ඛුද්දක නිකාය

පේතවත්ථු

1.12. උරග පේත වත්ථු

1.12. උරග ප්‍රේත වස්තුව

85. උරගෝව තචං ජිණ්ණං හිත්වා ගච්ඡති සංතනුං
ඒවං සරීරේ නිබ්භෝගේ පේතේ කාලකතේ සති.

85. සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරලා ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයත් ප්‍රයෝජනයකට ගන්න බැරි වෙන කොට සිරුර අත්හැරල කළුරිය කරනවා.

86. ඩය්හමානෝ න ජානාති ඤාතීනං පරිදේවිතං
තස්මා ඒතං න රෝදාමි ගතෝ සෝ තස්ස යා ගතී‘ති.

86. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඤාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නෙ නෑ. ඒ නිසා මිය ගිය දරුවා සිහි කරල මං අඬන්නෙ නෑ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.

87. අනව්හිතෝ තතෝ ආග නානුඤ්ඤතෝ ඉතෝ ගතෝ
යථාගතෝ තථාගතෝ කා තත්ථ පරිදේවනා

87. එයා පරලොවින් මෙලොවට ආවෙ අපි අඬගහල නොවෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපගේ අවසර අරගෙන නොවෙයි. යම් ආකාරයකින් ආවාද ඒ ආකාරයෙන්ම ගියා. ඉතින් එහෙම එකේ මේ වැළපීමේ අරුත මොකක්ද?

88. ඩය්හාමානෝ න ජානාති ඤාතීනං පරිදේවිතං
තස්මා ඒතං න රෝදාමි ගතෝ සෝ තස්ස යා ගතී‘ති.

88. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඤාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නෙ නෑ. ඒ නිසා මිය ගිය දරුවා සිහි කරල මං අඬන්නෙ නෑ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.

89. සචේ රෝදේ කිසා අස්සං තත්ථ මේ කිං ඵලං සියා
ඤාතිමිත්තසුහජ්ජානං භිය්‍යෝ නෝ අරතී සියා

89. ඉතින් මං හඬන්ට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. ඒ හැඬීමෙන් මට ඇති ඵලය මොකක්ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් ඇති වෙන්නෙ නොඇල්ම විතරයි.

90. ඩය්හමානෝ න ජානාති ඤාතීනං පරිදේවිතං
තස්මා ඒතං න රෝදාමි ගතෝ සෝ තස්ස යා ගතී‘ති.

90. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඤාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නෙ නෑ. ඒ නිසා මිය ගිය දරුවා සිහි කරල මං අඬන්නෙ නෑ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.

91. යථාපි දාරකෝ චන්දං ගච්ඡන්තමනුරෝදති
ඒවං සම්පදමේවේතං යෝ පේතමනුසෝචති.

91. පොඩි දරුවෙක් ඉන්නවා. එයා ආකාසයේ ගමන් කරන සඳ ඉල්ලා අඬුවා. යමෙක් මියගිය උදවිය ගැන හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි.

92. ඩය්හමානෝ න ජානාති ඤාතීනං පරිදේවිතං
තස්මා ඒතං න රෝදාමි ගතෝ සෝ තස්ස යා ගතී‘ති.

92. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඤාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නෙ නෑ. ඒ නිසා මිය ගිය දරුවා සිහි කරල මං අඬන්නෙ නෑ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.

93. යථාපි බ්‍රහ්මේ උදකුම්භෝ භින්නෝ අප්පටිසන්ධියෝ
ඒවං සම්පදමේවේතං යෝ පේතමනුසෝචති

93. පින්වත් බ්‍රාහ්මණය, මැටි කලයක් බිඳිලා ගිය විට ආයෙ පැරණි විදිහට ඒක පූට්ටු කරන්ට බෑ, යමෙක් මිය ගිය උදවිය ගැන හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි.

94. ඩය්හමානෝ න ජානාති ඤාතීනං පරිදේවිතං
තස්මා ඒතං න රෝදාමි ගතෝ සෝ තස්ස යා ගතී‘ති.

94. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඤාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නෙ නෑ. ඒ නිසා මිය ගිය දරුවා සිහි කරල මං අඬන්නෙ නෑ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.

සාදු! සාදු!! සාදු!!!

උරගපේතවත්ථු ද්වාදසමං.

දෙළොස්වෙනි උරග ප්‍රේත වස්තුවයි.

උරගවග්ගෝ පඨමෝ නිට්ඨිතෝ.

පළවෙනි උරග වර්ගය නිමා විය.

තස්සුද්දානං –

ඛෙත්තඤ්ච සූකරං පූති පිට්ඨඤ්චාපි තිරොකුඩ්ඩං
පඤ්චාපි සත්තපුත්තඤ්ච ගෝණඤ්ච පේසකාරකං
තථා ඛල්ලාටියං නාගං උරගඤ්චේව ද්වාදසාති.

එහි පිළිවෙල උද්දානයයි:

ඛෙත්තූපමං ප්‍රේත වස්තුව, සූකර මුඛ ප්‍රේත වස්තුව, පූති මුඛ ප්‍රේත වස්තුව, පිට්ඨධීතලික ප්‍රේත වස්තුව, තිරෝකුඞ්ඩ ප්‍රේත වස්තුව, පඤ්ච පුත්ත ප්‍රේත වස්තුව, සත්ත පුත්ත ප්‍රේත වස්තුව, ගෝණ ප්‍රේත වස්තුව, පේසකාර ප්‍රේත වස්තුව, ඛල්ලාටිය ප්‍රේත වස්තුව, නාග ප්‍රේත වස්තුව, උරග ප්‍රේත වස්තුව යන ප්‍රේත වස්තු දොළොසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M