භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, හුදෙකලාවේම ඇලී වාසය කරන්න. හුදෙකලාවේම යෙදී වාසය කරන්න. තමා තුළම සිත සංසිඳුවා ගැනීමේ යෙදෙමින් සිටින්න. ධ්‍යානයෙන් බැහැර නොවී සිටින්න. විදර්ශනා භාවනාවේ යෙදෙමින් හිස් කුටියකට වෙලා භාවනා කරන්න. පින්වත් මහණෙනි, හුදෙකලාවේම ඇලී වාසය කරන, හුදෙකලාවේම යෙදී වාසය කරන, තමා තුළම සිත සංසිඳුවා ගැනීමෙහි යෙදී සිටින, ධාන්‍යයෙන් වෙන් නොවී වාසය කරන, විදර්ශනා භාවනා වඩමින් හිස් කුටියක වාසය කරන, භික්ෂූන්ට කැමැති වෙන්න තියෙන්නේ මෙන්න මේ ඵල දෙකෙන් එකක් තමයි. එනම් මේ ජීවිතයේදීම අරහත්වයට පත්වීම හරි, එහෙම නැත්නම් කෙලෙස් ටිකක් හරි ඉතුරු වුනොත් අනාගාමී වීම තමයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යමෙක් ශාන්ත සිතින් යුක්ත වෙලා, තැනට සුදුසු නුවණින් යුක්ත වෙලා, සිහියෙන් යුක්ත වෙලා, ධ්‍යාන වඩනවා නම්, කාමයන්හි කිසිම අපේක්ෂාවක් නැති ඔවුන්ට ඉතා හොඳින් මේ ධර්මය විදර්ශනා කරන්න පුළුවනි.
අප්‍රමාදයේ ඇලී සිටින, ප්‍රමාදයේ භය දකිමින් සිටින, ශාන්ත කෙනා ඉන්නෙ ඒ අමා නිවන ළඟමයි. ඔහු පිරිහෙන්න සුදුසු කෙනෙක් නෙවෙයි.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M