ඛුද්දක නිකාය

ථේර ගාථා

1.12.1. ජෙන්තත්ථේරගාථා

1.12.1. ජෙන්ත තෙරුන්ගේ ගාථාව

111. දුප්පබ්බජ්ජං වේ දුරධිවාසා ගේහා
ධම්මෝ ගම්භීරෝ දුරධිගමා භෝගා
කිච්ඡා වුත්ති නෝ ඉතරීතරේනේව
යුත්තං චින්තේතුං සතතමනිච්චත’න්ති.

111. ඇත්තෙන් ම පැවිදි ජීවිතේ දුෂ්කරයි. ගිහි ජීවිතෙත් දුෂ්කරයි. සද්ධර්මය ගැඹුරුයි. භෝග සම්පත් උපදවා ගැනීම දුෂ්කරයි. ලැබුණු දෙයකින් යැපෙන අපේ ජීවිතේ කොහොමත් දුක් සහිතයි. එනිසා හැම තිස්සේ ම අනිත්‍ය සිහිකිරීම තමා හොඳ.

ඉත්ථං සුදං ආයස්මා ජෙන්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ජෙන්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M