☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ කය බිඳිලා යනවා. විඤ්ඤාණයත් නොඇලිය යුතු දෙයක්මයි. මේ කෙලෙස් සහිත කර්ම අනිත්‍යයයි, දුකයි, වෙනස් වෙලා යන ස්වභාවය තමයි තියෙන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කය බිඳිලා යන දෙයක් බව අවබෝධ කරගෙන, විඤ්ඤාණයත් බිඳී යන බව අවබෝධ කරගෙන, කෙලෙස් සහිත කර්මවල ඇති භයානකකම දැකලා, ජරා මරණ ඉක්ම ගිහින්, පරම ශාන්තියට පැමිණි, වැඩූ සිත් ඇති ඒ රහත් භික්ෂුව පිරිනිවීමට කාලය බලාපොරොත්තු වෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M