ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

1. පබ්බජ්ජා සුත්තං

1. උතුම් පැවිද්ද ගැන වදාළ දෙසුම

407. පබ්බජ්ජං කිත්තයිස්සාමි – යථා පබ්බජි චක්ඛුමා
යථා වීමංසමානෝ සෝ – පබ්බජ්ජං සමරෝචයි

ඒ උත්තම පැවිද්ද ගැන – පවසමි හඬ නඟා ලොවට
සදහම් ඇස් ඇති මුනිඳුන් – පැවිදි වුණේ කෙළෙසින් දැයි
නුවණින් විමසමින් හෙතෙම – රුචි වුන හැටි පැවිදි බවට

408. සම්බාධෝ’යං ඝරාවාසෝ – රජස්සායතනං ඉති
අබ්භෝකාසෝ ව පබ්බජ්ජා – ඉති දිස්වාන පබ්බජි

බොහෝ කරදර පීඩා ඇත – මේ ගෙයි වාසය තුළ නම්
කෙළෙස් උනන උල්පතක්ය – “නිවස” කියා පවසන තැන
එහෙත් අනේ මේ පැවිද්ද – ආකාසය වැනි තැනක්ය
යනුවෙන් සැළකීමෙනි හේ – ලබාගත්තෙ මේ පැවිද්ද

409. පබ්බජිත්වාන කායේන – පාපං කම්මං විවජ්ජයි
වචීදුච්චරිතං හිත්වා – ආජීවං පරිසෝධයි

උතුම් පැවිදි දිවිය ලබා – කයින් කෙරෙන පව් දුරුකොට
වැරදි වචන දුරු කරමින් – දිවිමග කරගති පිරිසිදු

410. අගමා රාජගහං බුද්ධෝ – මගධානං ගිරිබ්බජං
පිණ්ඩාය අභිහාරෙසි – ආකිණ්ණවරලක්ඛණෝ

කඳු අතරේ මගධ රටේ – ඇති රජගහ නුවර පැමිණි
මහා පුරිස් ලකුණින් යුතු – අපගේ බුදු සමිඳාණෝ
පිණ්ඩපාතෙ ලබාගන්ට – ගෙපිළිවළින් වැඩිය සේක

411. තමද්දසා බිම්බිසාරෝ – පාසාදස්මිං පතිට්ඨිතෝ
දිස්වා ලක්ඛණසම්පන්නං – ඉමමත්ථං අභාසථ

රජ මැදුරේ උඩුමහලේ – සිටි බිම්සර රජතුමන්ට
දැක ගන්නට ලැබුණා මේ – සුන්දර පෙනුමැති සමිඳුන්
සැණෙකින් ඒ නිරිඳු තෙමේ – පවසා සිටියේ මෙකරුණ

412. ඉමං භොන්තෝ නිසාමේථ – අභිරූපෝ බ්‍රහා සුචි
චරණේන චේව සම්පන්නෝ – යුගමත්තං ච පෙක්ඛති

අන්න ! බලව් භවත්නි, අර – අභිරූපී පෙනුමෙන් යුතු
යහපත් ඉරියව්වෙන් යුතු – අර සුන්දර සමණා දෙස
පහළ හෙළා ගෙන දෙනයන – යන්නේ සංසුන් ගමනින්

413. ඔක්ඛිත්තචක්ඛු සතිමා – නායං නීචා කුලාමිව
රාජදූතා විධාවන්තු – කුහිං භික්ඛු ගමිස්සති

හෙළා දෙනෙත් අඩවන් ලෙස – සිහිය පිහිටුවා සොඳ ලෙස
වඩිනා මොහු සොඳුරු විලස – අයත් නොමැත ළාමක වූ
හීන වූ පහත් කුලයට
රාජ දූතයෙනි, තොප දැන් – වහා ගමන් කොට එතැනට
ඔය සමිඳාණන් වඩින්නේ – කොතැනටදැ’යි සොයා බලව

414. තේ පේසිතා රාජදූතා – පිට්ඨිතෝ අනුබන්ධිසුං
කුහිං ගමිස්සති භික්ඛු කත්ථ වාසෝ භවිස්සති

පිටත් කෙරුව දූත පිරිස – ගියෝය සමණා පසුපස
කොහේද සමණිඳු වඩින්නේ? – කොතැනද මෙතුමා වසන්නේ?

415. සපදානං චරමානෝ – ගුත්තද්වාරෝ සුසංවුතෝ
ඛිප්පං පත්තං අපූරේසි – සම්පජානෝ පතිස්සතෝ

තමන්ගේ ඉඳුරන් රැකගෙන – සංවර කම ඇති කරගෙන
පිහිටුවමින් සිහිය හොඳට – නුවණින් යුතුවම හැසිරෙන
ගෙපිළිවෙළින් පිණ්ඩපාතෙ – වඩින විටදි ඒ සමණා
පිරී ගියා ඉක්මණින්ම – එතුමන්ගේ පාත්‍රයත්

416. පිණ්ඩචාරං චරිත්වාන – නික්ඛම්ම නගරා මුනි
පණ්ඩවං අභිහාරේසි – එත්ථ වාසෝ භවිස්සති

