1200. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ විවිධ වර්ණයෙන් යුක්තයි. සෝක වැළපීම් නසන නන් විසිතුරු ඇති දිව්‍ය විමානයකටයි ඔබ නැඟිල ඉන්නෙ. දිව්‍ය අප්සරාවන් ඔබව පිරිවරාගෙන ඉන්නවා. ඔබ සතුටු වෙන්නෙ සුනිම්මිත දිව්‍ය රාජයා වගේ.
1201. ඔබේ යසසින් පුණ්‍ය බලයෙන් ඉර්ධියෙන් ඔබට සමාන කෙනෙක් නෑ. ඔබට වඩා උතුම් කෙනෙක් කොහොම ලබන්නද?
1202. තව්තිසාවේ ඉන්න සියලු දෙවිවරුන් එක්වෙලා ඇවිදින් ඔබට වන්දනා කරන්නෙ දෙව්මිනිසුන් හඳට වඳිනවා වගේ. ඔබ වටේ ඉන්න මේ දිව්‍ය අප්සරාවන් නටනවා. ගයනවා. සතුටු වෙනවා.
1203. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
1204. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
1205. ස්වාමීනි, මං ඉස්සර සුමේධ නම් ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා හිටියා. මං මාර්ගඵල අවබෝධ රහිත පෘතග්ජන කෙනෙක්වයි හිටියේ. ඒ මං සත් අවුරුද්දක් මහණ වෙලා හිටියා.
1206. ඒ අටලෝ දහමින් කම්පා නොවන සසර සැඬ පහරින් එතෙර වුන මාර සෙනඟ ජයගත් ඒ සුමේධ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පා වදාළා. උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් රන්දැලෙන් කරවලා මැණික් ඔබ්බපු ස්ථූපයට මං පහන් සිතින් යුතුව වන්ඳනා කළා.
1208. මං පූජා කරගත්තු දානයක් නෑ. දන් දෙන්න තරම් දෙයක් මට තිබුනෙත් නෑ. නමුත් මං අනිත් අයව දන් දීමෙහි සමාදන් කෙරෙව්වා. පිදිය යුතු උතුමන්ගේ ධාතූන් වහන්සේලාට පූජා පවත්වන්න. එතකොට මෙලොවින් චුතව ස්වර්ගයෙහි උපදින්න පුළුවන්.
1209. මං කරගත්තෙ ඒ පින්කම විතරයි. ඒ පුණ්‍ය විපාකයෙන් තමයි මං මේ දිව්‍ය සැප විඳින්නෙ. තව්තිසා දෙව් පිරිස මැද මං සතුටු වෙනවා. ඒ පිනේ විපාක තවමත් අවසන් වුනේ නෑ.
සාදු ! සාදු !! සාදු !!!
අටවෙනි අනේක වණ්ණ විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M