ඛුද්දක නිකාය

ථේර ගාථා

2.5.3. බ්‍රහ්මාලිත්ථේරගාථා

2.5.3. බ්‍රහ්මාලි තෙරුන්ගේ ගාථා

205. කස්සින්ද්‍රියානි සමථංගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා
පහීනමානස්ස අනාසවස්ස
දේවාපි තස්ස පිහයන්ති තාදිනෝ’ති.

205. කාටද තියෙන්නෙ දමනය කළ ඉඳුරන්? රියැදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්තා වගේ. කාටද තියෙන්නෙ මාන්නය නැති, කෙලෙස් නැති, අකම්පිත හිතක්? කාටද දෙවියනුත් කැමති?

206. මය්හන්ද්‍රියානි සමථංගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා
පහීනමානස්ස අනාසවස්ස
දේවාපි මය්හං පිහයන්ති තාදිනෝ’ති.

206. මා තුළයි තියෙන්නෙ දමනය කළ ඉඳුරන්. රියැදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්ත වගේ. මට තියෙන්නෙ මාන්නය නැති කෙලෙස් නැති අකම්පිත හිතක්. මට තමයි දෙවියනුත් කැමති.

ඉත්ථං සුදං ආයස්මා බ්‍රහ්මාලි ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් බ්‍රහ්මාලි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M