භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ කාරණා දෙකක් තියෙනවා. අත් නොහැරියොත් යන්න වෙන්නේ අපායට, නිරයට තමයි. මොනවද ඒ කාරණා දෙක? යම් භික්ෂුවක් (මෛථූන සේවනයේ යෙදෙමින්) අබ්‍රහ්මචාරීව ඉඳගෙන, ‘බ්‍රහ්මචාරියි’ කියලා ප්‍රතිඥා දෙනවා නම්, ඒ වගේම යම් කෙනෙක් පරිපූර්ණ ලෙස, පිරිසිදු ලෙස බ්‍රහ්මචාරී සිලය සුරකිමින් වාසය කරන භික්ෂුවකට හේතු රහිතව අබ්‍රහ්මචාරී කෙනෙක් බවට දැන දැන චෝදනා කරනවා නම්, පින්වත් මහණෙනි, මේ කාරණා දෙක අත් නොහැර සිටියොත් උපදින්න වෙන්නේ අපායේ, නිරයේ තමයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“බොරු චෝදනා කරන කෙනා නිරයේ උපදිනවා. යමෙක් පව්කම් කරලා හිට ‘කළේ නැතැ’යි කියනවා නම් ඔහුටත් ඒ ටිකම තමයි. නිහීන දේවල් කරපු ඒ දෙන්නම මෙයින් පස්සේ පරලොව ගිහිල්ලා සමාන වෙනවා.
කසාවතක් විතරක් බෙල්ලේ ඔතාගත්තු, පාපී දේවල් කරන, අසංවර පුද්ගලයන් බොහොම ඉන්නවා. ඒ පවිටු උදවිය තමන් කළ පව් නිසාම ගිහිල්ලා උපදින්නේ නිරයේ.
දුස්සීලව ඉඳගෙන සැදැහැවත් මිනිසුන් පිළිගන්වන දන් පැන් වළඳනවාට වැඩිය හොඳයි, ගිනි දල්ලක් වගේ රත්වෙච්ච යකඩ ගුලියක් ගිලින එක.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M