ඛුද්දක නිකාය

ථේර ගාථා

1.5.6. සමිද්ධිත්ථේරගාථා

1.5.6. සමිද්ධි තෙරුන්ගේ ගාථාව

46. සද්ධායාහං පබ්බජිතෝ අගාරස්මානගාරියං
සති පඤ්ඤා ච මේ වුද්ධා චිත්තං ච සුසමාහිතං
කාමං කරස්සු රූපානි නේව මං බාධයිස්සසී’ති.

46. මා ගිහි ගෙය අත්හැරලා පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන් ම යි. මා තුළ සිහියත් ප්‍රඥාවත් හොඳින් වැඩිල තියෙන්නෙ. මගේ සිතත් ඉතා හොඳින් සමාධිමත් වෙලා තියෙන්නෙ. (ඒයි මාරය) ඕනෑ තරමක් විකාර දක්වන්න. ඒ කිසිම දෙයකින් මට බාධාවක් කරන්නට පුළුවන්කමක් නෑ.

ඉත්ථං සුදං ආයස්මා සමිද්ධිත්ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සමිද්ධි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M