ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

14. ධම්මික සුත්තං

14. ධම්මික නිසා වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මා විසින් අසා දැන ගන්නා ලද්දේ මෙසේය.

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ ධම්මිකෝ උපාසකෝ පඤ්චහි උපාසකසතේහි සද්ධිං යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ධම්මිකෝ උපාසකෝ භගවන්තං ගාථාය අජ්ඣභාසි.

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි ය. එකල්හි පන්සියයක උපාසක පිරිසක් පිරිවරා ගත් ධම්මික උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ ට සාදර භක්තියෙන් වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් ධම්මික උපාසක භාග්‍යවතුන් වහන්සේ ට ගාථාවෙන් සැලකෙළේ ය.

378. පුච්ඡාමි තං ගෝතම භූරිපඤ්ඤ
කථංකරෝ සාවකෝ සාධු හෝති
යෝ වා අගාරා අනගාරමේති
අගාරිනෝ වා පනුපාසකාසේ

මහා නුවණැති අපේ – ගෞතම භගවතාණනි,
පින්වතාණන් ගෙන් මම – විමසා සිටිමි කරුණක්
කෙලෙසින් කටයුතු කරනා – ශ්‍රාවකයා යහපත් වෙද?
ගේ දොර අතහැරිය – බුදු සසුන වෙත සපැමිණි
පැවිදි බව ලද කෙනා ද?
උපාසක බව ලබා – ගෙදර සිටිනා කෙනා ද?

379. තුවං හි ලෝකස්ස සදේවකස්ස
ගතිං පජානාසි පරායනඤ්ච
න චත්ථි තුල්‍යෝ නිපුණත්ථදස්සී
තුවං හි බුද්ධං පවරං වදන්ති

දෙවියන් සහිත ලොව – ඉපදෙන මැරෙන අයුරු ත්
ඒ දුකින් අත් මිදී – නිවන ලබනා අයුරු ත්
ඔබ වහන්සේ පමණි දන්නේ
සියුම් දෙය දකින නුවණැති – ඔබ වහන්සේට සම වූ
කිසිවෙක් නො මැති ම ය.
ඔබ වහන්සේ පමණි අපගේ – උතුම් බුදු සමිඳාණන්!

380. සබ්බං තුවං ඤාණමවෙච්ච ධම්මං
පකාසේසි සත්තේ අනුකම්පමානෝ
විවත්තච්ඡද්දෝසි සමන්තචක්ඛු
විරෝචසී විමලෝ සබ්බලෝකේ

ඔබ වහන්සේ පමණි ලොව – හැම නුවණ හැම දහම දැනගෙන
මහා කරුණාවෙන් – ලෝ සතුන් හට කියා දුන්නේ
භව කඩතුරා සිඳ හළ – හැම දෙය ම දුටු නැණවතාණනි,
සියලු ලොව තුළ ඔබ – නිමල ලෙස බබලත් ම ය

381. ආගඤ්ඡි තේ සන්තිකේ නාගරාජා
ඒරාවණෝ නාම ජිනෝති සුත්වා
සෝ පි තයා මන්තයිත්වා අජ්ඣගමා
සාධූති සුත්වාන පතීතරූපෝ

කෙලෙසුන් පරදවා – තුන් ලොව ම ජය ගත් බව
අසා ගෙන ආවේ ය දෙව්ලොවින් – ඇත් රජා ඒරාවණ
හේ ඔබගෙන් අසා – දැනගෙන සියළු කරුණු ම
සාදු! සාදු! යි කියමින් – ගියේ ඉතිරුන සතුටින්

382. රාජාපි තං වෙස්සවණෝ කුවේරෝ
උපේති ධම්මං පරිපුච්ඡමානෝ
තස්සාපි ත්වං පුච්ඡිතෝ බ්‍රෑසි ධීර
සෝ චාපි සුත්වාන පතීතරූපෝ

කුවේර, නමින් යුතු – මහ දෙව් රජු ද වෙසමුණි
සදහම් අසා ගන්නට – ඔබ වෙත ය පැමිණෙන්නේ
ඔහු අසන හැම පැනය ට – දෙත් ය පිළිතුරු ධීරයාණන්
ඒ බණ අසා ඔහු – පිනා යයි සිත සතුටින්

