ඛුද්දක නිකාය

ථේර ගාථා

20.1.10. පාරාසරියත්ථේරගාථා

20.1.10. පාරාසරිය තෙරුන්ගේ ගාථා

920. සමණස්ස අහු චින්තා පුප්ඵීතම්හි මහාවනේ,
ඒකග්ගස්ස නිසින්නස්ස පවිවිත්තස්ස ඣායිනෝ.

920.මහා වනයේ වනමල් පිපිලා තිබුණා. සමාහිත සිත් ඇති භික්ෂුවක් එහි හිටියේ. විවේකීව භාවනාවෙන් ඉන්න කොටයි මේ සිතුවිලි එයාට ඇතිවුණේ.

921. අඤ්ඤථා ලෝකනාථම්හි තිට්ඨන්තේ පුරිසුත්තමේ,
ඉරියං ආසි භික්ඛූනං අඤ්ඤථා දානි දිස්සති.

921. ලෝකනාථ පුරුෂෝත්තම සමිඳුන් ජීවමානව වැඩ සිටිද්දි භික්ෂූන ගේ පැවැත්ම මීට වෙනස්. ඒත් දැන් භික්ෂූන්ගේ පැවැත්ම ඊට වඩා වෙනස්.

922. සීතවාතපරිත්තානං හිරිකෝපීනඡාදනං,
මත්තථියං අභුඤ්ජිංසු සන්තුට්ඨා ඉතරීතරේ.

922. ඒ කාලෙ සිවුරු පරිහරණය කළේ ලද දෙයින් සතුටු වෙන්ටත්, සීතල සුලඟින් ආරක්ෂා වෙන්ටත්, ලැජ්ජා තැන් වසා ගන්ටත් විතරයි.

923. පණීතං යදි වා ලූඛං අප්පං වා යදි වා බහුං,
යාපනත්ථං අභුඤ්ජිංසු අගිද්ධා නාධිමුච්ඡිතා.

923. ඉස්සර ප්‍රණීත ආහාරයක් ලැබුණත්, කටුක දෙයක් ලැබුණත්, ටිකක් ලැබුණත්, ගොඩක් ලැබුණත්, ඒවාට ගිජු වුණේ නෑ. ඒවට බැඳුණේ නෑ. දන් වැළඳුවේ ජීවිතේ පවත්වාගන්ට විතරමයි.

924. ජීවිතානං පරික්ඛාරේ භේසජ්ජේ අථ පච්චයේ,
න බාළ්හං උස්සුකා ආසුං යථා තේ ආසවක්ඛයේ.

924. ඉස්සර, අසනීපයකදී ජීවිතේ පවත්වන්ට බේත් හේත් කරනවාටත් වඩා ගොඩක් උත්සාහවත් වුණේ ආශ්‍රවයන් නැති කරගන්ටයි.

925. අරඤ්ඤේ රුක්ඛමූලේසු කන්දරාසු ගුහාසු ච,
විවේකමනුබ්‍රෑහෙන්තා විහංසු තප්පරායනා.

925. මහා වනාන්තරවල, ගස් යට, දිය ඇළි ළඟ, ගල් ලෙන්වල, විවේකය සොයා, විවේකයටම නැඹුරු වෙලයි ඉස්සර භික්ෂූන් වාසය කළේ.

926. නීචා නිවිට්ඨා සුභරා මුදූ අත්ථද්ධමානසා,
අබ්‍යාසේකා අමුඛරා අත්ථචින්තාවසානුගා.

926. ඒ භික්ෂූන් වහන්සේලා යටහත් පැවතුම් ඇතිව සිටියෙ, පහසුවෙන් පෝෂණය වුණා. ඒ වගේම මෘදුයි. දැඩි සිත් නෑ. කෝලහල නෑ. කටවාචාලකම් නෑ. අරුත්බර ජීවිත ගත කළේ.

927. තතෝ පාසාදිකං ආසි ගතං භුත්තං නිසේවිතං,
සිනිද්ධා තේලධාරා’ව අහෝසි ඉරියාපථෝ.

