1121 උයන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ නන්දන වනයත් චිත්‍රලතා වනයත් තියෙන්නෙ උතුම් තව්තිසා දෙවියන් අතරයි. ඔබේ මේ විමානයත් අන්න ඒ වගේ බබලනවා. ඔබේ ඒ විමානය අහසෙහි බබලමින් තියෙනවා.
1122. මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
1123. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
1124. මං මනුස්ස ලෝකෙ මනුස්සයෙක් වෙලා හිටියේ. මං හරි දුප්පත්. අසරණයි. දීනයි. කුලී වැඩකරන කෙනෙක් වෙලා හිටියේ. මගේ මව්පියන් හොඳටම වයසට ගිහින් දුර්වල වෙලා ඉන්න කොට මං උපස්ථාන කළා. ඒ වගේම සිල්වතුන් වහන්සේලාව මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවා ගෙනයි හිටියේ. මං බෝහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා.
1125. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
1126. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
සාදු ! සාදු !! සාදු !!!
දෙවෙනි නන්දන විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M