487. ඉස්සර මං ඊ තණ අතින් කපාගෙන කුටිය හෙවිලි කර ගෙනයි හිටියෙ. ඒ නිසාමයි මට ‘සරභංග’ කියා කීවේ.
488. ඒ වුණත් අද මට ඊ තණ අතින් කපන්න කැප නෑ. පැතුරුණු කීර්ති රාවය ඇති, අපගේ ගෞතම මුනිඳාණන් අපට ශික්ෂාපද පණවලා තියෙන්නෙ.
489. මම සරභංග, ඒත් මීට කළින් මේ සකල සංසාර රෝගයන් මේ විදිහට මං දැක්කෙ නෑ. දේවාතිදේව වූ බුදු සමිඳාණන්ගේ වචනයට අනුව කටයුතු කරන කොට මං ඒ සියලු රෝග අවබෝධ කරගත්තා.
490. විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කස්සප යන බුදුවරයන් වහන්සේලා යම් මාවතකින් වැඩම කළ සේක් නම් ඒ මාවතෙන්මයි අපගේ ගෞතම සමිඳාණන් වැඩම කළේ.
491. නිවනෙහි පිහිටි බුදුරජාණන් වහන්සේලා හත් නමයි. උන්වහන්සේලා තුළ තෘෂ්ණාව නෑ. උපාදාන නෑ. ධර්මය තුළින් ඉපදුණේ. අකම්පිත සිත් ඇති උන්වහන්සේලා තමයි මේ ධර්මය මතු කර දෙන්නෙ.
492. සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්මයි ධර්මය දේශනා කරන්නේ. ඒ ධර්මය නම් දුක, දුකේ හටගැනීම, දුක නැතිවීම, දුක නැතිවීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යයයි.
493. යම් කෙනෙකුගේ ජීවිතය තුළ මේ නිමක් නැති සසර දුක නැති නම් එයාගේ ජීවිතය ගෙවිල ගිහින් කය බිඳී ගියාට පස්සේ එයාට පුනර්භවයක් නෑ. මාත් ඒ වගේ කෙනෙක්. හැම දෙයකින්ම නිදහස් වෙලයි ඉන්නෙ.
මෙය වනාහී ආයුෂ්මත් සරභංග නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ගාථා හත බැගින් වදාළ කොටස නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_7-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M