ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

7. තිස්ස – මෙත්තෙය්‍ය සුත්තං

7. තිස්ස – මෙත්තෙය්‍ය නිසා වදාළ දෙසුම

818. මේථුනමනුයුත්තස්ස (ඉච්චායස්මා තිස්සෝමෙත්තෙය්‍ය
විඝාතං බ්‍රෑහි මාරිස
සුත්වාන තව සාසනං
විවේකේ සික්ඛිස්සාම සේ

(තිස්ස – මෙත්තෙය්‍ය)

යෙදෙනා විට මෛථුනයෙහි – ලැබෙනා දුක් කරදර ගැන
දැන ගන්නට රිසි වෙමු අපි – කියාදෙන්න නිදුකාණනි
අසමින් ඔබ ගේ එ වදන් – දැනගෙන මුනිඳුන්ගෙ සසුන්
හික්මෙන්නෙමු අපි සැමදෙන – විවේකයෙහි ඇලෙන සිතින්

819. මේථුනමනුයුත්තස්ස (මෙත්තෙය්‍යාති භගවා)
මුස්සතේවාපි සාසනං
මිච්ඡා ච පටිපජ්ජති
ඒතං තස්මිං අනාරියං

(භාග්‍යවතුන් වහන්සේ)

යෙදෙනා විට මෛථුනයේ – නොලැබී යනු ඇත ඔහු හට
සම්මා සම්බුදු සසුනක – ලැබෙන උතුම් වූ මගඵල
වරදට බැස ගත්ත කෙනා – ඔහු වේ මේ ලොව සිටිනා
ඔහු තුළ පවතින ඒ දොස – ළාමක අකුසලයක්මයි

820. ඒකෝ පුබ්බේ චරිත්වාන
මේථුනං යෝ නිසේවති
යානං හන්තං ව තං ලෝකේ
හීනමාහු පුථුජ්ජනං

යමෙක් කළින් පැවිදිව සිට – පසු කල එහි යෙදෙනා විට
යන මගතොට වැරදී ගිය – වාහනයක් බඳු වේ හේ
සිවුරු හැරපු ඒ පුහුදුන් – අය මෛථුනයෙහි යෙදෙනා
ළාමක වූ ජීවිතයට – වැටුනා යයි කියති ලොවේ

821. යසෝ කිත්තිඤ්ච යා පුබ්බේ
හායතේ වා පි තස්ස සා
ඒතම්පි දිස්වා සික්ඛේථ
මේථුනං විප්පහාතවේ

සිවුරෙ රැඳී සිටි කාලේ – ඔහු ජීවත් වුණ තාලේ
පැතිරුන කිත් යස රාවේ – සැණෙකින් සුළගේ පාවේ
දැක මේ අනතුර තිබෙනා – මෛථුනයෙන් ඇති කරනා
එයින් සදහටම මිදෙන්නට – ගනිව් සිතට හික්මෙන්නට

822. සංකප්පේහි පරේතෝ සෝ
කපණෝ විය ඣායති
සුත්වා පරේසං නිග්ඝෝසං
මංකු හෝති තථාවිධෝ

කාම හැඟුම් වලින් පිරුණ – සිතිවිල්ලට යටවුණ විට
ඔහු යළි යළි එය සිතමින් – ගෙවයි දිළින්දෙක් විලසින්
ඔහු ගත කරනා දිවියට – නින්දා බස් ලැබෙනා විට
කරබාගෙන සිටී එවිට – කිසිවක් කරගත නොහැකිව

823. අථ සත්ථානි කුරුතේ
පරවාදේහි චෝදිතෝ
ඒසඛ්වස්ස මහාගේධෝ
මෝසවජ්ජං පගාහති

නින්දා බස් ලැබෙනා විට – එයින් මිදෙන්නට සිතමින්
ගොතා නොයෙක් ලෙස බොරු බස් -අවියක් විලසින් දුසිරිත්
දොඩමින් හේ දෙයි පිළිතුරු – වධයක් ම ය එයත් ඔහුට

824. පණ්ඩිතෝති සමඤ්ඤාතෝ
ඒකචරියං අධිට්ඨිතෝ
අථාපි මේථුනේ යුත්තෝ
මන්දෝව පරිකිස්සති

හුදෙකලාවේ දැඩි සිතකින් – සිල්වත් වී වසනා කල
පැතිර ගියේ ඔහුගේ ගුණ – නැණවත් උතුමෙක් යයි ලොව
එහෙත් සිවුරු හැර පසු කල – මෛථුනයේ යෙදෙනා විට
කෙලෙසී යයි ඔහු හැම ලෙස – ලොවේ මෝඩයෙක් විලසට

825. ඒතමාදීනවං ඤත්වා
මුනි පුබ්බාපරේ ඉධ
ඒකචරියං දළ්හං කයිරා
න නිසේවේථ මේථුනං

පෙර ගත කළ පැවිදි සැපත – පසුව ලැබෙන ගිහි දුක දැක
හොඳින් හැඳින මේ කරදර – මුනිවරු දිවි ගෙවත් තනිව
දැඩි හිතකින් හුදෙකලාව – දැනගෙන සදහම් කලාව
මෛථුනයේ නොම යෙදෙමින් – සුරකිති උත්තම බඹසර

826. විවේකං යේව සික්ඛේථ
ඒතදරියානමුත්තමං
න තේන සෙට්ඨෝ මඤ්ඤේථ
ස වේ නිබ්බානසන්තිකේ

අරහත් මුනිවරු තුළ ඇති – උතුම් විවේකය ලබන්ට
තම සිත එහි පිහිටුවමින් – හික්මෙන හැටි සිතට ගන්ට
එනිසා ලොකුවට ඉහළින් – නොසිතා ඒ ගැන කිසිවිට
සදහම් තුළ හැසිරෙන අය – අමා නිවන් සුව අසළය

827. රිත්තස්ස මුනිනෝ චරතෝ
කාමේසු අනපෙක්ඛිනෝ
ඕඝතිණ්ණස්ස පිහයන්ති
කාමේසු ගථිතා පජාති

හැම දොස් බැහැරට කරමින් – සසුන් පිළිවෙතේ යෙදෙමින්
කාමයන්ද නොම සිතමින් – ගෙවයි එයා සිත සතුටින්
කෙලෙස් වතුර තරණය කළ – අරහත් මුනි උතුමන් ගැන
කාමෙන් මුසපත් වී ගිය – ලෝ වැස්සන් හරි කැමතිය

තිස්සමෙත්තෙය්‍ය සුත්තං නිට්ඨිතං.

තිස්සමෙත්තෙය්‍ය නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M