පිඬු සෙවීම අවසන් කොට – නගරෙන් පිට වැඩිය මුනිඳු
“මෙතැන වසන්නට හොඳ” යයි – වැඩියෙ පාණ්ඩව පව්වට

417. දිස්වාන වාසූපගතං – තතෝ දූතා උපාවිසුං
එකෝව දූතෝ ආගන්ත්වා – රාජිනෝ පටිවේදයි

එතුමන් වැඩ සිටිනු දුටුව – දූත පිරිස පැමිණුණෝය
ඔවුන් අතර සිටිය කෙනෙක් – රජු වෙත ගොස් කීවේ මෙය

418. ඒස භික්ඛු මහාරාජ – පණ්ඩවස්ස පුරක්ඛතෝ
නිසින්නෝ ව්‍යග්ඝ්‍රසභෝව – සීහෝව ගිරිගබ්භරේ

භවත් මහරජාණෙනි, දැන් – “පාණ්ඩව” පර්වත පෙදෙසේ
පෙර දිග බෑවුමට වෙන්ට – සිටින්නේය ඒ සමණිඳු
බලවත් තේජසින් යුතුව – ව්‍යාඝ්‍රයෙකු සේ ගුහාවේ
සවි ශක්තියකින්ද යුතුය – වෘෂභ රාජයෙකු විලසින්
හේ එඩිතරකමින් යුතුය – සිංහ රාජයෙක් විලසේ

419. සුත්වාන දූතවචනං – භද්දයානේන ඛත්තියෝ
තරමානරූපෝ නිය්‍යාසි – යේන පණ්ඩවපබ්බතෝ

දූතයාගේ වචන අසා – නිරිඳු සොඳුරු යානයකින්
ඉක්මණින්ම පිටත් වුණා – “පාණ්ඩව” පර්වතය ළඟට

420. ස යානභූමිං යායිත්වා – යානා ඕරූය්හ ඛත්තියෝ
පත්තිකෝ උපසංකම්ම – ආසජ්ජ තං උපාවිසි

යානයෙකින් යා ගත හැකි – දුර ගිය ඒ බිම්සර රජු
එයිනුත් බැස පා ගමනින් – ගියේය සමිඳාණන් වෙත

421. නිසජ්ජ රාජා සම්මෝදි – කථං සාරාණීයං තතෝ
කථං සෝ වීතිසාරෙත්වා – ඉමමත්ථං අභාසථ

එහි ගිය බිම්සර නිරිඳුන් – සතුට පිරුණ සිතින් යුතුව
ගෙවා සොඳුරු පිළිසඳරින් – පවසා සිටියේ මෙකරුණ

422. යුවා ච දහරෝ චාසි – පඨමුප්පතිතෝ සුසු
වණ්ණාරෝහේන සම්පන්නෝ – ජාතිමා විය ඛත්තියෝ

යොවුන් තරුණයෙකි ඔබ නම් – තවමත් මුල් කාලෙ ගෙවන
හැඩ රුවින්ද උසමහතින් – පෙනේ උපත රජෙකුගෙ මෙන්

423. සෝභයන්තෝ අණීකග්ගං – නාගසංඝපුරක්ඛතෝ
දදාමි භෝගේ භුඤ්ජස්සු – ජාතිං වක්ඛාහි පුච්ඡිතෝ

සේනා සහිතව සරසා – ඇත් පිරිවර පෙරට රැගෙන
ඔබට පුදමි හැම සම්පත් – අනුභව කළ මැන රිසිසේ
පවසාලනු මැන පින්වත – කොයි ජාතියෙදෝ උපන්නේ?

424. උජුං ජානපදෝ රාජා – හිමවන්තස්ස පස්සතෝ
ධනවිරියේන සම්පන්නෝ- කෝසලේසු නිකේතිනෝ

භවත් මහාරාජයාණෙනි,
හිමගිරි පව්වද පෙනෙනා – කොසොල් ජනපදේ තිබෙනා
වීරිය හා ධනයෙන් යුතු – සුන්දර ජනපදයක් වේ

425. ආදිච්චා නාම ගොත්තේන – සාකියා නාම ජාතියා
තම්හා කුලා පබ්බජිතෝම්හි – රාජ – න කාමේ අභිපත්ථයං

අපි සූරියවංශේ වෙමු – “ශාක්‍ය” වෙමු ජාතියෙන්ද
පින්වත් රජතුමනි මෙමා – ඒ කුලයෙන් නික්ම අවුත්
පැවිදි බවට පත් කෙනෙක්මි – කිසිම කාමයක් නොපතන

426. කාමේස්වාදීනවං දිස්වා- නෙක්ඛම්මං දට්ඨු ඛේමතෝ
පධානාය ගමිස්සාමි – එත්ථ මේ රජ්ජති මනෝති

කම් සැපයට ගිජුවන ලොව – දුක් විඳිනා හැටි දැකගෙන
එයින් නික්ම පැවිදි වුණෙමි – දකිමින් කෙම් බිමක් විලස
වෙර වඩනා සිතින් යුතුව – යන්නෙමි මම නිරිඳාණනි
මා පැවසූ මෙකරුණ ගැන – දැන් මා සිත රැඳී තිබේ

පබ්බජ්ජා සුත්තං නිට්ඨිතං.

උතුම් පැවිද්ද ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M