ඛුද්දක නිකාය

ථේර ගාථා

1.3.3. ගෝසාලත්ථේරගාථා

1.3.3. ගෝසාල තෙරුන්ගේ ගාථාව

23. අහං ඛෝ වේළුගුම්බස්මිං භුත්වාන මධුපායසං
පදක්ඛිණං සම්මසන්තෝ ඛන්ධානං උදයබ්බයං
සානුං පටිගමිස්සාමි විවේකමනුබ්‍රෑහයන්ති.

23. බුදු සමිඳාණන් ගේ අවවාදය මා පිළිගත්තේ ඉතා ගෞරවයෙන්. එදා දානයට මං වැළඳුවේ මී පැණි මිශ්‍ර කිරි බතක්. ඊට පස්සේ උණ පඳුරක් සෙවණේ හිඳගත් මං භාවනා කරන්ට පටන් ගත්තා. පංච උපාදානස්කන්ධයන් මුල් කොට මේ දුක හට ගන්නා හැටිත්, ඒ දුක නැතිවන හැටිත් නුවණින් විමස විමසා බැලුවා. මා ගොඩාක් කැමති විවේකට ම යි. එනිසා මං ආයෙමත් සානු වනයට ම යනවා.

ඉත්ථං සුදං ආයස්මා ගෝසාලෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ ති.

මෙය වනාහී ආයුෂ්මත් ගෝසාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M