383. යේ කේචි මේ තිත්ථියා වාදසීලා
ආජීවකා වා යදි වා නිගණ්ඨා
පඤ්ඤාය තං නාතිතරන්ති සබ්බේ
ඨිතෝ වජන්තං විය සීඝගාමිං

නිගණ්ඨයො තාපසවරු – වාද කරන තීර්ථකයන්
ඒ කිසිවෙකු ට නුවණින් – ඔබ වහන්සේ ව පසු කොට
යා ගත නො හැකි ම ය
වේගයෙන් යන කෙනෙකු ව – පසු කරන්න ට නො හැකි ය
එක තැන රැඳුන කෙනෙකුට

384. යේ කේචි මේ බ්‍රාහ්මණා වාදසීලා
වුද්ධා චාපි බ්‍රාහ්මණා සන්ති කේචි,
සබ්බේ තයි අත්ථබද්ධා භවන්ති
යේ චාපි චඤ්ඤේ වාදිනෝ මඤ්ඤමානා

වාද කරමින් සිටින බමුණෝ – මහළු වයසට පැමිණි බමුණෝ
“වාදිභසිංහ” ලෙස – තම තමන් ගැන සිතා සිටිය ද
ඔබ වහන්සේ ගෙ දහම් අරුතට – ඒ සියලු දෙන බැඳී යත් ම ය

385. අයං හි ධම්මෝ නිපුණෝ සුඛෝ ච
යෝයං තයා භගවා සුප්පවුත්තෝ
තමේව සබ්බේ සුස්සූසමානා
තං නෝ වද පුච්ඡිතෝ බුද්ධසෙට්ඨ

මෙය යි පිවිතුරු සදහම් – සියුම් වූ සැපවත් වූ
භගවතාණනි, ඔබ ම ය – මැනවින් දෙසන ලද්දේ,
මේ උතුම් සදහම්
අපි සියළු දෙන අසනු රිසිවෙමු – ඒ උතුම් සිරි සදහම්
විමසන දෙය අපට – වදහළ මැනව බුද්ධ ශ්‍රේෂ්ඨයාණනි

386. සබ්බේපි මේ භික්ඛවෝ සන්නිසින්නා
උපාසකා චාපි තථේව සෝතුං
සුණන්තු ධම්මං විමලේනානුබුද්ධං
සුභාසිතං වාසවස්සේව දේවා

මේ සියළු සමණවරු – වැඩ සිටිති බණ අසනු කැමතිව
උපාසකවරු ද මෙහි – එලෙසින් ම වෙති බණ අසන්නට
නිමල බුදු සමිඳු දුටු – ඒ සදහම් අසත්වා!
සක් දෙවිඳුගෙන් සදහම් – අසන දෙව් කැළ විලසින්

387. සුණාථ මේ භික්ඛවෝ සාවයාමි වෝ
ධම්මං ධුතං තඤ්ච ධරාථ සබ්බේ
ඉරියාපථං පබ්බජිතානුලෝමිකං
සේවේථ නං අත්ථදස්සී මුතීමා

(භාග්‍යවතුන් වහන්සේ)

සමණවරුනි පින්වත් – මැනවින් යොමව් දෙසවන්
හැම කෙලෙස් දවාලන – සදහම් ඔබට අස්වමි
ඒ දහම් හැම දෙන ම – දරා ගනිව් සිත
පැවිද්දන් හට නිසි වූ – ඉරියව්වෙන් ද යුතු වූ
පැවැත්මෙන් කල් ගෙවයි – දහම් දත් නැණැති සමණා

388. න වේ විකාලේ විචරෙය්‍ය භික්ඛු
ගාමඤ්ච පිණ්ඩාය චරෙය්‍ය කාලේ
අකාලචාරිං හි සජන්ති සංගා
තස්මා විකාලේ න චරන්ති බුද්ධා

සමණෙක් කිසි විටක – නො හැසිරේ ගමේ නො කලට
සුදුසු කල හේ හැසිරෙයි – ගමේ පිඬු ලැබ ගැනුමට
එම නිසා නුසුදුසු කල – ගම ට නො වඩිති බුදුවරු

