භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, යම් කෙනෙක් ආර්ය වූ ප්‍රඥාවෙන් පිරිහුනොත්, ඔහු සියල්ලෙන්ම පිරිහුනා වෙනවා. ඔවුන්ට මේ ජීවිතයේදීම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ගොඩාක් දුක් සහිතවමයි. පීඩා සහිතවමයි. වෙහෙස සහිතවමයි. දැවීම් සහිතවමයි. කය බිඳිලා මරණයට පත්වුනාට පස්සෙත් කැමති වෙන්න තියෙන්නේ දුගතියම තමයි. පින්වත් මහණෙනි, යම් කෙනෙක් ආර්ය වූ ප්‍රඥාවෙන් පිරිහුනේ නැත්නම්, ඇත්තෙන්ම ඒ අය පිරිහිලා නෑ. ඒ අය මේ ජීවිතයේදීම සැප සේ ජීවත් වෙනවා. පීඩා නැතුව ජීවත් වෙනවා. වෙහෙස නැතුව ජීවත් වෙනවා. දැවීම් නැතුව ජීවත් වෙනවා. කය බිඳිලා මැරුණට පස්සේ කැමති වෙන්න තියෙන්නේ සුගතියේ ඉපදීමමයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“පිරිහී ගිය ප්‍රඥාවෙන් යුතු මේ දෙවියන් සහිත ලෝකයා දෙස බලන්න. ඔවුන් මේ නාමරූපයටම බැසගෙන මෙය එකම ඇත්ත කියලයි හිතාගෙන ඉන්නේ.
යමකින් ඉපදීමත්, භවයත් ක්ෂය වී යාම මැනැවින් දැනගන්නවා නම්, අවබෝධය කරා යන අන්න ඒ ප්‍රඥාවම තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ.
අන්තිම සිරුරක් දරන, මනා ප්‍රඥා ඇති, සතිමත් වූ සම්බුදුරජාණන් වහන්සේලාට දෙවියොත්, මනුෂ්‍යයොත් ගොඩාක් කැමැතියි.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M