ඛුද්දක නිකාය

ථේර ගාථා

14.1.2. ගෝදත්තත්ථේරගාථා

14.1.2. ගෝදත්ත තෙරුන්ගේ ගාථා

659. යථා’පි භද්දෝ ආජඤ්ඤෝ ධුරේ යුත්තෝ ධුරාසහෝ
මථිතෝ අතිහාරේන සංයුගං නාතිවත්තති

659. ඉතා හොඳම වර්ගයේ මහා බල සම්පන්න ගවයන් ඉන්නවා. කරත්තෙ බැන්දට පස්සේ බර ඇදගෙන යන එක සුළු දෙයක්. ඒ ශක්තිමත් ගවයා නියම විදිහට බර අදිනවා පිට පනින්නෙ නෑ.

660. ඒවං පඤ්ඤාය යේ තිත්තා සමුද්දෝ වාරිනා යථා
න පරේ අතිමඤ්ඤන්ති අරියධම්මෝ’ව පාණිනං

660. ධර්මය අවබෝධ කළ භික්ෂුවත් ඒ වගේ තමයි. එයා වතුර පිරිල තිබෙන මුහුදක් වගෙයි. ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙලා ඉන්නෙ. අනුන්ට අපහාස කරන්නෙ නෑ. මේක එබඳු අයගේ ශ්‍රේෂ්ඨ ගුණයක්.

661. කාලේ කාලවසං පත්තා භවාභවවසං ගතා
නරා දුක්ඛං නිගච්ඡන්ති තේධ සෝචන්ති මානවා

661. සත්වයන් දුක් විඳින්නෙ කාලය තුළ, කාලයටම වසඟ වෙලා ඉන්න නිසා. භවය තුළ, භවයටම වසඟ වෙලා. ඉතින් ඒ උදවිය මේ ජීවිතයේදීම ශෝක වෙනවා.

662. උන්නතා සුඛධම්මේන දුක්ඛධම්මේන වෝනතා
ද්වයේන බාලා හඤ්ඤන්ති යථාභූතං අදස්සිනෝ

662. සැප ලැබුණහම ඒ ගොල්ල හරි ආඩම්බරයි. දුක ලැබුණහම ඒ දුකට යටත් වෙනවා. ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙලා නැති ඒ නුවණ මඳ ජනතාව සැප දුක දෙකෙන්ම පීඩා විඳිනවා.

663. යේ ච දුක්ඛේ සුඛස්මිං ච මජ්ඣේසිබ්බනිමච්චගූ
ඨිතා තේ ඉන්දඛීලෝ’ව න තේ උන්නතඕනතා

663. මේ සැප දුකට මැදි වෙලා තිබෙන බව පැවැත්ම මහල දෙන්නෙ තණ්හාවෙන්. මේ තණ්හාව නැති කළොත් ඒ ගොල්ලන්ට ඉන්න පුළුවන් ඉන්ද්‍රඛීලයක් වගේ. උස් පහත් නොවී ඉන්න පුළුවන්.

664. නහේව ලාභේ නාලාභේ අයසේ න ච කිත්තියා
න නින්දායං පසංසාය න තේ දුක්ඛේ සුඛම්හි ච

664. එබඳු උදවියට යමක් ලැබුණත් එකයි. නොලැබුණත් එකයි. අපකීර්තිය ලැබුණත් එකයි. කීර්තිය ලැබුණත් එකයි. නින්දා ලැබුණත් එකයි. ප්‍රශංසා ලැබුණත් එකයි. සැප ලැබුණත් එකයි. දුක ලැබුණත් එකයි. කම්පා වෙන්නෙ නෑ.

665. සබ්බත්ථ තේ න ලිප්පන්ති උදබින්දූව පොක්ඛරේ
සබ්බත්ථ සුඛිතා ධීරා සබ්බත්ථ අපරාජිතා

665. කිසිම අරමුණකට ඒ ගොල්ල ඇලෙන්නෙ නෑ. නෙළුම් කොළෙන් ලිස්සා වැටෙන වතුර බින්දුවක් වගේ. ඒ නුවණැති උදවිය හැමතැනදිම සැපෙන් ඉන්නවා. හැමතැනදිමත් අපරාජිතව ඉන්නවා.