389. රූපා ච සද්දා ච රසා ච ගන්ධා
ඵස්සා ච යේ සම්මදයන්ති සත්තේ
ඒතේසු ධම්මේසු විනෙය්‍ය ඡන්දං
කාලේන සෝ පවිසේ පාතරාසං

දකින රූප ද ඇසෙන ශබ්ද ද – දැනෙන රස හා සුවඳ ද
පහස යන මේ දේවල් – ලෝ සතුන් මත් කරවයි
මේවා කෙරෙහි පවතින – ආශාව දුරු කරගෙන
කල් යල් බලා හේ – පිඬු පිණිස ගම පිවිසෙයි

390. පිණ්ඩඤ්ච භික්ඛු සමයේන ලද්ධා
ඒකෝ පටික්කම්ම රහෝ නිසීදේ
අජ්ඣත්තචින්තී න මනෝ බහිද්ධා
නිච්ඡාරයේ සංගහිතත්තභාවෝ

සමණෙක් නිසි කලට – ලබා ගත් දන් වළඳා
යළි පැමිණ හුදෙකලාවේ – තනිව හිඳ භාවනාවේ
තමා ගැන ඇති තතු මිස – බාහිර දෙයක් නො සිතන
එකඟ වූ සිතෙන් හේ – හැසිරෙන්නේ ය දහමේ

391. සචේ පි සෝ සල්ලපේ සාවකේන
අඤ්ඤේන වා කේනචි භික්ඛුනා වා
ධම්මං පණීතං තමුදාහරෙය්‍ය
න පේසුනං නෝපි පරූපවාදං

ඉදින් හේ කියයි නම් – යම් දෙයක් සව්වෙකුට හෝ
වෙනත් ආගමක සිටි – පැවිද්දෙකු සමඟ හෝ
මනා ලෙස පවසන්නේ – මිහිරි වූ සදහම් ම ය
කේළාම් නො කියන හේ – අනුන්ගේ දොස් නො කියයි

392. වාදං හි ඒකේ පටිසේනියන්ති
න තේ පසංසාම පරිත්තපඤ්ඤේ
තතෝ තතෝ නේ පසජන්ති සංගා
චිත්තං හි තේ තත්ථ ගමෙන්ති දූරේ

වාදයන් මුල් කොට – අවුල් වල පැටලෙති කෙනෙක්
නුවණින් කුඩා වූ – ඔවුන් ගැන නො ම පසසමු
ඒ ඒ වාදයෙන් – පැටලි පැටලී යති ඔවුන්
ඔවුන් ගේ සිත පවා – වාදයෙන් බොහෝ දුර යයි

393. පිණ්ඩං විහාරං සයනාසනඤ්ච
ආපඤ්ච සංඝාටිරජූපවාහනං
සුත්වාන ධම්මං සුගතේන දේසිතං
සංඛාය සේවේ වරපඤ්ඤසාවකෝ

සුගතයාණන් විසින් – වදහළ දහම දැන ගෙන
උතුම් නුවණකින් යුතු – සැදැහැවත් සමණ තෙම
වළඳන්ට පිඬු ද ලැබ – සිටින සෙනසුන් ද ලැබ
සඟළ සිවුරේ දූවිලි – සෝදා හරින දිය ලැබ
කරයි පරිහරණය – අවබෝධයෙන් දැන ගෙන

394. තස්මා හි පිණ්ඩේ සයනාසනේ ච
ආපේ ච සංඝාටිරජූපවාහනේ
ඒතේසු ධම්මේසු අනූපලිත්තෝ
භික්ඛු යථා පොක්ඛරේ වාරිබින්දු

වළඳන්ට පිඬු ද ලැබ – සිටින සෙනසුන් ද ලැබ
සඟළ සිවුරේ දූවිලි – සෝදා හරින දිය ලැබ
මේ කිසිවක් කෙරෙහි – ඇලීමක් නො කරයි හේ
පියුම් පත මත නො රැඳී – ගලා හැලෙනා දිය බිඳක් ලෙස