927. එනිසාම උන්වහන්සේලාගේ ගමන් බිමන්, දන් පැන් වැළඳීම්, ආශ්‍රයත් ප්‍රසාදජනකයි. උන්වහන්සේලාගේ ඉරියව් හරිම සංවරයි. සිනිඳු තෙල් දහරාවක් වගේ.

928. සබ්බාසවපරික්ඛීණා මහාඣායී මහාහිතා,
නිබ්බුතා දානි තේ ථේරා පරිත්තා දානි තාදිසා.

928. උන්වහන්සේලා ධ්‍යාන වැඩුවා. හැම ආශ්‍රවයක්ම ප්‍රහාණය කළා. ගොඩාක් කරුණාවන්තයි. දැන් ඒ රහතන් වහන්සේලා පිරිවන්පාලා. එබඳු උත්තමයන් වහන්සේලා ටික දෙනයි දැන් වැඩසිටින්නේ.

929. කුසලානං ච ධම්මානං පඤ්ඤාය ච පරික්ඛයා,
සබ්බාකාරවරූපේතං ලුජ්ජතේ ජිනසාසනං.

929. සීල සමාධි ආදී කුසල් දහම් වැඩීම, ප්‍රඥාව ලබාගැනීම පිණිස ඇති වැඩපිළිවෙල අත්හැර දැමුවොත් හැම ආකාරයකින්ම පරිපූර්ණ වූ මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යාවි.

930. පාපකානං ච ධම්මානං කිලේසානං ච යෝ උතු,
උපට්ඨිතා විවේකාය යේ ච සද්ධම්මසේසකා.

930. පාපී දේවලුත් කෙලෙසුත් බලවත් වුණ කාලෙක විවේකය හොයාගෙන ගියත් දහම් දැනුමක් විතරයි ලැබෙන්නෙ.

931. තේ කිලේසා පවඞ්ඪන්තා ආවිසන්ති බහුං ජනං,
කීළන්ති මඤ්ඤේ බාලේහි උම්මත්තේහි ව රක්ඛසා.

931. කෙලෙස් ම වර්ධනය වෙලා ගියොත් ඒ කෙලෙස් විසින් ජනතාව ගිල ගනීවි. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මෙච්චරයි. ඒ කෙලෙස්, ජනතාව සමග සෙල්ලම් කර කර සිටීවි. එතකොට ඒක, පිස්සු හැදිච්ච ජනතාවක් රාස්සයන් එක්ක ඉන්නවා වගේ දෙයක්.

932. කිලේසේහාභිභූතා තේ තේන තේන විධාවිතා,
නරා කිලේසවත්ථූසු සසංගාමේව ඝෝසිතේ.

932. කෙලෙස් විසින් ඔවුන් ව යටපත් කරල දමනවා. ඊට පස්සෙ ජනතාව කරන්නේ කාම අරමුණු සොය සොයා දුවන එක විතරයි. යුද බිමක ඉන්න පිරිසකට අණක් ලැබුණා වගෙයි.

933. පරිච්චජිත්වා සද්ධම්මං අඤ්ඤමඤ්ඤේහි භණ්ඩරේ,
දිට්ඨිගතානි අන්වෙන්තා ඉදං සෙය්‍යෝති මඤ්ඤරේ.

933. එතකොට ධර්මය බැහැර වෙලා යනව. එකිනෙකා කෝලහල කරන්න පටන් ගන්නව. නොයෙක් මිථ්‍යා දෘෂ්ටි වැළඳගෙන ඒවා ශ්‍රේෂ්ඨ දේවල් හැටියට පිළිගන්නවා.

934. ධනං ච පුත්තං භරියං ච ඡඞ්ඩයිත්වාන නිග්ගතා,
කටච්ඡුභික්ඛාහේතූ අකිච්චානි නිසේවරේ.

934. දේපල වස්තුව අත්හැරල, අඹු දරුවොත් අත්හැරල ගිහි ගෙදරත් අත්හැරල මහණ වුණාට පස්සේ රළු පරළු දානමාන නිසාත් නොකළ යුතු දේවල් කරනවා.

935. උදරාවදේහකං භුත්වා සයන්තුත්තානසෙය්‍යකා,
කථා වඩ්ඪෙන්ති පටිබුද්ධා යා කථා සත්ථුගරහිතා.

