ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

9. මාගන්දිය සුත්තං

9. මාගන්දිය බමුණා නිසා වදාළ දෙසුම

839. දිස්වාන තණ්හං අරතිං රගඤ්ච
නාහෝසි ඡන්දෝ අපි මේථුනස්මිං
කිමේවිදං මුත්තකරීසපුණ්ණං
පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡේ

(භාග්‍යවතුන් වහන්සේ,)

තණ්හා අරතී ද රගා – යන අය දුටු කලට පවා
මෛථුනයේ හැසිරෙන්නට – සිතක් පහළ නොවීය මට
මුත්‍ර වලින් අසුචින් පිරි – මෙවැනි සිරුරු දුටුව කලට
කුමන දෙයක් මුල් කරගෙන – සිතක් පහළ කරගන්ටද?
පාදයකින් වත් කිසිදින – නො රිසිය පහසක් ලබන්ට

840. ඒතාදිසං වේ රතනං න ඉච්ඡසි
නාරිං නරින්දේහි බහූහි පත්ථිතං
දිට්ඨිග්ගතං සීලවතානුජීවිතං
භවූපපත්තිඤ්ච වදේසි කීදිසං

(මාගන්දිය බමුණා,)

රජදරුවන් විසින් බොහෝ – නිතරම පතමින් සිටිනා
මේ වැනි වනිතා මැණිකක් – ලබන්ට ඔබ අකමැති නම්
ඔබ දරනා ආකල්ප ද – ගෙවනා ඔය සිල්වත් කම්
උපදින්නට පතනා ලොව – ගැන පැවසුව මැනවි අපට

841. ඉදං වදාමීති න තස්ස හෝති(මාගන්දියාති භගවා)
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං
පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය
අජ්ඣත්තසන්තිං පවිනං අදස්සං

(භාග්‍යවතුන් වහන්සේ,)

මාගන්දිය බමුණාණෙනි,
දැඩි ලෙස ගත් වාදයන් ද – එහි පැටලෙන මානයන් ද
මතුකොට “පවසමි මෙය මම” – යන මතයක් නැත මා හට
මතවාදය තුළ තිබෙනා – මේ දොස ගැන මා හඳුනා
ඒ කිසිවක් සිතට නොගෙන – “ජීවිතයේ තිබෙන සුවය”
දැකගෙන කල් ගෙවමි මෙමා

842. විනිච්ඡයා යානි පකප්පිතානි (ඉති මාගන්දියෝ)
තේ වේ මුනි බ්‍රෑසි අනුග්ගහාය
අජ්ඣත්තසන්තීති යමේතමත්ථං
කථං නු ධීරේහි පවේදිිතං තං

(මාගන්දිය බමුණා,)

සිතකට පැටලෙනා වාද – කිසිවක් හා නොමැති හාද
සැබැවින් ඔබ පැවසූ ඔය – කරුණ ගැනය මුණිඳාණනි
නුවණැත්තන් විසින් ලොවේ – කුමන දෙයක් මුල් කරගෙන
පවසන අරුතක් තිබේ ද – ජීවිතයේ ඇති සුව ගැන?

843. න දිට්ඨියා න සුතියා න ඤාණේන (මාගන්දියාති භගවා)
සීලබ්බතේනාපි න සුද්ධිමාහ
අදිට්ඨියා අස්සුතියා අඤාණා
අසීලතා අබ්බතා නෝපි තේන
ඒතේ ච නිස්සජ්ජ අනුග්ගහාය
සන්තෝ අනිස්සාය භවං න ජප්පේ

(භාග්‍යවතුන් වහන්සේ,)

මාගන්දිය බමුණාණනි,
හුදෙක් වාද මතයෙන් හෝ – කණට වැටුන දෙයකින් හෝ
නුවණක් ලද පමණින් හෝ – රැකගත් සිල්පදයෙන් හෝ
පැහැදිලි සැනසිලි සුවයක් – ලැබේ කියා නොකියමි මම
අවබෝධයෙකින් බැහැරව – දහම් ඇසීමක් ද නැතිව
නුවණක් ඇති වී නොමැතිව – රැකගත් සීලයක් නැතිව
පැහැදිලි සැනසිලි සුවයක් – නොලැබේ යැයි පවසමි මම

844. නෝ චේ කිර දිට්ඨියා න සුතියා න ඤාණේන (ඉති මාගන්දියෝ)
සීලබ්බතේනාපි න විසුද්ධිමාහ
අදිට්ඨියා අස්සුතියා අඤාණා
අසීලතා අබ්බතා නෝපි තේන
මඤ්ඤාමහං මෝමුහමේව ධම්මං
දිට්ඨියා ඒකේ පච්චෙන්ති සුද්ධිං

(මාගන්දිය බමුණා,)

තිබෙන වාද මතයෙන් හෝ – කණට වැටුන දෙයකින් හෝ
නුවණක් ලද පමණින් හෝ – රැකගත් සිල් පදයෙන් හෝ
පැහැදිලි සැනසිලි සුවයක් – ලැබේ කියා නො කියන ඔබ
අවබෝධයෙකින් බැහැරව – දහම් ඇසීමක් ද නැතිව
නුවණක් ඇති වී නොමැති ව – රැකගත් සීලයක් නැතිව
පැහැදිලි සැනසිලි සුවයක් – නො ලැබේ යයි පවසන ඔබ
කියා සිටින දහම ද ඔය – දකිමි මුළාවක් විලසට
සමහර උදවිය කැමති ය – මතවාදෙන් සැප ලබන්ට

845. දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානෝ (මාගන්දියාති භගවා)
සමුග්ගහීතේසු පමෝහමාග
ඉතෝ ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං
තස්මා තුවං මෝමුහතෝ දහාසි

(භාග්‍යවතුන් වහන්සේ,)

මත වාදය ඇති නිසා ය – යළි යළි එ කරුණ අසන්නෙ
මුළාවක්ම තුළ දැඩිලෙස – පැටලී ගෙන එය කියන්නෙ
නො දිටිමි ඔබ කිව්ව මතෙන් – යන්තම් හැඳිනීමක් හෝ
දුටුව ද ඔබ තම මතයට – දැඩිලෙස රැවටී ඇති බව

846. සමෝ විසේසි උද වා නිහීනෝ
යෝ මඤ්ඤති සෝ විවදේථ තේන
තීසු විධාසු අවිකම්පමානෝ
සමෝ විසේසීති න තස්ස හෝති

සමවෙමි – ඉහළින් සිටිනෙමි – නැතහොත් මම ළාමක වෙමි
යන මේ මිම්මෙන් මනිනා – අයයි වාද සකසන්නේ
කිසිවෙක් තුළ මෙ මාන තුන – නොම සැකසේ නම් කිසිවිට
ඉහළින් සිටිනෙමි – සමවෙමි – ළාමක වෙමි යන කිසිවක්
ඔහු හට නම් නොමැත්තේය

847. සච්චන්ති සෝ බ්‍රාහ්මණෝ කිං වදෙය්‍ය
මුසාති වා සෝ විවදේථ කේන
යස්මිං සමං විසමං වාපි නත්ථි
ස කේන වාදං පටිසංයුජෙය්‍ය

ඒ අරහත් බමුණු තෙමේ,
වාද කරන්ට ද කුමකට – මෙය “ඇත්තක්” යයි කියමින්
වාද කරන්ට ද කා හා – මෙය “බොරුවක්” යයි කියමින්
කිසිවක් ගැන කෙනෙකුන් ගැන – සම විසමෙ ට කිසිවක් නැති
කෙනා කවර මිම්මක් ගෙන – වාදයකට පැටලෙන්ට ද?

848. ඕකම්පහාය අනිකේතසාරී
ගාමේ අකුබ්බං මුනි සන්ථවානි
කාමේහි රිත්තෝ අපුරෙක්ඛරානෝ
කථං න විග්ගය්හ ජනේන කයිරා

සියළු ඇල්ම බැහැර කෙරුව -තණ්හා නොමැතිව හැසිරෙන
මුනිඳුන් ගම් පියස තුළද – නිවැරදි ලෙස හැසිරෙන්නේ
කිසිදු කාම හිතක් නොමැති – අමුතු ඉලක්කයක් නොමැති
මුනිවරු නොකරත්ම ය ලොව – ජනයා සමඟින් පැටලිලි

849. යේහි විවිත්තෝ විචරෙය්‍ය ලෝකේ
න තානි උග්ගය්හ වදෙය්‍ය නාගෝ
ඒලම්බුජං කණ්ටකං වාරිජං යථා
ජලේන පංකේන ච නූපලිත්තං
ඒවං මුනී සන්තිවාදෝ අගිද්ධෝ
කාමේ ච ලෝකේ ච අනූපලිත්තෝ

හැම මතයෙන් වෙන් වී ගිය -හේ හැසිරෙන්නේ ලොව තුළ
වාදයකට නො ම පැටලී – සිටියි ඇත් රජෙක් විලසට
දිය හා මඩ නො ම තැවරුන – දියෙහි පිපුන පියුමක් ලෙස
ගිජු නොම වී කිසි දෙයකට – සැනසිලි මග ගැනම කියන
මුනිවරු නම් කිසි දිනයක – නො ඇලෙත් මේ කාම ලොවට

850. න වේදගූ දිට්ඨියා න මුතියා
ස මානමේති න හි තම්මයෝ සෝ
න කම්මුනා නෝපි සුතේන නෙය්‍යෝ
අනුපනීතෝ ස නිවේසනේසු

දහමේ පරතෙරට පැමිණි – කෙනා නොයත්මය වාදෙට
අවබෝධෙන් සිටිනා විට – නොයත්ය කිසිවිට මානෙට
කරනා කිසි දෙයකින් හෝ – ඇසෙනා යම් දෙයකින් හෝ
වෙනසක් කළ නොහැක ලොවේ – හේ අරහත් මුනිඳුන් වේ
ලොවේ කිසිම අරමුණකට – හිත නොම පැටලේ කිසිවිට

851. සඤ්ඤා විරත්තස්ස න සන්ති ගන්ථා
පඤ්ඤා විමුත්තස්ස න සන්ති මෝහා
සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යේ අග්ගහේසුං
තේ ඝට්ටයන්තා විචරන්ති ලෝකේති

හඳුනා ගත් කිසිවක් තුළ – ඇල්මක් නැති මුනිඳුන් තුළ
නැත්තේ ම ය දැක ගන්නට – දුක හැදෙනා අකුසල් ගැට
නුවණ දියුණු කොට මැනවින් – නිදහස් වුන මුනිඳුන් තුළ
නැත්තේම ය දැකගන්නට – භවයේ රැඳෙනා රැවටිලි
හඳුනා ගත් කිසි දෙයකට – හට ගත් මතවාදයකට
පැටලෙන අය හැසිරෙත් ලොව – ගැටෙමින් එකිනෙකා සමඟ

මාගන්දිය සුත්තං නිට්ඨිතං.

මාගන්දිය බමුණා නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M