77. ඉස්සර මං හිතුවේ වැරදි විදිහටමයි. කාමාශාවෙන් මේ සිත හරියට පීඩා වින්දා. ඉතින් මං හිටියෙ හිත දමනය කරගන්ට බැරිව. හිත හරියට විසිරිලා තිබුණා.
78. මං මේ අරමුණු සුභ වශයෙන් පිළිගත්තු නිසාමයි කෙලෙස් පීඩා ඇතිවුණේ. රාග සිතේ වසඟයට ගිය නිසාමයි චිත්ත සමාධියක් ලබාගන්ට බැරිවුණේ.
79. මං ඒ දවස්වල හරිම කෙට්ටුයි. ඇඟපත විරූපී වෙලා, අවලස්සන වෙලා තිබුණේ. අවුරුදු හතක්ම මං මේ විදිහට දුක් වින්දා. කෙලෙස් නිසා දුක් විඳපු මට ගෙවී ගිය රෑ දවල් කිසි වෙලාවක පැවිදි සැපයක් (සමාධියක්) ලබාගන්ට බැරි වුණා.
80. අන්තිමේදී මං කඹයක් අරගෙන වනාන්තරේ ඇතුළට ගියා. මේ පහත් ගිහි ජීවිතේට බැසගන්නවට වඩා බෙල්ල වැලලා ගෙන මැරෙන එක මට උතුම්.
81. තොණ්ඩුව හොඳට සකස් කරල ඒ කඹය ගහේ අත්තක බැන්දා. ඒ තොණ්ඩුව බෙල්ලට දා ගත්තා. එතකොට මගේ සිත හැම කෙලෙස්වලින්ම නිදහස් වුණා.
මේ වනාහී සීහා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M