භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා, රාගය ප්රහාණය වෙලා නැත්නම්, ද්වේෂය ප්රහාණය වෙලා නැත්නම්, මෝහය ප්රහාණය වෙලා නැත්නම් පින්වත් මහණෙනි, මොහුට කියන්නේ රළ ගෙඩි සහිත, කැළඹිලි සහිත දිය සුළි සහිත, දරුණු මත්ස්‍යයන් ඉන්න, රාක්ෂසයන් ඉන්න මහා සාගරය තරණය කළේ නෑ කියලයි.
පින්වත් මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා, රාගය ප්‍රහීණ වෙලා නම්, ද්වේෂය ප්‍රහීණ වෙලා නම්, මෝහය ප්‍රහීණ වෙලා නම්, මොහුට කියන්නේ රළ ගෙඩි සහිත, කැළඹිලි සහිත දිය සුළි සහිත, දරුණු මත්ස්‍යයන් ඉන්න, රාක්ෂසයන් ඉන්න මහා සාගරය තරණය කළා කියලයි. ඒ අරහත් බ්‍රාහ්මණයා තමයි සාගරය තරණය කරලා එතෙරට ගිහිල්ලා නිවන නමැති ගොඩබිමට පැමිණ සිටින්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යම් කෙනෙකු රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් අත්හැරියා නම්, ඔහු තරණය කිරීමට දුෂ්කර වූ මේ දරුණු මසුන් ගහණ, රකුසන් ඉන්න, රළබිය සහිත තරණය කිරීමට අතිශයින්ම දුෂ්කර වූ මහා සාගරය තරණයා කළා. මාරයා දුරු කළා. කෙලෙස් සහිත කර්ම (උපධි) රහිත වුනා. දුක් ප්රහාණය කළා. පුනර්භවය නැති කළා. ඒඋතුම් තැනට ගිය ඒ රහතන් වහන්සේව මිමිවලින් මනින්න බෑ. ඔහු තමයි මාරයාව මුළා කළේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M