935. ඉතින් බඩ පිරෙනකම් හොඳට දානෙ වළඳනවා. උඩුබැල්ලෙන් වැටිල නිදාගන්නවා. නැගිට්ට පසු ශාස්තෘන් වහන්සේ විසින් ගරහල, එපා කියපු ලාමක දේවල් කතා කර කර කල් යවනවා.

936. සබ්බකාරුකසිප්පානි චිත්තීකත්වාන සික්ඛරේ,
අවූපසන්තා අජ්ඣත්තං සාමඤ්ඤත්ථෝ’ති අච්ඡති.

936. ඒ භික්ෂූන්ගේ සිත් සන්සුන් නෑ. බාහිර දේවල් විතරක් කැමැත්තෙන් ඉගෙන ගන්නවා. මහණ ජීවිතේ දියුණු කරගන්ට හේතු වන ධර්මය බැහැර කරනවා.

937. මත්තිකං තේලං චුණ්ණං ච උදකාසනභෝජනං,
ගිහීනං උපනාමෙන්ති ආකංඛන්තා බහුත්තරං.

937. මිනිස්සුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලබන්ට හරි කැමතියි. එතකොට කරන්නේ ගිහියන්ට මැටි, තෙල්, හුණු, වතුර, ආසන, කෑම බීම දෙන එක තමයි.

938. දන්තපෝනං කපිත්ථං ච පුප්ඵං ඛාදනියානි ච,
පිණ්ඩපාතේ ච සම්පන්නේ අම්බේ ආමලකානි ච.

938. දැහැටි, පළතුරු, මල්, රස කැවිලි, ඒ වගේම, අඹ, නෙල්ලි ආදිය දෙනවා. අන්තිමේදී පිණ්ඩපාතෙට ලැබෙන ඒවත් දෙනවා.

939. භේසජ්ජේසු යථා වෙජ්ජා කිච්චාකිච්චේ යථා ගිහී,
ගණිකා’ව විභූසායං ඉස්සරේ ඛත්තියා යථා.

939. ඒ භික්ෂූන් ඊට පස්සේ වෙද මහත්තුරු වගේ ගිහියන්ට බෙහෙත් කරනවා. ගිහියෙක් වගේ සාමාන්‍ය ජීවිතේ ගෙවනවා. ගණිකාවක් වගේ ඇඟපත සරසා ගන්නවා. සිටුවරයෙක් වගේ යස ඉසුරු රැස් කරනවා.

940. නේකතිකා වඤ්චනිකා කූටසක්ඛී අපාටුකා,
බහූහි පරිකප්පේහි ආමිසං පරිභුඤ්ජරේ.

940. සට කපට චාටු බස් කියන්න පටන් ගන්නවා. බොරු දේවල් කියන්න පටන් ගන්නවා. වංචනික ජීවිතයක් ගෙවාගෙන මිථ්‍යා ආජීවයෙන් තමයි සිව්පසය අනුභව කරන්නෙ.

941. ලේසකප්පේ පරියායේ පරිකප්පේනුධාවිතා,
ජීවිකත්ථා උපායේන සංකඩ්ඪන්ති බහුං ධනං.

941. අකැප දේවල් කැප දෙවල් විදිහට හුවා දක්වනවා. ජීවත් වීම පිණිස ජනතාව රවට්ටාගෙන බොහෝ වස්තු ඇද ගන්නවා.

942. උපට්ඨාපෙන්ති පරිසං කම්මතෝ නෝ ච ධම්මතෝ,
ධම්මං පරේසං දේසෙන්ති ලාභතෝ නෝ ච අත්ථතෝ.

942. පිරිස් ලවා ඇප උපස්ථාන කරවා ගන්නවා. ඒවා කරවා ගන්නෙත් පිංකම් කිය කියා මිසක් ධර්මානුකූලව නොවේ. අනුන්ට බණ කියන්නෙත් ලාභයක් ලබන්ට මිසක් ධර්මයේ අර්ථ කියාදෙන්ට නොවේ.

943. සංඝලාභස්ස භණ්ඩන්ති සංඝතෝ පරිබාහිරා,
පරලාභූපජීවන්තා අහිරීකා න ලජ්ජරේ.

