ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.1.3. පඨම වේදනා සුත්තං

3.1.3. විඳීම් ගැන වදාළ පළමු දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ විඳීම් (වේදනා) තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? සැප වේදනාව, දුක් වේදනාව, දුක් සැප රහිත වේදනාව. පින්වත් මහණෙනි, මේ තමයි විඳීම් තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“සමාහිත සිත් ඇති හොඳ සිහි නුවණ ඇති සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයා මේ විඳීම් ගැනත් අවබෝධ කරනවා, වේදනාවන්ගේ හටගැනීම ගැනත් අවබෝධ කරනවා.

යම් තැනකදී (අනුපාදිශේෂ නිර්වාණ ධාතුවේදී) මේවා නිරුද්ධ වෙනවා නම්, එයත් අවබෝධ කරනවා. වේදනා ක්ෂය වෙලා යන ආර්ය මාර්ගයත් අවබෝධ කරනවා. සියලු විඳීම් ක්ෂය කරලා දාපු ඒ භික්ෂුව කෙලෙස් පිපාසයෙන් තොරව පිරිනිවන් පානවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M