ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

11. රාහුල සුත්තං

11. රාහුල සමිඳුන් නිසා වදාළ දෙසුම

337. කච්චි අභිණ්හසංවාසා නාවජානාසි පණ්ඩිතං
උක්කාධාරෝ මනුස්සානං කච්චි අපචිතෝ තයා

(භාග්‍යවතුන් වහන්සේ)

නුවණින් යුතු තෙරුන්ගෙ ළඟ – නිරතුරුව ම වසනා විට
කල් ගෙවන්නෙ ඔබ රාහුල – අවමානය නොකර නේද?
මිනිසුන් ගේ අඳුරු ලෝක – එළිය කරන පහන දරන
ඒ උත්තම තෙරිඳුන් හට – ඔබ නිති පුදනවා නේද?

338. නාහං අභිණ්හසංවාසා අවජානාමි පණ්ඩිතං
උක්කාධාරෝ මනුස්සානං නිච්චං අපචිතෝ මයා

(රාහුල සමිඳු)

නුවණින් යුතු තෙරුන් ගෙ ළඟ – නිරතුරුව ම වසද්දි මම
කල්ගෙවන්නෙ සමිඳාණනි – කිසිදු අවමනක් නොම කොට
මිනිසුන් ගේ අඳුරු ලෝක – එළිය කරන පහන දරන
ඒ උත්තම තෙරිඳුන් නිති – සාදරයෙන් පුදනෙමි මම

339. පඤ්චකාමගුණේ හිත්වා පියරූපේ මනෝරමේ
සද්ධාය ඝරා නික්ඛම්ම දුක්ඛස්සන්තකරෝ භව

( භාග්‍යවතුන් වහන්සේ)

පියකරු තැන සිත නවතින – පස්කම් ගුණය ම අතහැර
ගිහි වාසය දුරු කරමින් – සැදැහැයෙන් ම පැමිණි ඔබත්
දුක් විඳිනා සසර ගමන – නිමාවට ම පත් කරන්න

340. මිත්තේ භජස්සු කල්‍යාණේ පන්තංච සයනාසනං
විවිත්තං අප්පනිග්ඝෝසං මත්තඤ්ඤූ හෝහි භෝජනේ

කළණ සුමිතුරන් සමඟින් – නිරතුරු වාසය කරන්න
ඈත වනේ සෙනසුන් වල – නිසල හුදෙකලා තැන් වල
තනියම කාලය ගෙවන්න
ලැබෙනා ආහාර වේල – සිහි නුවණින් යුතුව ගන්න

341. චීවරේ පිණ්ඩපාතේ ච පච්චයේ සයනාසනේ
ඒතේසු තණ්හං මා කාසි මා ලෝකං පුනරාගමි

පොරව ගන්න සිව්රු ගැනත් – වළඳන ආහාර ගැනත්
ගන්නා බෙහෙතක් ගැන හෝ – තමන් සිටින කුටිය ගැනත්
කිසිම දෙයක් ගැන මේවා – ආශාවක් නොකර ඉන්න
එන්නට නම් එපා! යළිත් – දුකින් පිරුන සංසාරෙට

342. සංවුතෝ පාතිමොක්ඛස්මිං ඉන්‍ද්‍රියේසු ච පඤ්චසු
සති කායගතාත්‍යත්ථු නිබ්බිදා බහුලෝ භව

සුරකින සිල් පදයන් ගැන – තමන්ගෙ ඉඳුරන් පස ගැන
සංවරයෙන් කල් ගෙවන්න
කයෙහි තිබෙන ඇත්ත ගැනම – පවතීවා! නිතර සිහිය
සංසාරෙට කලකිරීම – බහුල සිතින් කල් ගෙවන්න

343. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූපසංහිතං
අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං

සුන්දර විලසට දිස්වෙන – රාගයක්ම ඇති කරවන
කිසිම අරමුණක් ගැන ඔබ – නො ම සලකා දුරු කරන්න
ඉතා හොඳින් එකඟ කෙරුව – සමාධිගත සිතින් යුතුව
පිළිකුල් වූ දෙය එලෙසම – ඔබ සිත තුළ රඳවගන්න

344. අනිමිත්තං ච භාවේහි මානානුසයමුජ්ජහ
තතෝ මානාභිසමයා උපසන්තෝ චරිස්සසී ති

කෙලෙස් සටහනක් නො තිබෙන – විදසුන් නුවණ ම වඩමින්
මානය හිත පතුළෙ තිබෙන – මුලින් ම උපුටා දමන්න
දියුණු කරන ලද නුවණින් – එය බැහැරට කර දමමින්
උපශාන්ත බවට පත් ව – සැනසීමෙන් කල් ගෙවන්න

ඉත්ථං සුදං භගවා ආයස්මන්තං රාහුලං ඉමාහි ගාථාහි අභිණ්හං ඕවදතී ති.

භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් ආයුෂ්මත් රාහුලයන් හට මේ ගාථා වලින් නිතර අවවාද කරන සේක.

රාහුල සුත්තං නිට්ඨිතං.

රාහුල සමිඳුන් නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M