666. ධම්මේන ච අලාභෝ යෝ යෝ ච ලාභෝ අධම්මිකෝ
අලාභෝ ධම්මිකෝ සෙය්‍යෝ යං වේ ලාභෝ අධම්මිකෝ

666. දැහැමි ජීවිතයෙන් අලාභයක් ලැබෙනවා නම් අදැහැමි ජීවිතයෙන් ලාභයක් ලැබෙනවා නම් මේ දෙකෙන් අදැහැමි ජීවිතයෙන් ලැබෙන ලාභයට වඩා ඇත්තෙන්ම දැහැමි අලාභය ශ්‍රේෂ්ඨයි.

667. යසෝ ච අප්පබුද්ධීනං විඤ්ඤූනං අයසෝ ච යෝ
අයසෝ’ව සෙය්‍යෝ විඤ්ඤූනං න යසෝ අප්පබුද්ධිනං

667. මෝඩ ජනතාවගේ වර්ණනාවත් නිකෙලෙස් බුද්ධිමත් ජනතාවගේ අපහාසයත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ වර්ණනාවට වඩා නිකෙලෙස් බුද්ධිමතුන්ගේ අපහාසය උතුම්ය.

668. දුම්මේධේහි පසංසා ච විඤ්ඤූහි ගරහා ච යා
ගරහා’ව සෙය්‍යෝ විඤ්ඤූහි යං චේ බාලපසංසනා

668. මෝඩ ජනතාවගේ ප්‍රශංසාවත්, නිකෙලෙස් බුද්ධිමතුන්ගේ ගර්හාවත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ ප්‍රශංසාවට වඩා නිකෙලෙස් බුද්ධිමතුන්ගේ ගර්හාව උතුම්ය.

669. සුඛං ච කාමමයිකං දුක්ඛං ච පවිවේකියං
පවිවේක දුක්ඛං සෙය්‍යෝ යං චේ කාමමයං සුඛං

669. කාම සේවනයෙන් ලැබෙන සැපයත්, කාමයන්ගෙන් වෙන් වී විවේකයෙන් සිටින විට ලැබෙන දුකත් යන මේ දෙකෙන් කාමයෙන් ලැබෙන සැපයට වඩා විවේකයෙන් ලැබනෙ දුක උතුම්ය.

670. ජීවිතං ච අධම්මේන ධම්මේන මරණං ච යං
මරණං ධම්මිකං සෙය්‍යෝ යං චේ ජීවේ අධම්මිකං

670. අධාර්මිකව ජීවත් වීමත් ධාර්මිකව ලැබෙන මරණයත් යන මේ දෙකෙන් අධාර්මික ජීවිතයට වඩා ධාර්මික මරණය උතුම්ය.

671. කාමකෝපප්පහීනා යේ සන්තචිත්තා භවාභවේ
චරන්ති ලෝකේ අසිතා නත්ථි තේසං පියාප්පියං

671. කාම, කෝප දෙකම නැති කළ කිසිම භවයකට නොඇලුණ ශාන්ත සිත් ඇති තණ්හා රහිත කෙනා ලෝකයේ හැසිරෙන කොට එයාට ප්‍රිය අප්‍රිය වශත්‍යන් භේදයන් කිසිවක් නැහැ.

672. භාවයිත්වාන බොජ්ඣංගේ ඉන්ද්‍රියානි බලානි ච
පප්පුය්‍ය පරමං සන්තිං පරිනිබ්බන්ත්‍යනාසවා’ති

672. බොජ්ඣංග ධර්ම දියුණු කරලා ඉන්ද්‍රිය ධර්මත්, බල ධර්මත් දියුණු කරල තමයි පරම ශාන්තියට පැමිණෙන්නෙ. ඒ රහත් මුනිවරුන් පිරිනිවන් පානවා.

ඉත්ථං සුදං ආයස්මා ගෝදත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගෝදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

තස්සුද්දානං –

රේවතෝ චේව ගෝදත්තෝ ථේරා ද්වේ තේ මහිද්ධිකා
චුද්දසම්හි නිපාතම්හි ගාථායෝ අට්ඨවීසතී’ති.

චුද්දසනිපාතෝ නිට්ඨිතෝ.

දහහතරවෙනි නිපාතය නිමා විය.

(ගාථා දහහතර බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_14-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M