ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

13. සම්මා පරිබ්බාජනීය සුත්තං

13. මනා ලෙස සැරිසරා යාම ගැන වදාළ දෙසුම

361. පුච්ඡාමි මුනිං පහූතපඤ්ඤං
තිණ්ණං පාරගතං පරිනිබ්බුතං ඨිතත්තං
නික්ඛම්ම ඝරා පනුජ්ජ කාමේ
කථං භික්ඛු සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

කරමින් සසර තරණය – පරතෙර වෙතට පැමිණුන
පිරිනිවීමෙන් සැනසුන – අකම්පිත සිත් පවතින
මහා පැණවත් මුනිඳු ගෙන් – විමසා සිටිමි මෙ කරුණ
කාම සැප බැහැර කළ – ගිහි ජීවිතය අතහළ
බුදු සසුන වෙත පැමිණුන – ඒ සමණ තෙම
කෙසේ නම් මනා කොට – සැරිසරා යයි ද ලොව?

362. යස්ස මංගලා සමූහතා (ඉති භගවා)
උප්පාතසුපිනා ච ලක්ඛණා ච
සෝ මංගලදෝසවිප්පහීනෝ භික්ඛු
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

(භාග්‍යවතුන් වහන්සේ)

සුභ නිමිති සෙවීම ද – සිහින ගැන පැවසීම ද
උල්කාපාත ගැන හා – අත් ලකුණු ගැන කීම ද
යමෙකු ගේ සිත තුලින් – මුළුමණණින් බැහැර වූ විට
සුභ ලකුණු සොයා යන – දෝෂයෙන් මිදී ගිය
ඒ සමණාය ලොව – මනාලෙස සැරිසරා යන්නේ

363. රාගං විනයේථ මානුසේසු
දිබ්බේසු කාමේසු චාපි භික්ඛු
අතික්කම්ම භවං සමෙච්ච ධම්මං
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

මිනිස් ලොව සැපත ගැන – සියලු ම ඇල්ම දුරු කළ
දෙව් ලොවේ සැපත ගැන – පවතින ඇල්ම සිඳ හළ
අවබෝධ කොට සදහම් – ඉක්මවා හැම භවය ම
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

364. විපිට්ඨි කත්වාන පේසුනානි
කෝධං කදරියං ජහෙය්‍ය භික්ඛු
අනුරෝධවිරෝධවිප්පහීනෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

කේළාම් කීම ද – ක්‍රෝධ සිත් ඇති වීම ද
ලෝභ හට ගැනීම ද – මනා කොට දුරු කරමින්
බැඳීම ද ගැටීම ද – තම සිතින් නැති කර ගෙන
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

365. හිත්වාන පියං ච අප්පියං ච
අනුපාදාය අනිස්සිතෝ කුහිඤ්චි
සංයෝජනියෙහි විප්පමුත්තෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

ප්‍රිය හෝ අප්‍රිය හෝ – බැහැර කොට හැම දේ සිතින්
අල්ලා නො ගෙන කිසිවක් – නො බැඳී කිසිම දෙයකට
හැම බැඳුමෙන් ම මිදී ගිය
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

366. න සෝ උපධීසු සාරමේති
ආදානේසු විනෙය්‍ය ඡන්දරාගං
සෝ අනිස්සිතෝ අනඤ්ඤනෙය්‍යෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

කෙලෙසුන් අතර කිසි හරයක් නොම දකිනා
හැම දේ කෙරෙහි බැඳි සෙනෙහස දුරු කරනා
කෙලෙසුන් ඇසුරු නො කරන – බාහිර පිහිට නො පතන
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

367. වචසා මනසා ච කම්මනා ච
අවිරුද්ධෝ සම්මා විදිත්වා ධම්මං
නිබ්බානපදාභිපත්ථයානෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

සිත, කය, වචන යන – කිසිවකින් හෝ නො ගැටෙන
දහම ද මනා ලෙස දැන – නිවන කැමතිව සිටිනා
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

368. යෝ වන්දති මං න උණ්ණමෙය්‍ය
අක්කුට්ඨෝපි න සන්ධියේථ භික්ඛු
ලද්ධා පරභෝජනං න මජ්ජේ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

තමා හට වඳින විට – කිසිවිට උඩඟු නො ම වන
අපහාස කරන විට – කිසිවිට වෛර නො කරන
අනුන්ගෙන් බොජුන් ලැබ – ඒ තුළින් මත් නො ම වන
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

