භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, නිවන් පිණිස හේතුවන මේ උතුම් පැවිදි ජීවිතය (බ්‍රහ්මචරියාව) තියෙන්නේ ‘ජනතාව මේ මාව මේ විදිහට දැනගනිත්වා!’යි කියලා ජනතාව රවට්වන්න නොවෙයි. ජනතාව ලවා ගුණ කියවා ගන්නත් නොවෙයි. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදිය ලබාගන්නත් නොවෙයි. පින්වත් මහණෙනි, මේ බ්‍රහ්මචාරී වූ පිරිසිදු පැවිදි ජීවිතය තියෙන්නේ විශේෂ ඤාණය අවබෝධ කරගැනීම පිණිසත්, පරිපූර්ණ ජීවිතාවබෝධය ලබාගැනීම පිණිසත් විතරයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“මේ උතුම් පැවිදි ජීවිතය තියෙන්නේ විශේෂ ඤාණය අවබෝධ කරගැනීම පිණිසත්, පරිපූර්ණ ජීවිතාවබෝධය ලබා ගැනීම පිණිසත්, මෙලොව පරලොව වුවදුරු දුරු කිරීම පිණිසත් විතරයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන වෙත පමුණුවන වැඩපිළිවෙලක් වශයෙන්මයි මේ පැවිදි ජීවිතය පෙන්වා වදාළේ.
මේ උතුම් නිවන් මග අනුගමනය කරන ලද්දේ මහා ඉසිවර මහෝත්තමයන් වහන්සේලා විසින්මයි. යම් යම් කෙනෙක් බුදු රජුන් විසින් වදාළ විදිහටම මේ නිවන් මාර්ගය පිළිපදිනවා නම්, ශාස්තෘ ශාසනය ඉටු කරන්නා වූ ඒ උත්තමයන් වහන්සේලා මේ සියලු දුක් කෙළවර කරලා දානවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M