ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

14. පෝසාල සුත්තං

14. පෝසාල නිසා වදාළ දෙසුම

1117. යෝ අතීතං ආදියති (ඉච්චායස්මා පෝසාලෝ)
අනේජෝ ඡින්නසංසයෝ
පාරගුං සබ්බධම්මානං අත්ථිපඤ්හේන ආගමං

(පෝසාල)

ආශාවන් කිසිත් නොමැති – කිසි තැන සැක කුකුසක් නැති
සම්බුදු වූ යම් උතුමෙක් – අතීතෙ ගැන කියා දෙත්ද
හැම දහමේ පරතෙර වැඩි – ඒ බුදු සමිඳාණන් වෙත
ආවෙමි මම පැන අසන්ට

1118. විභූතරූපසඤ්ඤිස්ස – සබ්බකායප්පහායිනෝ
අජ්ඣත්තං ච බහිද්ධා ච – නත්ථි කිඤ්චීති පස්සතෝ
ඤාණං සක්කානු පුච්ඡාමි – කථං නෙය්‍යෝ තථා විධෝ

ශාක්‍ය මුනිවරයාණනි,
රූපය ගැන ඇති හැඳුනුම් – හැම ලෙසින්ම ඉක්මවමින්
හැම කයක්ම බැහැරට කොට – තමා තුළ ද බාහිරව ද
“කිසිවක් නැති බව” ම දකින – ඔහුගෙ නුවණ ගැන විමසමි
කොහොමද ඒ උදවිය ලොව – අම නිවනට පැමිණෙන්නේ?

1119. විඤ්ඤාණට්ඨිතියෝ සබ්බා (පෝසාලෝති භගවා)
අභිජානං තථාගතෝ
තිට්ඨන්තමේනං ජානාති විමුත්තං තප්පරායණං

(භාග්‍යවතුන් වහන්සේ)

පින්වත් වූ පෝසාලය,
විඤ්ඤාණය පිහිටන තැන් – සියල්ල ගැන මැනවින් දත්
ලොවේ තථාගතවරු නම් – මේ ගැන හැම ලෙස දනිත්ය
අරූපි සමවතේ සිටින – කෙනා එයම විදසුන් කොට
එයම නිවන් මග කරගෙන – පත්වන්නේ විමුක්තියට

1120. ආකිඤ්චඤ්ඤා සම්භවං ඤත්වා – නන්දි සංයෝජනං ඉති
ඒවමේතං අභිඤ්ඤාය – තතෝ තත්ථ විපස්සති
ඒතං ඤාණං තථං තස්ස – බ්‍රාහ්මණස්ස වුසීමතෝති

අරූපි සමවතට තිබෙන – තණ්හාවේ හැටි දැනගෙන
ඒ ගැන පවතින ඇල්මම – බන්ධනයක් යයි දැකගෙන
දියුණු කරපු නුවණින් හේ – වඩන්නේය එහි විදසුන්
නිවනට යන මග ම වැඩුව – ඒ අරහත් බමුණිඳු හට
ලැබෙනා මේ ඤාණය නම් – වෙනස් නොවෙන බව පවසමි

පෝසාල සුත්තං චුද්දසමං.

පෝසාල නිසා වදාළ දෙසුම මෙහි දාහතර වැන්න වේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M