369. ලෝභං ච භවං ච විප්පහාය
විරතෝ ඡේදනබන්ධනාතෝ භික්ඛු
සෝ තිණ්ණකථංකථෝ විසල්ලෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

ලෝභය හා භවය – දුරින් දුරු කර දමමින්
හිංසාව ඇති වෙන – හැම දේ තුළින් වෙන් වුණ
සැකයෙන් ද එතෙර වුණ – හැම කෙලෙස් හුල් නැති වුණ
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

370. සාරුප්පමත්තනෝ විදිත්වා
න ච භික්ඛු හිංසෙය්‍ය කඤ්චි ලෝකේ
යථා තථියං විදිත්වා ධම්මං
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

තමාට ගැළපෙන දේ හඳුනාගෙන
ලොවේ හැමට හිංසාවක් නො කරන
දිවියේ ඇති තතු දහම තුළින් දැන
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

371. යස්සානුසයා න සන්ති කේචි
මූලා අකුසලා සමූහතා සේ,
සෝ නිරාසයෝ අනාසයානෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

හිත පතුලේ කෙලෙසුන් කිසිවක් නැති
මුලින් ම සිඳ හල අකුසල මුල් ඇති
කිසි ආශා නැති – කිසි පැතුමක් නැති
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

372. ආසවක්ඛීණෝ පහීනමානෝ
සබ්බං රාගපථං උපාතිවත්තෝ
දන්තෝ පරිනිබ්බුතෝ ඨිතත්තෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

කෙලෙසුන් නැති කළ – මානය සිඳ හළ
රාග හැදෙන හැම – මග ද බැහැර කළ
දමනය වී පිරිනිවන කරා ගිය – නො සැලෙන සිත් ඇති
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

373. සද්ධෝ සුතවා නියාමදස්සී
වග්ගගතේසු න වග්ගසාරි ධීරෝ
ලෝභං දෝසං විනෙය්‍ය පටිඝං
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

සැදැහැ සිත් ඇතිව ම – දහම ද අසා දැන ගෙන
නිවන් මග හඳුනන
බෙදී ගිය පිරිස අතරේ – බෙදීමක් නැතිව සිටිනා
ලෝභ දෝස මෝහ ගැටුම් – දුරු කළ ධීර වීර වූ
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

374. සංසුද්ධජිනෝ විවත්තච්ඡද්දෝ
ධම්මේසු වසී පාරගූ අනේජෝ
සංඛාරනිරෝධඤාණකුසලෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

කෙලෙස් ජය අරගෙන – පිරිසිදු බවට පත් වූ
නසා හැම අකුසල් – දහමට ම වසඟ වුණ
පරතෙර වෙත ට සපැමිණි – තණ්හා රහිත වූ
සැකසුම් නැති සසර – නුවණෙහි දක්‍ෂ වූ
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

375. අතීතේසු අනාගතේසු චාපි
කප්පාතීතෝ අතිච්ච සුද්ධිපඤ්ඤෝ
සබ්බායතනේහි විප්පමුත්තෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

අතීතේ හෝ අනාගතයේ – බැඳෙන සිතිවිලි ඉක්මවා ගිය
පිරිසිදු නුවණ ලැබ ගත්
සියළු ඉඳුරන් ගෙන් – මනා කොට මිදී ගිය
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

376. අඤ්ඤාය පදං සමෙච්ච ධම්මං
විවටං දිස්වාන පහානමාසවානං
සබ්බූපධිනං පරික්ඛයානෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍ය

අමා නිවන ට පැමිණුන – සම්බුදු දහම දැනගෙන
පැහැදිලි ලෙස ම දැක ගෙන – නැසීම ද කෙලෙසුන් ගේ
සකෙලෙස් කර්ම හැම – ගෙවා අවසන් කොට
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

377. අද්ධා හි භගවා තථේව ඒතං
යෝ සෝ ඒවං විහාරි දන්තෝ භික්ඛු
සබ්බසංයෝජනියේ ච වීතීවත්තෝ
සම්මා සෝ ලෝකේ පරිබ්බජෙය්‍යා’ති

භගවතාණනි මෙය – සැබැවින් ම මෙලෙසින් වේ
ජීවිතය දමනය කොට – මේ අයුරින් ම හැසිරෙන
සියලු බන්ධන ඉක්මවා ගිය
ඒ සමණාය ලොව – මනා ලෙස සැරිසරා යන්නේ

සම්මා පරිබ්බාජනීය සුත්තං නිට්ඨිතං.

මනා ලෙස සැරිසරා යාම ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M