ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.12. ධම්මදින්නා ථේරීගාථා

1.12. ධම්මදින්නා තෙරණියගේ ගාථාව

12. ඡන්දජාතා අවසායී මනසා ච ඵුඨා සියා,
කාමේසු අප්පටිබද්ධචිත්තා උද්ධංසෝතාති වුච්චතීති.

12. නිවන් දකින්ටමයි හිතේ ආසාව ඇතිවුණේ. වෙන දේකට වසඟ වුණේ නෑ. මනසින් නිවන ස්පර්ශ කරගත්තා. කාමයන් පිළිබඳ සිත බැඳී නැති ජීවිතය ඇති කෙනාට ‘උඩුගං බලා යන්නී’ කියලයි කියන්නෙ.

ඉත්ථං සුදං ධම්මදින්නා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී ධම්මදින්නා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M