1102. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ හරි ලස්සනයි. දිව්‍ය මල් දරාගෙන ඉන්නවා. ලස්සන දිවසළු දරාගෙන ඉන්නවා. බොහොම හැඩට කෙස් රැවුල් කපල තියෙනවා. කන්වලත් ලස්සන ආභරණ පැළඳගෙන, අත්වලත් ලස්සන ආභරණ පැළඳගෙන යසස් ඇතිව ඉන්න ඔබ ඔය දිව්‍ය විමානෙ ඉන්න කොට සඳක් වගේ බබලනවා.
1103. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. ඔය විමානයේ ඉන්න දිව්‍ය අප්සරාවන් සූසැට කලාවන් හොඳට පුහුණු වෙලයි ඉන්නෙ. ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා.
1104. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
1105. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.
1106. මං මනුස්ස ලෝකයේ මනුස්සයෙක් වෙලා හිටියා. මං දැක්කා යහපත් ගති පැවතුම් ඇති ශ්‍රමණයන් වහන්සේලා. උන්වහන්සේලා විජ්ජාචරණසම්පන්නයි. යසසින් යුක්තයි. බහුශ්‍රැතයි. තණ්හාව ක්ෂය කරලයි ඉන්නෙ. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවා ගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා.
1107. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
1108. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
සාදු ! සාදු !! සාදු !!!
නව වෙනි දුතියකුණ්ඩලී විමානයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-6-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M