943. ඇත්තෙන්ම ඒගොල්ලෝ සංඝයාට අයිති නෑ. නමුත් සංඝයා උදෙසා ලැබෙන දේට කෝලාහල කරගන්නවා. ඇත්තෙන්ම අනුන්ට ලැබෙන දෙයිනුයි ඔවුන් ජීවත් වන්නෙ. ඔවුන්ට ලැජ්ජාවක් නෑ. අලජ්ජී පිරිසක්.

944. නානුයුත්තා තථා ඒකේ මුණ්ඩා සංඝාටිපාරුතා,
සම්භාවනංයේවිච්ඡන්ති ලාභසක්කාරමුච්ඡිතා.

944. මහණ ජීවිතයක් ගත නොකරන සමහර උදවිය හොඳට හිස මුඩු කරනවා. සඟළ සිවුරු පොරව ගන්නවා. ඒ වුණාට ලාභ සත්කාරයෙන් මුසපත් වෙලා ගෞරවය ලබාගන්ටයි කැමති.

945. ඒවං නානප්පයාතම්හි න දානි සුකරං තථා,
අඵුසිතං වා ඵුසිතුං ඵුසිතං නානුරක්ඛිතුං.

945. එතකොට සසුන් මග සී සී කඩ යනවා. ධ්‍යාන මාර්ගඵල ඇති කරගත්තු උතුමන් නැතිව යනවා. ඒ උතුම් ගුණධර්ම ඇති කරගැනීමත්, ඇති කරගත් ධ්‍යාන අභිඤ්ඤා වගේ දේවල් රැකගැනීමත් ලේසි වැඩක් නොවේ.

946. යථා කණ්ටකට්ඨානම්හි චරෙය්‍ය අනුපාහනෝ,
සතිං උපට්ඨපෙත්වාන ඒවං ගාමේ මුනී චරේ.

946. කටු පඳුරු ගහණ වෙලා තියෙන පොළොවක ඉතාම පරෙස්සමින් තමයි ඇවිද ගෙන යන්ට ඕන. අන්න ඒ වගේ, මුනිවරයාත් හැසිරෙන්ට ඕන, ඉතා හොඳ සිහි කල්පනාවෙනුයි.

947. සරිත්වා පුබ්බකේ යෝගී තේසං වත්තමනුස්සරං,
vකිඤ්චා’පි පච්ඡිමෝ කාලෝ ඵුසෙය්‍ය අමතං පදං.

947. ඉස්සර වැඩසිටිය රහතුන් වහන්සේල ගැන හිතන්ට ඕන. උන්වහන්සේලා ජීවිත ගත කළ ආකාරය ගැන හිතන්ට ඕන. අඩු ගණනේ ජීවිතේ අවසාන කාලයේ හරි ආර්ය මාර්ගයේ ගමන් කළොත් නිවන් අවබෝධ කරගන්ට පුළුවන්.

948. ඉදං වත්වා සාලවනේ සමණෝ භාවිතින්ද්‍රියෝ,
බ්‍රාහ්මණෝ පරිනිබ්බායී ඉසි ඛීණපුනබ්භවෝ’ති.

948. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් දියුණු කරගත්ත, සැබෑ ඉසිවරයා වූ සැබෑම බ්‍රාහ්මණයා වූ ඒ අරහත් භික්ෂුව මේ ගාථාවන් කීවාට පස්සේ පිරිනිවන් පෑවා.

ඉත්ථං සුදං ආයස්මා පාරාසරියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී ආයුෂ්මත් පාරාසරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

තස්සුද්දානං:

අධිමුත්තෝ පාරාසරියෝ තේලකානි රට්ඨපාලෝ,
මාලුක්‍යසේලෝ භද්දියෝ අංගුලි දිබ්බචක්ඛුකෝ.

පාරාසරියෝ දසේතේ, වීසති නිපාතම්හි පරිකිත්තිතා,
ගාථායෝ ද්වේසතා හොන්ති පඤ්චතාලීස උත්තරින්ති.

වීසතිනිපාතෝ නිට්ඨිතෝ.

ගාථා විස්ස බැගින් වදාළ කොටස නිමා විය

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_20-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M