ඛුද්දක නිකාය

ථේර ගාථා

1.2.4. වනවච්ඡත්ථේරසාමණේරගාථා

1.2.4. වනවච්ඡ තෙරුන්ගේ ශිෂ්‍ය වූ සාමණේරයන්ගේ ගාථාව

14. උපජ්ඣායෝ මං අවච ඉතෝ ගච්ඡාම සීවක
ගාමේ මේ වසති කායෝ අරඤ්ඤං මේ ගතෝ මනෝ
සේමානකෝ පි ගච්ඡාමි නත්ථි සංගෝ විජානත’න්ති.

14. මාගේ උපාධ්‍යායන් වහන්සේ මට මෙහෙම කිව්වා.

“පින්වත් සීවක, අපි මේ ගම අත්හැර වනාන්තරයට යමු” යි (මගේ අදහසත් ඒක ම යි) මගේ ශරීරය මේ ගමේ තිබුණත්, මගේ සිත ගිහින් තිබුණේ වනයට ම යි. ගමේ මං සැතපුණත් සිත ගියේ වනයට ම යි. සැබෑ තත්වය දකින කෙනෙකුට ඇලීමක් නම් ඇතිවෙන්නෙ නෑ.

ඉත්ථං සුදං ආයස්මතෝ වනවච්ඡස්ස ථේරස්ස සාමණේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් චූලවච්ඡ තෙරුන් ගේ ශිෂ්‍ය සාමණේර රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M