ඛුද්දක නිකාය

විමානවත්ථු

6.3. ඵලදායිකා විමාන වත්ථු

6.3. ඵලදායිකා විමානය

1061. මේ විමානය හරි උසයි. මැණික්වලින් කරපු කණු තියෙනවා. යොදුන් දහසයක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් ඇති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කළුයි. සුන්දරයි.

1062. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන් ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. ඔය විමානයේ ඉන්න දිව්‍ය අප්සරාවන් සූසැට කලාවන් හොඳට පුහුණු වෙලයි ඉන්නෙ. ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා.

1063. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

1064. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ.

1065. මහා මුනිතුමනි, සෘජු සිත් ඇති පහන් සිත් ඇති ඒ ආර්ය සංඝරත්නයට පලතුරු පූජා කරගත්තොත් ඒ පුද්ගලයා මහාපුණ්‍ය ඵලයක් ලබා ගන්නවා. ඒ පුද්ගලයා දෙව්ලොව ඉපදිලා තව්තිසාවේ සතුටු වෙනවා. බොහෝ පුණ්‍යඵල අනුභව කරනවා. මුනිඳුනි, මාත් ඒ විදිහේම පලතුරු හතරක් පූජා කරගත්තා.

1066. ඒ නිසා මිනිස් ලෝකෙ සැප පතනවා නම් දෙව් ලොව සැප පතනවා නම් එයා කළ යුත්තේ නිතර නිතර පලතුරු පූජා කරන එකමයි. ඒකමයි සුදුසු.

1067. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

1068. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.

සාදු ! සාදු !! සාදු !!!

තුන් වෙනි ඵලදායක විමානයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn3_1-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M