානං උපාදායුපාදාය පඤ්හං පුච්ඡෙය්‍යුං, පුට්ඨෝ පුට්ඨෝ චාහං තේසං ව්‍යාකරෙය්‍යං. ව්‍යාකතඤ්ච මේ ව්‍යාකතතෝ ධාරෙය්‍යුං. න ච මං දුතියකං උත්තරිං පටිපුච්ඡෙය්‍යුං අඤ්ඤත්‍ර අසිතපීතඛායිතසායිතා, අඤ්ඤත්‍ර උච්චාරපස්සාවකම්මා, අඤ්ඤත්‍ර නිද්දාකිලමථපටිවිනෝදනා, අපරියාදිණ්ණා යේවස්ස සාරිපුත්ත තථාගතස්ස ධම්මදේසනා. අපරියාදිණ්ණං යේවස්ස තථාගතස්ස ධම්මපද බ්‍යඤ්ජනං. අපරියාදිණ්ණං යේවස්ස තථාගතස්ස පඤ්හපටිභානං. අථ මේ තේ චත්තාරෝ සාවකා වස්සසතායුකා වස්සසතජීවිනෝ වස්සසතස්ස අච්චයේන කාලං කරෙය්‍යුං. මඤ්චකේන චේපි මං සාරිපුත්ත පරිහරිස්සථ නේවත්ථි තථාගතස්ස පඤ්ඤාවෙය්‍යත්තියස්ස අඤ්ඤථත්තං.

පින්වත් සාරිපුත්ත, අවුරුදු සීයක් ආයුෂ තියෙන, අවුරුදු සීයක් ම ජීවත් වෙන, වහා ම කරුණු කාරණා වැටහෙන විදිහේ නුවණකින් යුතු, හොඳ මතක ශක්තියක් තියෙන, හොඳ සිහියෙන් යුතු, ප්‍රඥාවෙන් ඉතාම දියුණු ශ්‍රාවකයින් හතර දෙනෙක් මගේ ළඟ ඉන්නවා කියල හිතන්න. ඒ ශ්‍රාවකයින් කොච්චර දක්ෂ ද කියල කිව්වොත්, හොඳට දුනු ශිල්පය ඉගෙන ගත්තු, ඒ ගැන ඉතාම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු ඊතලයක් අරගෙන බොහොම ලේසියෙන් තල් කොළයක් සිදුරු කරගෙන යන්න විදිනවා වගේ අර ශ්‍රාවකයින් හතර දෙනාටත් ඔය විදිහේ අතිශය බලවත් නුවණක් තියෙනවා. ඉතාම තියුණු මතක ශක්තියක් තියෙනවා. හොඳ සිහියක් තියෙනවා. ඉතින් ඔවුන් මගෙන් සතර සතිපට්ඨානය ගැන ප්‍රශ්න ඇහුවොත්, අහන අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න මට පුළුවනි. මං දෙන පිළිතුරු ඔවුන් ඒ විදිහට මතක තබා ගන්නවා හැර ඒවා ප්‍රශ්නවලට හරව ගන්නෙ නෑ. ඉතින් දන් පැන් වළඳන වේලාවත්, වැසිකිළි කැසිකිළි යන වේලාවත්, නිදාගන්න වේලාවත් හැර තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළොත් තථාගතයන් වහන්සේගේ ඒ දහම් පද මතු කරන වචන අවසන් වෙන්නෙ නෑ. තථාගතයන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම් අවසන් වෙන්නෙ නෑ. ඉතින් ඒ සියක් අවුරුදු ආයුෂ තියෙන, සියක් අවුරුද්දක් ජීවිත ගෙවපු ඒ ශ්‍රාවකයෝ අපවත් වුණා කියල හිතන්න. ඊට පස්සෙත් පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේගේ ශරීරය ඇඳක තබාගෙන හරි, තියාගෙන උපස්ථාන කරද්දීත්, තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට නම් අල්පමාත්‍ර වෙනසක්වත් වෙන්නෙ නෑ.

62. යං ඛෝ තං සාරිපුත්ත සම්මා වදමානෝ වදෙය්‍ය: අසම්මෝහධම්මෝ සත්තෝ ලෝකේ උපපන්නෝ බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති, මමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය: අසම්මෝහධම්මේා් සත්තෝ ලෝකේ උපපන්නෝ බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති.

පින්වත් සාරිපුත්ත, ලෝකයේ යම් කෙනෙක් ගැන හරි විදිහට කියනවා නම්, ‘මේ ලෝකයෙහි බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකයා කෙරෙහි අනුකම්පා තියෙන, දෙව් මිනිස් ලෝකයාගේ යහපත සළසන, මුළාවෙන් තොරව සිටින කෙනෙක් ඉන්නවා’ය කියලා, මා ගැන තමයි ඒ විදිහට හඳුන්වා දෙන්න තියෙන්නෙ. ‘මේ ලෝකයෙහි බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකයා කෙරෙහි අනුකම්පා තියෙන, දෙව් මිනිස් ලෝකයාගේ යහපත සළසන, මුළාවෙන් තොරව සිටින කෙනා’ය කියලා.

63. තේන ඛෝ පන සමයේන ආයස්මා නාගසමාලෝ භගවතෝ පිට්ඨිතෝ ඨිතෝ හෝති භගවන්තං වීජයමානෝ. අථ ඛෝ ආයස්මා නාගසමාලෝ භගවන්තං ඒතදවෝච: “අච්ඡරියං භන්තේ, අබ්හුතං භන්තේ. අපි හි මේ භන්තේ ඉමං ධම්මපරියායං සුත්වා ලෝමානි හට්ඨානි. කෝනාමෝ අයං භන්තේ ධම්මපරියායෝති”. තස්මාතිහ ත්වං නාගසමාල ඉමං ධම්මපරියායං ලෝමහංසනපරියායෝ ත්වේව නං ධාරෙහීති.

ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේගෙ පිටුපසින් ආයුෂ්මත් නාගසමාලයන් වහන්සේ පවන් සළමින් සිටියා. එතකොට ආයුෂ්මත් නාගසමාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනී, හරිම ආශ්චර්යයි! හරිම අද්භූතයි! ස්වාමීනී, මේ ධර්ම දේශනාව ඇහුවට පස්සෙ මගේ ඇඟේ මවිල් කෙළින් වුණා. ස්වාමීනී මේ ධර්ම දේශනාවේ නම මොකක් ද?” “පින්වත් නාගසමාල, එහෙම නම් ඔබ මේ ධර්ම දේශනාව ‘ලෝමහංසන පරියාය’ කියල මතක තියාගන්න.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා නාගසමාලෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා. ආයුෂ්මත් නාගසමාලයන් වහන්සේ ඒ ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව ඉතා සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මහාසීහනාදසුත්තං දුතියං.

සිංහයෙකු ගේ නාදයක් බඳු වූ විස්තරාත්මක දේශනාව නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M