395. ගහට්ඨවත්තං පන වෝ වදාමි
යථාකරෝ සාවකෝ සාධු හෝති
නහේස ලබ්භා සපරිග්ගහේන
ඵස්සේතුං සෝ කේවලෝ භික්ඛු ධම්මෝ

පින්වත්නි, දැන් ඔබ හට – කියා දෙන්නෙමි ගිහිවත
කෙසේ කටයුතු කරන ගිහි සව් – යහපත් කෙනෙකු වේ දැයි
කරදර සහිත ගිහි ගෙයි – ගත කරන කෙනෙකුන් හට
ලබන්නට නොහැකි ම ය – සමණ දම් පිරිපුන් ලෙස

396. පාණං න හානේ න ච ඝාතයෙය්‍ය
න වානුජඤ්ඤා හනතං පරේසං
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
යේ ථාවරා යේ ව තසා සන්ති ලෝකේ

කිසි ප්‍රාණියෙකු නො නසයි – නො නසවයි කිසිවෙකු ලවා
සතුන් මරණා විට අනුන් – එය අනුමත ද නො කරයි
තැති ගත් නො තැති ගත් – ලොවේ හැම සතුන් වෙත
කිසි දිනක ගිහි සව්වෝ – දඬු මුගුරු නො හෙළත් ම ය

397. තතෝ අදින්නං පරිවජ්ජයෙය්‍ය
කිඤ්චි ක්වචී සාවකෝ බුජ්ඣමානෝ
න හාරයේ හරතං නානුජඤ්ඤා
සබ්බං අදින්නං පරිවජ්ජයෙය්‍ය

දුරු කරයි හේ සොරකම – අනුන් සතු බව දැන දැන
කවර හෝ තැනක තිබෙනා – බොහෝ වූ සුළු දෙයක් වූ හෝ
නොකරයි සොරකමක් – එය අනුමත ද නො කරයි
සියළු සොරකම් බැහැර කරලයි

398. අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
පරස්ස දාරං නාතික්කමෙය්‍ය

ගිහි ශ්‍රාවක ද නුවණැති – මැනවින් දහම් දැනුමැති
ගිනි අඟුරු වලක් විලසින් – දුරු කරයි වනචරකම
රැක ගත නො හැකි නම් – උතුම් වූ බඹසර
පර අඹුවන් කරා – කිසි දිනක නො යන්නේ ම ය

399. සභග්ගතෝ වා පරිසග්ගතෝ වා
ඒකස්ස චේකෝ න මුසා භණෙය්‍ය
න භාණයේ භණතං නානුජඤ්ඤා
සබ්බං අභූතං පරිවජ්ජයෙය්‍ය

සභාවක් මැද හෝ – පිරිසක් අතර දී හෝ
තනි වූ කෙනෙකු හට හෝ – නො කියන්නේ ය බොරු බස්
නො කියවයි බොරු – වෙන කෙනෙකු ලවා හෝ
බොරුව අනුමත නො කරයි – සියළු බොරු හේ දුරලයි

400. මජ්ජඤ්ච පානං න සමාචරෙය්‍ය
ධම්මං ඉමං රෝචයේ යෝ ගහට්ඨෝ
න පායයේ පිබතං නානුජඤ්ඤා
උම්මාදනන්තං ඉති නං විදිත්වා

ගෙදර වසනා ශ්‍රාවක – මත්පැන් නො බොයි කිසි විට
බුදු සමිඳු ගේ සදහම් – කැමතිව රුචිව ඒ අය
උමතු බව ඇති කරන – මත් පැන ද හඳුනා ගෙන
නොදෙයි බොන්නට කිසිම කෙනෙකුට – බීම අනුමත නොකරයි

401. මදාහි පාපානි කරොන්ති බාලා
කරොන්ති චඤ්ඤේපි ජනේ පමත්තේ
ඒතං අපුඤ්ඤායතනං විවජ්ජයේ
උම්මාදනං මෝහනං බාලකන්තං

මෝඩයෝ මත්පැන් බී – නොයෙක් පව් පුරවා ගනිත්
අනෙක් ජනයාව ද – කුසලයෙහි පමා කරවත්
මත්පැන් බීම යනු – පව් උල්පතක් බව දැන
උමතු වන මුළාවන – මෝඩයන් කැමති වන
මෙය දුරින් දුරු කරන්නේ වේ

402. පාණං න හානේ න චදින්නමාදියේ
මුසා න භාසේ න ච මජ්ජපෝ සියා
අබ්‍රහ්මචරියා විරමෙය්‍ය මේථුනා
රත්තිං න භුඤ්ජෙය්‍ය විකාලභෝජනං

පරපණ ද නො නසන – සොරකම් කිසිත් නො කරන
බොරු බස් ද නො කියන – කිසි මත්පැනක් නොම බොන
මෛථුනයෙන් ද වැළකී – සුරකින උතුම් බඹසර
විකල් බොජුන ද හේ – රෑට අනුභව නො කරන

403. මාලං න ධාරේ න ච ගන්ධමාචරේ
මඤ්චේ ඡමායං ව සයේථ සන්ථතේ
ඒතං හි අට්ඨංගිකමාහු පෝසථං
බුද්ධේන දුක්ඛන්තගුනා පකාසිතං

මල් වලින් නො සැරසෙන – සුවඳ විලවුන් නො දරන
කැප සයනයක හෝ – බිම පැදුරෙ හෝ සැතපෙන
අංග අටකින් යුතු – “උපෝසථ” යයි කියති මේ දෙය
දුකෙන් එතෙරට වැඩි – බුදු සමිඳුන් ය ඔබ හට
මේ සිල් කියා දෙන්නේ

404. තතෝ ච පක්ඛස්සුපවස්සුපෝසථං
චාතුද්දසිං පඤ්චදසිඤ්ච අට්ඨමිං
පාටිහාරියපක්ඛඤ්ච පසන්නමානසෝ
අට්ඨංගුපේතං සුසමත්තරූපං

පැහැදුන සිතින් යුතුව ම – මේ “උපෝසථය” සුරකිව්
පුන් පොහෝ දවස ට ද – අමාවක හා තුදුස්වක දින
අංග අටකින් යුතු මේ – “පොහෝ වත” දැන ගෙන
සුරකිව් මනා ලෙස මෙය

405. තතෝ ච පාතෝ උපවුත්ථුපෝසථෝ
අන්නේන පානේන ච භික්ඛු සංඝං
පසන්න චිත්තෝ අනුමෝදමානෝ
යථාරහං සංවිභජේථ විඤ්ඤූ

මෙලෙස රැක “උපෝසථ” – නැගිට පසු දින උදෑසන
පහන් සිතකින් යුතුව ම – අනුමෝදන්ව හැම දෙන
මනා නුවණැති ගිහි සව් – සඟ පිරිස වෙත සපැමිණ
තමා හට හැකි පරිද්දෙන් – දන්පැන් වළඳවන්නේ

406. ධම්මේන මාතා පිතරෝ භරෙය්‍ය
පයෝජයේ ධම්මිකං සෝ වණිජ්ජං
ඒතං ගිහී වත්තයං අප්පමත්තෝ
සයං පභේ නාම උපේති දේවේති

දැහැමින් යුතුව සුරකියි තම දෙමාපියන්
දැහැමින් කරයි හේ – කරන හැම වෙළහෙළඳාම්
හේ පුරුදු කරයි නිති – මේ කියා දුන් ගිහි වත
යන්නේ ය මරණින් මතු – “ස්වයං ප්‍රභා” නම් දෙව් ලොව

ධම්මික සුත්තං නිට්ඨිතං.

ධම්මික නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

චුල්ල වග්ගෝ දුතියෝ.

(දෙවෙනි චූල වර්ගය යි.)

තස්සුද්දානං :

(කුඩා කොටසේ අන්තර්ගත දෙසුම්)

රතනං ආමගන්ධං ච හිරිං මංගලමුත්තමං
සූචිලෝමෝ කපිලං ච පුන බ්‍රාහ්මණධම්මිකං
ධම්මසුත්තං කිංසීලං උට්ඨානං අථ රාහුලෝ
කප්පෝ ච පරිබ්බාජංච ධම්මිකෝ ච පුනාපරං
චුද්දසේතානි සුත්තානි චුල්ලවග්ගෝති වුච්චති

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M